මෙවර ප්‍රධාන මැයි රැලි තුනේදීම එක්තරා පොදු කාරණාවක් දැකගන්නට ලැබිණි.
ඒ, අන් කිසිවක් නොව එජාප මැයි රැලියේදීත්, පොහොට්ටුවේ මැයි රැලියේදීත්, ජවිපෙ මැයි රැලියේදීත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රහාර එල්ල කිරීම සඳහා රනිලුත්-මහින්දත්-අනුරත් වැඩි කාලවේලාවක් වෙන්කොට තිබීමය.
එසේ රනිලුත්, මහින්දත්, අනුරත් සිය මැයි දින වේදිකාවලදී දිගින් දිගටම සජිත්ට පහරදීමට හේතුව කුමක්ද යන්න පිළිබඳ අප මෙහිදී අමුතුවෙන් සඳහන් කරන්නේ නැත.
එය වටහා ගැනීම පාඨකයන් සතු කාරණාවකි. නමුත් සිය මැයි දින කතාවේදී සජිත් නම් කිසිවකුටත් පහර එල්ල කරන්නට ගියේ නැත. ඒ වෙනුවට සජිත් කළේ රට ගොඩනගන සැලැස්ම ජනතාව හමුවේ තැබීමට පියවර ගැනීමය.
පහත දැක්වෙන්නේ මාලිමා මැයි වේදිකාවේදී ජවිපෙ ප්‍රධානීන් සියලුම දෙනා සිය කතාව අතරතුරදී විපක්ෂනායක සජිත්ට සහ සජබයට ප්‍රහාර එල්ල කිරීම සදහා විශාල කාලවේලාවක් වෙන් කර තිබූ අයුරුය.
Sri Lanka Latest News