• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කපුටු කාක්… කාක්… කාක්… කාක වත…

April 22, 2023
in Exclusive, News
Reading Time: 8 mins read
A A
කපුටු කාක්… කාක්… කාක්… කාක වත…
Share on WhatsAppShare on Facebook

බක් මාසයේ ඇසෙන කොවුල් හඬ වෙනුවට පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී රට පුරාම ‘කපුටු කාක් හඬ’ අසන්නට ලැබුණා ඔබට මතකද? ඒ, රට පුරා ඇවිලී ගිය විරෝධතාවලදී කපුටා ආදේශ කරගත් සටන් පාඨයක් සෑම උද්ඝෝෂණයකදීම පාහේ කියැවුණු නිසාය.

අලුත් අවුරුදු මාසයේදී වැඩි වශයෙන් කොහා ගැන අසන්නට ලැබුණත්, කොහාට ජීවය ලබාදෙන කපුටා ගැන ඇත්තටම අපි දන්නේ මොනවාද?

කාක වත

‘කොළඹ කපුටා සහ කළු කපුටා කියන විශේෂ දෙක තමයි ලංකාවේ ඉන්නේ…’ කොළඹ විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා පර්යේෂණ අංශයේ මහාචාර්ය සම්පත් සෙනවිරත්න කාක වත ගැන විමසූ බීබීසී සිංහල සේවයට පැහැදිලි කළේය.

කොළඹ කපුටා නගර ආශ්‍රිතවත්, කළු කපුටා ග්‍රාමීය වශයෙනුත් සැරසමින් දිවි ගෙවනු ලබයි.

‘අළු පාට බෙල්ලකුයි, කළු පාට ඇඟකුයි, ප්‍රමාණයෙන් තරමක් කුඩයි. කාක් කියන සද්දය තීව්‍රතාව ටිකක් වැඩියි…’ නගරයේ ඉන්නා කොළඹ කපුටා ගැන මහාචාර්යවරයා විස්තර කළේය.

ගමේ දිවි ගෙවන කළු කපුටා ගැන විස්තර කළ මහාචාර්යවරයා, ‘ප්‍රමාණයෙන් කොළඹ කපුටාට වඩා විශාලයි, එයාගේ මුළු ඇඟම කළු පාටයි, හොටේ ටිකක් විශාලයි, එයාගේ දිලිසෙන කළු පාටක් තියෙන්නේ. කොළඹ කපුටාට වඩා බොහොම ලස්සනයි…’ ඒ වෙනස ගැන පහදා දුණි.

කපුටන් ගැන පර්යේෂණ කර ඇති මහාචාර්යවරයා පවසන්නේ කොළඹ කපුටාගේ රංචු විශාල වුවද කළු කපුටා සිටින්නේ කුඩා රංචු වශයෙන් බවයි.

වසර 20ක පමණ ආයු කාලයක් ඇති කපුටා ජීවිත කාලය පුරාම එක් සහකරුවකු හෝ සහකාරියක සමග පමණක් දිවි ගෙවනු ලබයි.

‘කාක්කන්ගේ අභිජනන කාලය වැස්සට කලින් අප්‍රේල්, මැයි අතර තමයි වෙන්නේ. බිත්තර දෙකක් හෝ තුනක් දානවා එක පාරකට. නිල් පාටයි, කොළ පාටයි, කළු දුඹුරු තිත් තියෙන බිත්තර තමයි දාන්නේ. ඒ බිත්තර දවස් 24ක් 25ක් වගේ රකිනවා. ගෑනු සතයි පිරිමි සතයි දෙන්නාම බිත්තර රකිනවා….’

කපුටා ඉතාම සමාජශීලී සත්ත්වයකු බව පෙන්වා දුන් මහාචාර්යවරයා, තම සාමාජිකයකු රෝගී වූ විටක දී හෝ ආහාර සොයාගැනීමේ අපහසුතාවක් ඇතිවූ විටකදී සමූහයේ අනිත් කපුටන් තම සාමාජිකයාව රැකබලා ගන්නා බව සඳහන් කළේය.

කපුටු බුද්ධිය, මතකය සහ භාෂාව

පැරැන්නන් කපුටු නුවණ ගැන දැන සිටි බවට හොඳම උදාහරණය වනුයේ, පිපාසිත කපුටකු ජලය පිරී නොතිබූ කලයකට ගල් පුරවා පිපාසය නිවාගත් හැටි ගැන ජනප්‍රවාදයේ එන ජන කතාවයි.

කපුටා සතුව ඇති අපූර්ව බුද්ධිය හා මතක තබාගැනීමේ හැකියාව ගැන සත්ව පර්යේෂක මහාචාර්ය සම්පත් සෙනවිරත්න උදාහරණ සහිතව පැහැදිලි කළේය.

‘ඇමෙරිකාවේ අවුරුදු තිහක් විතර පර්යේෂණ කරපු පර්යේෂකයෙක් පෙන්නලා දෙනවා කාක්කන්ට කොච්චර මතකයක් තියෙනවාද කියන එක ගැන. ඒ අය එක පර්යේෂණයක් කරලා තියෙනවා එක නගරයකට ගිහිල්ලා මනුස්සයෙක් විශේෂ වෙස් මුහුණක් දාගෙන ඒ නගරේ ඉන්න කාක්කන්ට කරදර කරනවා. එහෙම කරලා අවුරුදු පහක් දහයකට පස්සේ ආපහු ඒ වෙස් මුහුණ දාගෙන ඒ නගරයේ ඇවිදිනකොට ඒ නගරේ කාක්කන්ට මතකයි ඒ මිනිහා ආපහු ඇවිල්ලා කියලා.’

‘මනුස්සයකුට තව මනුස්සයෙක් අඳුනගන්න පුළුවන් වගේම ඊට සමාන හැකියාවක් කාක්කන්ට තියෙනවා කියලා තමයි පර්යේෂණවලින් හොයාගෙන තියෙන්නේ…’ යැයි ඔහු පැවසීය.

කපුටන් සම්බන්ධව කරන ලද පර්යේෂණවලින් වඳුරන් හා සමාන බුද්ධියක් ඇති බව හඳුනාගෙන ඇතැයි මහාචාර්යවරයා සඳහන් කළේය.

‘කාක්කෝ ගොඩක් බුද්ධිමත්. ඒ නිසා ඒගොල්ලන්නට පුළුවන් නිරීක්ෂණය තුළින් අලුත් දේවල් ඉගෙනගන්න. ඒ අංශයෙන් ගත්තාම කාක්කා ගොඩක් ඉහළ තලයක ඉන්නවා. වඳුරන්ට සමාන බුද්ධියක් තියෙනවා කියලා තමයි සැලකෙන්නේ. ඒ කියන්නේ බලාගෙන ඉගෙන ගැනීමේ හැකියාව වඳුරන්ගේ තරම්ම වැඩියි කියලා තමයි සැලකෙන්නේ.’

‘කාක්කෝ ගැන විශේෂයෙන් පර්යේෂණ කරලා පෙන්නවලා දීලා තියෙනවා කොළඹ ඉන්න කාක්කාගේ භාෂාවට වඩා පොඩ්ඩක් වෙනස් ගාල්ලේ ඉන්න කාක්කාගේ භාෂාව කියලා. අර මිනිස්සුන්ගේ වගේ තමයි, ඊට වඩා පොඩ්ඩක් වෙනස් කුරුණෑගල ඉන්න කාක්කෙක්ගේ භාෂාව. ඒගොල්ලන්ගේ භාෂාවේ පොඩි වෙනස්කම්වලින් ඒ ගොල්ලන්ට පුළුවන් අඳුරගන්න වෙන පළාතකින් ආපු කපුටෙක්ව’ කපුටු භාෂා ගැන මහාචාර්ය සම්පත් සෙනවිරත්න පැහැදිලි කළේය.

පිටරට ගිය කොළඹ කපුටා

රිළවුන් චීනයට යැවීමේ සූදානම ගැන සමාජයේ කතාබහක් ඇති වී ඇති මොහොතක අතීතයේදී සිංගප්පූරුවට යැවූ කපුටන් ගැන මහාචාර්වයා සිහිපත් කළේය. ඔහු පැවසූ ආකාරයට කොළඹ කපුටන් විශේෂය මීට කාලයකට ඉහතදී නගර අපිරිසිදුවීම අවම කිරීම සඳහා සිංගප්පූරුවට ගෙනගොස් තිබේ.

තායිලන්තයේ, මැලේසියාවේ සහ සිංගප්පූරුවේ සිටින කපුටන්ගේ ජාන පරීක්ෂණවලින් හඳුනාගෙන ඇති පරිදි ලංකාවේ සිටින කපුටන්ගෙන් එම රටවල කපුටන් බෝවී පැතිර ඇති බවද ඔහු පවසනවා.

සිංගප්පූරුවට හැර වෙනත් රටකට කපුටන් ගෙන ගිය බවට සාක්ෂි නැතැයි කී හෙතෙම, වෙනත් රටවල බෝවී ඇති කොළඹ කාක්කන් කොළඹ වරායෙන් නැව් නැග පිටරට යන්නට ඇති බවට සැක පළ කරයි.

‘ඉතියෝපියාව, සෝමාලියාව වගේ ඉන්දියන් සාගර ආශ්‍රිත අප්‍රිකානු නගර කිහිපයකත් කොළඹ කපුටා ඉන්නවා. ඒ අය කොළඹින් ගියාය කියලා තමයි අපි ජානමය හඳුනාගැනීම් කරලා තියෙන්නේ. අපි හිතන්නේ කොළඹ වරායෙන් තමයි මේගොල්ලෝ පැතිරෙන්නේ කියලා. සමහර විට කොළඹ වරායට එන නැව්වල මේගොල්ලෝ නිදාගන්න ගියාම නැව රෑට පිටවෙද්දී මුහුදට ගියාම යන්න එන්න තැනක් නැතුව ඉඳලා නැව ඊළඟට සේන්දු වෙන වරායට ගියාම පිට වෙලා යන්න ඇති කියලා අපි හිතනවා.’

පරිසරයට ඇති බලපෑම

අපේ අවට නිතරම සැරිසන කපුටාගෙන් පරිසරයේ තුල්‍යතාවට ඇති බලපෑම ගැන බීබීසී සිංහල සේවය මහාචර්යවරයාගෙන් විමසීමක් කළේය.

‘කාක්කා සර්වභක්ෂකයෙක් හින්දයි, ප්‍රමාණයෙන් ගොඩක් විශාල හින්දයි, ලොකු ගහනයක් පවත්වාගෙන යන හින්දයි එයාගෙන් පරිසරයට වෙන බලපෑම සමාන්‍ය සතෙක්ට වඩා ටිකක් වැඩියි. එයා විලෝපිකයෙක් විදියට හැසිරෙනවා. එයා කුරුල්ලන්ගේ කූඩු කඩනවා, සත්තු අල්ලගෙන මරලා කනවා, සත්තුන්ගේ බිත්තර කනවා, ඒක ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. මොකද ඒ වගේ විලෝපිකයෙක් හින්දා හැමතිස්සේම මැරෙන්නේ ශක්තියෙන් අඩු සත්වයෙක්. විලෝපිකයෝ නිසා පරිසරයේ ඉන්න ලෙඩ සත්තු සහ ලෙඩවෙන සත්තු පරිසරයෙන් අයින් වෙනවා. හරියට පිළිකාවක සෛල අයින් වෙනවා වගේ, ඒකෙන් පරිසරයේ සෞඛ්‍ය ආරක්ෂා වෙනවා.’

‘ඒ වගේම කාක්කා අපතේ යන කෑම, කුණුවෙන කෑම කන සතෙක් විදියටත් හැසිරෙනවා. ඒක නිසා එයා කුණු අස්කරන මනුස්සයෙක් වගේ නගරයේ තියෙන කුණු අයින් කරනවා. තව විදියට කාක්කා පරාගනයට උදව් වෙනවා.’

කපුටාගෙන් පරිසරයට සිදුවන සේවාව මෙන්ම ගහනය වැඩිවුවහොත් කරදරයක් විය හැකි බවද සම්පත් සෙනවිරත්න මහාචාර්යවරයා සිහිපත් කළේය.

කාක්කා ගැන ජන කතා

මිනිසාට සමීප පක්ෂියකු බැවින් කපුටා වටා ගෙතුණු ජනශ්‍රැති, ජනප්‍රවාද, ජනකතා බොහෝමයක් සමාජයේ පවතියි.

කපුටෙකු ඇඹුල් ගසක සිට කෑගැසීම නිවෙසට අමුත්තන් පැමිණෙන බව කියනා අනාවැකියක් බව පුරාතනයේ සිට පැවත එන විශ්වාසයකි.

ඒ වගේම කපුටකු ශරීරයට මලපහ කිරීම ලොතරැයි දිනුමක් වැනි වාසනාවක් උදාවීමට හේතුවන බවට ද ඇතැමුන් අතර විශ්වාසයක් පවතී. කෙසේ වෙතත් ප්‍රාදේශීය වශයෙන් මෙම විශ්වාසයන් සම්බන්ධව යම් යම් වෙනස්කම් පවතියි.

කිසිදා සැබෑවක් නොවන, කිසිදා උදා නොවන අවස්ථාවන් පිළිබඳ ඇඟවීමට, ‘කළු කපුටා සුදුවෙන තුරු, මෝල් ගහේ දලුලන තුරු’ යනුවෙන් සමාජයේ ප්‍රසිද්ධ කියමනක් ද පවති.

කෙසේ වෙතත් මෑත කාලයේදී කපුටා වඩාත් ජනප්‍රියත්වයට පත්වූයේ රට පුරාම පැවති ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවල දී ‘කපුටු කාක්.. කාක්..කාක්’ යනුවෙන් සටන් පාඨයක් යොදාගැනීම නිසාවෙනි.

බීබීසී සිංහල වෙබ් අඩවියෙන්

SendShareShare
Previous Post

ආණ්ඩුවේ ප්‍රබලයෙක් එක්ක ඩීල් එකක් දාලා කෝටිපති ව්‍යාපාරිකයකුට මත්පැන් බලපත්‍රයක් අරන් දුන් තරුණ මන්ත්‍රී!

Next Post

අවුරුදු උත්සවයේ මැරතන් දිවූ අවුරුදු 10ක දරුවා අසනීප වී මියයයි!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.