• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දමිතා-අනෝජා-චන්ද්‍රලේඛා චරිත තුනක් සිද්ධි තුනක් එකම ඉරණමක්… ලංකාවේ එහෙම වෙන්නෙ ඇයි? කුහකකමද නැත්නම් වෙන මොකක් හරිද? සාධාරණය වෙනුවෙන් කතා කරනවා කියන රන්ජන් කෝ?

September 27, 2022
in Exclusive, Heart, News
Reading Time: 6 mins read
A A
දමිතා-අනෝජා-චන්ද්‍රලේඛා චරිත තුනක් සිද්ධි තුනක් එකම ඉරණමක්… ලංකාවේ එහෙම වෙන්නෙ ඇයි? කුහකකමද නැත්නම් වෙන මොකක් හරිද? සාධාරණය වෙනුවෙන් කතා කරනවා කියන රන්ජන් කෝ?
Share on WhatsAppShare on Facebook

සුපිරි පන්තියේ කලාකාරයෝ දේශපාලනයට මැදිවෙනවා කියන එක එතරම් සුබදායක කාරණාවක් නෙවෙයි. එහෙම කියන්නේ හේතු කිහිපයක් නිසයි. ඒ හේතු අතර ප්‍රධානම කරුණ වන්නේ නළු නිළියෝ හෝ ගායක ගායිකාවෝ දේශපාලකයන් වෙනුවෙන් වේදිකාවට නගින කොට එයාලට ප්‍රිය කරන බොහෝ ප්‍රේක්ෂකයන් ඔවුන් සමග යම් අමනාපකම් ඇති කරගන්නවා. නිල් පාට පක්ෂෙ ඉන්න ඡන්දදායකයෝ කැමැති නැහැ තමා ප්‍රිය කරන කලා ශිල්පියා කොළ පාට පක්ෂය වෙනුවෙන් වේදිකාවට නගිනවට. ඒ වගේම තමයි කොළ පාට පක්ෂෙට කොඩිය උස්සන අය කැමැති නැහැ තමන් ප්‍රිය කරන නළු නිළියෝ හෝ ගායක ගායිකාවෝ නිල් පාට පක්ෂය වෙනුවෙන් වේදිකාවට නගිනවට. රතු පාට හෝ වෙනත් හැම පාටකට සහ පක්ෂයකදීත් ඒ රසික මනාපය අමනාපය ඒ විදියම තමයි. බොහෝ සුපිරි තරු තමන්ගේ තරු ආකර්ෂණය ඔය කාරණය නිසා අඩාළ කරගත්ත අවස්ථා ඕනෑ තරම් ශ්‍රී ලාංකේය කලා ලෝකයේ තුළ වගේම අපේ අසල්වාසී බොලිවුඩ් රාජධානිය තුළද එමට තියෙනවා.

එතැනදී සිදුවන තවත් අවාසනාවන්තම සිදුවීමක් වන්නේ පරාජිත වූ පක්ෂයට කත් ඇදපු කලාකරුවන්ට ජයග්‍රහණය කළ පක්ෂයෙන් අත්වන තාඩන පීඩනයි. එතැනදී සමහර විට ඔවුන්ගෙන් උදව් ලබාගත් පක්ෂ බලවතුන්ද ඉවත බැලුවහොත් කාරණය වඩාත් බරපතළ වන බව නොකියාම බැහැ.

ඒ විතරක් නෙවෙයි කලාකරුවන් සහ දේශපාලනය සබැඳිව කතා කරන කොට අමතක නොකරම කතාබහට ගතයුතු සුවිශේෂීම කතන්දරයක්ද තියෙනවා. ඒ කතන්දරය අර ඉහත සඳහන් කරපු හැම සංසිද්ධියකටම වැඩිය ශෝචනීයයි. කලාව අතෑරලා වනගත වෙන්න තරමට ඒ ශෝචනීය බව දරුණුයි.

මොකක් ගැනද මේ කියන්නේ?

කියන්නේ දේශපාලන කෙනෙහිලිකම්වලටත් වඩා දරුණුවට හිත පාරන තම සහෝදර කලා ශිල්පීන්ගේ වෙනස්කම් ගැනයි. තව ටිකක් පැහැදිලිව කියනවා නම් සරලවම තවත් පැහැදිලි කරනවා නම් මේ කියන්නේ දේශපාලන පලිගැනීම් නිසා හිරබත් කන්නට සිදුවෙන, එහෙමත් නැතිනම් නිකරුණේ අඩන්තේට්ටම්වලට මැදිවන බොහෝ කලා ශිල්පීන්ව ඒ අයගේ සහෝදර කලා ශිල්පීන් විසින් දරුණු විදියට අත්හැර දමන එකයි. ඒකට නම් නිදසුන් හොයන්න අසල්වැසි බොලිවුඩයට එබෙන්න ඕනෑ නැහැ. ශ්‍රී ලාංකේය කලාපුරේ දිහා විමසිලිමත්ව බැලුවොත් ඊට අවශ්‍ය නිදසුන් ඇති පදමට තියෙනවා. ඒකට ගැහැනු පිරිමි භේදයක් නැහැ. ගායකයෙක් ගායිකාවක්ද, නිළියෙක්ද නළුවෙක්ද කියන එක අදාළම නැහැ.

සත්තකින්ම කියනවා නම් ඒ කාරණය ගැන කතාබහ කරන එක හරිම ශෝචනීයයි. ඒ ශෝචනීය බව කොයිතරම් කටුක වුණත් ඒ ගැන අනිවාර්යයෙන් කතා කළ යුතුමයි.

ඊට හේතුව?

ඇයි එහෙම වෙන්නේ, මොන වගේ කාරණයක් නිසාද එහෙම වෙන්නේ කියන හැඟීම අපේ හිත් පහුරුගාන නිසයි.

කතාවට අපි මෙතැනදී එකතු කරගන්නේ කාන්තාවන් තුන්දෙනෙක්ව. ඒ අනෝජා වීරසිංහ, චන්ද්‍රලේඛා පෙරේරා සහ දමිතා අබේරත්නයි.

අනෝජා වීරසිංහ සහ දමිතා අබේරත්න කියන්නේ ජාත්‍යන්තර මට්ටමෙන් සම්මාන දිනපු අතිදක්ෂ නිළි තාරකා දෙපළක්. චන්ද්‍රලේඛා කියන්නේ බෙල්වුඩ් ගම්මානය හරහා පැමිණි මිහිරි හඬක් හිමි දක්ෂතම ගායිකාවක්. මුළු ලංකාවම අටුවා ටීකා ටිප්පනි වශයෙන් දන්නා කියන ඒ කලාකාරියන් තුන්දෙනා ගැන ඊට වඩා හැඳින්වීමක් තව මොකටද?

අපි කතාවට බහිමු. එයට කලින් කියන්න ඕනෑ මේ ප්‍රවීණ කලාකාරියන් තුන්දෙනාම දේශපාලන වශයෙන් විවිධ තාඩන පීඩනවලට ලක්වූ බව. දමිතා අබේරත්න දිහාට යොමු වෙන්න පළමුව අපි අනෝජා වීරසිංහ සහ චන්ද්‍රලේඛා පෙරේරා ගැන මතකය අවදි කරනවා. එහෙම කරන්නේ ඔවුන් මුහුණ දුන් දේශපාලන පසුබිමකින් සමන්විත ඒ අමිහිරි සිදුවීම්වල දශක ගණනක අතීතයක් තියෙන නිසා. අනෝජා සහ චන්ද්‍රලේඛා දේශපාලනයේ කුරිරු පලිගැනීම්වලට ගොදුරු වන්නේ එකම කාලවකවානුවක. එකම ආණ්ඩුවක් යටතේ.

‘1999 ජනාධිපතිවරණයට චන්ද්‍රිකා කුමාරතුංගට කලාකාරයෝ හුඟක් සපෝට් කළා. මම නම් ඒ දවස්වල දේශපාලනයට ගිහින් තිබුණේ නෑ. කලාකාරයෝ චන්ද්‍රිකාට සපෝට් කරපු හේතු දෙකක් තිබුණා. එකක් ඇය අපේ ආදරණීය විජය අයියාගේ බිරිය නිසා. අපි හැමෝම ඇයට මැඩම් කියනවා වෙනුවට අක්කා කියලයි කතා කෙරුවේ. අනෙක් හේතුව කඩාවැටීගෙන යමින් තිබුණු සිංහල සිනමාව ගොඩනගනවාය කියන පොරොන්දුව ඇය කලාකරුවන්ට ඉතා තදින් දී තිබුණා. ඒ නිසා හැමෝම ඇයට සපෝට් කළා. ඒ වගේම ඡන්දය දිනුවා. හැබැයි සිංහල සිනමාව ගැන එහි දියුණුව ගැන දුන්න පොරොන්දු කිසිවක් ඉටු වුණේ නැහැ. සෙතක් නොවූ තැන සිංහල සිනමාවේ කඩාවැටීම තව තව දරුණු වෙන්න ගත්තා.

සිනමාව වෙනුවෙන් අපි පෙළපාලි ගියා. රවි අයියා ප්‍රමුඛව කළ ඒ හැම පෙළපාලියකටම අපි එකතු වුණා. අපට එළව එළවා ගැහුවා. හුඟක් දෙනා බේරුණේ අහල පහළ ගෙවල්වලට රිංගලයි. ඉන් පස්සේ ඒ එක්කම ආව මහ ඡන්දෙදී රනිල් වික්‍රමසිංහ පොරොන්දු දුන්නා අපි එක්ක එන්න. අපි පොරොන්දු ඉටු කරන්නම් කිවුවා. ඉතින් අපිත් ගියා. සත පහක්වත් වාසියක් නැතුව කතා 7ක් කියන්න දවස් තුනක් වේදිකාවට නැග්ගා. මගේ අවාසනාවටද කොහෙද මගේ කතා පමණට වඩා ප්‍රසිද්ධ වුණා. මාධ්‍යවල පළවුණා දිගට හරහට…’

ඒ, අනෝජා වීරසිංහගේ අතීත කතාවෙන් කොටසක්. මගේ අවාසනාවකට කියන වචනය අනෝජා එදා ඒ කතාවේදී භාවිත කෙරුවේ සිංහල සිනමාවේ උන්නතිය වෙනුවෙන් රනිල් වික්‍රමසිංහ දුන් පොරොන්දුව මත ඈ පැවැත්වූ කතා හත ඇගේ මුළු සේසතම දවා අළු කර දමන්නට මුල් වූ නිසාය. ඇයව දූෂණය කර මරාදමන්නට කියා චන්ද්‍රිකා කුමාරතුංගගේ ආණ්ඩුවෙන් අණ දී තිබුණා.

‘මොනරාගල මගේ නිවෙස මට කෞතුකාගාරයක් තරමට වටිනවා. මගේ හැම සිහිවටනයක්ම තිබුණේ එතැන. එය සැකිල්ලක්ව යන තරමට දැවී අළුවී තිබුණා. එතැනින් පස්සෙවත් පලිගැනීම නතර වුණේ නැහැ. මං වෙනුවෙන් මම සහාය දීපු කිසිම දේශපාලනඥයෙක් ආවේ නැහැ. මට සමීපව හිටපු එකම එක සහෝදර කලා ශිල්පිනියක්වත් මං වෙනුවෙන් එක වචනයක් කතා කළේ නැහැ. හිතේ හයියට ළඟ හිටියේ ජැක්සන් අයියයි ධර්මසිරි බණ්ඩාරනායක සහ රවි අයියයි විතරයි. කිසිම දේශපාලන වාසියක් නොගත් මං වෙනුවෙන් එකම එක කලා ශිල්පිනියක් හෝ නොසිටීම මට දරාගන්න බැරි ශෝකයක් ගෙන දුන්නා. කොහොමද කලාකාරියන් වැනි සංවේදී හිත් ඇති අය එහෙම කරන්නේ? ඇත්තටම මහ පුදුමයක් මට ඇතිවුණේ…’

අනෝජා වීරසිංහ කිව්වේ සහතික වශයෙන්ම ඇත්ත නෙවෙයිද? කොහොමද කලාකාරියක් වෙනුවෙන් යමක් කළ යුතු මොහොතක අපේ සුපිරි නිළියන් ඒ විදියට හැංගුණේ? මොන විදියේ අපරාධයක් කළාය කිව්වත්… කලාකාරියක විදියට තම සහෝදර ශිල්පිනියක හමුවට යන්නට වෙන කිසිවක් කරන්නට බැරි වුණත් ඇගේ උරහිසට සුරත තබා යම් සැනසිලිදායක වචනයක් කියන්නට අනෝජාගේ විපතේදී සිංහල සිනමාවේ හෝ වෙනත් කලාවක නියැළුණු නිළියකට නොහැකි වූයේ ඇයි?

චන්ද්‍රලේඛාටද ඒ කෙනෙහිලිකම් එලෙසම වී තිබිණි. 2000 අවුරුද්දේ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයේ සින්දු කියන්න වේදිකාවට නැග්ගාය කියා රූකාන්තට සහ චන්ද්‍රලේඛාට චන්ද්‍රිකා ආණ්ඩුවෙන් ඇති පදමට සබ්බුව ලැබිණි. මුළු සිරුරම පෙට්‍රල්වලින් නෑවෙද්දී ලස්සන රැලි කොණ්ඩය සතුරු කතුරට මොට වෙද්දී චන්ද්‍රලේඛාට දැනුණු මර බිය කොයි වගේ දැයි අසන්න සහෝදර කලා ශිල්පිනියක ඈ හමුවට ඇවිත් තිබුණේ නැත.

‘අඬන්න එපා. දැන් සේරම හරි. ජීවිතය ඉතුරු වුණානේ…’ කියමින් නිවෙස තුළ වූ සියලු වත්කම් අහිමිව ගිය චන්ද්‍රලේඛාගේ හිස තම උරහිස මත හොවා සනසන්න කිසිදුම කලා ශිල්පිනියක පැමිණියේ නැත. ඒ තියා මේසා ඔවුනට වධ දෙන්නටයි කියා චන්ද්‍රිකා ආණ්ඩුවේ මැරයන්ට ඕඩර්ස් දී තිබුණේද සිංහල සිනමාවේ එවක නම රැන්දූ ජනප්‍රිය තලයේ සිටි සුපිරි නළුවෙක්ය.

දේශපාලනමය අකරතැබ්බකදී අපේ කලා ශිල්පිනියන්ව සිය සහෝදර ශිල්පිනියන් විසින් මෙසේ අතහැර දමන්නේ ඇයි? අනෝජාට පමණක්ද? චන්ද්‍රලේඛාට පමණක්ද? නැහැ. දමිතා අබේරත්නටද පසුගිය දවසක ඒ ශෝචනීය ආනිශංසයම සිදුවිය. වැඩි කලක් නැත. සතියකට හමාරකට පළමුව එය සිදුවිය. දමිතා හිරේ ගියේ කිසිවකුට මරණීය තර්ජන යක් කර නෙමේය. කුඩු විකුණා නෙමේය. කිසිදු මංකොල්ලයකට වැරැදිකරු වී නෙමේය. ඈ කළේ අරගලය තුළ පෙනීසිටීමය. අහේතුකව දඟගෙයි ලූ ඇයව බලන්නට එකම එක සහෝදර නිළියක හෝ හිර ගෙදරට ආවේ නැත.

‘දමිතා නිදහස් කරනු’ කියා මුහුණු පොතේ පෝස්ට් එකක් හෝ දැමුවේද අරගලයට ගරු කළ සාමාන්‍ය මිනිසුන් පමණය.

කලා ශිල්පිනියකට අකරතැබ්බයක් වූ හැම මොහොතකම මෙහෙම වන්නේ ඇයි?

99දී, 2000දී සිදුවූ හැටියට 2022දීද සිදුවන්නේ ඇයි?

හොඳයි, අපි මෙහෙම කියමු. අනෝජා, චන්ද්‍රලේඛා හෝ දමිතා මොන දේශපාලන පලිගැනීමකට ලක්වුවද කුමන පාටක් හෝ පක්ෂයක් එතැන තිබුණද සමස්තයක්ව ගත් කල ‘ඔවුන් කලා ශිල්පීන්ය…’ අකරතැබ්බයනට මුහුණ දුන් මොහොතේ අනකුත් කලා ශිල්පීන්ට සුවිශේෂව කලා ශිල්පිනියන්ට ඔවුන් සමීපයට යන්නට ඒ නෑකම පමණක් හොඳටම ප්‍රමාණවත්ය. ඔවුන් මොනවා කළද මොන මට්ටමක සිටියද තමාගේ සහෝදර ශිල්පිනියක් යන හැඟීම පමණක් ඔවුන් අසල සිටීමට ප්‍රමාණවත්ය.

නමුත් එය සිදුවූයේ නැත. හැබැයි අපේ අසල්වැසි බොලිවුඩයේ නම් මත්කුඩු ළඟ තබාගැනීමේ වරදකට හිරේ ගිය ෂාරුක්ගේ පුතාව බේරාගන්නට ජූහි චව්ලා ගිහින් තිබිණි. දුර්ලභ මුවකු දඩයම් කළ වරදට ගිරේ ගිය සල්මන් බලන්නට රතුපාට බූන්දි රැගෙන ශිල්පා ෂෙට්ටි සමග විද්‍යා බාලන් ගිහින් තිබිණි.

ඉන්දියාවේ එහෙම වෙලත් ලංකාවේ මෙහෙම වෙන්නේ ඇයි?

ඇත්තටම එදා වගේම අදත් එහෙම වෙන්නේ ඇයි? බොහෝ විට කවදාවත් එයට උත්තරයක් නොලැබෙන බව නිසැකය.

අවසානයේ කිව යුතුය. එය ශෝචනීයය. හරිම අශෝභනය.

මෙහිදී තවත් යමක්ද කිව යුතුව තිබේ. ඒ, රන්ජන් රාමනායක සම්බන්ධයෙන්ය. රන්ජන් අසාධාරණයට ලක්ව සිරගතව සිටියදී කලාකරුවන් කිහිප දෙනෙක්ම ඔහුගේ දුක සැප බලන්නට ගොස් තිබිණි. නමුත් දමිතා අද පොලිසියට රැගෙන යද්දී එළියේ ඉන්න රන්ජන්වත් වචනයක් හෝ නොකීම පුදුමයකි.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අතිශය තීරණාත්මක වෙලාවක ලෝක බැංකු-IMF සමුලුවට ලංකාවෙන් යන 8 දෙනාගේ දූත මණ්ඩලයේ නායකත්වය රාජ්‍ය ඇමැති සේමසිංහට!

Next Post

සජබෙ-නීතීඥ සංගමය අධිකරණයට යයි! ජනාධිපති ආ විගසම අධිආරක්ෂිත කලාප ගැසට් එක රිවස් කරන්න හදයි!

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.