• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඒරොප්පෙන් ඇවිත් රුපියල් හොයන අරුම පුදුම සුද්දෝ…

January 10, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
ඒරොප්පෙන් ඇවිත් රුපියල් හොයන අරුම පුදුම සුද්දෝ…
Share on WhatsAppShare on Facebook

බොහෝ කාලයක සිට අපේ රටට තිබුණු ප්‍රශ්නයකට විසඳුමක් හොයන්න අපි බලාපොරොත්තු තබමින් හිටියේ විදේශිකයන් ශ්‍රී ලංකාවට පැමිණෙන තුරු. ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණියාට පස්සේ සංචාරක කර්මාන්තය යළි අළු මතින් නැගිටින බවට අපට බලාපොරොත්තුවක් තිබුණා. මේ බලාපොරොත්තුව සේයා මාත්‍ර දල්වාලමින් විදේශිකයන් යම් තරමකට ශ්‍රී ලංකාවට පැමිණෙන්නට පටන් ගත්තා. සංචාරකයන් ශ්‍රී ලංකාවට පැමිණීමත් එක්ක යම් ආකාරයකින් මේ ආර්ථික ආහේනියෙන් ගොඩ එන්න අපට හැකි යැයි අපි හැමෝ ගාවම ඇත්ත වශයෙන්ම බලාපොරොත්තු තිබුණා. අපි හිතාගෙන හිටියේ ඩොලර් සංචිත අහවර වීමෙන් ඇතිවුණු ප්‍රශ්නයට විදේශිකයන් ඩොලර් රැගෙන පැමිණියාට පස්සේ උත්තරයක් ලැබේවි කියලා. ඇත්තටම ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණියේ ඩොලර් රැගෙන. බොහෝ රටවල විදෙස් මුදල් ශ්‍රී ලංකාවේදී හුවමාරු කරන්න බැරි වීමත් එක්ක අපි හිතාගෙන හිටියා ඔවුන්ගේ ඩොලර්වලින් ගොඩ යන්න පුළුවන් කියලා. මේ කතන්දරය බොරුවක් නෙවෙයි. මේක හිතළුවක් නෙවෙයි. මේ බලාපොරොත්තුව ඇත්තක්. ඇත්තටම අපට ඩොලර්වලින් ගොඩ යන්න පුළුවන්. ඒක තමයි අපට තියෙන බලාපොරොත්තුව.

අපි වගේ පුංචි රටවල් ලෝකෙ බොහෝ විට දියුණු කරගන්නේ සංචාරක කර්මාන්තයේ පිහිටෙන්. නමුත් අද අපට වෙලා තියෙන්නේ මොකක්ද? සංචාරක කර්මාන්තය අපේ රටේ මිනිස්සුන්ගේ ජීවිතවලට අලුත් පණක් ලබාදෙන බව ඇත්ත. සංචාරක කර්මාන්තය වැටිලා තියෙන තැනින් යම් හෙයකින් නැගිටපු බවත් ඇත්ත. අපට සංචාරක කර්මාන්තය ගැන යම් තරමකට බලාපොරොත්තු තියන්න පුළුවන් කියන එකත් ඇත්ත. ඒත් මේ වෙලා තියෙන්නේ ලංකාවට එන සුද්දෝ කවුද කියන එක ගැන දෙපාරක් හිතන්න. ඒකට හේතුව සංචාරකයන් යම් කිසි රටකට ආවට පස්සේ සිද්ධ වෙන ප්‍රධාන කාරණය තමයි ඔවුන් රැගෙන එන මුදල් ඒ රට තුළ වියදම් කිරීම. එම වියදම් කිරීම හරහා අදාළ රටට ලැබෙන ආදායම තමයි ඒ රටට සිදුවෙන වාසිය විදියට සැලකෙන්නේ. ඒත් දැන් වෙලා තියෙන්නේ ඒකෙ සම්පූර්ණයෙන් වෙන පැත්තකට හැරීමක්. ලංකාවට සුද්දෝ එනවා. ඒක ඇත්ත. ඒත් ඒ එන්නේ මොන වගේ සුද්දොද? මොන වගේ සුද්දොද කියන ප්‍රශ්නෙ එක එක්කෙනා එක එක උත්තර දෙන නිසා අපට නිවැරැදි නිගමනයකට එන්න බෑ. නමුත් ලංකාවට එන සුද්දෝ බොහෝ දෙනෙක් සුද්දන්නට වඩා වෙන මොක්කුද කියලා හිතෙන තැනට පත්වෙලා තියෙනවා. ඒගොල්ලෝ චූන් පාන් කාලා, රෑට කොහේ හරි පුංචි කඩේකින් කොත්තුවක් කාලා, එළවළු රොටියක්, වඩයක් කාලා ප්ලේන්ටියක් බීලා අපේ රටේ ඩොලර් වියදම් කරනවා වෙනුවට, අපේ රටේ බැංකු කඩලා ආපහු යන තැනට පත්වෙලා නම් දැන් අපට සුද්දො එන එක උත්තරේකට වඩා ප්‍රශ්නයක් වෙලා කියලයි හිතෙන්නේ. පහුගිය දවස් කිහිපයේම මේ වගේ සිද්ධීන් වාර්තා වුණා. විශ්වාස කරන්න බැරි විදියේ සිද්ධීන්. සමහර සිද්ධි අදහා ගන්නවත් බෑ. ඇත්තටම අපි කියන්නේ එයා සුද්දා වගේ වැඩ කියලා. ඒ කියන්නේ පිරිසිදුවට වැඩ කරන මිනිස්සුන්ට අපි කියන්නේ සුද්දා වගේ වැඩ කියලා. එහෙම නැත්නම් අවංකව වැඩ කරන අයටත් අපි කියන්නේ සුද්දා වගේ වැඩ කියලා. හැබැයි මේ සුද්දා නම් ක්ලීන් එකට නෙවෙයි, පට්ට ගේම් එකකට සූදානම් වෙලා ලංකාවට ආපු එවුන් කියලා දැන් තමයි තේරෙන්නේ.

ඇත්තටම විදේශිකයෝ ලංකාවට ඇවිල්ලා මේ වගේ මුදල් එක්ක සෙල්ලම් දාපු අවස්ථා කිහිපයක් අපට හමුවෙලා තියෙනවා. ඒ තමයි නයිජීරියානු ජාතිකයෝ ලංකාවට ඇවිල්ලා මූල්‍ය වංචා කරපු අවස්ථා. ඒ වගේම චීන, කොරියන්, අග්නිදිග ආසියාතිකයන් ලංකාවට ඇවිල්ලා මූල්‍ය වංචා කරපු අවස්ථා කිහිපයකුත් අපට අහන්න ලැබුණා. ඒ වගේම තමයි මුදල් තෑගි දිනූ බව කියලා, ඒ අයට මුදල් ලබාදෙන බව කියලා දාපු සෙල්ලමුත් ලංකාවේ තිබුණා. හැබැයි මේ සෙල්ලම් දෙක තුනම අපේ ආරක්ෂක අංශ විසින් වටලලා අත්අඩංගුවට අරගෙන ඔවුන්ට දඬුවම් කරන්න පුළුවන් වුණා. ඒත් දැන් වෙන්නේ නම් වෙනස්ම වැඩක්. සුද්දෝ ඇවිල්ලා ඒ.ටී.එම්. කඩනවා. ඔවුන් මේ ඒ.ටී.එම්. යන්ත්‍ර කඩන්නේ උපක්‍රමශීලීව සහ තාක්ෂණික ක්‍රමවලින්. ඒ.ටී.එම්. යන්ත්‍රවල මුදල් තියෙන බව පෙන්වනවා, නමුත් මුදල් අරගෙන. මේ වගේ වංචාවක් මීට කලින් සිද්ධ වුණා. ඒ, ඒ.ටී.එම්. යන්ත්‍ර කැඩීමක් නෙවෙයි. ඔවුන් කරලා තිබුණේ ඒ.ටී.එම්. කාඩ්වලින් වංචනික ලෙස මුදල් ලබාගැනීමයි. ඒක කළෙත් සුද්දෝ. සුද්දෝ ඒක කරපු නිසා ඒ වැඩේ ටිකක් ජෙනුයින් වැඩක් වගේ දැනුණා. අපි හිතුවා කමක් නෑ, සුද්දොනෙ කරන්නේ කියලා. ඒත් දැන් මේක සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට හැරිලා. වෙන විදියකට කියනවා නම් උඩු යටිකුරු වෙලා.

පසුගිය 30 වැනිදා උදේ හික්කඩුව, ගාල්ල සහ බද්දේගම මහජන බැංකුවල ඒ.ටී.එම්. යන්ත්‍රවල, පරිගණක පද්ධතිය බිඳලා රුපියල් කෝටි ගණනක් මුදල් කොල්ල කෑ විදේශිකයන් පිරිසක් සම්බන්ධව පොලිසිය විමර්ශන කටයුතු ආරම්භ කළා. මෙම ඒ.ටී.එම්. යන්ත්‍ර තුනෙන් රුපියල් හතළිස්හය ලක්ෂ අසූදහසක් (46,80,000), රුපියල් දෙලක්ෂ හැත්තෑ පන්දහසක් (2,75,000), සහ රුපියල් පනස්හත් ලක්ෂයක් ( 5700,000) මෙසේ කොල්ල කා තිබුණා. මේ සම්බන්ධව පැමිණිලි පොලිසි වෙත ලැබී තිබුණු අතර ඒ ඔස්සේ විමර්ශනය කරගෙන යන නිලධාරීන්ට මූලිවක පෙනීගොස් තියෙන්නෙ තිස් වනිදා අලුයම් කාලයේ එම ඒ.ටී.එම්. යන්ත්‍ර පිහිටි ස්ථානවලට ඇතුළු වන විදේශිකයන් කණ්ඩායමක් යන්ත්‍රයේ ඇති සී.සී.ටී.වී. කැමරාවට ස්ටිකරයක් වැනි යමක් අලවා ආවරණය කර ඒ.ටී.එම්. යන්ත්‍ර පද්ධතියේ ඇති පරිගණක මෘදුකාංග පද්ධතියට අනවසරයෙන් ඇතුළුවී එහි දත්ත වෙනස් කර මෙම මුදල් සොරාගෙන ඇති බවකි.

විශේෂත්වය වෙන්නෙ මෙම නගර තුනේම ඒ.ටී.එම්. යන්ත්‍ර කොල්ලකා ඇත්තේ එකම ආකාරයට වීම. මේ විදේශීය කොල්ල කණ්ඩායම එකම පිරිසක් බවට පොලිසිය සැක කරනවා.

මීට දවස් කිහිපයකට පෙර නාරාහේන්පිට රාජ්‍ය බැංකුවක ඒ.ටී.එම්. යන්ත්‍රයට හානි සිදුකර මුදල් ලබාගැනීමට උත්සාහ කරන විදේශිකයන් දෙදෙනෙක් ගැනත් හෙළි වුණා. ඔවුන් මේ කොල්ලය සඳහා තාක්ෂණය භාවිත කර ඇති බවත් ඒ.ටී.එම්. යන්ත්‍ර හා සම්බන්ධ පරිගණක දත්ත පද්ධතියට ඇතුළු වී’මෙම කොල්ලය’ සිදුකර ඇති බවත් දැනගන්න ලැබුණා.

මේ සුද්දො දෙන්නා මුලින් හික්කඩුවෙ බැංකුව කොල්ලකාලා තිබුණේ අලුයම 1.30ට පමණය. එහි තිබූ සී.සී.ටී.වී කැමරාව වසාදමා රුපියල් හතළිස් හයලක්ෂ අසූදහසක මුදලක් පැහැරගෙන, ඉන් පස්සෙ ගාල්ල කරාපිටිය නගරයේ පිහිටි මහජන බැංකු’ඒ.ටී.එම්. යන්ත්‍රය වෙත එනවා. ඒ, අලුයම 3.22ට. මේ බැංකුවෙන් ඔවුන් රුපියල් දෙලක්ෂ හැත්තෑපන් දාහක මුදලක් ගන්නවා. එහි සිටි ආරක්ෂක නිලධාරියාට මේ සම්බන්ධයෙන් ඇති වූ සැකය මත ඒ.ටී.එම්. කුටිය පරීක්ෂා කර බැලීමේදී’ ආරක්ෂක කුටියේ තිබූ සී.සී.ටී.වී. කැමරා පද්ධතිය කළු පැහැති කවර යොදා ආවරණය කර ඇති බවයි ඔහු දැක ඇත්තේ. කොහොම නමුත් මේ දෙන්නා බද්දේගම නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවට අයත් ඒ.ටී.එම්. යන්ත්‍රය ඇති කුටිය වෙත ඇවිල්ලා තියෙන්නෙ අලුයම 4.00ට විතර. එතැනදී රුපියල් ලක්ෂ 57ක මුදලක් ඔවුන් විසින් හොරකම් කරනවා. මේ කිසිම ඒ.ටී.එම්. යන්ත්‍රයකට විදේශිකයන්ගෙ පැමිණීම සැකකටයුතු නෑ. මොකද මේවා ඔවුන් නිතරම වගේ ගැවසෙන ස්ථාන නිසා. විශේෂයෙන්ම අපි හිතන්නෙ ‘සුද්දොනෙ…’ කියලනෙ. ඒත් දැන් තමයි තේරෙන්නෙ සුද්දො ඔක්කොටම හපන් කියලා.



ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

විශ්වවිද්‍යාල ඇතුළෙත් හොර මගඩි! ඌව වෙල්ලස්සේ ලොකුම ගේම් ටිකක් එළියට එයි! වියතුන් මෙහෙව් ‌කරන රටේ අනෙකුන් කොහොම කරයිද?

Next Post

දූෂණය නැති කරන එක ගැන ජවිපෙ මහා ලොකුවට කතා කළාට ඒක කරන්න පුලුවන් මිනිස්සු ජවිපෙ නෑ! ඕවා කියන අයගෙ පහුගිය පැටිකිරිය බලන්න ඕනේ! කරපු කෙරුවාවල් බලන්න! එහෙම බැලුවාම ඒකෙ කවුරුත් නෑ! ෆීල්ඩ් මාෂල් ජවිපෙට එකතු වෙනවා කියලා කියපු එවුන්ට ෆොන්සේකා සජබ ගම්පහ සටන අරඹමින් කන හරහාම ෂොට් එක දෙයි! (VIDEO)

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.