පළාත් පාලන මැතිවරණයට අදාළව අපේක්ෂක ඇප තැම්පත් මුදල් බාර නොගන්නා ලෙස එක්තරා අමාත්‍යංශ ලේකම්වරයකු විසින් සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත අද දිනයේදී ලිපියක් යොමු කොට ඇති බව වාර්තා වේ.
අමාත්‍ය මණ්ඩලය විසින් ගෙන ඇති තීන්දුවකට අනුව මෙම ලිපිය යොමු කොට ඇති බවද දැනගන්නට තිබේ.
මෙම ලිපිය මොහොතක් යාමට මත්තෙන් විපක්ෂය වෙතද ලැබී ඇති අතර වහාම විපක්ෂයේ නියෝජිතයන් ඒ පිළිබද සාකච්ඡා කොට ඇති බව දැනගන්නට ඇත.
එහිදී නීතීඥවරුන් පෙන්වා දී ඇත්තේ මෙම ලිපිය සම්පූර්ණයෙන්ම නීති විරෝධී බවත්, ඊට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගත යුතු බවත්ය.
ඒ අනුව හෙට දිනයේදී මෙම ලිපියට එරෙහිව අධිකරණයට යාමට විපක්ෂය අද දිනයේදී තීන්දු කොට ඇති බව වාර්තා වේ.










