සමගි ජන බලවේගය විකල්ප ආණ්ඩුව බාර ගැනීමට සූදානම් නැති බව කියමින් ඩේලිමිරර් පුවත්පත අසත්‍ය පුවතක් පළ කොට ඇති බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
අද පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා කියා සිටියේ අදාළ පුවත්පත සිය සිරස්තලය මගින් එවැන්නක් ප්‍රකාශ කර තිබුණද තමන් එම කතාවේදී කියා සිටියේ ආණ්ඩුව කෙරෙහි ජනතාව 50%කට වඩා කලකිරී ඇති බවත්, එම ජනතාව සමගි ජන බලවේගයට එක්රැස් කර ගැනීම සදහා ඔවුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පාක්ෂිකයන් විසින් දියත් කළ යුතු බවත්ය.
එවැන්නක් පුවත්පතේ සදහන් කර නොමැති බවද ෆොන්සේකා මහතා කියා සිටියේය.
මේ ආකාරයට රුවන් විජයවර්ධන මහතාට අයත් ඩේලිමිරර්, ලංකාදීප සහ සන්ඩේ ටයිම්ස් පුවත්පත් මේ ආකාරයට සමගි ජන බලවේගය ඇතුළේ අර්බූද ඇතිකිරීමට අසත්‍ය පුවත් පළ කළ පළමු අවස්ථාව මෙය නොවේ.
මීට ප්‍රථම අවස්ථා ගණනාවකදීම රුවන් විජයවර්ධන මහතාට අයත් මෙම පුවත්පත් සමූහය සමගි ජන බලවේගය ඇතුළේ අර්බූද ඇතිකිරීමට ව්‍යාජ පුවත් නිර්මාණය කළ ආකාරයක් දැකගන්නට ලැබිණ.
කෙසේවෙතත් පසුගිය දින කිහිපය පුරාම මෙම සිදුවීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ඇතුළේ ප්‍රබල සාකච්ජාවක් සිදුව ඇති අතර මන්ත්‍රීවරුන් රැසක්ම ඊට එරෙහිව අදහස් දක්වා ඇති බවක් දැනගන්නට ඇත.
ඒ අනුව ඉදිරියේදී ඒ සියල්ල හෙළිදරව් කිරීමට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් මේ වනවිට තීරණය කොට ඇත.