• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සරසවිය රතු කළ සරසවි ප්‍රේමය…

January 21, 2023
in Exclusive, News
Reading Time: 8 mins read
A A
සරසවිය රතු කළ සරසවි ප්‍රේමය…
Share on WhatsAppShare on Facebook

ප්‍රේමයයි වෛරයයි අතර වෙනස කෙස් ගසකට සමාන බව කවියන් කොතෙකුත් කියා ඇත. නවකතාකරුවන්ද එය ලියා දන්වා ඇති අවස්ථා ඕනෑ තරම්ය. චිත්‍රපට සහ ටෙලි කතා ගත් විට වුවද ප්‍රේමය සහ වෛරය ගැනද එයට අදාළ සිදුවීම් ගැනද දස දහස් ගණනක් කතා ලියැවී ඇත.

හිටපු ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ වසන්ත ඔබේසේකර නිර්මාණය කරපු ‘සලෙලු වරම’ ඉන් එකකි. සෙලෙලු වරමෙහි කියැවුණේ සරසවි පෙමක් කෙල්ලට මරණය නියම කොට කොල්ලාව මිනීමරුවකු කළ කතාවකි. එහෙම කැම්පස් ආරවුල් සහ මිනීමැරුම් අපේ රටේ ඕනෑ තරම් සිදුව ඇත. මාධ්‍යවල එවැනි කතා ලියැවෙන විට මෙය හුදෙක් අවසානය නොවේ යනුවෙන් බොහෝ ලිපි අවසන් වන අවස්ථාද අප දැක ඇත්තෙමු.

කියන්නත් වාගේ ඒ වැකියේ සැබෑ ඇත්තක් ඇත. ‘සරසවි පෙම් කතාවල අවසානයේ මිනීමැරුමකින් ඉවර වෙන ශෝචනීය ඛේදාන්තයට සත්තකින්ම අවසානයක් නැත. ළඟම කතන්දරය ඇසුණේ පසුගිය 17 වැනිදාය. පෙම්වතිය කොළඹ විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ තුන්වැනි වසරේ ඉගෙනුම ලබන අවුරුදු 24ක් වයසැති චතුරි හංසිකා මල්ලිකාරච්චිය. ඝාතකයා වූ පෙම්වතා එම පීඨයේම ඉගෙනුම ලබන පසිඳු චතුරංග සිල්වාය.

මිනීමැරුමක් දක්වා ගිය පෙම් හබයට හේතුව චතුරි තවත් පෙම් දැලකට හසුවීම කියා ආරංචියක් වේ. තව වෙනත් හේතුද ඒ සඳහා දක්වා ඇත. පසිඳු ඔහුගේම වචනවලින් පොලිසියට කියා ඇත්තේ, ‘මම එයාට ආදරේට කිව්වේ චූටි කියලයි. මගේ හිතේ අමුතු සැකයක් තිබුණා චූටිට තව කොල්ලෙක් ඉන්නවා කියලා. ඒත් එහෙම දෙයක් නැහැ. අහිංසක චූටි පව්. මගේ පිහි ඇනුම් වේදනාව දරාගන්න බැරුව එයා දඟලලා දඟලලා මැරෙන හැටි මම දැක්කා. පිහිය බෑග් එකේ දාගෙන චූටි ළඟින් යන්න කලින් මම ආයෙම හැරිලා ඒ ලස්සන මුහුණ දිහා බලාගෙන හිටියා…’ යනුවෙනි.

අනියම් පෙමක් නැති බව දැනගෙනත් පසිඳු චතුරිට පිහියෙන් ඇන්නේ ඇයි? ආරංචියේ හැටියට පසිඳුට දැනී ඇත්තේ චතුරි තමාව මඟහරිමින් සිටින බවකි. එහෙම මඟහරින්න හේතුව වෙනත් පෙමක් වන්නට බැරිද?

චතුරිගේ සරසවි මිතුරු මිතුරියන් පවසා තිබෙන්නේ පසිඳුගේ ප්‍රේමය ‘හිට්ලර් න්‍යායක්’ ගත් බවකි. ‘හිට්ලර් න්‍යාය’ යැයි කීවේ පසිඳු චතුරිට දැඩි නීති දමා සිටිය නිසාය.

‘මතක තියාගන්නවා වෙන කොල්ලො එක්ක කතාබහ බැහැ.’

‘ෆෝන් එකේ ඉන්න හැම කොල්ලෙක්ගෙම නම්බර්ස් ඩිලීට් කරන්න ඕනෑ’

‘මං නැතුව කොහේ හරි යනවා නම් ඒ ගෙදර අය එක්ක විතරයි…’

‘ඔයා අඳින්න ඕනෙ මම කැමැති විදියටයි…’

ඒ පසිඳු තරුණ චතුරිට දැමූ නීති රෙගුලාසිය. ඒ නීති රෙගුලාසිවලට පටහැනිව යන්තම් හෝ යමක් සිදුවිණි නම් එදාට චතුරි සමග පසිඳුගේ රණ්ඩු සරුවල්වල ඉවරයක් නැත. සරසවියේ වෙනත් කොල්ලකු සමග, ‘ඉතිං ඔයාට කොහොමද?’ කියලා අහලා වචන කිහිපයක්වත් සුහදව කතා කරන්නට චතුරිට තහනම්ව තිබුණු බව ආරංචිය.

ඒ තරමට පසිඳු රළු වීමට හේතුව කාලයක සිට ඔහුව පෙළමින් තිබූ යම් මානසික රෝගයකැයි කියන කතාව ඇත්තක්ද?

එය බොරුවකැයි කියනවා වැඩිය ඇත්ත යැයි කියන තැනට ඇති සාක්ෂි වැඩිය. සුවිශේෂම සාක්ෂිය වන්නේ චතුරිට පිහි පාර කිහිපයක් එල්ල කළ පසුව කැලණි ගඟ පැත්තට ගිය පසිඳු තුන්පාරක්ම දිවි නසාගැනීමට සිතා වතුරට පැන තිබුණද අනතුරුව ගොඩට ඇවිදින් තිබුණේය. බොහෝ විට එවැනි හැසිරීමක් සාමාන්‍ය යැයි කියන්නට බැරිය. පසිඳු මානසික අසමතුලිතතාවක් නිසා මීට කලකට ඉහත ප්‍රතිකාර ගෙන ඇති බවට රාවයක්ද සරසවිය පුරා ගොඩනැගී තිබිණි.

චතුරි පසිඳුගෙන් ඈත් වීමට වෙර දරන්නට ඇත්තේ එනිසා වන්නට බැරිද? සමහර විට ඒ කාරණයෙහි යම් ඇත්තක් තිබෙන්නට පුළුවන. මානසික රෝගී බව කෙසේ වුවද පසිඳු චතුරිට ප්‍රමාණය ඉක්මවා නීති දැමීම ගැන ඇය කනස්සල්ලට පත්ව සිටියා විය හැකිය.

‘හැමෝම කතා කරන්නේ මම එයාට පිහි පාර ඇනපු එක ගැන. ජීවත්ව ඉන්න කාලේ එයා මට හැම වෙලේම අරියාදු කතා කිව්වා. පුංචි අත්වැරැද්දකදිත් එයා මට අපහාස කළා. හැම තිස්සෙම ‘පිස්සා’ ‘පිස්සා’ කිය කියා මට අපහාස කළා. ඒ හැම මොහොතකම මම කොයි තරම් මානසිකව වැටුණද? නිතර එයා මාව පහත් කරලා කතා කරනකොට හෙමින් හෙමින් මගෙන් ඈත් වෙන්න ට්‍රයි කරන කොට මම එයා ළඟ බැගෑපත් වුණා මට එහෙම කරන්න එපා කියලා. ඒත් එයා ඒක කනකට ගත්තේ නැහැ. මගෙ ඉවසීම නැතිව ගියා. මම එයාට අයිති වෙන්නේ නැත්නම් වෙන කාටවත් එයාව අයිති වෙන්න බෑ කියලා මම හිතුවා…’ පසිඳු සිය පාපොච්චාරණය කරමින් අදහස් දක්වා තිබුණේ එහෙමය.

තමා මානසික රෝගියකු යැයි පසිඳු පුන පුනා පවසන්නේ යම් ප්‍රයෝගයකට වන්නට බැරිද?

සමහර විට පුළුවන. පසිඳුගේ සේයාරූ දුටු කවුරුත් මෙම සිදුවීමෙන් පසු අතන මෙතන බස් නැවතුමේ සහ වැඩබිමේ කතාබහ කරන්නේ පෙනුමින් නම් ඔහු එහෙම අඩුවක් තිබෙන තරුණයෙකැයි කියන්නට බැරි බවය. අනෙක පසිඳු සිය ගම් පළාත සහ ඒ අවට ප්‍රදේශය තුළ ජනප්‍රිය ටියුෂන් ගුරුවරයකු ලෙස සිය නම තබාගෙන සිටි ප්‍රියමනාප පුද්ගලයෙකි. මානසික රෝගයකින් පෙළෙන තරුණයකුට එවැනි ප්‍රතිරූපයක් තමා ජීවත් වන සමාජය තුළ ගොඩනගාගත හැකිද?

කෙසේ වෙතත් මොන හෙයියම්මාරුවක් කොට හෝ පසිඳු වටිනා කියන තරුණියකගේ හීන ගොඩක් මැද සිය ජීවිතය සැලසුම් කරමින් සිටි කදිම කෙල්ලකගේ අනාගතය පේමන්ට් එකේ අලෙවිය සඳහා තබා ඇති රුපියල් 140ක පිහියකින් නිමා කොට දැම්මේය. චතුරි ඔහු කියන තරම් තද සිතුවිලි ඇති කෙල්ලක වූවා නම් ඔහුට පද පලිච්චි කරන නොහොබිනා එකියක වූවා නම්, ‘පොඩි කතාබහක් තියෙනවා කරන්න. රේස් කෝස් එකට යමුද?’ කියා අඬගසන විට එහෙම එන්නට තරම් කීකරු වෙයිද?

මානසික රෝගියෙක් යැයි චතුරි ඔහුව හංවඩු ගැසුවා නම්, ‘මම ඔයාව පුදුම කරන්නයි යන්නේ. ඔහොම ටිකක් ඉන්න චූටි…’ කියා ඔහු කියන විට එහෙම පාළු වටපිටාවකදී තම ඇස් දෙක බඳින තුරු ඇය ඔහේ බලාසිටිනු ඇතිද?

චතුරි උපායශීලී කපටි කෙල්ලක වූවා නම් තමාට එපාව සිටි ගැලවී යන්නට බැරිව සිටි තම ගොරෝසු පෙම්වතා කාත් කවුරුවත් නැති පාළු තැනකදී දෑත් බැඳ කරන්නට තනන ඇස් බැන්දුම මොකක්දැයි ඇයට වටහා ගන්න බැරි වුණේ ඇයි?

තමා මානසික රෝගියකු බව කියමින් පෙම්වතිය තමාට කළ වෙනස්කම් ගැන පවසන පසිඳු පිහි ඇනුම් කිහිපයකින් මේ අවසන් කොට දැමුවේ සොඳුරු අනාගතයකට උරුමකම් කියන්නට වාසනාව ගෙන ආ නුවණැති තරුණියක නොවේද?

පැවැත්මක් ඇති පවුලක ලොකු දුව වූ චතුරි හංසිකා මල්ලිකාරච්චි නවීන සමාජය හමුවේ සිය ජීවිතය කලඑළි කරගන්නට උත්සාහ ගත් ස්මාර්ට් කෙල්ලකි. යූටියුබ් චැනලයක් පවා මෙහෙයවූ චතුරි සරසවි බිමේ කාගේත් සිත් දිනාගත් ප්‍රියමනාප චරිතයක් වූවාය. සමහර විට පසිඳුගේ කුහක මානසිකත්වය ඇගේ ඒ සිත්කලු දිවි රටාවට ඊර්ෂ්‍යා කරන්නට ඇත. ‘අභිමාන්’ නම් හින්දි චිත්‍රපට කතාවේ සුබීර් කුමාර් තම විවාහක බිරිය උමා, තමාට වඩා ජනප්‍රිය වීම ගැන ඇයට ද්වේශ කළා වාගේ පසිඳුද චතුරිට ද්වේශ කරන්නට ඇත. ඒ ද්වේශසහගත පසුබිම මැදට, ‘මට අයිති නැත්නම් ඔයාව කාටත් අයිති වෙන්නෙ බෑ…’ කී පහත් හැඟීමද එන්නට ඇත. රුපියල් එකසිය ගණනක් වටිනා පිහි තලයකින් පසිඳු හරි ලෙහෙසියෙන් සුනුවිසුනු කොට දැමුවේ ඔහුගේ අමනුස්සකම අරා සිටි නොදැමුණු හැඟීම්ය.

‘පළමු පිහි පාර බෙල්ලට වදිනකොට චූටි ඇස් දෙක බැඳලා තිබුණු ලේන්සුව ගලවලා උදව් ඉල්ලලා කෑගහන්න හදනකොටම මම ඊළඟ පිහි පාරවල් ටිකත් එයාට ඇන්නා…’

කිසිදුම චකිතයකින් තොරව පසිඳු පොලිසියට එලෙස පවසා තිබිණි. වීරකමක් කොට ඒ ගැන පංපෝරි ගසන්නා සේ පසිඳු තමා කළ ඝාතනය ගැන නඩුවේදී තවත් සාක්ෂි අවැසි නොවන ආකාරයට තම නින්දිත පාපොච්චාරණය සිදුකොට ඇත. කිසි වරදක් තමා අතින් සිදු නොවූ ආකාරයට තමා මානසික රෝගියෙක් යැයි යන කාරණය උලුප්පමින් පසිඳු මේ විදියට සැහැල්ලුවට කතා කළාට මෙතෙක් කල් ඒ ලොකු දුවව උස්මහත් කොට හැදූ ඒ අම්මාට තාත්තාට මේ ශෝචනීය සිදුවීම කොහොම දැනෙනවා ඇතිද? සරසවියක විද්‍යා පීඨයේ සිසුවියක තුන්වැනි වසරේ සිසුවියක ලෙස තම දුවව ඔසවා තැබීමට ඒ අම්මයි තාත්තයි මොන තරම් මහන්සි වන්නට ඇතිද? අනේ ඒ අම්මට තාත්තට මොනවා දැනෙනවා ඇතිද?

‘පසිඳු උඹට සාප වේවා…’ ඔවුන් දස දහස්වර පැවැසුවද චතුරි නැවත හුස්ම ගන්නේ නැත.
කරන්නට කිසිවක් නැත. ඒත් සරසවි සිසුවියකගේ ශෝචනීය මරණයක් ලෙස මෙයද අතීතයට එක්වනු ඇත.

‘අනේ පවු චතුරි’ පිරිසක් එහෙම කියනු ඇත.

‘ඇත්තටම පසිඳු මානසික රෝගියෙක් නම් මිනිහා මේක කළේ හිතාමතා නෙවෙයි නම් සමාව ලැබෙයිද? තවත් පිරිසක් එහෙමත් කතාවෙනු වළක්වන්නට බැරිය.

සියල්ල අවසානයේ ඉතිරි වූයේ අහස පොළොව නූහුලන අපරාධයක සුන්බුන් මතකය සහ වටිනා කියන රත්තරන් දුවක ඒ අම්මාට තාත්තාට අහිමි වීමය.

‘අනේ චතුරි එදා එතැනට නොගියා නම්…’

චතුරිට ආදරය කළ හැම අයකුම එහෙම හිතනවා නොඅනුමානය.

නමුත් බොහෝ තැන සිදුවන්නේ නොසිතූ දේම නොවේද?

එහෙම වෙන්නේ ඇයි?

එය දන්නේ ලොව පාලනය කරන දෙවියන් පමණය.

චතුරි ඔබට සුබ ගමන්. නැවත ඉපදීමක් ඇත්නම් පසිඳුලා වැනි පෙම්වතුන් නැති තැනක ඉපදෙන්නට නුඹට වරම් ලැබේවා…

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

හලාවත මුන්නේෂ්වරම් කෝවිලේ ‘අලංකාර උත්සවය’ ඇරඹේ!

Next Post

ජවිපෙ රනිල්ගේ ඊළඟ ගේමත් ඉවර කරන හැටි කියයි! VIDEO

MORE NEWS

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

Load More
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

“ගම් දහසක වැඩ දහසක්” ජාතික වැඩසටහන යටතේ, කිරිඇල්ල, දොඩම්පේ නාගොඩ – බෝගහවිල කෘෂි මාර්ගය ඉදිකිරීම් ආරම්භක උත්සවය පැවැත්වුණා.Sri Lanka Latest...

Read more
බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.