• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපිට සමාවෙයන් දුවේ… බ්ලූමැන්ඩල් ඉස්කෝලෙදි දෙයියො අරන් ගිය පුංචි සුරංගනාවි I Sri Lanka Latest News

November 24, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පාසලක තාප්පයක් කඩාවැටීමෙන් එක් සිසුවියක් මියගොස් තවත් සිසුන් කිහිප දෙනෙක් තුවාල ලැබූ සිද්ධියක් මේ ලිපිය ලියන මොහොතේ වාර්තා වෙනවා. මේ වෙනකොට මේ පාසලේ සිදුවීමට අදාළව සිසුන් දෙදෙනෙක් බරපතළ තත්ත්වයෙන් රෝහල්ගත කරලා තියෙන අතර, තවත් සිසුන් කිහිප දෙනෙක්ම තුවාල ලබා තිබෙන බව තමයි දැනගන්න ලැබෙන්නේ.(Sri Lanka Latest News)

මේ දරුවන්ගෙන් කිහිප දෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, එක් දරුවෙක් ළමා රෝහලට ඇතුළත් කරලා තියෙනවා. පිරිමි ළමයින් සිවුදෙනකු සහ ගැහැනු ළමයින් දෙදෙනකු තමයි මේ අනතුරෙන් තුවාල ලබා තිබෙන්නේ. ඔවුන් පළමු ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන හය හැවිරිදි දරුවන් බව පොලිසිය සඳහන් කරනවා. මේ සිදුවීමත් එක්ක පාසල තුළ අනාරක්ෂිත තාප්පයක් තියෙන්න පුළුවන්ද, ඒ තාප්පය හා ඒ ආශ්‍රිත ඉදිකිරීම් සිදුවෙමින් තිබුණා නම් ඒවාට නිසි ආරක්ෂාව ලබාදුන්නාද කියන එක ගැන සැලකිලිමත් වෙන්න සිද්ධ වෙනවා.

මේ කඩාවැටුණු තාප්ප කොටස අඩි 6ක් උස බව තමයි වාර්තා වෙන්නේ. ඒ වගේම එය කොන්ක්‍රීට්වලින් සකස් කළ විශාල තාප්පයක්. ජලනළ සවිකිරීමේ කටයුත්තක් නිසා තමයි මේක කඩාවැටීම සිදුවුණේ කියලා කියනවා. මේක පාසල තුළ කළ ඉදිකිරීමක් වේවා, ඉන් පිටත කළ ඉදිකිරීමක් හෝ වේවා ඉදිකිරීම කුමක් වුවත් පාසලේ තාප්පය අනාරක්ෂිතයි නම්, ඒ තාප්පය කඩාවැටීමට නියමිත යැයි සැක කරන්නේ පාසලෙන් පිටතටද, පාසල තුළටද කියන එක කෙසේ වෙතත් ඒ ගැන සැලකිලිමත් වීම පාසලේ විදුහල්පතිවරයා ඇතුළු ගුරු මණ්ඩලයේ සියලු දෙනාගේම වගකීමක්.

හැබැයි දරුවෝ බලාගන්නා එක ලේසි දෙයක් නෙවෙයි. එක දරුවෙක් ගෙදර ඉන්නකොට අපිට තේරෙනවා මේ දරුවා ගැන ගෙදර කීදෙනෙක් අවධානයෙන් සිටිය යුතුද කියන එක. පාසලේ ගුරුවරුන්ට සහ විදුහල්පතිවරයාට මේ දරුවන් එකිනෙකා දිහා වෙන වෙනම බලා සිටීමට හැකියාවක් නෑ. ඒ නිසා දරුවන් සම්බන්ධව ආරක්ෂාව සියලු දෙනාගේ වගකීමක්. පාසල නිම වුණාට පසුව නම් විශේෂයෙන්ම මේ කාරණාව සම්පූර්ණයෙන්ම පැවරෙන්නේ මවුපියන්ට සහ දරුවන්ගේ භාරකරුවන්ට. නමුත් කුමන හෝ ආකාරයකට දැන් මේ සිදුවීම සිදුවෙලා ඉවරයි.

ඒ සිදුවීම එක්කම තවත් සිද්ධියක් එළියට එනවා. ගායනයෙන් අපව පිනවූ අපි දන්නා කියන ගායකයෙක් වූ ප්‍රියා සූරියසේනගේ නිවෙසේ තාප්පය කඩාවැටීම සම්බන්ධයෙන්. ප්‍රියා සූරියසේනගේ නිවෙසේ තාප්පය කඩාවැටීම සිදුවෙන්නේ ඊට යාබදව පිහිටි ජනාධිපති ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයට. ජනාධිපති ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ තාප්පය කඩාවැටිලා එයින් තුවාල ලැබූ සිසුවෙක් රෝහල්ගත කර ඇති බව වාර්තා වෙනවා. මවුපියන් මෙහිදී ඍජුවම චෝදනා කරන්නේ තාප්පය කිසිදු ආරක්ෂිත ක්‍රමවේදයකට අනුව ඉදිකර නොමැති බවට.

මේ කාරණා දෙක ගැනම සැලකිලිමත් වුණාම ශ්‍රී ලංකාවේ නීතිය වෙන්නේ අනාරක්ෂිත ඉදිකිරීමක් නිසා යම්කිසිවකුට හානියක් සිදුවුණා නම් එහිදී බොහෝ විට වැරැදිකරුවා බවට පත්වෙන්නේ මේ අනාරක්ෂිත ඉදිකිරීම පවත්වාගෙන ගිය කෙනා. ඔබේ නිවෙසේ තාප්පය තව කෙනකුගේ හිස මත කඩාවැටෙන්නට බැහැ. ඔබේ වත්තේ තියෙන ගහක් කිසිසේත්ම අපේක්ෂා කළ නොහැකි සිදුවීමක් මත කඩාවැටෙනවා මිස, වෙන ආකාරයකින් සිද්ධ වෙනවා නම් අනතුරුදායක බව පෙනි පෙනී තිබුණා නම්, යම් අනාරක්ෂිත බවක් දැනී ඊට පිළියම් නොයෙදුවා නම් ඒ සම්බන්ධව වගකීම ඔබ දැරිය යුතුයි. ඒ නිසා ඔබ විශේෂයෙන්ම හිතන්න ඕනේ ඔබ සතුව තිබෙන අනාරක්ෂිත දේවල් සම්බන්ධව.

සමිතා සමන්මලී එදිරිව බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව නඩුවේදී මේ සිද්ධිය සම්බන්ධයෙන් ඉතා හොඳ තීන්දුවක් ලැබිලා තිබුණා. එහිදී බණ්ඩාරනායක සම්න්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පාර්ශ්වයට සිද්ධ වෙනවා සමිතාට විශාල මුදලක් ගෙවන්න. එහිදී සමිතා සමන්මලී අදාළ ඉදිකිරීම යටට යන්නේ වැහි වෙලාවක. ඈ එහි අනාරක්ෂිත බව නොදැනයි එයට යන්නේ. ඒ වෙලාවේ ඒ ඉදිකිරීම ඇගේ සිරුර මතට කඩාගෙන වැටෙනවා.

ඇගේ ඉණෙන් පහළ අප්‍රාණික වෙනවා. මේ සියල්ලම සිද්ධ වෙන්නේ කිසිම ආකාරයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ අනුදැනුමකින් තොරවයි. ඔවුන් එහි වගකීම භාරගත යුතුයි කියලා බැලු බැල්මට අපට පේන්නේ නෑ. නමුත් අවසාන වශයෙන් තීන්දුව ලැබෙන්නේ මේ ඉදිකිරීම අනාරක්ෂිතයි නම් එය වහා ඉවත් කළ යුතුව තිබුණා කියලා. යම් කිසිවෙක්ට ඒ තුළට යෑමට හෝ එය පරිහරණය කිරීමට හිතෙන ආකාරයෙන් පවත්වාගෙන නොයා යුතුයි කියලා. යම් විදියකට එය පවත්වාගෙන යනවා නම් ඉන් සිදුවන හානිය, රිදුම, වේදනාව, යම් පාර්ශ්වයක් විසින් විඳින විට එහි වගකීම භාරගන්න සිදුවෙන්නේ අදාළ ඉදිකිරීමේ හිමිකරුවාටයි.

කාලගුණය ඉතා නරක අතට හැරිලා තියෙන්නේ. අනාරක්ෂිත ඉදිකිරීම් නොවුණත් ඒවා අනාරක්ෂිත ඉදිකිරීම් බවට පත්වෙමින් තිබෙනවා. ආරක්ෂිතව තියෙන තැනුත් කඩාවැටෙන්නට මේ මහ පොළොව දැන් තෙතබරිත වෙලයි තියෙන්නේ. ඒ නිසා වඩා සැලකිලිමත් විය යුතුයි ආරක්ෂාව ගැන. අපි දැක්කා පහුගිය දවසක එක්තරා ගුරුවරයෙක් හදිසියේ මියයනවා දිවුලපිටියේදී, ඒ, ඔහු ගමන් කළ යතුරුපැදිය මුහුණ දීපු අනතුරක් හේතුවෙන්. මේ අනතුරට හේතුවත් සමහර විට මේ මහ වැස්ස වෙන්න පුළුවන්. මහ වැස්සට මහ පොළොව වෙනස් වෙලයි තියෙන්නේ.

ඒ ගැන අවධානය යොමු නොකරන එක සමහර වෙලාවට ඇත්තටම ලොකු ප්‍රශ්නයක්. මවුපියන්ට, වැඩිහිටියන්ට, ගුරුවරුන්ට විශාල වගකීමක් තියෙනවා පවතින තත්ත්වය නිසි ආකාරයෙන් අවබෝධ කරගෙන එහි ගැටුම්කාරී තැන් තේරුම් බේරුම් කරගෙන ඒවාට මැදිහත් වෙන්න, ඒවාට උදව් කරන්නට, ඒවා වෙනුවෙන් පෙනී සිටින්නට සහ තමන්ගේ ආරක්ෂාව තහවුරු කරගන්නට. ආදරණීය දුවේ අපි ඔබ වෙනුවෙන් කනගාටු වෙනවා. මේ සිද්ධ වෙච්ච විපත යළි කිසිදා කිසිවකුට සිදු නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. නමුත් එහෙම දෙයක් සිද්ධ වෙලා තියෙන බව අපිට ඔබට කියන්න සිද්ධ වෙනවා.

මේ කොටස මේ ලිපියට පස්සෙ අමුණන්න තීරණය කළේ ලක්ෂ වාරයක් හිතලා. නොලියන්න හේතු ඕනෑ තරම් තිබුණත් කොහොම හරි ලියන්න හිතුවෙ අපේ රටේ ඉන්න හැම දරුවෙක්ම වෙනුවෙන්. පින් සිද්ධ වෙයි දරුවො ගැවසෙන තැන්වල තියෙන අනාරක්ෂිත දේවල් අයින් කරලා දාන්න. එක දවසක් අරගෙන ටිකක් හොයලා බලන්න. හැම වැඩිහිටියෙක්ම මේ වැඩේ කළොත් පැය විසිහතරක් හොඳටම ඇති. මොකද, දෙයක් වෙනකල් ඉඳලා වැඩක් නෑ. දෙයක් උනාට පස්සෙ හොයලා කියලා ගහලා කරලා වැඩක් නෑ.

මේ අනතුර සිදුවෙච්ච පාසලේ විදුහල්පතිට කිසියම් පිරිසක් පහර දීලා තිබුණා. ගැහුවට කමක් නෑ මෙන්න මේ දේ වෙනවා නම්. එයාට ගැහුවට පස්සෙ අපිව දාලා ගියපු පුංචි කෙල්ලට පණ එනවා නම්. එහෙම පණ එන්න කාට හරි ගහන්න ඕනෙ නම්, මම එන්නම් ගුටි කන්න. තව මේ රටේ මිනිස්සු ලක්ෂ ගානක් එයි, විදුහල්පතිත් එයි, ආචාර මණ්ඩලේම එයි. ඒත් එහෙම ගහලා මේ වරද නිවැරදි කරන්න බෑ.

ආයෙ ඒ පැංචි ඉස්කෝලෙ පුරා දුවන්නෙ නෑ. මේ ලෝකෙ ගෙදරින් පස්සෙ තියෙන ආරක්ෂිතම තැන පාසල නිසා ඇගේ හිතේ බය බින්දුවක්වත් තියෙන්න නැතුව ඇති. ඒ නිසයි එයාලා දුවන්න ඇත්තෙ. ඒ පුංචි හිත් දන්නෙ මුළු ලෝකෙම එයාලව ආරක්ෂා කරනවා කියලා. මේ ටැප් එක හදපු තක්කඩියා කොහෙ හරි ඉඳලා බලාගෙන ඇති. මේ වැඩේ මේ තරම් අපිළිවෙළට කරපු උඹට මේකෙන් ලැබුණු ලාබෙ කොච්චරද? ඒ ගානට වඩා මේ දරුපැටියා පොඩිද?

තවත් මේ වගේ ඒවා කරන මහත්තුරු ඇති. මැරෙනකල්ම අමතක නොවෙන ශාප වදින දේවල් කරන්න එපා. පින් සිද්ධ වෙයි මිනිස්සු වෙනුවෙන් දෙයක් කරනවා නම් හරියට කරන්න. මේ ලිපියේදී මට පුළුවන් පුංචි සමනලිය වෙනුවෙන් ඔබව අඬවන්න. ඒත් මම හිතන්නෙ ඊට වැඩිය සමාජ වගකීමක් තියෙනවා ඔබට කියන්න.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

‘අමූලික බොරු!’ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී එල්ල කළ චෝදනාවලට ජනාධිපති නීතීඥ සාලිය පීරිස් වහාම ‌උත්තර දෙයි! මෙන්න දීපු උත්තරේ! I Sri Lanka Latest News

Next Post

අලි ඔලු සහ අතපය නැති මිනිස්සු තැන්තැන්වලින් මතුවෙන ආශ්චර්යය I Sri Lanka Latest News

MORE NEWS

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News
Exclusive

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

Load More
මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

ඉතිහාසයේ පළමු වතාවට ජපානයේ උත්සුනොමියා (Utsunomiya) නගරයේ වලසෙකු සැරිසරනු දැකීම හේතුවෙන්, නගර සභාව මඟින් පාලනය වන සියලුම ප්‍රාථමික සහ කනිෂ්ඨ...

Read more
අනුරටත් නොතීසි යවන්න ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

අගවිනිසුරු ඇතුළු උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහිව කරුණු පැහැදිලි කරමින් කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය ජනාධිපතිට යවපු දීර්ඝ ලිපිය මෙන්න! I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.