• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දරුවො-අම්මලා-තාත්තලා හඬා වැටෙයි! ඉස්කෝල වටකරයි! ආණ්ඩුව මේ පාර ශිෂ්‍යත්වයෙනුත් ෆේල් වුණාද?

February 2, 2022
in Exclusive, News
Reading Time: 2 mins read
A A
දරුවො-අම්මලා-තාත්තලා හඬා වැටෙයි! ඉස්කෝල වටකරයි! ආණ්ඩුව මේ පාර ශිෂ්‍යත්වයෙනුත් ෆේල් වුණාද?
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අධ්‍යාපන ක්‍රමය ලෝකයේ අනෙක් රටවල අධ්‍යාපන ක්‍රමයට වඩා ශ්‍රේෂ්ඨ යැයි හෝ වඩා විශිෂ්ට යැයි බොහෝ තැන්වල කියැවෙනු අප අසා තිබේ. එයට හේතුවක් වී ඇත්තේ මෙය විභාග මූලික අධ්‍යාපන ක්‍රමයක් වීමය. විභාගයේ සාධාරණකමත්, විභාගයේ අපක්ෂපාතීකමත්, විභාගය පවත්වන ක්‍රමවේදයත් සමග මෙරට අධ්‍යාපන ක්‍රමය වෙනත් රටවලට වඩා ඉදිරියෙන් ඇතැයි යම් විශ්වාසක් තිබේ. එයට හේතුව වී ඇත්තේ ලෝකයේ අනෙක් රටවල පවත්වන ඔන්ලයින් අධ්‍යාපන ක්‍රම, විවෘත දත්ත පරීක්ෂණ, අසයින් ක්‍රමවේද සියල්ලටම වඩා අපේ විභාග ක්‍රමය භයානක සහ අනතුරුදායක වීමය. පහසුවෙන් අසමත් වීමේ හැකියාව තිබීමය.

සාමාන්‍යයෙන් ලංකාවේ විභාග පවත්වන්නේ සියලු ආරක්ෂක විධිවිධාන සහිතවය. යම් කිසිවකුට ප්‍රශ්න පත්‍රයක් සොරකම් කරන්නට, ප්‍රශ්න පත්‍රයක උත්තර පත්‍ර වෙනස් කරන්නට හැකියාවක් නොවන ආකාරයෙන් බොහෝ නීති රීති ශ්‍රී ලංකාවේ පනවා තිබේ. ලංකාවේ ප්‍රධාන වශයෙන් පැවැත්වෙන පාසල් විභාග 3කි. ඉන් එකක් වන්නේ උසස් පෙළ විභාගයයි. උසස් පෙළ විභාගයේ වැදගත්කමට හේතුව උසස් පෙළ විභාගය ඔස්සේ ශ්‍රී ලාංකික දරුවන් තම ජීවිතයේ කොහේ කොතැනට යාදැයි තීරණය කරන නිසාය. ඔවුන්ට තමන්ගේ අධ්‍යාපන ක්‍රමය ඔස්සේ තමන් විසින් වෛද්‍යවරයකු වෙනවාද, නීතිඥවරයකු වෙනවාද, ඉන්ජිනේරුවරයකු වෙනවාද, ගුරුවරයකු වෙනවාද, නැතහොත් වෙනත් තීන්දුවක් ගන්නවාද යන්න පිළිබඳ තීන්දු ගැනීමට මේ විභාග ප්‍රතිඵලය බලපායි. විභාගය සමත් වන්නවුන්ගෙන් ඉතා අඩු ප්‍රතිශතයකට පමණක් විශ්වවිද්‍යාල වරම් ලැබේ. එය උසස් පෙළ විභාගයේ ස්වභාවයයි.

උසස් පෙළට සුදුසුකම් ලැබීමේ විභාගයට අපි සාමාන්‍ය පෙළ විභාගය කියා කියමු. සාමාන්‍ය පෙළ විභාගය 11 වසරේදී පැවැත්වෙන අතර සාමාන්‍ය පෙළ විභාගයට විෂයන් 9ක ප්‍රමාණයක් තිබේ. මේ විෂයන් 9ය සමත් වීම අනුව ඒ ඒ දරුවන්ට තමන්ගේ උසස් අධ්‍යාපනය සඳහා පාසල් තෝරාගැනීමට හැකියාව ලැබෙන අතර, උසස් පෙළ විෂයන් සඳහාද සුදුසුකම් ලැබීමට ඍජු සහ වක්‍ර ක්‍රමවේද මේ හරහා නිර්මාණය වී තිබේ. වැඩිමහලු දරුවන් පෙනීසිටිනා විභාගවලට අමතරව ශ්‍රී ලංකාවේ පවත්වන ශිෂ්‍යත්ව විභාගය 5 වසරේදී පවත්වනු ලැබේ. 5 වසරේදී ශිෂ්‍යත්වය පැවැත්වීම සම්බන්ධව විවිධ තර්ක විතර්ක මේ වන විට නිර්මාණය වී තිබේ. එක් වතාවක් සඳහන් කළේ ශිෂ්‍යත්ව විභාගය වහාම අවලංගු කළ යුතු බවය. නමුත් එවර ශිෂ්‍යත්ව විභාගය අවලංගු නොවූ අතර මෙවරද ශිෂ්‍යත්ව විභාගය උත්සවාකාරයෙන් පැවැත්විණි. ශිෂ්‍යත්වය මූලික කරගත් අධ්‍යාපනය අද බොහෝ විට පාසල්වල සිදුවන්නකි. ශිෂ්‍යත්වයට දරුවන් පමණක් නොව මවුපියන්ද එක්වී පවුලේ සියලු දෙනාම තමන්ගේ දරුවා මේ ශිෂ්‍යත්ව කඩඉමෙන් සමත් කරන්නට, ශිෂ්‍යත්ව කඩදොරින් එපිට කරන්නට බොහෝ වෙහෙසෙනු අපද දැක තිබේ. මේ අත්දැකීම අපටද තිබේ. නමුත් මෙවර පැවැති ශිෂ්‍යත්ව විභාගය ගැටලුකාරී යැයි බොහෝ චෝදනා නිර්මාණය වී තිබීම මෙම ලිපියට හේතුවයි.

5 වසර යනු දරුවාගේ ඉතාම පුංචි කාලයේ සමත් වෙන්නට ඇති කඩඉමකි. දරුවාගේ වයස අවුරුදු 10කි. අවුරුදු 10ක් යනු නොමේරූ ළදරුවෙකි. අවුරුදු 10ක ළදරුවකුට බරපතළ බර ගොන්නක් පිටේ පටවා මේ කඩුල්ල පනින්නැයි නියෝග කිරීම ලංකාවේ ශිෂ්‍යත්ව විභාගයේ ස්වභාවයයි. ශිෂ්‍යත්ව විභාගය මෙවරද පැවැති නමුත් මෙවර ශිෂ්‍යත්වය අවසානයේ දරුවන් පමණක් නොව මවුපියන්ද, විශේෂයෙන්ම පියවරුන් පවා හඬමින් දොඩමින් පැවැසුවේ ශිෂ්‍යත්වයේ ගැටලුකාරී බවක් නිර්මාණය වූ බවය. මේ ගැටලුකාරී බව නිර්මාණය වූ පාසල් හෝ ස්ථාන පිළිබඳ අප නිශ්චිතව සඳහන් නොකරන්නේ ඒ පාසල්වලට නම සඳහන් කිරීමට තරම් මේ ප්‍රශ්නවලට ඒ පාසල් ඍජුව සම්බන්ධ නැති නිසාය. පාසල විභාග මධ්‍යස්ථානයක් වූ පමණින් මේ ගැටලුවට ඒ පාසල වැරැදි යැයි අපට කිව නොහැකිය. ශිෂ්‍යත්ව විභාගය මෙවර පැවැත්වුණේ කොවිඩ් ආසාදිත දරුවන්ටද විශේෂිත විභාග මධ්‍යස්ථාන කිහිපයක් සූදානම් කර දෙමිනි. එය ඉතා හොඳ කටයුත්තකි. විභාගයට පෙර ඇන්ටිජන් පරීක්ෂාව සිදුකිරීමද මෙවර සිදුවූ අතර ඇන්ටිජන් පරීක්ෂාවෙන් සමහර දරුවන්ගේ උඩුයටිකුරු කරමින් අනපේක්ෂිත පොසිටිව් ප්‍රතිඵල ලැබුණු බවද සමහර මවුපියන් කියා තිබිණි. නමුත් මෙවර ශිෂ්‍යත්ව විභාගයේ සමහර පාසල්වල විභාගයට අදාළ ප්‍රශ්න ලබාදීමට විනාඩි 10ක් පමණ ප්‍රමාද වූ බව මවුපියන් හැඬූ කඳුළින් පැවසනු අප දුටුවෙමු. මෙසේ පැවැසූ මවුපියන් අතර තවත් තැනක මවුපියන් කීවේ විභාග ප්‍රශ්න පත්‍ර බෙදීම නියමිත වෙලාවට සිදුවූ නමුත් විනාඩි 10කට පමණ පෙර උත්තර පත්‍ර එකතු කළ බවයි.

මහව අධ්‍යාපන කලාපයේ එක්තරා කලාපයක දරුවන්ට ශිෂ්‍යත්වයට අදාළව ප්‍රශ්න පත්‍රය ලබාදී එම පාසලේ ගුරුවරුන් හෝ කවුරුන් හෝ පිරිසක් විසින් දරුවන්ට උත්තර කියාදුන් බවට මවුපියෝ චෝදනා කළහ. ඒ චෝදනාව මවුපියන් පමණක් නොව, දරුවන් ලවාද මවුපියන් ප්‍රසිද්ධියේම ඔප්පු කර පෙන්නුවේය. එසේම විභාගයට අදාළ කටු සටහන් කඩදාසි ලබාදීම සම්බන්ධව ගැටලුවක් නිර්මාණය වූ බව තව තැනකදී අසන්නට ලැබිණි. මේ අතර වෙලාව සහ ප්‍රශ්න පත්‍රයට අදාළ කාලය නිවැරැදිව දැනුම් දීම විභාග මධ්‍යස්ථාන ගුරුවරුන්ගේ රාජකාරියක් යැයි අප සිතමු. සමහර විට එය වැරැදි විය හැකිය. නැත්නම් විභාගයට අදාළව නිවැරැදි ලෙස කාලය ප්‍රදර්ශනය කොට තැබිය යුතුය. නමුත් මේ කිසිවක් සිදු නොවූ පාසල් ගැන චෝදනා එල්ලවූ අතර එසේ ප්‍රදර්ශනය නොවූ තැන්වලදී වෙලාව විමසූ විට දරුවන්ට මේ වැඩිහිටියන් විසින් බැණ අඬගැසූ බවකුත් දරුවෝ ප්‍රසද්ධියේම රූපවාහිනී කැමරාවලට කියා සිටියෝය. මෙය ලංකාවේ සන්නිවේදන දියුණුව පිළිබඳ ගැටලුවක්ද, එසේත් නැත්නම් ශිෂ්‍යත්ව විභාගය පිළිබඳ ගැටලුවක්ද යන්න කියන්නට අපට නොතේරේ. සන්නිවේදනය දියුණු වීමත් සමග බොහෝ ගැටලු සම්බන්ධව ප්‍රසිද්ධියේ කතා කරන්නට වැඩිහිටියන්ටත්, දරුවන්ටත් අවස්ථාව උදාවී තිබේ. නමුත් ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධව මේ ගැටලු කිසිසේත්ම ගින්නක් නැතිව නැඟි දුමක් යැයි කෙනකු කියනවා නම් එය පිළිගත නොහැකිය. සාමාන්‍යයෙන් අපි විශ්වාස කරන්නේ මවුපියන් බොරු කියනාමුත් දරුවන් එසේ නොකියනා බවයි.

දරුවෝ විභාග ශාලාවෙන් පිටතට පැමිණි සැණින් මෙවැනි ප්‍රකාශ සිදුකරන්නට තරම් ඔවුන්ට ඉගැන්වූ දෙයක් ඇද්දැයි අපට නොතේරේ. එසේම සමහර අධ්‍යාපන කලාපවලදී ප්‍රශ්න පත්‍ර පිටතට රැගෙන යන්නට අවසර නොදෙන බව කියමින් මවුපියෝ වීදි සටන්වලට එළැඹියෝය. පොලිසියට පවා ඊට මැදිහත් වන්නට සිදුවිය. සමහර තැන්වලදී මේ ගැටලුව ඉතා දුරදිග ගිය අතර කලාප අධ්‍යක්ෂවරුවරු හෝ අධ්‍යාපන නිලධාරීන් සොයාගෙන මවුපියෝ ගිය විට අධ්‍යාපන බලධාරීන් පස්සා දොරෙන් පලායනු රූපවාහිනී කැමරාවල සටහන් වී තිබිණි. වයස අවුරුදු 10ක දරුවන්ගේ ජීවිත උකසට තබා මේ කරනා විභාග සෙල්ලම දැන්වත් නැවැත්විය යුතුය. එසේත් නැත්නම් සාධාරණ විභාග ක්‍රමවේදයක් සඳහා අපි දැන්වත් පියවර තැබිය යුතුය. දරුවෝ ළපටි කාලයේදීම මොට වී කුරුවල්වී හිත් ඔද්දල් වී විනාශ වී යෑමෙන් සිදුවන්නේ අනාගතයට විශාල හානියකි. ශිෂ්‍යත්වය යනු තිබිය යුතු විභාගයක් දැයි අපට තවමත් නොතේරේ. ශිෂ්‍යත්වය අසමත් වූ ශිෂ්‍යත්වයට පෙනී නොසිටි, ශිෂ්‍යත්ව නොතිබූ කාලයේ සිය ජීවිතය ඉහළම හිණිපෙත්තට ඔසවා තැබූ මිනිස්සු ඕනෑ තරම් අපට හමුවී තිබේ. තමන් ශිෂ්‍යත්යැයි ප්‍රසිද්ධියේ කියනා උගතුන් ශ්‍රී ලංකාවේ සිටී. එසේ නම් මේ ශිෂ්‍යත්වය යනු තවදුරටත් කාගේ හෝ වාසියට හෝ වුවමනාවකට සකස් කරගත් අධ්‍යාපන සෙල්ලමක් යැයි ලියුම්කරුට හිතෙන්නේ නිකන්ම නොවේ.

මේ ශිෂ්‍යත්ව විභාගයෙන්ද ආණ්ඩුව ෆේල් බව අපේ මතයයි. මෙවර ශිෂ්‍යත්වය ෆේල් වූයේ ආණ්ඩුවද, එහෙමත් නැත්නම් දරුවන්ද, දරුවන්ගේ අනාගතයද, අධ්‍යාපන බලධාරීන්ද, පාසල් ක්‍රමවේදයද යන්න අපේ ගැටලුවයි. නමුත් අවසානයේදී කවුරු අසමත් වුවද ප්‍රතිඵලයේ සටහන් වන්නේ දරුවන්ගේ නමයි. දරුවන්ගේ නමින් අසමත් ප්‍රතිඵලයක් නිකුත් වූ විට ඔවුන් තම ජීවිත උඩු යටිකුරු කරගන්නා එක නම් අලුතින් පැහැදිලි කරන්නට අවශ්‍ය නැත. ඒ නිසා මේ විභාග ක්‍රමවේදය සම්බන්ධව පවතින ගැටලු නිරාකරණය කරන්නට අප සර්වබලධාරී අධ්‍යාපන බලධාරීන්ට නැවතත් භාරදෙමු. එය හෙට විසඳේද, අනිද්දා විසඳේද, කිසිදා නොවිසඳේදැයි අප දන්නේ නැත.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ලංකාවට එරෙහිව මාර්තුවේ පත්තුවෙන්න යන බෝම්බය ආචාර්ය දයාන් කල්තියාම රටට දැනුම් දෙයි!

Next Post

ඇමැතිකමෙන් අයින් වෙන්න අරුන්ධික සූදානම්! (VIDEO)

MORE NEWS

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.