• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇයි අපිට මෙහෙම වුණේ? නොදනිමි කාගෙ දොසා… අම්මා කෙනෙකුගේ ඛේදනීය කතාවක්…

January 10, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
ඇයි අපිට මෙහෙම වුණේ? නොදනිමි කාගෙ දොසා… අම්මා කෙනෙකුගේ ඛේදනීය කතාවක්…
Share on WhatsAppShare on Facebook

වර්තමානය වන විට මේ රටේ බොහෝ පිරිසක් ණයකරුවන් වී හමාරයි. ඒ නිසාම තමන්ගේ දරුවන්ට මවුපියන්ට වගේම ආදරණීයයන්ට සලකන්නට බහුතරයක් ජනතාව අපොහොසත් වී සිටින බව අපට දිනපතා වාර්තා වන පුවත්වලින් හෙළිවෙනවා. ණය බර හේතුවෙන් ලොකු කුඩා සියලු ව්‍යාපාරිකයන් සේම එදිනෙදා සුළු රැකියාවකින් ජීවිතය සරිකරගන්නා සාමාන්‍ය ජනතාවද දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා. ණය බර සහ ජීවත් වීමට මුදල් නොමැතිකම හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටි අහිංසක දරු පවුලක ඛේදවාචකයක් පිළිබඳ 2023 නව වසර උදාවට දින තුනකට පෙර අපට අසන්නට ලැබුණේ මීරිගම ලෝලුවාගොඩ තල්හේන ගම්මානයෙන්. එම ගම්මානයේ ජීවත් වූ මවක් තම දරු දෙදෙනාට වස පොවා තමන්ද වස පානය කර සියදිවි නසාගැනීම එම ඛේදවාචකයයි. මව වස පෙවීම හේතුවෙන් පස් හැවිරිදි පුත්‍රයා රිජ්වේ ආර්යා ළමා රෝහලේදී ජනවාරි පළමුවැනිදා ජීවිතයෙන් සමුගත්තා. වස ශරීරගත වූ දියණිය එම රෝහලේම දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

මේ කනගාටුදාක සිදුවීම සිදුවුණේ පසුගිය 28 වැනිදා. 31 හැවිරිදි නිලූකා තම 08 හැවිරිදි මනුකි දහම්සා සංදිපනී දියණියට සහ 05 හැවිරිදි පේෂාන් සචින්ත පුතුට වස පොවා තිබුණේ ඔවුන්ව ජීවත් කරවන්නට නොහැකි තරමට ණය බර උග්‍ර වීම හමුවේයි.

පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලින් මේ වන විට අනාවරණ වී තිබෙන්නේ එම කාන්තාව රුපියල් ලක්ෂ තුනහමාරක පමණ මුදලක් ණය වී ඇති බවයි. එසේම ඇගේ ස්වාමිපුරුෂයා ටයිල් ඇල්ලීම සහ කුලී වැඩ රැකියාව ලෙස කර ඇති බවත්, ඔවුන් දැඩි ආර්ථික ප්‍රශ්නවලින් පීඩාවට පත්ව සිට ඇති බවත් පොලීසිය හෙළිකරගත් කරුණු අතර වනවා. එම ආර්ථික ප්‍රශ්න හමුවේ පොලියට මුදල් ලබාගෙන ඇති අතර, එම පොලී මුදල් ඉල්ලා දිනපතාම විවිධ පුද්ගලයන් පැමිණෙන බවද පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා. මෙම තත්ත්වය හමුවේ අදාළ කාන්තාව දැඩි චිත්ත පීඩාවෙන් පසුව ඇති අතර, තවදුරටත් එම පීඩාවන් දරාගත නොහැකි වූ තැන තම ආදරණීය දරුවන් දෙදෙනාට වස පොවා ඇයද වස පානය කර දිවි නසාගැනීමටයි උත්සාහ දරා තිබුණේ. දරුවන් ඉතා ප්‍රිය කළ පැණි රසැති සිරප් බෝතල්වලට වස කලවම් කර ඇති කාන්තාව, සිරප් බව හඟවා ඒවා දරුවන්ට පානය කරන්නට ලබාදී තිබෙනවා. එලෙස ඇය ලබාදී තිබුණේ අන්නාසි සිටුවීමට යොදාගන්නා විෂ සහිත රසායනිකයක් බවයි මේ වන විට අනාවරණ වී ඇත්තේ. මේ කිසිවක් නොදත් අහිංසක දරුවන් දෙදෙනා ඒවා පානය කර තිබුණා. දියණිය වස කුප්පියෙන් භාගයක් පානය කර ඇති අතර, පුංචි පුතා ඉන් බෝතලයක්ම පානය කර තිබූ බවයි හෙළිව ඇත්තේ. වස පානය කිරීමෙන් පසු මව සහ දියණිය සිහි මූර්ඡාවී ඇති අතර, පුංචි පුතා විසින් ඒ බව අසල්වැසි නිවෙසකට ගොස් පවසා ඇති බවද වාර්තා වනවා. අසල්වැසියන් පැමිණ මේ පිළිබඳ සොයා බලද්දී මව පවසා තිබුණේ දරුවන් දෙදෙනාට වස පොවා තමාද වස පානය කළ බවයි. ඒ අනුව අසල්වැසියන් පැමිණ දරුවන් දෙදෙනා සහ මව රෝහල් ගතකිරීමට කටයුතු කළා. මව වතුපිටිවල රෝහලටත්, දරුවන් දෙදෙනා කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලටත් ඇතුළත් කෙරුණේ ඒ අනුවය. එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුංචි පුතා පසුගිය පළමුවැනිදා ජීවිතයෙන් සමුගත්තා.

අපේ රටේ බොහෝ දෙනෙක් අලුත් අවුරුදු උදාව සතුටෙන් සමරද්දී ලෝලුවාවල ගමම කඳුළෙන් තෙත්ව ගියා. පුංචි පුතුගේ අවසන් කටයුතු පසුගිය දෙවැනිදා සිදුකෙරුණේ ලෝලුවාගොඩ තලහේන පොදු සුසාන භූමියේදියි.

මෙම සිදුවීම පිළිබඳ මියගිය දරුවාගේ පියා පැවැසුවේ මෙවැනි අදහසකි.

‘දුව මට කතා කරලා කිව්වා අම්මා පැණි බෝතල් තුනක් ගෙනාවා, අම්මා එකක් බිව්වා, මල්ලි එකක් බිව්වා, මම චුට්ටක් බීලා ඉතුරු ටික හැලුණා කියලා. එච්චරයි කිව්වේ… මගේ සුදු මහත්තයා ආයෙ එන්නේ නැහැ…’

වතුපිටිවල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 31 හැවිරිදි නිලූකා සංජීවනී පසුගිය 03 වැනිදා ජීවිතයෙන් සමුගත්තේ 09 හැවිරිදි පුංචි දියණිය මේ ලෝකයට තනිකරමිනි. මේ දියණිය තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි. රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛ ජී. වීරසිංහ මහතා පැවැසුවේ.

‘අපි විශ්වාස කරනවා ඒ දරුවා යම්කිසි සුව තත්ත්වයකට හැරෙයි කියලා දැන් තියෙන තත්ත්වය අනුව…’ යනුවෙනි.

මෙම කනගාටුදායක සිදුවීම පිළිබඳ ප්‍රදේශවාසියෙකු පැවැසුවේ මෙවැනි අදහසකි.

‘මේ පුතාලගේ තාත්තා හරිම අහිංසකයි. එයා ටයිල් වැඩ කරන කෙනෙක්. මත්පැන් උගුරක් කටේ තියන්නේ නැහැ. සිගරැට් එකක් බොන්නේ නැහැ. මම දන්නේ නැහැ නංගි මෙහෙම කරගත්තේ ඇයි කියලා. මට ආරංචි වුණු හැටියට නංගි ගොඩක් අයට ණය වෙලා තියෙනවා. ඒවා ගෙවාගන්න බැරිව ඉඳලා තියෙන්නේ. අපි හරියටම දන්නේ නැහැ මේ මරණයට හේතුව මොකද්ද කියලා…’

මියගිය දරුවාගේ පෙර පාසලේ මවක් පවසා සිටියේ මෙවැන්නකි.

‘අනේ මේ අම්මා පෙර පාසලේ මුදල් ගෙවාගන්න බැරිව ඉතා අමාරු තත්ත්වයකින් තමයි හිටියේ. මගෙනුත් අතමාරුවට මුදල් ඉල්ලගෙන තියෙනවා. අනේ මේ දරුවන්ට වස දුන්නේ ඇයි? අපිට කිව්වා නම් අපි මේ ළමයා හදාගන්නවා…’

‘මේ මරණයට හේතුව මම හිතන විදියට අධික ණය වීමයි. ඔවුන් ජීවත්වෙන නිවෙසත් උකස් කරලායි තියෙන්නේ. අපිට ආරංචියේ හැටියට මේ අම්මා හැම තැනටම ණය වෙලා…’ අසල්වැසියකු වූ ජගත් කුමාර එලෙස පවසා සිටියා.

මියගිය දරුවාගේ නිවෙස අසල පදිංචිව සිටි අයෙකු මෙම සිදුවීම පිළිබඳ මෙලෙස පවසා සිටියා.
‘මේ පවුලේ පියා යුද හමුදාවේ ඉඳලා කලින් අයින් වුණු කෙනෙක්. අතරමඟදී අයින් වුණාම පෙන්ෂන් එකක් හම්බවෙන්නේ නැහැ. ඔහු විශේෂ බළකායේ හොඳම කෙනෙක්. මේ පවුලේ ප්‍රශ්නයක් තිබිලා නැහැ. මේ පියා සිගරැට් එකක්වත් බොන කෙනෙක් නෙවෙයි. අපි මෙවැනි අපරාධ ප්‍රශ්න නවත්වාගත යුතුයි. අම්මලාට දරුවන් නඩත්තු කරගන්න බැරිව ගිහින් තියෙන්නේ. ඒ, මේ රටේ ආර්ථික ප්‍රශ්න නිසා….’

ආර්ථික ප්‍රශ්න දරාගත නොහැකිව මවක් සහ පුංචි පුතෙකුගේ ජීවිත අහිමි වූ මේ ඛේදවාචකය පිළිබඳ මනෝ වෛද්‍ය පවිත්‍රා ගොඩමුනේ මහත්මිය අදහස් දක්වා තිබුණා.

‘එවැනි අවස්ථාවල ගැටලුවලට විසඳුම් සොයාගන්න බැහැ. එහෙම විසඳුම් තිබුණත් දෙයක් කරකියා ගන්න බැරි වෙනවා. ඒ වෙලාවට එන මානසික පීඩනයට බොහෝ අය සියදිවි නසාගැනීම වැනි අන්තවාදී තීරණවලට එළඹෙනවා. එවැනි අවස්ථාවල අපි මනෝ උපදේශනය සඳහා යොමුවෙන්න ඕනේ. ඒ සඳහා ලංකාවේ සුමිත්‍රයෝ වැනි පෞද්ගලික ආයතනත්, රජයේ 1926 ක්ෂණික ඇමතුම් අංකයටත් කතා කරලා උපදෙස් ලබාගන්න පුළුවන්. ඒ උපදේශනයන්ට යොමුවී උපදෙස් ලබාගන්නා ලෙස හැමෝගෙන්ම ඉල්ලා සිටිනවා….’ යනුවෙන් මනෝ වෛද්‍ය පවිත්‍රා ගොඩමුනේ මහත්මිය සඳහන් කරනවා.

මේ තමයි රටේ ඇත්ත තත්ත්වය. මිනිස්සු ජීවත්වෙන්නේ මැරි මැරී. අද දවසෙ කෑවොත් අද රෑට කල්පනා කරන්නේ හෙට කන්නේ කොහොමද, හෙට දවස ගෙවන්නේ කොහොමද කියලා. දරුවන්ගේ බඩගින්න අම්මලාට දරාගන්න බැහැ. දරුවන්ව ඉස්කොලේ යවන්න විදියක් නැහැ. උගන්වන්න විදියක් නැහැ. ඒ තරමට වියදම් අධිකයි. මේ අපේ රටේ එක පවුලක ප්‍රශ්නයක් විතරයි. මෙවැනි ප්‍රශ්නවලින් පීඩා විඳින තවත් දස දහස් ගණනක් අහිංසක මිනිස්සු අපේ රටේ ඉන්නවා. තවත් කී දෙනෙක් මෙවැනි අවාසනාවන්ත ඉරණමකට ඉදිරියේදී ගොදුරුවෙයිද? රට කරවන බලධාරීන් මේ සඳහා ගන්නා පියවර කුමක්ද? ජනතාව බලා සිටින්නේ ඒ දෙසයි.
ඒ වගේම අපේ රටේ මවුපියවරුන්ගෙනුත් ආදරණීය ඉල්ලීමක් කරන්නට අවශ්‍යයි.

ආදරණීය අම්මේ තාත්තේ, කිසිම දිනක ඔබේ දරුවන්ට මෙවැනි විපතක් කරන්න එපා මොන තරම් ප්‍රශ්න තිබුණත්. ප්‍රශ්නවලින් පලා නොගිහින් ජීවිතය යම් තරමකින් හෝ ජයගන්න ඕනෑ තරම් ක්‍රම අපේ රටේ තවමත් තිබෙනවා. ඔබලාට උපකාර කරන්න ඕනෑ තරම් සමාජ සේවා ආයතන තිබෙනවා. උපදේශන සේවා තිබෙනවා. එවැනි ආයතන ඔබට පිහිටවෙන්න නිරන්තරව සූදානමින් සිටිනවා. ඉතින් මේ දුර්ලභ මනුෂ්‍ය ජීවිතය නිකරුණේ විනාශ කරගන්න එපා. ඔබේ දරුවාත්, ඔබත් රටට සම්පතක් බව පමණක් මතක තබාගන්න….



නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

අලියයි පොහොට්ටුවයි එකතු වෙද්දී එජාප බළකොටුව පුපුරා යයි! කොළඹ නගර සභාවේ 30 ගණනක් සජිත් සමග සජබෙට එකතුවෙන්න එයි! (VIDEO)

Next Post

ඡන්දෙට ඇප මුදල් බාර නොගන්නා ලෙසට අමාත්‍යංශ ලේකම්වරයකු ගහපු චක්‍රලේඛයකින් විපක්ෂය කැළඹෙයි! වහාම රැස්වී සාකච්ඡා කරයි! නීතීඥවරුන් පෙරටු කොටගෙන හෙට උසාවි යන්න සියල්ල ලෑස්තියි!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.