• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඔබ ගෙදර යන විට, ඔවුන්ට අප ගැන කියන්න, ඔබේ හෙට දවස සඳහා, අපේ ජීවිතය දුන් වග… නැවතත් එවන් අඳුරු යුගයක් නොපතමු…

January 31, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
ඔබ ගෙදර යන විට, ඔවුන්ට අප ගැන කියන්න, ඔබේ හෙට දවස සඳහා, අපේ ජීවිතය දුන් වග… නැවතත් එවන් අඳුරු යුගයක් නොපතමු…
Share on WhatsAppShare on Facebook

තෙත් කලාපීය භූ විෂමතාවන්හි ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය වූ සොබාදම් මාතාවගේ අපූරු අංගයන් වූ සේද සළු මෙන් කඩාහැලෙන දියඇලි, රුහිරු මෙන් ගලාබසින ඇලදොළ, ගංගා, පෙර මුතුන් මිත්තන්ගේ හඬ නැවත නැවත අවදි කරමින් කවී ගී ගයන සියොතුන්ද හරිත කඳුවැටි පසුකර නිම්නයේ සිට ශුෂ්ක කලාපීය කඨෝර ග්‍රීෂ්ම වනපෙත් මැදින් සංචාරයේ පියසටහන් තැබීමට මගේ ගමන ආරම්භ කර සිවු වසක් අහවර වී ඇත. ඒ සංචාරයන් නැවත ආවර්ජනය කරන කල්හි මා මතකයට එන්නේ අලිමංකඩ පසුකර ඇදෙන යාල්දේවී, යාපනේ නිහඬ නගරය වූ කරෙයිනගර්, පන්නායි කෝස්වේට නුදුරු මන්ඩතිව්, යටත්විජිත මංසලකුණු ශේෂ වූ කයිට්ස්, කැලෑ අශ්වයන්ගේ භූමිය වූ නෙඩන්තිව් හා ලංකාදීපයේ කෙළවර කන්කසන්තුරේ හරහා පේදුරුතුඩුව ආදියයි.

හරිත නිම්නයේ වූ කඳුවැටි අතරින් හමා එන සිසිල් මඳ පවන අදටත් ඔබලාට උරුමය. නමුත් විඩාබර මා ගත සොම්නසින් වැලඳගන්නේ ගව් ගානක් ඈත මහ සාගරයේ සිට හමා එන ලවණ මුසුවූ කටෝර සුළගක් ය.නමුත් දැන්නම් එය මට බොහෝ හුරුපුරුදුය. වර්ෂ ගණනකට මත්තෙන් ඔබ මෙහි පැමිණියේද?

මෙහි පැමිණි කල ඔබගේ නෙත ගැටුණු හිස සුන් මෙන්ම, කය විච්ඡේදනය වූ තල් රුක් වෙනුවට අද දසඅත ඇත්තේ මනු දරුවන් තම ශරීර ධාතුව භූමිදානය කළා වූ සාරවත් පසේ පීදී දලුලන ළපටි තල් රුක්ෂයෝය. ඔවුන් මේ භූමියට ප්‍රේමයෙන් මිහිදන් වූ උදාරතර පුත්‍රයන් මෙන්ම දියණිවරු වූහ.

කෙසේ හෝ ශ්‍රී ලංකාවේ ‘ජනවාර්ගික ගැටුම’ එහි තවත් පැත්තක් තිබිණි. ඇතැම් අවස්ථාවල නමකින් පමණක් පැවැත්ම හැඳිනගත් නිල ඇඳුමින් සැරසුණු ලේඛකයන් සිය මතක සටහන් කිරීමට ඉදිරිපත් වී ඇත. තවද ඒ වාර්ගික අර්බුදය තුළ තම ජීවය රක්ෂා කරගත් උදවිය තම මවු බසින් පාඨකයෝ ආමන්ත්‍රණය කළහ. එවන් පසුබිමක ඔවුන්ගේ සියුම් පන්හිඳේ තුඩු පහර සම්භාව්‍ය මාර්ගය ඔස්සේ යුද බිමේ සිවුකොන් පුරා රැගෙන ගියහ. විටෙක ඔවුන් තම ජයග්‍රහණ ගැන පමණක් නොව, සිදුවූ වැරැදි ගැනත් සත්‍ය කරුණු හෙළිකරමින් ලියූ බැවින් ඒ පොත් බොහොමයක් වාර්තා පිහිටුවමින් පොත්සල්වල අලෙවි වූ අතර මුද්‍රණ වාර ගණනද බොහෝ විය. කෙසේ වෙතත්, වෛද්‍ය ගාමිණී ගුණතිලක රචනා කරන ලද ඔහුගේ ග්‍රන්ථයේ ඔහු එම යුද්ධයම තුවක්කුවෙන් නොව, සිරින්ජර් සහ සැත්කම් මත පදනම්ව ශල්‍ය වෛද්‍යවරයකුගේ දක්ෂතාවයෙන් කළ ආකාරය පැහැදිලි කරයි.

එය රෝගවලට එරෙහිව සටන් කළ මිනිසකුගේ සහ යුද පිටියේ තුවාලවලින් විනාශ වූවන්ගේ ජීවිත වෙනුවෙන් කැපීපෙනෙන කතාවකි. ඔහුට එය ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් කිරීම නොව, පීඩාවට පත්වූවන් සුවපත් කර ආරක්ෂා කරගැනීමේ සටනකි. 1994 නොවැම්බර් මාසයේදී ඔහු දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය පාලනය කරන ලද ප්‍රදේශයක පිහිටි යාපනය රෝහලට ගිය විට සිත්ගන්නා අවස්ථාවක් විය. එම්.බී.බී.එස්. අවසන් විභාගයේ පරීක්ෂකවරයකු ලෙස යාපනයට පැමිණීමට දෙමළ ඊළාම් විමුක්ති සංවිධානය ඔහුට අවසර දුන්නේය. යුද්ධය ආරම්භ වීමෙන් පසු යාපනයට ඇතුළු වූ දකුණේ පළමු සිංහල වෛද්‍යවරයා ගුණතිලකය. විභාගයට පෙනී සිටි වෛද්‍ය සිසු සිසුවියන් අතර ඔහු සුදුසුකම් ලැබූවන්ට MBBS (යාපනය) උපාධිය පිරිනමන ලදී.

ඔහුගේ සංචාරයේ එක් විශේෂත්වයක් වූයේ යාපනය රෝහලේ රෝගියකු වූ හලාවත ප්‍රදේශයේ සිංහල ධීවරයකු තම මිතුරා වන රන්ජන් හමුවීමයි. සෝමරත්න වකුගඩු ගල් සඳහා ප්‍රතිකාර ලබමින් සිටි අතර රන්ජන් මුහුණට සිදුවූ තුවාල සඳහා ප්‍රතිකාර ලබමින් සිටියේය. ඔවුන් නිදහස් කරගැනීමට උත්සාහ කරන ලෙස ඔවුන් ඔහුගෙන් අයැද සිටි අතර, ඔවුන් වෙනුවෙන් ඔහු කළ ආයාචන සාර්ථක විය. සිවිල් වැසියන්ට මිලදී ගැනීමට තිබූ එකම ඉන්ධනය භූමිතෙල් බවත්, එය සමුපකාර වෙළෙඳසල් හරහා ඔවුන්ට බෙදාදුන් බවත් කතුවරයා පවසයි. භූමිතෙල් ලීටරයක නියාමනය කළ මිල රු. 18කි. නමුත් බෝතලයක් සඳහා රුපියල් 350-500 අතර මුදලක් ගෙවීමට සිදුවිය. යාපනයේ ජනතාව රාත්‍රියේ පහන් දැල්වීමට භූමිතෙල් මත යැපුණු යුගය නිමාවුවද අද අප ඉන්ධන, ගෑස්, කිරි සහ තවත් දේ සඳහා පෝලිම් ගැසී සිටිමු. නැගෙන පැනය නම් දිග්ගැස්සුණු යුද්ධයේදී උතුරේ ජනතාව දශක ගණනාවක් දුක් වින්ද බව අපෙන් කී දෙනකුට මතකද යන්නයි.

යාපනය රෝහලේ උපදේශකයන් කිහිප දෙනකු ඇතුළු වෛද්‍යවරුන් තම පැඩලයට ජවය යොදා බයිසිකලයෙන් වැඩට පැමිණි ආකාරය ඔහු විස්තර කරයි. නව වාහන ඉල්ලා වර්ජන ක්‍රියාමාර්ගවලට නිතර යොමුවන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට (GMOA) කතුවරයාගේ යාපනයේ අත්දැකීම් සිහිපත් කළ යුතුය. ‘කිසිවකු පැමිණිලි කළේ හෝ රෝහලට යාමට නිල වාහන හෝ ගිලන් රථ ඉල්ලා සිටියේ නැත’ ඔහු සිහිපත් කරයි. පෙට්‍රල්වලින් පණගන්වා භූමිතෙල්වලින් දුවන මෝටර් රථ කිහිපය යාපනයේ මිනිසුන්ට වෙනස් කිරීමට සිදු වූ ආකාරය කතුවරයා සාකච්ඡා කරයි. කාමර 30කින් යුත් සුභාස් හෝටලයේ එකම අමුත්තා ඔහු වීම සිත්ගන්නා කරුණකි. දකුණේ ජනතාවට ප්‍රතිකාර කරමින් සිටි ඔහුගේ සේවය සුවිශේෂ වූ අතර තුවාල ලබා යාපනය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන විරුද්ධ පෙළේ සාමාජිකයකුට ප්‍රතිකාර කිරීමට ද අවස්ථාව ලැබිණි. ගුණතිලක මහතා පොළොන්නරුව රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයකු ලෙස සේවය කිරීමට පටන් ගත්තේය. ඔහුගේ ශල්‍ය ජීවිතයේ පළමු වතාවට යුද තුවාලවලට ප්‍රතිකාර කිරීමට ඔහු නිරාවරණය වූයේ මෙහිදීය. වෛද්‍යවරයා පවසන්නේ ඔහුට තවත් දුරක් යායුතු බවයි. තුවාල ලැබූවන්ගේ දුක් වේදනා සමනය කිරීම සඳහා සටන් පෙරමුණට පවා ගියේය. පුරාණයේ සිටි අපේ රජවරුන් තම ජනතාවගේ සෞඛ්‍යය ගැන අවධානය යොමුකළ බව වාර්තා කිරීමට ආඩම්බර වන අතර, කැණීම්වලදී ගවේෂණ, හිස්කබල්, කතුරු, ලැන්සෙට්, ඖෂධ අගල ඇතුළු ශල්‍ය උපකරණ සොයාගෙන ඇති බව හෙළි කරයි.

විටෙක පොළොන්නරුවේ ඔහුගේ අත්දැකීම් ඔහුට උපකාර විය. එනිසාවෙන් ඔහු මුහුණ දෙන අභියෝග අද මහත් උද්දාමයෙන් ලියන්නේය. එය රැකියාවේදී ඉගෙනීම සහ යුද්ධයේ තුවාල කළමනාකරණය පිළිබඳ ඔහුගේ කණ්ඩායමේ අනෙක් අය දැනුවත් කිරීම සදහාය.

පොළොන්නරුවේ පුස්තකාලයේ යුදකාලීන ශල්‍යකර්ම පිළිබඳ පොත්පත් හෝ විෂය පිළිබඳ විමර්ශන ලිපි කිසිවක් නොතිබිණි. එසේම එකල අන්තර්ජාල පහසුකම්ද නොතිබිණි. ඔහු සහභාගි වූ බොහොමයක් ශල්‍යකර්මවල සොල්දාදුවන් අමාරුවෙන් විඳදරාගත් තුවාල පිළිබඳ ඡායාරූප රාශියක් ඔහු සතුව ඇත. මෙය යමෙකුට බොහෝ කාලයක් ආපසු හැරී බලා නැවත ආවර්ජනය කිරීමට හොදම අවස්ථාවකි. කෙනකුට කඳුළු සලන පොතකි.

සෙබළුන් මිහිදන් කළ සුසාන භූමියක වූ බෝඩ් ලෑල්ලක මෙසේ ලියා තිබිණි.

‘ඔබ ගෙදර යන විට, ඔවුන්ට අප ගැන කියන්න, ඔබේ හෙට දවස සඳහා, අපේ ජීවිතය දුන් වග…’

නැවතත් එවන් අඳුරු යුගයක් නොපතමු. පෙරදා බොහෝ දෙනා පැතූ සේ ලේ වැගිරෙන මස් වැදැල්ලට කෑදර වී දුවන බළලුන් සේ කලකෝලාහල නොකර එකම ජාතියක් ලෙස නැගී සිටිමු. මහාවාළුකා නදිය උත්තර දේශය හා උරණ වී දක්ෂිණ දේශයේ කෙත්වතු සාරවත් කරමින් මහාතිත්ථයත් මඟහැර ගෝකන්නයෙන් ඉන්දියන් සාගරය සමග එක්වූවා සේම අයිතීන් හා සම්පත්වල බෙදීයාමේ අසමානතාව හේතුවෙන් ගොඩනැගුණු වාර්ගික භේදය නිසා බෙදීගිය හදවත් ගණනාවක්ම එක්සේසත් කරමු.

විදුනි බස්නායක

SendShareShare
Previous Post

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවභාවිත කරලා! සාක්ෂි පසුව සකස් කරලා! රාජ්‍ය දේපොළට හානි කළ බවක් හෝ අනර්ථයක් කළ බවක් පෙනී යන්නේ නෑ! පොලිස් නිලධාරීන්ට තර්ජනය කළ බවක් පහරදුන් බවක් මුල් සාක්ෂිවල නෑ! ‌මෝටිවේෂන් අප්පච්චිගෙයි ගැමුණු විජේරත්නගේයි කතා හුදු ප්‍රකාශ! වසන්තව නිදහස් කරමින් මහේස්ත්‍රාත්වරයා දුන් ඓතිහාසික තීන්දුව මෙන්න!

Next Post

කාන්තාවක් එක්ක ලැගුම්හලක සිටි බලපිටිය රෝහලේ සේවකයෙක් අභිරහස් ලෙස මැරිලා!

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.