• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කාටද රිදුණේ කවුරුද හැඬුවේ දුම්රිය මොහොතක් නතර වුණේ… හිත හොඳ මිනිස්සු මේ ලෝකෙන් යන්න යනවා…

March 30, 2023
in Exclusive, News
Reading Time: 6 mins read
A A
කාටද රිදුණේ කවුරුද හැඬුවේ දුම්රිය මොහොතක් නතර වුණේ… හිත හොඳ මිනිස්සු මේ ලෝකෙන් යන්න යනවා…
Share on WhatsAppShare on Facebook

ජීවිතය හරි පුදුමාකාරයි. අපි නොහිතන වෙලාවට කුණාටු එනවා. සූදානම් වෙලා හිටියොත් ඒ කුණාටුවලින් බේරෙන්න අපට පුළුවන්. ජීවිතය කියන්නේ හරිම අවිනිශ්චිත ගමනක්. ක්ෂණයකින් අපේ ආදරණීයයන් අපිව හැරයන්න පුළුවන්. රවිඳු සහන් නමැති 25 හැවිරිදි කඩවසම් තරුණයකුට සිදුවූ එවැනි කනගාටුදායක සිදුවීමක් ගැනයි අද අපි ඔබට ඉදිරිපත් කරන්නේ.

රවිඳු සහන් පදිංචිව සිටියේ දෙහිවල ඇන්ඩර්සන් පෙදෙසේ පිහිටි නිවෙසක වන අතර, විදෙස් රැකියා ආයතනයක කළමනාකරුවකු ලෙස ඔහු සේවය කරමින් සිටියා. එසේම ඔහු පෞද්ගලික බැංකුවකද කලක් සේවය කර තිබුණා. කොළඹ තර්ස්ටන් විදුහලේ ආදි සිසුවකු වූ ඔහු පාසලේ සේම ගම් ප්‍රදේශයේද ඉතා ජනප්‍රිය තරුණයෙකි.

ඔහු පසුගිය සිකුරාදා (17) සවස දෙහිවල දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රියක ගැටී මියගොස් තිබුණේ නොසිතූ ආකාරයටය. සිය බිරිය සහ මිතුරකු සමග සාදයකට සහභාගි වීම සඳහා යෑමට සූදානමින් සිට ඇති රවිඳු, කුලී රථයක් ඇණවුම් කර ඇති බවත්, එම රථයේ රියැදුරු සමග දුරකතන සංවාදයක නිරතව සිටියදී අනපේක්ෂිත ලෙස දුම්රියේ ගැටී ඇති බවත් වාර්තා වුණා. දුම්රිය පීලි අතර ඇවිදිමින් සිය ජංගම දුරකතනය කනේ තබාගෙන වෙනත් අවධානයක සිට ඇති රවිඳු කළුතර සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක ගැටී ඇති අතර, එහිදී ඔහු බරපතළ තුවාල ලබා මියගියේය.

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක බන්දුල ජයසිංහ මහතා හදිසි මරණ පරීක්ෂණය පැවැත්වූ අතර, දුම්රියේ ගැටී සිදුවූ බරපතළ තුවාල නිසා මෙම මරණය සිදුව ඇති බවයි ඔහු සඳහන් කළේ.

දුම්රිය අනතුරු අද රටේ සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. ඒ තරමටම තරුණ තරුණියන් දුම්රිය අනතුරු නිසා මියයනවා. වෙනත් අවධානයක සිටිමින් දුම්රිය මාර්ගයේ ගමන් කිරීම මෙම අනතුරුවලට හේතුවයි. එවන් පසුබිමක රවිඳු සහන්ගේ මරණය සුවිශේෂ වන්නේ ඔහු සම්බන්ධයෙන් විශාල පිරිසක් සමාජ මාධ්‍ය ජාල තුළ ශෝකය ප්‍රකාශ කිරීම නිසායි. රවිඳු සහන් ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ සිදුවූ සිදුවීම දුටු රෝහලේ සේවකයකු ෆේස්බුක් පිටුවක තබා තිබූ මෙම සටහනෙන් රවිඳු මිතුරන් අතර කොයි තරම් ජනප්‍රිය අයකුද යන්න වටහාගත හැකිය.

‘මං මේ තරම් මිනිස්සු ගොඩාක් ඇක්සිඩන්ට් එකකට මේ හොස්පිටල් එකට එනවා කවදාවත් දැකලා නැහැ. එතකොට වෙලාව රෑ 11.30ට විතර ඇති. හැමෝම කලබලයෙන් එහේ මෙහේ දුවනවා. එක පාරටම ට්‍රොලි එකක මැෂින් ගොඩාක් එක්ක ඇක්සිඩන්ට් වෙච්ච කෙනාව කොළඹ මහ රෝහලට මාරු කරන්න ගේනවා මං දැක්කා. ඔහුගේ බිරිඳට සිහි නැතිවුණා. අම්මා තාත්තා යාළුවෝ අඬනවා. මොනවා වුණත් ජීවිතේ මිනිස්සු හම්බකරපු මනුස්සයෙක්. එතැන හිටිය ගොඩක් අය කලබල වෙලා හිටියේ. ඒත් රෝහල් සේවකයෙක් ඒ අයගේ හිත හැදුවා උඹලා බය වෙන්න එපා, පුළුවන් ශල්‍යකර්ම ඔක්කොම අපි කළා, කොළඹ මහ රෝහලෙන් මේක කළාම අනිවාර්යයෙන්ම කොල්ලා ගොඩ කියලා. ඉතින් ටික වේලාවකින් ඇම්බියුලන්ස් එකක් ඇවිත් ඔහුව අරන් ගියා. ඔහුගේ යාළුවෝ හැමෝම මළානික මුහුණෙන් බලාපොරොත්තු තියන් යන්න ගියා. ඒ, ගෙදර නම් නෙවෙයි, කොළඹ මහ රෝහලට. ඒ වෙනකොට වෙලාව පාන්දර 1.50ට විතර ඇති. ඒ වෙලාවේ රෝහලේ තිබුණු කලබලය මම ඇස් දෙකෙන්ම දැක්කා. මං අහලා තිබුණා හිත හොඳ මිනිස්සු ඉක්මනින් යන්න යනවා කියලා. ඔව් ඒක ඇත්තක් වෙලා තිබුණා. මොකද මගේ ඇස් දෙකෙන්ම දැක්ක නිසා ඒක මට නොලියා ඉන්න හිත දුන්නේ නැහැ….’

රවිඳු අනතුරට පත් දුම්රියේ ගමන් කරමින් සිටි අසේල සිරිවර්ධනද මෙම අනතුර සම්බන්ධයෙන් අදහස් දක්වා තිබුණේ මේ ආකාරයටයි.

‘ඒ අනතුර වෙනකොට රෑ 10 පහුවෙලා. මමයි අනිත් අයයි නිදාගෙන හිටියේ. කොච්චිය එක දිගටම හොන් ගහන්න ගත්තා. ඒ එක්කම හයියෙන් තිරිංග සද්දෙත් ඇහුණා. ඉස්සරහ පෙට්ටිවලින් කෑගහන සද්දයක් ඇහුණා අනේ කවුද කෝච්චියට අහුවෙලා කියලා. හැමෝම ඉස්සරහට දුවගෙන ගියා. හොඳ ඇඟපතක් තියෙන කොල්ලෙක්. අතක් වෙන් වෙන්නම වැදිලා. යාළුවෝ විස්සක් තිහක් විතර ඇවිත් ඔහුව කළුබෝවිල රෝහලට අරන් ගියා. පස්සේ තමයි අපි දැනගත්තේ එයා කෝල් එකක හිටපු නිසයි කෝච්චිය එන සද්දේ ඇහිලා නැත්තෙ කියලා. එයාගේ ෆෝන් එක තණකොළ ගොඩේ වැටිලා තිබ්බා. ඒ වෙද්දිත් අනිත් පැත්තෙන් කතා කරපු කෙනා ලයින් එකේ ඉඳලා තියෙන්නේ. ඒ සිද්ධිය නම් මට මගේ ජීවිතේ කවදාවත්ම අමතක වෙන්නේ නැහැ. අපරාදේ තරුණ ජීවිතයක්….’

පසුගිය සතිය පුරාම රවිඳු සහන්ගේ වෙන්ව යාම පිළිබඳ සමාජ මාධ්‍ය තුළ විවිධ තරාතිරම්වල පුද්ගලයන් අදහස් දක්වා තිබුණා. බොහෝ අය පවසා තිබුණේ ආදරයෙන් ඉන්න මිනිස්සු, හිත හොඳ මිනිස්සු ඉක්මනට මේ ලෝකෙන් සමුගන්නවා කියලයි. හිත හොඳ මිනිස්සු මේ ලෝකෙන් ඉක්මනට යනවා කියන එක සත්‍යයක් කියලා තේරුණේ රවිඳුගේ සමුගැනීම සමාජයට මහත් සංවේගයක් ගෙන දී ඇති බව දැකීමෙන්.

රවිඳුගේ පවුලේ ඥාතීන්, මිතුරන්, ප්‍රදේශවාසීන් සිය දහස් ගණනක් ඔහු අනතුරට පත්වූ මොහොතේ සිට අවසන් කටයුතු සිදුකළ මොහොත දක්වාම රවිඳුගේ සමුගැනීම ගැන සමාජ මාධ්‍යයට විවිධ සටහන් එක්කර තිබුණා. ඒ වගේම ඔහුගේ අවසන් කටයුතු සඳහා දහස් ගණනක ජන ගඟක් සහභාගි වීම විශේෂත්වයක්.

රවිඳු සහන් විවාහ දිවියට එළැඹ තිබුණේ 2022 නොවැම්බරයේදීයි. ඔහුගේ සහකාරි වුණේ ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලයේ ක්‍රියාකාරිනියක් වූ පිනිපා නම් තරුණියයි. රවිඳු සහ පිනිපා ටික්ටොක් ජාලයේ වැඩි කාලයක් ගතකළ දෙදෙනෙක් වූ බවද පැවැසෙනවා. කෙසේ වෙතත් රවිඳු තවත් දින කිහිපයකින් රුමේනියාව බලා යෑමට සියලු කටයුතු සූදානම් කරගෙන සිටි බවද වාර්තා වනවා. මවුපියන්ගේ සහ බිරියගේ බලාපොරොත්තු ඉටුකරන්නට එලෙස ඔහු විදෙස්ගත වන්නට අපේක්ෂාවෙන් සිටියත් ඒ සියලු බලාපොරොත්තු බොඳ වෙන්නට ගියේ ක්ෂණයක් පමණයි. රවිඳුගේ සහෝදරියගේ සැමියා මෙම අනතුර පිළිබඳ පවසා තිබුණේ මෙවැනි දෙයකි.

‘මේ මගේ මස්සිනා. එයාගේ අක්කව තමයි මම මැරි කරලා ඉන්නේ. එවිඳු රත්මලානේ ෆොරින් ඒජන්සියක මැනේජර් කෙනෙක් විදියට සේවය කළේ. අපි සිකුරාදා හවස පාටියක හිටියේ, මෙරයින් ඩ්‍රයිව් එකේ බීච් රෙස්ටුරන්ට් එකක. එදා පාටියකට යන්න තමයි මල්ලියි, මල්ලිගේ යාළුවෝ දෙන්නෙකුත් එක්ක ‌ගියේ. එයා විදෙස්ගත වෙන්න හිටියා. පාටි එකේ එන්ට්‍රන්ස් එකට දෙන ටිකට් ටික එයා අතේ තිබුණේ නැහැ. එතැනට ගිහින් හිටගෙන ඉන්න බැහැ කියලා අපිත් එක්ක රෙස්ටුරන්ට් එකේ හිටියේ. ඒ අතර මල්ලි එළියට ඇවිත් කොළඹට යන්න කැබ් ඩ්‍රයිවර්ට කෝල් කරලා ඒ කෝල් එකේ ඉන්න ගමන් තමයි රෙස්ටුරන්ට් එකෙන් එළියට ඇවිත් තියෙන්නේ. එයා දකුණු අතින් තමයි කෝල් එක අරන් තියෙන්නේ කොච්චිය එනවා දැකලා නැහැ. එයාගේ පොඩි කාලේ ඉඳලා එකට හිටිය යාළුවත් ළඟ ඉඳලා තියෙනවා. නමුත් එයාවත් දැකලා නැහැ කෝච්චිය ළඟට එනකල්ම. අන්තිම මොහොතේ යාළුවා මල්ලිගේ වම් අතින් ඇදලා තියෙනවා. ඒ ඇද්දත් මල්ලි ඇවිත් නැහැ. එයාව කොච්චියේ අයිනක වැදිලා තියෙන්නේ. මල්ලි කැරකිලා ගිහිල්ලා රෙස්ටුරන්ට් එකේ ලොකු බෝඩ් එකක වැදිලා තියෙනවා. ගොඩක් ඩැමේජ් වෙලා තියෙන්නේ ඒ බෝඩ් එකේ වැදුණු නිසා. කෑගහන සද්දයක් ඇහිලා මම රෙස්ටුරන්ට් එකෙන් එළියට ගියා. ඒ යනකොටත් මල්ලි බිම වැටිලා හිටියේ.

අපි මල්ලිව විනාඩි 3ක් 4ක් අතර ඇතුළත කළුබෝවිල හොස්පිට්ල් එකට අරන් ගියා. කළුබෝවිල හොස්පිට්ල් එක මල්ලි වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම ප්‍රතිකාර කළා. පස්සේ කොළඹ ජෙනරල් හොස්පිටල් එකේ සිටී ස්කෑන් එකෙන් තමයි කිව්වේ බ්‍රේන් එක ගොඩක් ඩැමෙජ් වෙලා කියලා. මල්ලිගේ ජීවිතේ සම්බන්ධයෙන් වගකීමක් ගන්න බැහැ කියලා. ඊට පස්සේ මල්ලිව නැවත කළුබෝවිල හොස්පිට්ල් එකට ගෙනාවා. සෙනසුරාදා උදේ 8.30ට තමයි මල්ලි නැති වුණේ….’
ගාලුමුවදොර අරගලය අවස්ථාවේදී ඊට ප්‍රබල දායකත්වයක් දක්වා තිබූ රවිඳු, පාසලට, ගමට, රැකියා ස්ථානයට පවා නැතිවම බැරි පුද්ගලයකු වුණා.ඒ කා අතරත් යහපත් පුද්ගලයකු ලෙස ඔහු ප්‍රසිද්ධව සිටියා. රවිඳු මියයන්නට දින 06කට පෙර තම සහෝදරියගේ බිලිඳාව සුරතල් කරන වීඩියෝවක් ඔහුගේ ටික්ටොක් ගිණුමට මුදාහැර තිබුණා. රවිඳුගේ අක්කා වන සෂිනි ආලෝකා ඇගේ මුහුණු පොතේ ඒ පිළිබඳ තබා තිබුණු දුක්මුසු සටහනයි මේ.

‘අක්කා හරි ආදරෙයි ඔයාට මගේ රත්තරන්… අක්කා ඔයාගේ මුහුණට කිව්වේ නැති වුණාට… ඒත් මට එක දවසක් හරි ඔයාට කියන්න තිබුණා මල්ලි මං උඹට ආදරෙයි කියලා. මගේ ලස්සන කොල්ලා… ඔයාගේ ටිෂර්ට් අරන් මම ඇන්දාම ඔයා බණිනවා. මං මේ ඔයාගේ ටිෂර්ට් එකක් ඇඳන් ඉන්නේ. නැගිටලා බනිනවාකෝ… ටික් ටොක් කර කර මාව අවුස්සනවා. මං නළුවෙක් වගේ නේද කියලා අහනවා… හැම දෙයක්ම කඩන් වැටිලා තියෙන්නේ… මගේ ළමයෙක් වෙලා හරි ආයේ මගේ ළඟට එනවා නේද…?’

රවිඳුගේ මිතුරන්ද මෙවැනි සටහනක් සමාජ මාධ්‍ය තුළ පළකර තිබුණා.

‘රවියා ආයේ එන්නකෝ… මට දුර පේන්නේ නැහැ කිව්වාම ඔයා මට විහිළු කළා පොට්ටයා කියලා… එහෙම කිව්ව ඔයාට කෝච්චිය පෙනුණේ නැද්ද රවියා… ඔයා නුවර ගිය දවසේ මටත් මල් වට්ටියක් අරන් දිලා කිව්වේ ඒ පිනම ඇති නිවන් දකින්න කියලා… වට්ස්ඇප් චැට් දැක්කාම පිස්සුයි රවියා…’

රවිඳු වගේ හොඳ මනුස්සයෙක් එක්ක ජීවිත කාලයම සතුටින් ගතකරන්න රවිඳුගේ බිරිඳ සිහින මවන්නට ඇත. ඇය රවිඳුගේ නිසල දේහය ළඟ ඉඳගෙන රවිඳුව ඉල්ලා අඬනවා… බිරිඳගේ ඒ මතකය හදවත මොහොතින් මොහොත පාරනවා ඇත. ඇගේ ඒ සිහින සියල්ල දැන් බොඳවී අවසන්ය. රවිඳුගේ මවටත් තමන් අවුරුදු 25ක් උස් මහත්කර හැදූ තම ආදරණීය පුතාගේ නිසල දේහය දකින විට මොන තරම් දුකක් දැනෙන්නට ඇද්ද? අම්මා තාත්තා බිරිඳ සහෝදරිය මිතුරු මිතුරියන් සියලු දෙනාම තනිකර රවිඳු අද යන්නට ගිහින්.

රවිඳුට තාම අවුරුදු 25යි. ඔහු ජීවිතය පටන්ගත්තා විතරයි. තව බොහෝ දුරක් යන්න තිබුණා. නමුත් මේ අවුරදු 25ක තුළ ඔහු හඳුනාගත් මිනිසුන් බොහෝය. අන්‍යයන්ට ගරුකිරීම වැනි හොඳ ගුණධර්ම කෙනකුට පිහිටන්නේ කලාතුරකින්. ඔහු තුළ තිබූ ඒ හොඳ ගතිගුණ නිසාම රවිඳු අනතුරට පත්වූ මොහොතේ පටන් කළුබෝවිල රෝහලට ඔහු බලන්නට වැල නොකැඩී හිතමිතුරන් පැමිණියා.

දුම්රිය මාර්ගයක ගමන් කරන විට කොයි තරම් අත්‍යාවශ්‍ය දුරකතන ඇමතුමක් වුවත් එයට පිළිතුරු නොදී ආරක්ෂිතව ගමන් කරන්නට අප වගබලාගත යුතුයි. වර්තමානයේ බොහෝ තරුණ තරුණියන්ට ජංගම දුරකතනය කනේ තබාගත් විට, යන්නේ කොහේද, කරන්නේ මොකක්ද යන්න ගැන අවධානයක් නැහැ. ඒ නිසාම මෙවැනි අනතුරු සිදුවීම දිනෙන් දිනම ඉහළ යමින් තිබෙනවා. තවත් පිරිසක් දුම්රිය මාර්ගයේ සිට සෙල්ෆි ඡායාරූප ගැනීමට යෑමේදීද දුම්රියේ ගැටී ජීවිත විනාශ කරගත් අවස්ථා අපට පසුගිය දිනවල අසන්නට ලැබුණා. ඒ නිසා අපේ වටිනා ජීවිතය ආරක්ෂා කරගන්න හැම මොහොතකම අපි කටයුතු කළ යුතුමයි.

ජීවිතය හරිම කෙටියි. මේ ටික කාලේ ආදරය දෙන්න. ආදරෙන් ඉන්න. තමන්ගේ ජීවතවල ඉන්න මිනිස්සුන්ට ආදරණීය මතකයක් වෙන්න. වචනයෙන් හරි අස්වැසිල්ලක් වෙන්න. මනුස්සයෙක් විදියට අපි හැමෝම දවසක අරන් යන්නෙ ඉතිරි කළ හොඳ විතරයි. බොහෝ දෙනකුට සුන්දර මතකයක් වූ රවිඳු ඔබට සුබ ගමන්…

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

තෙල් මිල අඩු කරලා ආණ්ඩුව මිනිස්සුන්ට සහනයක් දුන්නාද? තවත් අඩු කරන්න බැරිද? ආචාර්ය ගොඩහේවා තෙල් මිල අඩු කිරීමේ ඇත්ත කතාව පෙන්වා දෙයි! VIDEO

Next Post

වෘත්තීයවේදීන්ට තවත් ගහපල්ලා! මෙන්න හිටපු විශේෂඥ දොස්තරවරු 3 දෙනාම රට හැරලා ගිහින්! අනුරාධපුර මහරෝහලේ ළමා වාට්ටුව වසා දමයි!

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.