සෞඛ්‍ය ක්ෂේත්‍රයට ලබන වසරට අවශ්‍ය ඖෂධ වර්ග මෙන්ම සෙසු සැපයුම් දේශීය නිෂ්පාදකයන්ගෙන් ලබාගැනීමට ක්‍රියා කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මේ අනුව ලබන වසරට (2026) අවශ්‍ය ඖෂධ වර්ග ඇතුළු වෙනත් වෛද්‍ය සැපයීම් දේශීය නිෂ්පාදකයන්ගෙන් මිලදී ගැනීම සඳහා ඔවුන්ගෙන් අභිලාෂ කැඳවීමට තීරණය වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් ‘මව්රට’ට පැවසීය.
මෙම වසරට (2025) ඖෂධ සහ සැපයීම් ලබාගැනීමද දේශීය නිෂ්පාදකයන්ගෙන් සිදුකළ බවද, එකී අභිලාෂ එළැඹෙන දෙසැම්බර් මස 31 දිනෙන් අවසන් වන බැවින් එළැඹෙන නව වසරේදී (2026) සෞඛ්‍ය ක්ෂේත්‍රයට අදාළ ඖෂධ වර්ග මෙන්ම සැපයුම් දේශීයව ලබාගැනීම සඳහා මෙසේ අභිලාෂ කැඳවීමට පියවර ගෙන ඇති බවද එම ප්‍රකාශකවරයා අවධාරණය කළේය.
නන්දන ශ්‍රී දොරකුඹුර










