• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලෝකෙට අතපාන රටක කොන්ද කෙලින් තියාන ඉන්න කොල්ලො කෙල්ලො I Sri Lanka Latest News

August 7, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල දෙකක ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිළිබඳ කතාව පසුගිය දවසක වයිරල් වෙලා සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධ වෙනවා. මේක සාමාන්‍ය දෙයක් නේ. සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලවල දරුවො ගැන කතන්දර ඕනෙ තරම් ලංකාවේ ප්‍රසිද්ධ වෙනවා. මුළු රටම ඒවා අහනවා. මුළු රටම ඒ ගැන කතා කරනවා. මේක පළමු වතාවට වෙච්ච දෙයක් නෙවෙයි.(Sri Lanka Latest News)

එහෙනම් ඇයි මේ ඒ ගැන පත්තරේට ලිපියක් ලියන්නේ? ඒක ඔයා මගෙන් අහයි. ඊට කලින් මම කියන්නම්කෝ ඇයි මම එහෙම ලියන්නේ කියලා. සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලවල කතන්දර සමාජ මාධ්‍යගත වෙන්නේ, රටම ඒ ගැන කතාවෙන්නේ විශ්වවිද්‍යාලවල අරගලයකදී, විශ්වවිද්‍යාලවල වෙනත් ප්‍රශ්නයකදී, විශ්වවිද්‍යාලයක ශිෂ්‍යයන්ට ගැහුවම, එහෙම නැත්නම් නවක වධය පිළිබඳ කතන්දර සමාජගත වුණාම සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලවල මෙහෙම ප්‍රශ්න ඇතිවෙනවා. විශ්වවිද්‍යාල කියන්නේ ලංකාව පුරාම ප්‍රසිද්ධ තැන්. ඒවා ඇත්තද බොරුද කියන එක වෙනම කතාවක්. මෙහෙම තියෙද්දී මේ කතා දෙක සමාජගත වෙන්නේ කොහොමද?

එක කතාවක් සමාජගත කරන්නේ සංගීත ශිල්පියෙක් වෙච්ච පේෂල මනෝජ්. පේෂල Spar Supermarket එකක් ඉස්සරහට ගිහිල්ලා එයාගේ කැමරාව ඔන් කරගෙන එතැන ඉන්න තරුණයෙක්ව අපට පෙන්නනවා. අනෙක් කතාව රජයේ ප්‍රධාන නාලිකාවක වැඩසටහනකින් අපි දැක්කේ. මේ දෙකම එක වගේ කතන්දර නිසා එකම විදියට ලියන්න, එකම තැනක ලියන්න අපි තීරණය කළා.

මේ දෙකේම මාතෘකාව විය යුත්තේ එකම දෙයක්. ඒ තමයි උත්සාහවන්තකම. නැගිටින එක. ආත්ම විශ්වාසය. තමන්ට නැති දේවල් මොනවද කියලා අඬ අඬා ඉන්නෙ නැතුව, කනගාටු වෙමින් ඉන්නේ නැතුව කොන්ද කෙළින් තියාගෙන ඔළුව උස්සන්න උත්සාහ ගැනීම. එක කතාවක් අයිති වෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයට. අනෙක් කතාව අයිති වෙන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට.

කොළඹ විශ්වවිද්‍යාලයේ කතාවෙදී මේ ශිෂ්‍යයාව පේෂලට මුණගැහෙන්නේ Spar Supermarket එක ඉස්සරහා ගිටාර් ගගහා සින්දු කිය කියා ඉන්නැද්දී. ඔහු කියනවා මේක ගෙදරින් දැනගත්තොත් එහෙම නම් ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා. ඇත්තටම මට ඉගෙනගන්න අවශ්‍ය මිල මුදල් ටික මම හොයාගන්න මම මේ විදියෙ වැඩක් හදාගත්තා. ඒ වගේම ඔහුගේ තව කතාවක් තමයි ස්ටී්‍රට් මියුසික් කියන සංකල්පය රටක් විදියට දියුණු විය යුතුයි, මම ඒකටත් මේ විදියට කටයුතු කළා කියලා. ඒවා ඔක්කොම හොඳ දේවල්. කොහොම නමුත් අනෙක් කතාව ඊටත් වඩා වෙනස් කතාවක්.

ඒකෙ වෙන්නේ විශ්වවිද්‍යාලයේදී මුණගැහිච්ච පෙම්වතුන් දෙදෙනෙක්ගේ කතාවක්. සරසවියේ පෙම්වතුන් කියලා කියන්නේ සාමාන්‍ය දෙයක්. විශේෂයෙන්ම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පෙම්වතුන් කියලා කියන්නේ හරිම සාමාන්‍ය දෙයක්. පේරාදෙණිය විශ්වවිද්‍යාලය හදලා තියෙන්නෙම පෙම්වතුන් බවට පත්වීමට අවශ්‍ය මානසිකත්වය ළමයින්ට ඇතිවෙන ආකාරයට. එහෙම තැනක පෙම්වතුන් දෙදෙනෙක් මුණගැහෙන එක පොඩි දෙයක්. මේ කතාව සමාජ මාධ්‍යගත කරලා තිබුණු රූපවාහිනී නාලිකාව සඳහන් කරලා තිබුණේ මේ වගේ ආදරයක් තියෙනවද, මේක අරුම පුදුම ආදරයක් වගේ විදියට. ඒක නිසාමයි අපි ඒ ගැන ටිකක් හොයලා බැලුවේ.

මේ දෙන්නා විශ්වවිද්‍යාලයේදී මුණගැහිලා පෙම්වතුන් බවට පත්වෙලා තමන්ගෙ කෑම කඩයක් කරන්න පටන් අරගන්නවා. කෑම කඩය හොඳට කරගෙන යද්දී ඒක එතැනින් ඉවත් කරනවා. මේ මොහොතේ ආර්.ඩී. එකේ මහත්තුරුන්ට අපේ උත්තමාචාරය පුද කරනවා. ලොකු තැන් දැකලා හැකිළිලා, පොඩි තැන්වලට පුප්පනවට. ලොකු තැන්වල තියෙන ඉදිකිරීම් දකිද්දී කොන්ද නමාගෙන නිකන් බබ්බු වගේ ඉඳලා රුපියල් 5000ක් 6000ක් අත මිට මෙළෙව්වට පස්සේ ඕනෙ බඩකඩිත්තුවක් කරගන්න ඉඩ දෙන ආර්.ඩී. එකේ මහත්තුරු මේ අහිංසකයන්ගේ කඩේ අයින් කරනවා හරි කලබලෙන්.

හැබැයි ඉතින් ඒවා නීත්‍යනුකූලවද නැද්ද කියන්න අපි දන්නේ. කොහොම හරි අයින් කරනවා. අයින් කරන්නේ ආයෙ එතැන දාන්න ඉඩ දෙන්නත් නෙවෙයි කියලයි අපිට හිතෙන්නේ. කොහොම වුණත් මේ දෙන්නා එහෙම වුණා කියලා කලබල වෙන්නේ නෑ. හිත රිදවගන්න ඇති. හැබැයි නතර වෙන්නේ නෑ. දැන් ආයෙත් අලුතෙන් ඒගොල්ලෝ වෙන විදියක් හදාගන්නවා. ඒ තමයි කෑම පාර්සල් ටිකක් හදලා බෑග් එකේ දාගෙන විශ්වවිද්‍යාලයට එනවා. ඇවිල්ලා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ට මේ කෑම පාර්සල් සල්ලිවලට දෙනවා. ඒගොල්ලෝ කෑම පාර්සලය ගන්නවා.

ලැජ්ජාව බය කියන එක පැත්තකට දාලා ශිෂ්‍යාව කියනවා අපි දැක්කා ‘මගේ නංගිට කැන්සර් එකක් තියෙනවා’ කියලා. මේ පිළිකාවක් තියෙන දරුවාගේ පවුලේ අයට සමහර වෙලාවට ඈට උදව් කරන්න බැරිව ඇති. ඒ නිසා ඈ ඇගේ ශක්තියෙන් නැගිටින්න උත්සාහ කරනවා. අපි මේ තුන්දෙනාටම අපේ උත්තමාචාරය පුද කළ යුතුයි. ගෞරවය පුද කළ යුතුයි. මේ වීරයෝ තුන්දෙනෙක්. ඇත්තටම මේක අපි කතා කරන්න ඕනෙ එහෙම. ඒකට හේතුව බත් පාර්සල් විකුණන එකවත්, පාරේ සින්දු කියන එකවත් නෙවෙයි.

අපි හැමදාම පුරුදු වෙලා තියෙන්නේ අරක නෑ, මේක නෑ, දුන්නෙ නෑ, මදි වගේ කතා කියලා අපේ ආණ්ඩුවෙන් හරි කොහෙන් හරි ලැබෙන දේවල් ටික එකතු කරගන්නනේ. අපි දන්නවා සමෘද්ධිය, අස්වැසුම ගන්න අපි කොච්චර පෝලිම්වල ඉන්නවද කියලා. ඒක වයසක කෙනෙක්ට, බැරි කෙනකුට, හරි හම්බ කරලා අවසාන වෙච්ච කෙනකුට, ජීවිතේ හැන්දෑ කාලය ගතකරන කෙනකුට ලංකාව වගේ රටක ප්‍රශ්න තියෙන්න පුළුවන්.

ඒක හරි සාධාරණයි. හැබැයි ඇයි මේ තරුණයෙක්ට තමන්ගේ කොන්ද කෙළින් තියාගෙන නැගිටින්න බැරි? ඇයි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්ට තමන්ගේ ශක්තියෙන් නැගිටින්න බැරි කියන එකට උදාහරණ මේවා. හරි පුංචි දේවල්. මේ වගේ දේවල් කරන තවත් අය ඇති. අපි දන්නවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගෙන් වැඩි ප්‍රමාණයක් පුද්ගලික පන්ති කරනවා. ඒක හරි වෙහෙසිලා කරනවා. දුරු කතර ගෙවාගෙන බස්වල නැගගෙන ඒ අය යනවා. ඒක හෑල්ලු කරන්න එපා.

ඒ අයට ශක්තියක් වෙන්න. හොඳට උගන්වනවා නම් ලොකු පන්තිවලට, මහ ලොකු තැන්වල නතර වෙන්න නෙවෙයි උත්සාහ කරන්නේ. අපි දන්නවා නදුන් කුලතිලක, හේෂාන් රන්දිවෙල වගේ ශිෂ්‍යයන්ගේ නම් අපට හුරුයි. මේ අයගෙන් නදුන් කුලතිලක උගන්වන්නේ භෞතික විද්‍යාව. ඒ වගේම ජීව විද්‍යාව උගන්වන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක් වෙච්ච හේෂාන් රන්දිවෙල. මේගොල්ලෝ තමන්ගේ ශක්තියෙන් නැගිටින්න උත්සාහ කරන ළමයි.

මේ වගේ අය තව ඕනෙ තරම් ඇති. නම්ගම් කියන්න ගියොත් ඉවරයක් නැති වෙයි. හැබැයි මේ වගේ අය ගාවට ළමයි යන්නේ නැත්තේ ඇයි? නම් ප්‍රසිද්ධ නැති නිසාද? ලොකු නැති නිසාද? ලොකු බී.එම්.ඩබ්ලිව්. කාර් එකක එන්නෙ නැති නිසාද? මේ තමයි අපේ රටේ ශක්තිය. මේ කොල්ලො කෙල්ලෝ ආණ්ඩුවෙන් දේවල් ඉල්ලන්නේ නෑ. රජයෙන් දේවල් ඉල්ලන්නේ නෑ. වරප්‍රසාද ඉල්ලලා කෑගහන්නේ නෑ. මේ අය තමන්ගෙ ශක්ති ප්‍රමාණයෙන් නැගිටිනවා.

අපි දැක්කා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝ පහුගිය කාලෙ පුරාම එල්ලිලා මැරෙනවා, ජීවිත හානි කරගන්නවා විවිධ අවස්ථාවල. මේ පුංචි ප්‍රශ්නවලට. දැන් මේ ශිෂ්‍යයන්ට තියෙන ප්‍රශ්න මේ අයගේ ජීවිතේ තියෙන ගැටලු ඒවා ලොකු නැද්ද? නෑ ඒවා ලොකුයි. ඒවා අපි හිතනවටත් වඩා ලොකුයි. ඒවා බරපතළ නැද්ද? ඒවා බරපතළයි. අපි හිතනවටත් වඩා බරපතළයි. හැබැයි වාසනාවකට ඒ බරපතළකම දරාගෙන මනුස්සයො විදියට නැගිටින්න පුළුවන් ආත්ම ශක්තියක් මේ කොල්ලන්ට කෙල්ලන්ට දෙවියෝ දීලා තියෙනවා.

ඒ ශක්තියෙන් තමයි මේ කොල්ලා පාරේ ගිටාර් එක ගගහා සින්දු කියන්නේ. ඒ ශක්තියෙන් තමයි මේ කොල්ලයි කෙල්ලයි තමන්ගේ සමනල කාලේ සරසවි ජීවිතේ ඇතුළේ රෑ දෙගොඩහරි ජාමේ නැගිටගෙන බත් උයලා, තමන්ගේ සහෝදර ශිෂ්‍යයන්ට මේ බත් විකුණලා කීයක් හරි හොයාගන්නේ. ඔයා ඔයාගේ හදවතට කතා කරලා බලන්න. ඔයාට වයස කීයද දැන්? අත පය හතර හයියට තියාගෙන ඔයා කොච්චර නම් අනුන්ට අතපානවා ඇද්ද? කොච්චර නම් එක එකාට කඩේ යනවා ඇද්ද? කොච්චර නම් රජයෙන් දෙනකං ආණ්ඩුවෙන් දෙනකං බලධාරීන් දෙනකං බලාගෙන ඉන්නවා ඇද්ද? මේවා ඉගෙනගන්න. මේවා තමයි හොඳ පාඩම්.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

වතුරවලටත් මිල සූත්‍රයක්! වෙනදා අඩුවැඩි වුණේ අවුරුද්දකට සැරයක් විතරයි! දැන් මාස 6කට වරක් අඩු වැඩි වෙන්න පුලුවන්! VIDEO I Sri Lanka Latest News

Next Post

මේ හදන්නේ ගොවියා ඉස්සරහට දාලා හදිසි විදුලි මිලදී ගැනීම්වලට යන්න! කෝටි හයහත්සීයක ජාවාරමක්! Sri Lanka Latest News

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

මහනුවරට ආවාම අස්ගිරි-මල්වතු මහනාහිමිවරුන් සජිත්ට මොනවද කිව්වේ? මල්වතු මහානාහිමියන් සජිත්ට බුද්ධ ප්‍රතිමාවක් තෑගි දුන්නේ ඇයි? PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

ශාසන පරිහානිය ගැන මහා සංඝරත්නයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මහා සඟ සමුළුවක් පැවැත්වීමට විපක්ෂනායක සජිත් මූලිකත්වය ගනී! ත්‍රෛනිකායික මහනාහිමිවරුන් හමුවීමටත් නියමිතයි! I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිල නිර්දේශයන්ට අනුව, සිගරට් මිලදී ගැනීමේ හැකියාව (Affordability) පාලනය කරමින් මහජන සෞඛ්‍යය සුරක්ෂිත කිරීම සඳහා සිගරට්...

Read more
ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.