රාගම වෛද්‍ය පිඨයේ සිසුන්ට පහරදීමේ සිද්දියට මා සම්බන්ධ බවට තහවුරු වුවහොත් ඇමතිධූරය අත් හරිනවා යැයි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.
එම සිද්ධියෙන් තුවාල ලබා දැන මිගමුව රෝහලේ ප්‍රතිකාර ලබන රාගම වෛද්‍ය පීඨයේ තෙවන වසරේ සිසුවකු වන ලොහාන් කනිෂ්ක සෙනරත් පරණවිතානගේ සුවදුක් විමසීම සදහා රෝහලට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් හමුවේ රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කීවේය.
මෙම සිද්ධිය ගැන දැනගත්තේ අද උදෑසන. මේ සදහා පොල් සංවර්ධන අධිකාරියේ වාහනයක් ඊට යොදාගෙන ඇති බව දැන ගත්තා. ඒ අයට එරෙහිව විධිමත් පරික්ෂයකින් පසු විනය පියවර ගැනීමට කටයුතු කරනවා යැයි ද අමාත්‍යවරයා කියා සිටියේය.










