• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විජයගේ ඝාතනය ගැන චන්ද්‍රිකාගෙන් CIDය කට උත්තරයක් ගනී I Sri Lanka Latest News

February 19, 2024
in Exclusive, News
Reading Time: 19 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගැහුවේ කවුද? මැරුවේ කවුද? චන්ද්‍රිකා CID එකට කියයි…

විජයට ඉස්සෙල්ලාම බෝම්බය ගැහුවේ 1986 අගෝස්තු 25 වැනිදා වේදිකාවේ කතාවක් පවත්වද්දි… 1986 සැප්තැම්බර් මාසෙදි කින්සි පාරේ ගෙදර ගේට්ටුව ළඟ කාණුවක අත්බෝම්බයක් තිබිලා හම්බවුණා… සැප්තැම්බර් මාසෙදිම විජය හිටපු ස්ටේජ් එකට බෝම්බ දෙකක් ගැහුවා – මිනිස්සු 150කට තුවාල වුණා… ඔක්තෝබර්වලදී කොච්චිකඩේ රැස්වීමෙදි විජයට බෝම්බයක් ගැහුවා – තුන්දෙනෙක් තුවාල වුණා… විජය-කේ.පී.-කොල්වින්-වාසු දේශදේ‍රා්හීන්ට මරණය කියලා තාප්පවල ලියලා තිබුණා – ජවිපෙන් තර්ජනාත්මක ලියුම් ආවා… හලාවතින් ඇල්ලූ සැකකරුවෙක් ළඟ විජය ඝාතන සැලැස්මක් තිබුණා කියලා පොලිස් අධිකාරී ටෙරන්ස් පෙරේරා ගෙදරටම ඇවිත් කිව්වා… විජයට වෙඩි තිබ්බේ අඩි 6යි අඟල් 3ක් උස තලෙළු ශක්තිමත් කෙනෙක් – එක අතකුයි කකුලකුයි ඉදිරියට තියාගෙන සෘජුව සිටගෙන දැඩි ක්‍රෝධයකින් දකුණු අතින් තුවක්කුව අල්ලාගෙන වෙඩි තිබ්බා… විජයගේ ඝාතනයට ජනතා විමුක්ති පෙරමුණේ සම්බන්ධයක් තිබෙන්නට පුළුවන් බව මම සැක කරනවා…

පොලිස් අපරාධ විමර්ශන මූලස්ථානයේ පොලිස් අධිකාරි ගාමිණී පෙරේරාගේ මෙහෙයවීම යටතේ පොලිස් පරික්ෂක නන්දන විජේරත්න විසින් විජය කුමාරතුංග ඝාතනය පිළිබඳ ඔහුගේ බිරිඳ වූ චන්ද්‍රිකා කුමාරතුංගගෙන් කොළඹ 07 රොස්ම්ඩ් පෙදෙසේ සිය නිවෙසේදී 1988 පෙබරවාරි 26 සහ 27 යන දෙදින තුළ සටහන් කරගත් කටඋත්තරය මෙසේය.(Sri Lanka Latest News)

1988.02.26 වැනි දින පැය 14.10ට අංක 63, රොස්මීඩ් පෙදෙස, කොළඹ 07. මා පො.ප. විජේරත්න සමග මෙම ස්ථානයට චන්ද්‍රිකා කුමාරතුංගගේ කටඋත්තරයක් සටහන් කිරීමට පැමිණියෙමි.

මා මෙම නිවසට පැමිණීමත් ඇයගේ ප‍්‍රකාශය සටහන් කිරීමට මැය විසින් දී ඇති වේලාවට ඇය නිවසේ නොමැති නිසා ඇයගේ අම්මාගේ ගෙදරට ගොස් ඇති බව නිවසේ සිටි මෙහෙකරු නිමල් කියා සිටියා. මා දැන් ඇය පැමිණෙන තුරු රැඳී සිටිමි. මෙම ප‍්‍රකාශය සටහන් කිරීමේදී එය යතුරු ලියනය කරනු ලබන්නේ උ.කා.පො.කො 1480 පද්මලතාද මා සමග පැමිණ සිටී. පැය 15.05ට චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ප‍්‍රකාශය සටහන් කිරීමේ හේතුව පහදා දී පොලිස් අධිකාරි ගාමිණී පෙරේරා මහතා විසින් ප‍්‍රශ්න කිරීමෙන් අනතුරුව පො.ප. නන්දන විජේරත්න වන මා විසින් පහත සටහන් කරමි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, වයස අවුරුදු 42යි, සිංහල/බුද්ධාගම, රැකියාව – නැත. ඉඩම් හිමි මියගිය විජය කුමාරතුංගගේ බිරිඳ, අංක 63, රොස්මිඩ් පෙදෙස, කොළඹ 07. මාගේ ප‍්‍රකාශය සටහන් කරගන්නා හේතුව පොලිස් අධිකාරී ගාමිණී පෙරේරා සහ පො.ප. විජේරත්න මාහට පහදා දුන්නා.

මෙසේ කියා සිටී. මා 1978 පෙබරවාරි 20 දින මියගිය විජය කුමාරතුංග මහතා සමග විවාහ වුණා. මා 1978 සිට 1984 මාර්තු මස දක්වා රොස්මිඩ් පෙදෙසේ පදිංචිව සිටියා. 1984 මාර්තු මස සිට 1987 ජනවාරි දක්වා කිංසි පාරේ අංක 148/1හි පදිංචිව සිටියා. ඉන් පසු 1987 ජනවාරි මස 01 වැනි දින සිට පොල්හේන්ගොඩ අංක 22/4 දරන නිවෙසේ පදිංචියට ගියා. මියගිය විජය කුමාරතුංග 1977 මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (ශ්‍රීලනිප) අපේක්ෂකයා ලෙස කටාන ආසනයට තරග කළා.

ඒ මැතිවරණයේදී මගේ ස්වාමිපුරුෂයා පරාජයට පත්වූ අතර, මුළු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයම ඉතා අඩු ආසන සංඛ්‍යාවකට බැස පරාජයට පත්විය. ඉන්පසු 1982 ඔක්තෝබර් මස පැවැති ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිප අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුව මහතාගේ ප‍්‍රධාන සංවිධායක හැටියට මැතිවරණ කටයුතුවලදී ඒවා මෙහෙය වූවා. ඉන් පසු 1982 නොවැම්බර් 19 වැනි දින මාගේ පුරුෂයා නැක්සලට් කුමන්ත‍්‍රණ චෝදනාවක් මත අත්අඩංගුවට ගෙන හදිසි අවස්ථා රෙගුලාසි යටතේ රඳවාගෙන සිටියා. ඔහු රඳවාගෙන සිටියේ වැලිකඩ බන්ධනාගාරයේය.

ඉන් පසු 1983 ජනවාරි 18 වැනි දින මුදා හැරියා. ඉන් පසු මහර අතුරු මැතිවරණයට ශ්‍රීලනිප අපේක්ෂකයා ලෙස තරග කළා. එම මැතිවරණය පැවැත්වූයේ 1983 මැයි මස 18 වැනිදාය. එහිදී ඡන්ද 45කින් පරාජයට පත්වුණා. මෙම ඡන්ද ප‍්‍රතිඵලවලට විරුද්ධව මැතිවරණ පෙත්සම් දෙකක් ඔහු ඇපිල් උසාවියට ඉදිරිපත් කළා. ඉන් එක් ඡන්ද පෙත්සමක ඡන්දයේ වගඋත්තරකරු වශයෙන් සඳහන් වූයේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාය. එම ඡන්ද පෙත්සම් දෙකම නිෂ්ප‍්‍රභ කළා. 1982 ජනාධිපතිවරණයේදී ශ්‍රීලනිපයේ ඇතිවූ භේදයක් නිසා පක්ෂයේ අපේක්ෂක කොබ්බෑකඩුව මහතාට පක්ෂයේ නායකත්වයේ කොටසක් සහයෝගය දුන්නේ නැත. මේ භේදය දිගින් දිගටම පැවතීගෙන මහර මැතිවරණයේදී ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂක විජය කුමාරතුංග මහතාට පක්ෂයේ සමහර නායකයන් සහයෝගය දුන්නේ නැත.

මෙම පක්ෂයේ තිබූ ආරවුල නිසා 1983 ජූලි මාසයේ ඔහු දරූ පක්ෂයේ උප ලේකම් තනතුරින් ඉල්ලා අස්වූ අතර, ඒ සමගම කොබ්බෑකඩුව, ඉලංගරත්න සහ බී.ඩබ්ලිව්. කුලරත්න යන මහත්වරුන් ඔවුන්ගේ උප සභාපතිත්වයෙන්ද ඉල්ලා අස්වුණා. මෙම හතර දෙනාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වුණේ නැත. නමුත් 1983 සැප්තැම්බර් මාසයේ විජය ඇතුළු තවත් කිහිපදෙනකුගේ ශ්‍රීලනිප සාමාජිකත්වය පක්ෂයේ නායකයන් විසින් තහනම් කළා. ඒ වනවිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිටි බොහෝ දෙනකු පක්ෂය තුළ ඇති ආරවුල් ගැන තේරුම් ගෙන වෙනත් දේශපාලන පක්ෂයක් පිහිටුවීමේ අදහස ඇතිව සිටියා. ඉන්පසු විජය, මා ඇතුළු මූලිකත්වයෙන් පක්ෂයේ සෑහෙන කොටසක් සමග ලංකාව පුරා ගොස් සාකච්ඡා කර මහජනයාගේ අදහස් ඇතිව ශ්‍රී ලංකා මහජන පක්‍ෂය (ශ්‍රීලමප) නමින් අලුත් පක්‍ෂයක් 1984 ජනවාරි මස 22 වැනි දින පිහිටුවූවා.

පක්‍ෂය පිහිටුවීමෙන් පසු පක්‍ෂ සාමාජිකත්වය වර්ධනය කරමින් දිවයින පුරා පක්‍ෂ සංවිධාන පිහිටුවූවා. පක්‍ෂය පිහිටුවීමෙන් පසු පළමු අවුරුද්ද තුළ විජය සහ මා සම්බන්ධ වී ප‍්‍රධාන සහ දෙවැනි පෙළේ රැස්වීම් 500කට අධික සංඛ්‍යාවක් පැවැත්වූවා. ඉන් පසු 1984 ඔක්තෝබර් මස පැවැති මින්නේරිය අතුරු මැතිවරණයට ශ්‍රී ලංකා මහජන පක්ෂයේ අපේක්‍ෂකයා ලෙස ඔහු තරග කළා. එම අතුරු මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති රත්න දේශපි‍්‍රය සේනානායක තුන්වැනි ස්ථානයට පසුබාමින් ඔහු දෙවැනි ස්ථානයට පැමිණියා. මෙම අතුරු මැතිවරණයේදී මහර අතුරු මැතිවරණය මෙන්ම විශාල වශයෙන් ඡන්ද වංචා සිදුවුණු බව මා විශ්වාස කරනවා.

ශ‍්‍රී ලංකා මහජන පක්ෂය පටන් ගැනීමේ සිටම ජනවාර්ගික ප‍්‍රශ්න පිළිබඳ අදහස වූයේ පක්ෂයට තිබෙන එකම විසඳුම දෙපාර්ශ්වයම අවි බිම තබා යුද්ධයට සම්බන්ධ සියලු කොටස් රජය සමග සාකච්ඡා මාර්ගයෙන් දේශපාලන විසඳුමකට එළැඹිය යුතු බවයි. මේ වනවිට අප පක්ෂයේ සහ අප පක්ෂය සමග එකට වැඩ කළ අනිකුත් පක්ෂ දෙක සාමූහික මෙම අදහස් ප‍්‍රකාශ කළා. එම අදහස් කි‍්‍රයාත්මක කිරීම සඳහා අප පක්ෂයෙන් විජයගේ නායකත්වය යටතේ මදුරාසියට ගොස් ඊළම්වාදී කණ්ඩායම් පහක්ම දෙවතාවකට හමුවුණා. ඒ 1986 ජූනි සහ ජූලි මාසවලදීය.

ඉන් පසු අප දෙවැනි වරටත් ජූලි මාසයේ ගොස් දිල්ලි නගරයේදී ඉන්දීය විදේශ ඇමැති, විදේශ අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු ඉන්දියානු නියෝජිතයින් සමග මේ ප‍්‍රශ්නය ගැන සාකච්ඡා කළා. ඉන්දියානු නියෝජිත කණ්ඩායම අපගේ අදහස් තරයේ අනුමත කළා. මෙම සංචාරයේදී ඉන්දියාවේදී අපට මුණගැසුණු ත‍්‍රස්තවාදී කණ්ඩායම් පහේම අදහස වුයේ දැනට ඇතිවී ඇති ත‍්‍රස්තවාදයට විසඳුමක් ලෙස මෙම දෙපක්ෂයේ සම්බන්ධතාවන් ඇතිකර ගැනීමට විජයට යාපනයට ගොස් ඔවුන් හමුවී අදහස් ප‍්‍රකාශ කරන ලෙසටයි. මෙම කාලයේදී යාපනයේ ත‍්‍රස්තවාදීන් විසින් හමුදා සොල්දාදුවන් දෙදෙනෙක් ප‍්‍රාණ ඇපකරුවන් ලෙස ත‍්‍රස්තවාදී කණ්ඩායම් විසින් අල්ලා රඳවාගනු ලැබුවා. එම දෙදෙනා මුදාගැනීමේ අදහස්ද ඉන්දියාවේදී එම සංවිධාන 5 දැක්වූ අදහස් අනුවද විජය යාපනයේ සංචාරය කළා.

විජය දෙවතාවක් 1986 නොවැම්බර් සහ දෙසැම්බර් මස යාපනයේ සංචාරය කළා. 1986 දෙසැම්බර් මස ඉන්දීය සංචාරයෙන් පසු ලංකාවට පැමිණීමෙන් පසු රජයට අප බලකර පක්ෂය ඉල්ලා සිටි ඇතිවන සාමය වැළැක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, මාදුළුවාවේ සෝභිත සහ මුරුත්තෙට්ටුවේ ආනන්ද යන භික්ෂුන් වහන්සේලාගේ භික්ෂූ නායකත්වය ඇතුළුව ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන්ද සහාය කරගෙන අප පක්ෂයට පහර ගැසීමේ රැස්වීම් ගණනාවක් පැවැත්වූවා.

මෙම සංවිධානය ‘මව්බිම සුරකීමේ ව්‍යාපාරය’ නමින් රැස්වීම් පැවැත්වූ අතර, එම රැස්වීම්වල අරමුණ වූයේ මෙම අලුතින් අරඹන ලද අප පක්ෂය මගින් ඇති කරලීමට ආරම්භ කළ සාම වැඩපිළිවෙළ වැළැක්වීමය. මව්බිම සුරකීමේ ව්‍යාපාරය නමින් පැවැත්වූ රැස්වීම් මගින් අප පක්ෂය, රජයට පක්ෂපාතීව පාවා දෙමින් කටයුතු කරන බව කීවා.

එමගින් පැවැත්වූ රැස්වීම්වලට අදහස් දක්වමින් අප පක්ෂයේ ප‍්‍රධාන අරමුණ පහදා දෙන්න රැස්වීම් ගණනාවක් පැවැත්වුවා. මේ අප පක්ෂය මගින් සංවිධානය කළ රැස්වීම්වලදී මව්බිම සුරකීමේ ව්‍යාපාරයේ අදහස් ප‍්‍රසිද්ධියේම විවේචනය කිරීමට සිදුවුණා. හේතුව හැටියට (1) සාමය ඇතිවීම වළක්වාලීමෙන් රට දෙකට බෙදීම ඉක්මන් වන බවත් (2) යුද්ධය දිගින් දිගටම පැවැත්වීමේ යම් විදේශ බලවතුන්ට අප රටේ කටයුතුවලට ඉඩකඩ ලැබෙන බවත් (3) යුද්ධය දිගින් දිගටම පැවැත්වීමෙන් යූ.එන්.පී. රජයට මැතිවරණ පවත්වන්නේ නැතිව බලයේ සිටීමට අවස්ථාව ලැබෙන බවත් අපට සඳහන් කරන්නට සිදුවිය.

මා හිතන හැටියට මෙම නිසාත් 1986 අගෝස්තු 25 වැනිදා පැවැති රැස්වීමට විජය කුමාරතුංග මහතා කතාකරමින් සිටි අවස්ථාවේ බෝම්බයක් වේදිකාවට විසිකරන ලදී. මෙම බෝම්බය දමා ගැසීමෙන් විජය බේරුණේ ඔහු සමග සිටි අය ඔහු පැත්තකට තල්ලු කරගෙන වේදිකාවෙන් බිමට පැන්න නිසාය.

එසේ පැන්නේ නැත්නම් එම බෝම්බයෙන් විජයගේ ජීවිතයට හානි සිදුවීමට ඉඩ තිබුණා. ඊට පසු සැප්තැම්බර් මාසයේ මුල් භාගයේදී එවක අප පදිංචිව සිටි කිංසි පාරේ අංක 148/1 දරන නිවෙසේ ගේට්ටුව ළඟ කානුවක තිබී අත්බෝම්බයක් සොයාගනු ලැබුවා.

පසුව සැප්තැම්බර් මාසයේ අග භාගයේ අප පක්ෂය සංවිධාන කළ රත්මලාන රැස්වීමකට බෝම්බ දෙකක් ගැසුවා. ඒ බෝම්බ දෙක ගැසුවේද විජය කුමාරතුංග කතා කිරීමට නැගී සිටිය විටය. එම බෝම්බය විජය ඉදිරියෙන් වේදිකාව අසල බිම වැටී 150කට අධික මිනිසුන් ගණනාවකට තුවාල සිදුවුණා. නමුත් විජයට කිසිම තුවාලයක් සිදුවුණේ නැත. ඉන් පසු 1986 ඔක්තෝබර් මාසයේ කොච්චිකඩේ පැවැති අප පක්ෂයේ ප‍්‍රසිද්ධ රැස්වීමකදී විජය කතා කිරීමට නැගී සිටි අවස්ථාවේදී එක් බෝම්බයක් ගැසුවා. එම බෝම්බය ඉතා හානිකර බෝම්බයකි. එම බෝම්බයෙන් විජයට තුවාල සිදු නොවූ අතර, එයින් තිදෙනකුට තුවාල සිදුවුණා. ඉන් එක් අයෙක් පක්ෂයේ පත‍්‍රයේ ප‍්‍රවෘත්ති ලේඛකයෙක්ය.

ඉන් පසු 1987 ජූලි මාසයේ රජය මගින් ඉන්දියානු රජය සමග අස්සන් කරනු ලැබූ සාම ගිවිසුමට අප පක්ෂය කොන්දේසි සහිතව සහාය දැක්වූවා. එම කොන්දේසි නම්, ගිවිසුමේ යම් යම් වගන්ති හැර එම ගිවිසුම මගින් උතුරේ සාමය ඇතිවීමට නම් එයට සහයෝගය දැක්වීමයි. එම සාම ගිවිසුමට අප පක්ෂයේ සිටි ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් තිදෙනෙක් විරුද්ධ වුණා. එම තිදෙනා තම පක්ෂයේ දැරූ තනතුරුවලින් ඉල්ලා අස්වුණා. මෙම පක්ෂයේ විජයගේ ඉන්දීය ගමනත් සමගම විශේෂයෙන් කොළඹ නගරයේ සහ අනිකුත් දිස්ත්‍රික්කවල විජය නමින් සඳහන් ඔහුට අපහාස වන අන්දමින් පෝස්ටර් අලවා තිබුණා. මෙම පෝස්ටර්වල මට මතක හැටියට ‘විජය, ජේ.ආර්.ට පුක දේ’ ආදී වශයෙන් ලියා තිබුණා. එම පෝස්ටර් කොළඹ ඇතුළුව කුරුණෑගල යන දිස්ත්‍රික්කවල ජනතා විමුක්ති පෙරමුණේ අය පෝස්ටර් අලවනවා පක්ෂයේ සංවිධායකයන් සහ සාමාජිකයන් දැක තිබෙනවා.

ඉන් පසු 1986 අන්තිම කාලයේ කොළඹ නගරයේ සහ වෙනත් දිස්ත්‍රික්කවල තාප්පවල මෙලෙස ලියන්නට පටන් ගත්තා. ‘විජය, කේ.පී., කොල්වින්, වාසු – දේශදෝහීන්ට මරණය’ යනුවෙන් ලියා තිබුණා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පමණක් මෙසේ තාප්පවල ලිවීමේදී මගේ නමත් සඳහන් කර තිබුණා. විජයට තර්ජනාත්මක ජනතා විමුක්ති පෙරමුණ එවන ආකාරයේ ලිපි ලැබී තිබුණු බව මට දැනගන්නට ලැබුණා. නමුත් විජයට කිසිම අවස්ථාවක තර්ජනාත්මක දුරකතන ඇමතුම් ලැබී තිබුණාද කියා මා දන්නේ නෑ. නමුත් ඉතා තර්ජනාත්මක ලිපියක් මාගේ මවට එවා තිබුණු අතර, එය විජයට පෙන්නූ බව ඔහුගේ මරණයෙන් පසු ඇයගෙන් මට දැනගන්නට ලැබුණා.

පොලිස් අධිකාරී ටෙරන්ස් පෙරේරා මහතාට වෙඩිතබා ඇති බව දැනගත් අවස්ථාවේදී විජය මට කීවා ඊට සතියකට පමණ පෙර ටෙරන්ස් පෙරේරා මහතා ගෙදර යන ගමන් අපේ නිවෙසට ගොඩවී ‘ඉතාමත් ප‍්‍රවේශමෙන් ඉන්න, හලාවත ප‍්‍රදේශයෙන් අල්ලාගත් සැකකරුවෙක් ළඟ ෆෙස්ටස් පෙරේරා ඇමැතිතුමා සහ විජය මහතා මරාදැමීමට සැලසුම් කර තිබූ සැලැස්මක් හමුවූ බව’ කියා තිබුණා.

ඉන් පසු විජයගේ මරණයෙන් පසු මට එය මතක් වුණා. පොලිසියේ නිලධාරීන් ගණනාවක් විජයට හුඟාක් ප‍්‍රවේශමෙන් ඉන්න, විජයගේ ජීවිතයට හානි සිදුවන බවට තර්ජන ඇති බව කියා තිබුණා. විජයගේ රැස්වීම්වලට බෝම්බ ගැසීමෙන් පසු සහ ඔහුගේ ජීවිතයට තර්ජන ඇතිවී ඇති බව දැනගත් පසු මා විජයගේ අකැමැත්තෙන් ඔහුගේ වාහනයට සහ අපගේ නිවෙසට ආරක්ෂාව සලසා ගත්තා. ඒ සඳහා අවශ්‍ය පියවර ගත්තා. මාගේ මතකයේ හැටියට විජයගේ මරණයට පෙර ඔහුගේ ජීවිතයට තර්ජනය වන අවස්ථා මාගේ මතකයේ හැටියට එපමණයි.

දැන් වේලාව පැය 17.25යි. මෙම අවස්ථාවේදී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය මහන්සි බව දන්වයි. ඒ අනුව පොලිස් අධිකාරි ගාමිණී පෙරේරා මහතාගේ උපදෙස් අනුව ඇයට විවේක ගැනීමට දන්වමි. හෙට දින උදේ 08.30 නැවත ප‍්‍රකාශය සටහන් කිරීමට පැමිණෙමි. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට ඇයගේ ප‍්‍රකාශ කියවා දුන්නා. පිළිගෙන (අස්සන) අත්සන් කළා. 88.02.27 වැනි දින පැය 08.30ට. අංක 63, රොස්මීඩ් පෙදෙස, කොළඹ 07.

ඊයේ එනම් 88.02.26 වැනි දින චන්ද්‍රිකා කුමාරතුංගගේ ප‍්‍රකාශය සටහන් කිරීමට පැමිණෙයෙමි. අදාළව නැවැත්වීමෙන් පසු අද දින නැවතත් ප‍්‍රකාශය සටහන් කිරීමට පැමිණෙයෙමි. පොලිස් අධිකාරී ගාමිණී පෙරේරා මහතා සිටී. මා පො.ප. විජේරත්න ඊයේ ඇගේ ප‍්‍රකාශය ගැන මතක් කර දී ඇයගේ ප‍්‍රකාශය සටහන් කරමි. දැන් වේලාව 09.30යි. චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සිටී.

ඇගේ ප‍්‍රකාශය සටහන් කරමි. මාගේ මතකයට අනුව මියගිය විජයගේ ජීවිතයට මුලින්ම තර්ජනයක් එල්ල වූයේ 1977 දී පැවැත්වුණු කටාන මැතිවරණයෙන් සති ගණනකට පමණ පසුවයි. එදා මැතිවරණයේදී ශ‍්‍රීලනිප අපේක්ෂකයා වශයෙන් විජය කටයුතු කළා. මැතිවරණයෙන් පසුවද සීදුව, කටාන යන ප‍්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සංවිධානය කිරීම සඳහා සාකච්ඡාවක් පවත්වා සවස මෝටර් සයිකලයෙන් නැවත කොළඹට පැමිණෙන්න සීදුවෙන් පිටත්වූ අවස්ථාවේදී එජාප අයෙක් මැරවරයන් 20ක් පමණ ප‍්‍රමාණයක් පාර අවහිර කර පොලුවලින් සහ අතින් පයින් පහරදී ඔහුට සිහිය නැති වනතුරු සිට ඔහු මරණයට පත්වූවැයි සිතාගෙන පාරේ දමා ගොස් ඇත. මෙම පහරදීම නිසා විජය මාස දෙකකට ආසන්න කාලයක් රෝහලේ නැවතී ප‍්‍රතිකාර ගත්තා. මෙම පහරදීමට සම්බන්ධ අය කවුරුන්දැයි කියා වැඩි විස්තර මා නොදන්නා අතර ඒ පිළිබඳ සීදුව පොලිසියෙන් දැනගත හැකි යැයි මම සිතමි.

විජයගේ ජීවිතයට දෙවැනි වරටත් තර්ජනය එල්ල වූ අවස්ථාව හැටියට මා දන්නේ 1983 පැවැති මහර මැතිවරණයේදී, එනම් 1983 මැයි මස 18 වැනි දිනයේදී ඡන්දය දෙන කාලය තුළදී මහර පස්ගම්මන ඡන්ද මධ්‍යස්ථානය අසලදී මහර ආසනයේ එජාප ප‍්‍රධාන සංවිධායකයෙක් වන ජයන්ත රාජපක්ෂ විසින් තුවක්කුවකින් විජයට එල්ලකර වෙඩි තැබූ අවස්ථාවේදී විජයට අඟල් කිහිපයක් එහායින් සිටි තරුණයකුට වෙඩි වැදී එතනම මැරී වැටුණා. විජයගේ ජීවිතයට කෙළින්ම තර්ජනය එල්ල වූ අවස්ථා දෙක හැටියට මට මෙය සඳහන් කරන්න පුළුවන්.

මට හොඳට මතකයි 1988 පෙබරවාරි 16 වැනිදා සිරිත් පරිදි උදේ 06.00ට පමණ අවදිවී පෙ.ව 07.00ට හෝ 07.30ට අතරදී නිවෙසින් පිටවුණා. සතියේ දිනවලදී උදේ 07.00ටත් 07.30ටත් අතර කාලයේදි ළමයින් දෙදෙනා ගෙන ඔහු නිවෙසින් පිටට යනවා. එසේ යන්නේ ඔහුගේ කොළ පාට කොරෝනා රථයෙන් හෝ එල් 300 වර්ගයේ රථයෙන් හෝ එම වාහන දෙකම නැත්නම් මට අයත් ඩැට්සන් බ්ලූබර්ඩ් රථයෙන් ළමයි දෙදෙනා පාසලට රැගෙන යනවා. නමුත් මෙදින රජයේ නිවාඩු දිනයක් වූ නිසා ළමයි දෙදෙනා පාසලට ගෙන ගියේ නැත.

මෙදින මා පසුව දැනගත් අයුරු ඔහු කෙළින්ම පක්ෂ මූලස්ථානයට ගොස් එම ස්ථානයේ සිට අප පක්ෂයේ උප ලේකම් වන දේව බණ්ඩාර සේනාරත්නද කැටුව හලාවත බලා පිටත්වී තිබෙනවා. නමුත් මෙදින හලාවත යන බව මා වේලාසනින් දැන සිටියත් එදින උදේ මට ඒ බව අමතක වී තිබුණා. හලාවත ගමන ගැන සියලු විස්තර එදින උදේ පක්ෂ මූලස්ථානයේ සිටි පක්ෂයේ ලේකම් වයි.පී. ද සිල්වා මහතා සමග ගිය දේව බණ්ඩාර සේනාරත්න සහ පක්ෂ මූලස්ථානයේ සිටි අනෙක් අයගෙන් වැඩි විස්තර දැනගත හැකිවේ යැයි සිතමි.

හලාවත යන මඟදී ඔහු ජාඇල කැබැල්ල පදිංචි ෆීලික්ස් මහතා හමුවී ඇත. තවද මත්තුමගල පදිංචි අප පක්ෂයේ වත්තල සංවිධායක ඇන්ටන් අමරසේකර මහතාගේ නිවසටද ගොස් ඔහු කැටුව විජය හලාවත ගොස් ඇති බව මට දැනගන්න ලැබුණා. ඒ නිසා හලාවත ගමන ගැන සියලු විස්තර ඔවුන් ගෙන් දැනගන්නට හැකියැයි මම විශ්වාස කරමි. මෙදින උදේ 11.30ටත් 12.00ටත් අතර විජය නිවෙසට පැමිණ කෙළින්ම උඩ තට්ටුවට ගියා. ඉන් ටික වේලාවකට පසු විජය බාත්රූම් එකේ නාන හෝ ඇඟ සෝදන බව ඇසුණා.

ඉන් ටික වේලාවකට පසු විජය හොඳට ගමනක් යන්න වගේ ඇඳගෙන ඔහුගේ දිනපොතත්, ලිපි කවරයක් (බී‍්‍රෆ්කේසය) සල්ලි තිබෙන පර්ස් එකක් අතේ අරගෙන ආවා. ඒ අවස්ථාවේ මා සමග පහළ මාලයේ වේයන්ගොඩ ප‍්‍රදේශයේ අප පක්ෂයේ ප‍්‍රධාන සංවිධායකයෙක් වන උපාලි ඉලංගරත්න මහතා සිටියා. ඔහු පැමිණ සිටියේ ඔහු පිටරට රැකියාවකට යන නිසා අප දෙදෙනාට බුලත් දී යාමටය. මාගේ මතකයේ හැටියට මගේ ලේකම් වන තිලකාද විටින් විට එහාට මෙහාට යමින් සිටියා. එය සාමාන්‍යයෙන් තිලකා කරන දෙයක්. මේ අතරතුරදී හේමපාල යන අයත් සැරයක් හෝ දෙකක් ගේ ඇතුළට ආ බව මට මතකයි. මට මතක හැටියට විජය සාලයේ සිටින විට මාගේ දරුවන් දෙදෙනාද සිටි බව මට මතකයි. විජය, තිලකාට මොනවා හෝ උපදෙස් දී එළියට යාමට නිවෙසේ පඩිය උඩට ආවා.

එවිට මම කීවා ‘පොඩ්ඩක් ඉන්න, උපාලි ඔයාට බුලත් දෙන්නයි බලාගෙන ඉන්නේ’ කියා. එවිට විජය ආපසු හැරුණු විට උපාලි විජයට බුලත් දී දණගසා වැන්දා. එවිට විජය ඔහුගෙන් කොපමණ කාලයකටද රට යන්නේ කියා ඇසුවා වාගේ මට මතකයි. උපාලි අවුරුදු 4ක් කිව්වා වාගේ මට මතකයි. එවිට විජය කීවා අපරාදේ අපේ හොඳ අයට ලියුම් දීලා රට අරින්නේ, අපට වැඩ කරන්න මිනිසුන් නැතිවෙයි කියා කීවා. එවිට මම කීවා නෑ කමක් නෑ අවුරුදු 2කට 3කට රට ගිහින් කීයක් හරි සොයාගෙන එයි කියා කීවා. එවිට විජය තමුන්නාසේලා රට ඉඳලා එනකොට මගේ ඇටකටු වළලපු තැනක් සොයාගන්න බැරිවෙයි හෝ වළලපු තැන්වල ගස් කොළන් පැලවී ඇතිය යන අදහස ඇති දෙයක් කී බව මට මතකයි. ඉන්පසු මා දිහා හැරී බලා මම ගිහින් එන්නම් කියා නිවෙසින් එළියට ගියා.

ළමයි එක් අයෙක් විජය සමග එළියට ගිය බව මට මතකයි. ළමයි දෙදෙනාම එළියට ගියාද කියා මට හරියට මතක නැහැ. මම ගෙදර දොරකඩ සිටියා. විජය ගේට්ටුවෙන් එළියට ගියා. මමත් ගමනක් යාමට සූදානම් වී සිටි නිසා මගේ කාරයේ යතුරද අතේ තියාගෙන ගෙදර පඩිය උඩට බැස්සා. මම පඩිය උඩ සිට ආපසු හැරී මගේ ලේකම් තිලකා හෝ උපාලිට මොනවා හෝ කිවූ බව මට මතකයි. එම නිවෙසේ පඩිය උඩ ඉඳ එළියට බහින්න සූදානම් වන විටම වෙඩි හඬ තුනක් මට පැහැදිලිවම ඇසුණා.

මම සාලයේ සිට උපාලිට කෑගහලා කීවා උපාලි ගිහින් බලන්න කියා. මා එළියට දිව්වා. මම එළියට දුවනවාත් එක්කම මගේ ලේකම් එළියේ සිට මාගේ ඉදිරියට දුවගෙන එමින් ඔළුවට ගහ ගනිමින් ‘අයියෝ මැඩම් මහත්තයා’ කියාගෙන කෑගසාගෙන ආවා. ඒ සමගම දුව යසෝදරා කෑගසාගෙන මගේ ඉදිරියට ආවා. මම ගේට්ටුව ළඟට යනවාත් සමගම මම දැක්කා කවුරු හෝ බිම වැටී සිටින බව. මම දැක්කා ඒ සමගම බිම වැටී සිටි අයගේ හිස ළඟම සිටගෙන වැටී සිටි අයගේ ඔළුවට වෙඩි තියාගෙන තියාගෙන යනවා. ඒ සමගම එතැන සිටි අපේ අය ගේට්ටුවෙන් ඇතුළට දුවගෙන ආවා.

මම ඒ මොහොතේදී තත්පර කිහිපයක් නැවතී එළියටම දිව්වා. ඒ දුවන විට වෙඩි තැබූ පුද්ගලයා එතැන සිටියේ නැත. මම බිම වැටී සිටින අය බලන විටම හඳුනාගත්තා ඔහු විජය බව. මම විජයගේ ඔළුව දෙස බැලුව ගමන්ම මම දැක්කා ඔහු මියගොස් ඇති බව. ඔහුගේ ඔළුව සම්පූර්ණයෙන්ම කුඩුවෙලා තිබෙන බව මම දැක්කා. ඒ අවස්ථාවේදී මට කෑගැසුණා. නමුත් මොනවා කීවාදැයි මට මතක නැත. ඒ මොහොතේදී මිනිසුන් සෑහෙන ගණනක් එකතුවන බව මා දැක්කා.

මට මේ අවස්ථාවේදී මතක් වුණා ළමයින් දෙදෙනා මේ අවට සිටි බවත්, මිනීමරුවාගෙන් ළමයින්ට කරදරයක් වෙයි යන බිය නිසා මා ගේ ඇතුළට දිව්වා. මම ගේ දොර ළඟට යනවිට දැක්කා මාගේ ළමයි දෙදෙනාත් ගෙදර වැඩකරන අයත් විලාප දෙමින් කෑගසනවා. ඒ අවස්ථාවේදීම මට අවශ්‍ය වුණේ මාගේ දරුවන් දෙදෙනා උඩ තට්ටුවේ කාමරයක දමා අගුල දමා නැවතත් විජය වැටී සිටි තැනට එන්නටය. මම මහ හයියෙන් කෑගසා මගේ මෙහෙකරුවන් දෙදෙනා වන තිලකා සහ සීලින් නෝනා යන දෙදෙනාට මාගේ දරුවන් දෙදෙනා බේරාගන්න උදව් කරන්න කියා කෑගැසුවා.

මම දරුවන් දෙදෙනා ඇදගෙන මෙන් උඩ තට්ටුවේ ලියන කාමරයට ගොස් දමා සීලින් නෝනාද ඒ කාමරයට දමා වසා ‘බැල්කනියට ළඟටවත් එන්න දෙන්න එපා’ කීවා. මා නැවතත් විජය වැටී සිටි තැනට දිවගෙන ගියා මට මතකයි. මේ අතර කාලයේ උපාලි යන අය මාගේ කකුල් දෙක ළඟ වැටී ගේ ඇතුළේදී ‘මැඩම් මාගේ අම්මා බලාගන්න කියා’ කීවා උපාලිගේ පපුව පෙදෙසේ ඉදිරිපසින් ලොකු ලේ පැල්ලමක් ඇති බව මම දුටුවා. මම උපාලිගේ පපුවට අත තබා බයවෙන්න එපා කීවා මතකයි.

මම විජය වැටී සිට තැනට නැවත ගොස් එතැන සිටි අයට මම කීවා විජය උස්සාගෙන රෝහලට රැගෙන යන්න කියා. මට මතකයි තවත් අයගෙන් උදව් ඇතිව විජය උස්සලා මගේ ඩැට්සන් බ්ලූබර්ඩ් රථයට දාගෙන රෝහලට පිටත් කළා. ඒ වාහනයේ ඉදිරි අසුනට කවුරු හෝ වෙඩිවැදී තුවාලවී සිටි උපාලි සොයාගෙන විත් දැම්මා. වාහනය එළවාගෙන ගියේ එදිරිතිලකයි. ඉන් පසු වාහනය රෝහලට පිටත් කළ පසු මා ළමයි දෙදෙනාද රැගෙන ආරක්ෂක ස්ථානයක තබා රෝහලට යාමටයි මට අවශ්‍ය වුණේ.

ඉන්පසු මාගේ රියැදුරු දයාරත්න එළියේ තිබුණු, විජය හලාවත සිට ආපසු ආ වාහනය වත්ත ඇතුළට අරගෙන ආවා. එවිට මා ළමයි දෙදෙනාත් ඔවුන් බලාගන්නා සීලින් නෝනාත් වාහනයේ දමා ගෙනැවිත් මමත් වාහනයේ නැගී ගෙයින් පිටත්ව යන්නට සූදානම් වනවිට පොලිසියේ නිලධාරීන් පැමිණ මෙම කාරයේ මට යන්න එපා කීවා. එවිට මෙහි ඇඟිලි සලකුණු තිබෙන්නට පුළුවන් කියා පොලිසියේ අය මට කීවා. එවිට මම පොලිස් නිලධාරීන්ට කීවා මට මොකක් හරි වාහනයක් දෙන්න කියා. එවිට පොලිසියේ වාහනයකින් මාවත්, ළමයි දෙදෙනාත්, සීලින් නෝනාත් දමාගෙන මාගේ මවගේ නිවෙසට ආවා. මම මගේ මවගේ නිවෙසේ පෝටිකෝ එක ළඟටම වාහනය ගෙන දරුවන් දෙදෙනා බස්සවා මම එම වාහනයෙන්ම හදිසි අනතුරු වාට්ටුවට ගියා.

එහිදී මම දැනගත්තා විජය මියගිය බව. විජය බිම වැටී සිටි අතර, ඔහුගේ හිසට තුවක්කුව එල්ල කර සිටි අය අඩි 6යි අඟල් 3ක් පමණ උස ඇති අයෙකි. තලෙළු පැහැයෙන් යුත්තය. ඇඳ සිටි ඇඳුම් ගැන මට හරියට මතක නැත. කොණ්ඩය ගැන විශේෂයෙන් පෙනීමට දෙයක් තිබුණේ නැත. එය සාමාන්‍ය කොණ්ඩයකි. මුහුණ ගැන කිසි විස්තරයක් මට කීමට නොහැක. වෙඩි තැබූ අය එක් අතක් සහ එක් කකුලක් ඉදිරියට තබාගෙන ඍජුව සිටගෙන දැඩි ක්‍රෝධයකින් වෙඩි තැබූ බව මම දැක්කා. මට මතක හැටියට දකුණු අතින් තුවක්කුව අල්ලාගෙන වෙඩි තැබූ බව මට මතකයි. ඔහු සිහින් ශක්තිමත් සිරුරකින් යුත් අයෙකි. නැවත දුටුවහොත් හඳුනාගැනීමට අපහසු වන බවත් මාගේ හැඟීමයි.

ප‍්‍රශ්නය – විජය කුමාරතුංග මහතා මියයෑමට කලින් ගමන් බිමන් යනවිට වාහනය මාරුකර ගමන් යනවාද? වාහන වෙනත් අයගෙන් ඉල්ලාගෙන යනවාද?

පිළිතුර – හුඟක් අවස්ථාවලදී විජයගේ වාහනය අලුත්වැඩියා කරන අවස්ථාවල සහ විජයගේ වාහන පක්ෂයේ වැඩවලට හෝ ඔහු නිෂ්පාදනය කළ චිත‍්‍රපට වැඩවලට යෙදෙන විට යහළුවන්ගෙන් වාහන ඉල්ලාගෙන යනවා.

ප‍්‍රශ්නය – එසේ වාහන ඉල්ලාගෙන ගමන් බිමන් යනවා නම් එම වාහන කාගේ වාහනද?

පිළිතුර – විජය ගේ මිත‍්‍රයෙක් වන මිල්රෝයි සල්ගාදු යන අයත් කාර් සේල් එකේ එක එක වාහන ඉල්ලා ගන්නවා. ඊට අමතරව ගෙදර පැමිණි වහාම යහළුවකුගේ වාහනයක් ඉල්ලාගෙන යනවා.

ප‍්‍රශ්නය – මෙදින විජයට වෙඩි තැබූ දිනයේ ෆීලික්ස් පෙරේරාගේ කාරයෙන් විජය කොළඹ එන බව ඔබ දන්නවාද? ඔබ හැර වෙනත් අයෙක් මෙම කරුණ ගැන දන්නවාද?

පිළිතුර – එදින ඔහු වෑන් රථයෙන් ගොස් ෆීලික්ස්ගේ කාර් එකේ ගෙදර එන බව මා දන්නේ නැහැ. නමුත් විජය හලාවත යන ගමන් පක්ෂ මූලස්ථානයට ගිය නිසා එහි සිටි අය මේ ගැන දන්නවාද කියා මා දන්නේ නැත.

ප‍්‍රශ්නය – 88.02.16 වන දින විජයට ඇමරිකන් තානාපති කාර්යාලයෙන් දවල් කෑමට ලැබුණු ආරාධනාව ගැන ඔබ දන්නවාද?

පිළිතුර – මෙම වෙඩි තැබීමට අඩු තරමින් දින 10කට පෙර එක් දිනක් උදේ වරුවේ මාගේ ලේකම් තිලකා මට දැන්වූවා. ඇමෙරිකන් තානාපති කාර්යාලයෙන් විජයට කිහිපවරක්ම කතා කළ බව. ඉන් පසුව ටෙලිෆෝන් එක වදින විට මම ටෙලිෆෝනයට පිළිතුරු දුන්නා. එවිට ඇමෙරිකන් නානාපති කාර්යාලයෙන් ගැහැනු කෙනෙක් ඉංග‍්‍රීසියෙන් කතාකර එඩ්වඩ් මාර්ක්ස් නමැති නානාපති කාර්යාලයේ නිලධාරියකුට විජයට කතා කිරීමට අවශ්‍ය බව දැන්වූවා. ඔහු නැති බව මා දැන්වූවා. මේ කතා කරන්නේ මිසිස් කුමාරතුංග බව කියා පණිවුඩයක් තිබේදැයි මම ඇසුවා. නැහැ විජයටම කතා කරන්න අවශ්‍ය බව කීවා.

ඔහු ආපසු එන වේලාව මගෙන් ඇසුවා. ඒ ගැන මම හරියට නොදන්නා බව කී විට ඔහු පක්ෂ මූලස්ථානයට ගිහින්දැයි මගෙන් ඇසුවා. සමහර විට සිටීමට පුළුවන් බව මම කීවා. එතැනින් එම ඇමතීම අවසන් වුණා. ඉන් පසුව එදා දවල් වරුවේ මා විජය මුණගැසුණු අවස්ථාවේදීම මම ඔහුගෙන් ඇසුවා ඇමෙරිකන් තානාපති කාර්යාලයෙන් කතා කළාද කියා. ඒ වනවිට කතා කළේ නැති බව මට කීවා. ඊළඟට මම දන්නේ 10 වැනිදා හෝ 11 වැනිදා විජය චිත‍්‍රපටයක වැඩට මස්කෙළියට ගොස් සිටින අවස්ථාවේදී ඇමෙරිකන් තානාපති කාර්යාලයෙන් පෙබරවාරි 16 වැනිදා දහවල් ආහාරයට ආරාධනා පත‍්‍රයක් අපේ ගෙදරට එවා, එය මා දුටුවිටයි.

එය මා දුටුවේ අපේ ගෙදර පඩිපෙළ අසල තිබූ සයිබෝඩ් එක උඩ තට්ටුවේ අප සිරිත් පරිදි ලිපි ආරාධනා පත‍්‍ර තබා තියෙන තැන කවරය නැතිව කාඩ්පත තිබුණා. 10 වැනිදා හෝ 11 වැනිදා සිට දින කිහිපයක් මෙම ස්ථානයේම එම ආරාධනා පත‍්‍රය තිබුණා. 12 වැනිදා සවස් වරුවේ විජය නිවෙසට පැමිණියාට පසු 13 වැනිදා පමණ මට මතක හැටියට එම කාඩ්පත එම ස්ථානයේ තිබුණේ නැත. මම හිතුවා විජය සාමාන්‍යයෙන් සිරිත් පරිදි කරන පරිදි ඔහුගේ දිනපොත ඇතුළේ දමාගෙන යන්න ඇති කියා. මම විජය 16 වැනිදා දහවල් ආහාරයට යන බව දැන සිටියා.

ප‍්‍රශ්නය – ඔබ හැරෙන්නට මෙම ආරාධනාව ගැන වෙන කිසිවෙක් දන්නා බව ඔබ දන්නවාද?

පිළිතුර – මම දන්නා තරමින් තිලකා එය දැනගන්න ඕනෑ යැයි මම සිතනවා. එසේ සිතීමට හේතුව ආරාධනා පත‍්‍රය දින ගණනක් සයිබෝඩ් එක උඩ තිබුණ නිසා සහ අපට ලැබෙන ලිපි හැර අවශ්‍ය කටයුතු කිරීමට ඇයට අනුබල දී තිබූ නිසා.

ප‍්‍රශ්නය – මෙම ආරාධනා පත‍්‍රය ලැබුණු අන්දම ඔබ දන්නවාද?

පිළිතුර – මම දන්නේ නැහැ.

ප‍්‍රශ්නය – නිවසට ලැබෙන ආරාධනා පත‍්‍ර, ලිපි ආදී භාරගන්නේ කව්ද?

පිළිතුර – සාමාන්‍ය වශයෙන් කරන්නේ නිවසට ලැබෙන ලිපි ආරක්ෂක නිලධාරීන් ලබාගෙන එම ලිපි ගේ ඇතුළේ ඇති සයිබෝඩ් එක උඩ තබනවා.

ප‍්‍රශ්නය – මෙම ආරාධනා පත‍්‍රය සමග තවත් විවෘත නොකළ ලියුම් තිබුණාද?

පිළිතුර – නැත. සාමාන්‍ය වශයෙන් ආරාධනා පත‍්‍ර පමණක් එම ස්ථානයේම උත්සව අවසන් වනතුරුත් තිබෙනවා. එයට හේතුව අප දෙදෙනාට දකින ලෙසටය.

ප‍්‍රශ්නය – ආරාධනා පත‍්‍රය ලැබුණහොත් ලියුම් කවරයෙන් කඩා සයිබෝඩ් උඩ තබන්නේ කවුද?

පිළිතුර – සාමාන්‍යයෙන් අපි. මම හෝ විජය හෝ එසේ නැත්නම් තිලකා එම ආ ආරාධනා පත‍්‍රය කඩා ආරාධනා පත‍්‍ර සයිබෝඩ් උඩ තබනවා.

ප‍්‍රශ්නය – ඔබ අදාළ ආරාධනා පත‍්‍රය විවෘත කළාද?

පිළිතුර – මෙම ආරාධනා පත‍්‍රය මම විවෘත කළේ නැත.

ප‍්‍රශ්නය – මෙම ආරාධනා පත‍්‍රය වෙන කිසිවෙක් දුටුවාද?

පිළිතුර – මෙය තබා තිබූ සයිබෝඩ් එක ළඟ තිබුණු සෝපාව එන ඕනෑම අමුත්තෙක් ඉඳගන්නා තැනක්. එසේ ඉඳගත් ඕනෑම අයකුට මෙම ආරාධනා පත‍්‍රය පහසුවෙන් දැකගන්නට ඉඩ තිබුණා. තවද මෙම අදාළ ආරාධනාව ගැන දුරකතනයෙන් කිහිප වතාවක්ම කතාකළ නිසා අපගේ දුරකතනය රහසේ හොරෙන් අසාගෙන සිටියා නම් ඔහුට මෙම ආරාධනාව ගැන දැනගන්න තිබුණා. තවද 13 වැනිදා සිට 16 වැනිදා දක්වා මෙම ආරාධනා පත‍්‍රය සහිත දිනපොත ඔහු ආගිය සෑම ගමනකම රැගෙන ගිය නිසා එම අවස්ථාවලදී මේ ආරාධනාව ගැන යම් අයකුට දැනගැනීමට ඉඩ ඇති බව මාගේ හැඟීමයි.

ප‍්‍රශ්නය – යම්කිසි අවස්ථාවක අයෙක් ඔබගේ නිවෙස ඉදිරිපිට ඇති මෝටර් සයිකල් වැඩපළේ සිට පැමිණ විජයට කුණුහරුපයෙන් බැණ ගේට්ටුවට මුත‍්‍රාකර ගියාද?

පිළිතුර – ඔව්. මට මතක හැටියට එය සිදුවුණේ 1987 මුල් භාගයේ හෝ අගෝස්තු මාසයේය. ඔබ කියූ පරිදි එක් දිනයක රාති‍්‍රයේ එවැනි සිදුවීමක් සිදුවූ බව පසුදින උදයේ මාගේ රියැදුරු සහ ආරක්ෂක නිලධාරීන් මට වාර්තා කළා. එසේ කළ පුද්ගලයා ගොස් මාගේ නිවෙස ඉදිරිපිට ඇති සයිකල් කඩයට රිංගාගත් බව මට දැනගන්නට ලැබුණා. ඒ නිසා මාගේ සේවකයන් පසුදා උදේ සයිකල් වැඩපළට ගොස් මේ ගැන මෙවැනි කෙනෙක් පැමිණියාද කියා ඇසූ විට එම මෝටර් සයිකල් වැඩපළේ අය මේ ගැන කිසිවක් නොදන්නා බව මට දැනගන්න ලැබුණා. මේ ගැන වැඩිදුරටත් දයාරත්න විස්තර දන්නවා.

ප‍්‍රශ්නය – සාමාන්‍යයෙන් විජය ගමන් බිමන් යනවිට රැගෙන යන දිනපොතේ සහ ලිපිගොනු බෑගයේ වැදගත් ලියකියවිලි රැගෙන යනවාද? එසේ රැගෙන යනවා නම් රැගෙන යන වැදගත් ලිපි ලේඛන මොනවාද?

පිළිතුර – සාමාන්‍යයෙන් විජයට ලැබෙන ලිපි සහ අනෙකුත් ලියකියවිලි සහ වැදගත් හා සාමාන්‍ය ලියවිලි මෙම ලිපිගොනුවේ රැගෙන යනවා. සාමාන්‍යයෙන් මා දන්නා තරමින් රහසිගත වැදගත් දෙයක් මෙහි තිබුණේ නැති බව මා සිතනවා.

ප‍්‍රශ්නය – ඔබ පළමුව විජය වෙඩිවැදී සිටින විට විජය සිටියේ කෙසේද?

පිළිතුර – විජය බිම වැටී සිටියත් හිස මුදුන අපේ ගෙදර ගේට්ටුව පැත්තටත් මුහුණු පාර පැත්තටත් සහිතව වැටී සිටියා. මට මාගේ මතකයේ හැටියට මෙම සිද්ධිය ගැන කීමට ඇත්තේ මෙපමණයි. මා මෙම සිද්ධිය ගැන මීට වඩා මතකයට නැඟුණහොත් ඒ බව මා පොලිසියට දන්වමි. මම හිතන හැටියට විජයගේ මිනීමැරීමට ජනතා විමුක්ති පෙරමුණේ සම්බන්ධයක් තිබෙන්නට පුළුවන් බව මම සැකකරනවා.

තවද විජය ජීවතුන් අතර සිටියා නම් පෙබරවාරි 21 වැනි දින ආරම්භ කරන්න නියමිතව තිබුණු පක්ෂ 6 සංවිධානය තුළින් පළමු වැනි වතාවට ලංකාවේ උතුර සහ දකුණ අතර නියම ප‍්‍රගතිශීලී පදනමක් මත සමගි සම්බන්ධයක් නිසැකවම ඇතිවන බව වටහාගෙන දැනට අප රටේ තිබෙන ජාතිවාදී යුද්ධය සහ ඒ තුළින් ඇතිවී තිබෙන අවුල්සහගත තත්ත්වයෙන් වාසි ලබන (දේශපාලන සහ පෞද්ගලික) අයට විශාල බයක් ඇතිවන්නට ඇති. මෙම සංවිධාන ප‍්‍රධාන නියමුවා හැටියට කටයුතු කරමින් එහි නායකත්වයට නම්කර තිබුණ විජයව විනාශ කිරීමට අදහස් කළේ මෙවැනි දේශීය සහ විදේශීය බලවේගයක් විය හැක. මා සිතන හැටියට මෙම බලවේගයන්ගේ අතකොළුවක් වශයෙන් රෝහණ විජේවීර සහ ඔහුගේ මිනීමරු කල්ලිය දැනට යොදාගෙන තිබෙනවා. මම මේ ගැන කීමට අත්තේ මෙපමණයි.

කියවා තේරුම් කර දුන්නා. පිළිගෙන (අස්සන) අස්සන් කළා.

ජ්‍යොෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්නගේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගත්තකි.

SendShareShare
Previous Post

රනිල් මේ සතිඅන්තේ ගාල්ල-තංගල්ල වෙරළ තීරයේ සංචාරක හෝටල් බලන්න ගිහින්! PHOTOS I Sri Lanka Latest News

Next Post

කරු හරි පරණයි..! චන්ද්‍රිකා හරිම වයසයි..! චම්පික අයියෝ ඔයා…! පාහියන්ගල හාමුදුරුවෝ කට්ටියටම හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලයක් කරාබුවක් වළල්ලක් දාගෙන පාරේ යනවා තියා දැන් ගෙදරවත් ඉන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේ..! ගෙදර හිටපු කාන්තාවකගේ මාලය කඩන් යන මේ තිරිසන්නු දිහා බලන්න! මේ වීඩියෝ එක දාලා තිබ්බේ මොනරාගල TV ෆේස්බුක් පිටුවේ..! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද (08) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) දැනුම් දී ඇත්තේ, පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සිදු කෙරෙන...

Read more
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.