සත්ව හිංසනය යනුවෙන් හඳුන්වන්නේ මිනිසකු විසින් මිනිස් නොවන සත්වයකු කෙරෙහි වූ හිංසනය හා වේදනා නොසලකාහැරීමත්, එවැන්නකට අනුබල දීමත්ය. පුළුල්ව සිතාබැලීමේදී කිසියම් අරමුණක් සහිතව සතුන්ට හිංසා කිරීම මෙයින් අර්ථවත් කෙරෙන අතර, එය කාණ්ඩ ගණනාවක් පුරා විහිදෙන ඉතා පුළුල් විෂයකි. එනම් මූලික තත්ත්වයෙන් ඇති සතුන්ට හිරිහැර කිරීමේ සිට විනෝදයට සතුන් මැරීම දක්වා ක්ෂේත්‍රයන් ගණනාවකට මෙම සත්ව හිංසනය නමැති අපරාධය ගොනුකර ඇත. ලොව පුරා ඇති මානව අධිකරණයන්හි සත්ව හිංසනය පිළිබඳ නීතිරීතිවලට විවිධ වූ ප්‍රවේශයන් දක්නට ලැබෙයි. මේ අනුව සත්ව හිංසනය පිළිබඳ සංකල්පීය ප්‍රවේශයන් ගණනාවක්ම ඇති බව පැහැදිලිවම පෙනෙයි. මේ නිසා දැනට දශක ගණනාවක සිට මෙම විෂය ලොව පුරා මහත් උනන්දුවකින් කතාබස් කරනු ලබන අතර එය ආශ්‍රිතව සිදුකෙරෙන විවිධ ක්‍රියාකාරකම්ද බොහෝය. මෙම සත්ව හිංසනය යන්න තවත් අර්ථකථනයන් කිහිපයක් හරහාද ඉදිරිපත් වන ඉතා පුළුල් වූ විෂයකි.
මෙම අර්ථකථනයන් කුමක්දැයි සොයා බලමු. සත්ව හිංසනය යන්න ඉංග්‍රීසි බසින් Animal Cruelty ලෙසින් හඳුන්වනු ලබන අතර මෙහි විරුද්ධාර්ථ පදය ලෙසින් හඳුන්වනු ලබන්නේ ‘සත්ව විමුක්තිය’ යන්නය. එය Animal Liberation ලෙසින් ඉංග්‍රීසි බසින් හඳුන්වනු ලබයි. මෙයට සමාන තවත් වදනක් වන්නේ සත්ව සුබසාධනය නොහොත් ඉංග්‍රීසි බසින් Animal Welfare යන වදනයි. එසේම තවත් සමාන වදනක් වන්නේ සත්ව අවිහිංසාව නොහොත් Animal Non-Violence යන්නය. කෙසේ හෝ මේ සියල්ල එකම විෂයක් යටතට ගැනෙන වචන සමුදායකි. පිළිවෙළින් මෙම වචන හතර සිංහල බසින් ශබ්ද නැගෙන්නේ ‘ඇනිමල් කෲවල්ටි’, ‘ඇනිමල් ලිබරේෂන්’, ‘ඇනිමල් වෙල්ෆෙයාර්’ සහ ‘ඇනිමල් නන් වයලන්ස්’ යන ආකාරයටය. දැන් ඔබට මෙම විෂයේ හඳුන්වාදීම් හොඳින්ම පැහැදිලි වනවා ඇතැයි සිතමි.
ලෝකයේ පිළිගත් අර්ථකථනයන්ට අනුව සත්ව හිංසාව ප්‍රධාන කොටස් දෙකකට බෙදා දැක්වෙයි. එනම් එය ක්‍රියාකාරී සහ උදාසීන ලෙස දක්වා ඇත. උදාසීන යන්නෙන් අර්ථ නිරූපණය කරනු ලබන්නේ නොසලකා හැරීමයි. එනම් පියවරක් ගත යුතුව තිබියදී එසේ නොකොට නොසලකා හැරීම යන කෲරත්වයයි. අනෙක් කොටස වන ක්‍රියාකාරී යන්නෙන් අර්ථ දැක්වෙන්නේ සිතාමතාම සතුන්ට සිදුකරනු ලබන කෲරත්වයයි. කෙසේ හෝ මෙම ප්‍රධාන කොටස් දෙක යටතේ සැලකිල්ලට ගැනෙන තවත් ප්‍රභේද ගණනාවක්ම මෙම සුවිශේෂ විෂය යටතේ පැහැදිලි කර ඇත. එනම් සමාජයේදී සතුන් උදෙසා මිනිසුන් විසින් සිදුකරනු ලබන විවිධ ක්‍රියාවලීන් ඒ යටතේ දක්වා ඇත. එහිදී සතුන් හිංසාවට ලක්වන එම ප්‍රභේදයන් මෙලෙස වඩාත් පැහැදිලි කර ඇත. ඒවා මෙසේ ගෙනහැර දැක්විය හැකිය.
කර්මාන්ත සත්ව පාලනය – කර්මාන්ත ශාලා සත්ව ගොවිපළවල් ලෙස මේවා හැඳින්වෙයි. මෙම ගොවිපළවල බොහෝ විට සතුන් තබාගැනීමේදී එම සතුන්ගේ සුබසාධනය කෙරෙහි ඍණ දායකත්වයක් දක්වන හෙයින් සතුන්ගේ හිංසනය සිදුවෙයි. මෙය ඉතා පුළුල් පරාසයක තිබෙන සත්ව කෲරත්වයක් ලෙස පෙන්වා දෙයි.
සාම්ප්‍රදායික සංස්කෘතික චාරිත්‍ර විධි – ශ්‍රී ලංකාව ඇතුළු ලෝකයේ බොහෝ රටවලදී පැරැණි සංස්කෘතික චාරිත්‍ර ඉටුකිරීම උදෙසා විවිධ සත්ව වර්ග භාවිත කරති. මෙහිදී සත්වයන් නොයෙකුත් ආකාරයෙන් හිංසනයන්ට ලක්වෙයි.
චිත්‍රපට, රූපවාහිනී සහ සර්කස් සඳහා සතුන් යෙදවීම – මෙය ලෝකයේ රටවල බහුලව සිදුකෙරෙන සත්ව හිංසනයක් ලෙස අර්ථ දක්වා ඇත. එහිදී මිනිසුන් තම ක්‍රියාවලීන් සාර්ථක කරගැනීම සඳහා සතුන්ට නොයෙක් වධ හිංසා පැමිණවීම සිදුකරයි.
යුදමය කටයුතු සඳහා සතුන් භාවිත කිරීම – මෙය ලෝකයේ අතීතයේ සිට මේ දක්වාම සිදුකෙරෙන සත්ව හිංසනයකි. මෙහිදී ප්‍රධාන වශයෙන් අශ්වයන් සහ සුනඛයන් වැනි සතුන් යොදාගැනීම සිදුකෙරෙයි.
සාම්ප්‍රදායික ගව පොර වැනි ක්‍රීඩා සඳහා සතුන් යෙදවීම – මෙහිදී විශාල ගවයන් සඳහා අධික ලෙස පීඩා කිරීම නිසා සත්ව හිංසයක් ප්‍රබල ලෙස සිදුවෙයි.
මානව ප්‍රචණ්ඩත්වය සහ මානසික ආබාධවලදී හිංසනය – එනම් මිනිසුන්ගේ මනෝ ව්‍යාධි ආබාධ හේතුවෙන් සතුන්ට පහරදීම සහ වෙනත් ප්‍රචණ්ඩත්වයන් සිදුකිරීම මින් අර්ථවත් වෙයි. මෙහිදී පහරදීම්වල සිට සතුන් නිකරුණේ ඝාතනය කිරීම දක්වා කරුණු අන්තර්ගත වෙයි. මෙය මිනිසුන්ගේ චිත්තවේගීය තත්ත්වයන් නිසා සිදුවෙයි.
සතුන් සමග ලිංගික හැසිරීම සහ සතුන් විවිධ ලිංගික අපයෝජනයන්ට පත්කිරීම – ලෝක අර්ථකථනයන්ට අනුව දක්වා ඇති මෙම හිංසන ප්‍රභේදයද අති සුවිශේෂ සත්ව අපරාධයක් ලෙස ගැනෙයි. මෙයද අතීතයේ සිටම මේ දක්වා මානව සමාජය තුළ සිදුවන ප්‍රබලතම සත්ව හිංසනයකි.
මෙම අපරාධ බොහෝ විට සිදුවනු ලබන්නේ මිනිසුන්ගේ මනෝ චිකිත්සක සහ චිත්තවේගීය ආබාධයන් නිසා යැයි අර්ථ දක්වා ඇත. පැහැදිලි නිරවුල් සහ පිරිසිදු මනසක් ඇති මිනිසකු මෙවැනි අස්වාභාවික ක්‍රියාවලීන් සඳහා යොමු නොවන අතර, මනෝ ව්‍යාධි පෞරුෂ ආබාධ ඇති පුද්ගලයන් (පිරිමි සහ ගැහැනු) පමණක් මෙවැනි අපරාධ සඳහා යොමුවන බව අර්ථ දක්වා ඇත. කෙසේ හෝ මෙම ප්‍රභේදය ඉතා පුළුල්ව අර්ථකථනය කර ඇත්තකි.
දැන් ඔබට මෙම සංකීර්ණ සහ බැරෑරුම් විෂය ගැන යම් අවබෝධයක් ඇතැයි සිතමි. ඔබට මම වගතුග මෙලෙස ලියා තබන්නට හේතු වූයේ ඇයි? එය නම් මෙයට දින කිහිපයකට පෙරදී සිදුවූ එක්තරා සුවිශේෂ ආන්දෝලනාත්මක සිදුවීමකි. අද මෙරට මිනිසුන් මහා ආර්ථික අගාධයක වැටී බොහෝ දුක්ඛිතව සිටින මොහොතකදී මෙවැනි වගතුගද අසන්නට ලැබීම එක්තරා ශෝචනීය තත්ත්වයකි. මෙම කතාව අද පොදු සමාජය මහත් කැලඹීමකට පත්කර ඇත. මෙයට දින කිහිපයකට පෙර අපට අසන්නට ලැබුණේ ශ්‍රී ලංකාවේ ප්‍රකට නමක් ඇති පුද්ගලයකු ආශ්‍රය කරගත් කතාවකි. ඔහු නම්, ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන උපදේශවරයකු වන මහාචාර්ය ආශු මාරසිංහය. ඔහු ශ්‍රී ලංකාවේ සිටින බොහෝ විද්වත් පුද්ගලයකු වන අතර ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු උපදේශක ධුරයද දැරීය. එහෙත් මෙයට දින කිහිපයකට ඉහතදී ඔහු එම තනතුරෙන් හදිසියෙන්ම ඉල්ලා අස්වූයේ තමන්ගේ පෞද්ගලික හේතුවක් නිසා යැයි පවසමිනි. මෙලෙස ඔහු තම ධුරයෙන් අස්වී ගතවූයේ දින දෙකක් පමණි. විශාල ආන්දෝලනයක් රට පුරා ඇතිවන්නට ගත්තේය. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ තවත් කාන්තාවන් කිහිප දෙනකු විසින් හදිසියේම මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබිණි. එහිදී ඇය ප්‍රකාශයක් කරමින් කියා සිටියේ ආශු මාරසිංහට තමන්ගේ ජනාධිපති උපදේශක ධුරයෙන් ඉල්ලා අස්වන්නට සිදුවූයේ එක්තරා අසාමාන්‍ය ආකාරයේ සිදුවීමක් හේතුවෙන් නිසා බවය. එනම් ආශු මාරසිංහ සම්බන්ධ වීඩියෝවක් සමාජගත වීම නිසා යැයි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මාධ්‍ය වෙත කියා සිටියාය.
කෙසේ හෝ මෙම සිදුවීමට අදාළ සාක්ෂි රැසක් එම මාධ්‍ය හමුවේදී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් මාධ්‍යයට ඉදිරිපත් කර ඇත. එසේම ඒ වන විට ඉහත කී ආන්දෝලනාත්මක වීඩියෝව අන්තර්ජාලය තුළ විකාශය වෙමින් තිබිණි. ඒ අනුව තත්ත්වය මොහොතින් මොහොත බරපතළ වන්නට විය. වීඩියෝව අන්තර්ජාලයෙහි සැරිසරන්නට ගෙන පැය දෙක තුනක් ඇතුළත ආශු මාරසිංහ ජනාධිපති උපදේශක ධුරයෙන් ඉල්ලා අස්විය.
‘පුද්ගලයකු උසස් හෝ පහත් වනුයේ කුලයෙන් නොව ඔහු හෝ ඇය කරනු ලබන ක්‍රියාවන් අනුවය’ යනුවෙන් බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ මෙවැනි සිදුවීම් උදෙසාය. සැබෑ ලෙසම මෙලෙස අසන්නට ලැබුණු වගතුග ඉතා පිළිකුල්සහගතය. එය සත්‍යයක් නම් මුළු මහත් මානව සංහතියටම විලිලැජ්ජාවකි. මෙවැනි සිදුවීම් ලොව පුරා සිදුවන්නේ යැයි අප නොකියමු.
දැනට 51 වැනි වියෙහි පසුවන මොහු 2015 ශ්‍රී ලංකා මහ මැතිවරණයෙන් පසු එකල රජය පත් කරනු ලැබූ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකි. එවක පැවැති යහපාලන රජයට සම්බන්ධ එක්සත් ජාතික පෙරමුණ මගින් ඔහුගේ නම යෝජනා කරන ලදී. ඉතා උසස් විශ්වවිද්‍යාල අධ්‍යාපනයක් ලබා ඇති ආශු මාරසිංහ යනු පරිගණක ඉන්ජිනේරු විද්‍යාවේ විශේෂඥයකු වන අතර එම විෂයට අදාළව විශ්වවිද්‍යාල මහාචාර්යවරයකු ලෙසද කටයුතු කරයි. පසුගිය ශ්‍රී ලංකා ජන අරගල සමයේදී ඔහු තම ඉහත අනියම් බිරිය සහ පෙම්වතිය ලෙස සැලකෙන ආදර්ශා කරඳන නමැත්තිය සමග එම අරගලවලට සහයෝගය ලබාදීමට ප්‍රබල ලෙස මැදිහත් වූවේය. ඔහු රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ ඉතා සමීප මිත්‍රයකුද වූ අතර කෙසේ හෝ රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයට සහ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව එම යුවල කිසිදු ජන අරගල සහභාගිත්වයකට සහයෝගය දැක්වූයේ නැත. ඉන් පසුව අවසානයේදී පසුගියදා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට පත්වූ පසුව ඔහුගේ උපදේශක ධුරයක් ආශු මාරසිංහ වෙත ලබාදුන්නේය. ආශු මාරසිංහ පසුගිය වසර ගණනාවක් පුරා පාර්ලිමේන්තුවේ විවිධ කමිටු 06ක පමණ සභාපතිත්වයද දරා ඇත. කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවකු වන ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් භෞතික විද්‍යාවට සහ ගණිතයට උපාධියක් හිමිකරගෙන ඇත. ඉන් පසුව ඔහු ජපානයේ ජාතික විශ්වවිද්‍යාල දෙකකින් ශාස්ත්‍රපති සහ දර්ශනවේදී උපාධි හිමිකරගෙන ඇති අතර පසුකාලීනව ජපානයේ විශ්වවිද්‍යාලවලද මහාචාර්යවරයකු ලෙස සේවය කර ඇත. කෙසේ හෝ අතිශය විද්වත් පරිචයක් ඔහුට හිමිව ඇති බව මේ අනුව පෙනී යයි.
කෙසේ හෝ මෙම ආන්දෝලනාත්මක සිදුවීම මහාචාර්ය ආශු මාරසිංහ විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහුගේ නීතිඥයා විසින්ද එය ප්‍රතික්ෂේප කරමින් නිවේදන නිකුත් කර ඇත. ආශු මාරසිංහ ප්‍රකාශ කර ඇත්තේ තමන්ගෙන් පුද්ගලික පලිගැනීමක් උදෙසා මෙම සිදුවීම නිර්මාණය කර ඇති බවයි. තමන් සමග එකට අඹුසැමියන් ලෙස කල් ගෙවූ ආදර්ශා කරඳන නමැති කාන්තාව තමන් සමග ඇතිකරගත් ව්‍යාපාරික අර්බුදයක් මත මෙම සිදුවීම නිර්මාණය කර ඇති බව ඔහු ප්‍රකාශ කර ඇත. තත්ත්වය එසේ වුවද බොහෝ පාර්ශ්ව ප්‍රකාශ කර ඇත්තේ අදාළ වීඩියෝ දර්ශන මගින් මෙම සිදුවීමේ සත්‍යතාව මනාව පැහැදිලි කරගත හැකි බවයි. කෙසේ හෝ දැන් මෙම දුර්ලභ සත්ව හිංසන සිදුවීම අධිකරණ ක්‍රියාමාර්ගයක් වෙතට පිවිසෙමින් අත. ඉදිරියේදී තවත් හොඳ හොඳ සෙල්ලම් බලාගැනීමට හැකි වනු ඇත. නීතිමය ආකාරයෙන් සත්ව හිමිකම් රැකීම සහ සත්ව හිංසනයට එරෙහිව නීතිමය ආකාරයෙන් කටයුතු කිරීම ඉතා ප්‍රබලව සිදුකරනු ලබන රටවල් 20ක් ප්‍රධාන වශයන් නම්කර ඇත. එනම් ජාත්‍යන්තර සත්ව හිමිකම් දර්ශකය (World Animal Rights Index) අනුව එහි ප්‍රධාන රටවල් 10ක් මෙසේ සඳහන් කළ හැකිය. මෙහිදී ප්‍රධානත්වය ගන්නේ යුරෝපයේ රටවල්ය.
- ලක්සම්බර්ග් රාජ්‍යය – දර්ශකය – 519.68
- එක්සත් රාජධානිය (එංගලන්තය) – දර්ශකය -506.36
- ඔස්ට්‍රියාව – දර්ශකය – 501.73
- චෙක් ජනරජය – දර්ශකය – 498.66
- බෙල්ජියම – දර්ශකය – 488.86
- ක්‍රොඒෂියාව – දර්ශකය – 488.36
- ස්වීඩනය – දර්ශකය – 478.10
- නෙදර්ලන්තය – දර්ශකය – 470.32
- බල්ගේරියාව – දර්ශකය – 464.66
- ස්විට්සර්ලන්තය – දර්ශකය – 463.18
විවිධ ප්‍රමිතීන් සහ අගැයීම් වර්ග 09ක් ආශ්‍රය කරගෙන ජාත්‍යන්තර සත්ව හිමිකම් දර්ශකය නිර්මාණය කර ඇත. එහිදී ප්‍රධාන වශයෙන්ම ඒ ඒ රටවලට අදාළ වන සත්ව හිංසන නීතිරීති මාලාවන් සහ ඒවාට අදාළ දඬුවම් ක්‍රමවේදයන්ද අවධානයට ගැනෙයි. එහිදී සෑම විටම ඉදිරියෙන් සිටින්නේ යුරෝපයේ රටවල් වන අතර ලෝකයේ ප්‍රධානතම බටහිර රටක් වන ඇමෙරිකාව සිටින්නේද ඉතා පහළ ස්ථානයකය. එනම් ඇමෙරිකාව සිටින්නේ 40 වැනි ස්ථානයේය. එයට හේතුව වන්නේ ඇමෙරිකාවේ සත්ව හිංසන නීතිරීති ප්‍රබල තත්ත්වයකට ගෙන ආවේ මෑත සමයකදී සිට වීම හේතුවෙනි. එහෙත් ඉහත යුරෝපා රටවල් 20ක් පමණ දශක ගණනාවක සිට ඉතා තදබල ලෙස සත්ව හිංසන නීතිරීති ක්‍රියාත්මක කරමින් ඇත. මෙම ජාත්‍යන්තර ප්‍රමිති ලැයිස්තුවේ ඉන්දියාව සිටින්නේ 35 වැනි ස්ථානයේ වන අතර, චීනය සිටින්නේ 66 වැනි ස්ථානයේය. එයට හේතුව වන්නේ චීනය යනු සාම්ප්‍රදායිකව කිසිදු සත්ව අවිහිංසාවක් හෝ සුබසාධනයක් අගය නොකරන රටක් වීමය. ලෝකයේ රටවල් රාශියක් අතරින් චීනය යනු සත්ව වර්ග රාශියකට හිංසනය සිදුකරන, එමෙන්ම සත්ව වාර්ග රාශියකගේ මස් මාංශ අනුභවයට ගනු ලබන රටකි. කොරෝනා වසංගතය ඇතුළු තවත් මාරක වසංගත ගණනාවක්ම ලොවට බිහි වූයේ චීනයෙන් වන අතර එම රෝගවලට හේතුවද විවිධ සත්ව මාංශ බව අනාවරණ වී අත.
කෙසේ හෝ මෙම සත්ව හිංසන විෂය පිටුවකින් හෝ දෙකකින් ලියා නිමකළ හැකි එකක් නොවේ. එය අතිශය සංකීර්ණ විෂයකි. ඉහත සඳහන් සතුන් සමග ලිංගිකව හැසිරීම උදෙසාද ලෝකයේ බෝහෝ රටවලදී මිනිසුන්ට එරෙහිව පමණුවනු ලැබූ දඬුවම් රාශියක් වෙයි. එහිදී සිර දඬුවම් සහ මුදලින් දඩ නියම කිරීමද කැපීපෙනෙයි. කෙසේ හෝ ශ්‍රී ලංකාව තුළද කාලයක සිට සත්ව හිංසන නීතිරීති ඉතා දැඩි ස්වරූපයක් නොගත් අතර, එහෙත් පසුගිය 2022 වසරේ මුලදී නව සත්ව හිංසන නීතිරීති පනතක් වත්මන් රජය විසින් පාර්ලිමේන්තුවේදී සම්මත කරනු ලැබුවේය. ඒ මගින් දැනට ලැබෙන දඬුවම් වඩාත් ප්‍රබල වනු ඇත. කෙසේ හෝ මේ ගතවන්නේ මිනිසුන් බල්ලන් වී, බල්ලන් මිනිසුන් වන යුගයකි.
ප්‍රියන්ත හෙට්ටිගේ