සමගි ජන බලවේගය ක්‍රියාත්මක කරන්නේ වන්දිභට්ට දේශපාලනය නොවන බවත් හැකියාව කුසලතාවය දක්ෂතාවය ඇති තරුණ පරම්පරාවට පෙරට එන්නට අවශ්‍ය කරන සියලු සහයෝගය සමගි ජන බලවේගය ලබාදෙන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
සමගි තරුණ බලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද (08) සමගි ජන බලවේගය ප්‍රධාන කාර්යාලයේදී රැස්විය.
ඒ විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙනි.
ඉදිරි කටයුතු රැසක් පිලිබදව එහිදී සාකච්ඡාවට ගනු ලැබීය.
යල්පැන ගිය තරුණ ප්‍රතිපත්ති වෙනුවට, නූතනත්වය ඉස්මතු කරගත් නවීන තරුණ ප්‍රඥප්තියක් හරහා මේ රටේ තරුණ පරම්පරාව බලගැන්වීමේ කාර්යභාරය සමගි ජන බලවේගය ඉටුකරන බවත්, ඒ සමග සියලු දෙනාට එකතුවන ලෙසත් විපක්ෂ නායකතුමා ආරාධනා කළේය.
මෙම අවස්ථාවට සමගි තරුණ බලවේගයේ සභාපති මයන්ත දිසානායක මහතාද එක්ව සිටියේය.