• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බුදු ආච්චියේ එන්න නංගි පියනක් කටේ දාගෙන කියලා කෑගැහුවා I Sri Lanka Latest News

July 22, 2023
in Exclusive, News
Reading Time: 8 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පියනක් උගුරේ සිරව දෙමව්පියන්ගේ නොසැලකිල්ලෙන් මෙලොව හැරගිය අවුරුද්දක බිළිදිය…

මේ ගතවෙන්නේ දරුවන්ට අපල කාලයක් කිව්වොත් නිවැරදියි. පුංචි දරුවන්ට සිදුවන කනගාටුදායක සිදුවීම් පිළිබඳ අහද්දී අපට ඒ බව තහවුරු වෙනවා. ඒ වගේම පසුගිය සතියේ තවත් මරණ කිහිපයක්ම වාර්තා වුණා. එම පවුල්වල ඥාතීන් චෝදනා කළේ මරණවලට හේතුව රෝහලෙන් ලබාදුන් එන්නත් බවටයි.(Sri Lanka Latest News)

කෙසේ වෙතත් එම මරණවලට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණ කරගෙන නැහැ. ඒ පිළිබඳ විශේෂඥ කමිටුවක් විසින් පරීක්ෂණ ආරම්භ කර ඇති බවද වාර්තා වුණා.

ඒ කනගාටුදායක සිදුවීම් අතර, බෝතල් මූඩියක් උගුරේ සිරවීමෙන් බිලිඳියක මියගිය පුවතක් වාර්තා වුණේ පසුගිය සතියේදියි. එලෙස මියගොස් තිබුණේ අකුරැස්ස තලාහගම කජ්ජුහේන ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුද්දයි දින පහළොවක් වයසැති නෙහෙන්සා සේනාධීර නමැති බිලිඳියක්. මේ කුඩා දියණිය එම අනතුරට මුහුණ පාන අවස්ථාවේ ඇය තම හත් හැවිරිදි සහෝදරයා සමග සෙල්ලම් කරමින් සිට තිබෙනවා.

බිලිඳියගේ මව මුළුතැන්ගෙයි සිට ඇති අතර, පියා මිදුලෙහි සිට ඇති බවයි දැනගන්නට ලැබුණේ. තම ආදරණීය නැගණිය මුහුණ දුන් අනපේක්ෂිත සිදුවීම පිළිබඳ ඇගේ සහෝදරයා මාධ්‍යයට පවසා සිටියේ මෙවැන්නක්.

‘නංගි බෙහෙත් කුප්පියක් අරගෙන පියනයි කුප්පියයි දෙකම ගිල්ලා. මම අත දාලා ඒවා ගන්න හැදුවා. ඒත් බැරිවුණා. මම එතකොටම අප්පච්චිට කෑගැහුවා. අප්පච්චිත් ආවා. අම්මා ඒ වෙලාවේ කුස්සියේ හිටියේ….’

මියගිය බිලිඳියගේ මිත්තණිය මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙලෙස පවසා සිටියා.

‘උදේ මම වැඩට යනකොට දුව බෝතලේක පියනක් කටේ දාගෙන හිටියේ. වතුර එක සේරම පෙරළිලා තිබුණේ. මම පියන අරගෙන වීසි කරලා වැඩට ගියා. ඉඳුල් කටගාන දවසේ දරුවගේ හඳහන බලපු කෙනා කිව්වා දරුවට අපලයි, පරිස්සම් කරගන්න කියලා. ඒත් අපි ඒක එච්චර ගනන් ගත්තේ නැහැ….’

‘දරුවගේ අම්මා කුස්සියේ පොල් ගාන්න ගිහින් හිටියේ. ලොකු දරුවා කෑගහලා තියෙනවා මෙන්න අම්මේ නංගි පියනක් කටේ දාගෙන කියලා. එතකොටම අම්මා ඇවිල්ලා පියන ගන්න හදලා තියෙනවා. නමුත් ගන්න බැරිවෙලා. ඊට පස්සේ දරුවා කෑගැහුවා ආච්චි දුවගෙන එන්න කියලා. මම එනකොට දරුවා සෙමත් එක්ක ලේ දාලා තිබුණේ. ඊට පස්සේ මමත් ගන්න හැදුවා හොල්ලලා හොල්ලලා. නමුත් ගන්න බැරිවුණා. ලේ බේරි බේරිම දරුවාව ඉස්පිරිතාලෙට අරන් ගියා. අරන් යනකොටත් නැතිවෙලා. පියන තිබිලා තියෙන්නේ දරුවගේ පපුවෙලු…’

ඇත්තෙන්ම කුඩා දරුවන් ඉන්න මවුපියන් තමන්ගේ දරුවන්ව ඇස් පේන මානයේ තබාගෙන ගෙදර වැඩකටයුතු කළ යුතුයි කියන්නේ මේ නිසයි. මේ අම්මයි තාත්තත් එහෙම කළා නම් මේ දරුවා අදත් ජීවතුන් අතර ඉන්න තිබුණා. පුංචි දරුවන් ඉන්න අම්මා කෙනෙක්ට ගෙදරක තියෙන වැඩ රාජකාරි කොයි තරම්ද කියලා අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. ඒ කොයි තරම් දේ ඉටුකළත් පුංචි දරුවන් ගැන දක්වන උනන්දුව, අවධානය ඇසිපිය හෙළන මොහොතකටවත් අතහරින්න හොඳ නෑ.

ගෙදර ඉන්න සෙසු සාමාජිකයන්ද පුංචි දරුවන් බලාගන්න අම්මාට සහාය දැක්විය යුතුයි. එය හැම දෙනාගෙම වගකීමක් කොට සිතිය යුතුයි. පුංචි දරුවන් තමන්ගේ අතට අහුවෙන ඕනෙම දෙයක් කටේ දමාගන්නවා. මෙවැනි භයානක දෙයක් දරුවාට ගිලී ඇති බව දැනගත් වහාම කළ යුත්තේ කඩිනමින් දරුවා රජයේ රෝහලකට යොමුකිරීමයි. එසේ නැතිව විවිධ උපක්‍රම යොදලා එය පිටතට ගැනීමට උත්සාහ කිරීමෙන් අනතුර තවත් බරපතළ වීමට ඇති ඉඩකඩ වැඩි වෙන්න පුළුවන්. ඉහත සිදුවීම ඊට කදිම උදාහරණයක් සපයනවා.

ඒ සිදුවීම සිදුවන අතරවාරයේ සිවු මස් වයසැති තවත් දරුවෙක් ජීවිතයෙන් සමුගෙන තිබුණේ අවාසනාවන්ත ලෙසයි. එලෙස මියගොස් තිබුණේ කුලියාපිටිය ඉහළ ගොමුගොමුව ප්‍රදේශයේ පදිංචිව සිටි නිම්නාදි සේනානායක නැමැති මාස 04ක බිලිඳියකි. කුරුණෑගල හෙට්ටිපොල සෞඛ්‍ය වෛi කාර්යාලයෙන් එන්නතක් ලබාදීමෙන් පසු තම දරුවා මියගිය බවත්, එන්නතෙන් පසු ඇතිවූ අසාත්මිකතාවක් දරුවාගේ මරණයට හේතුවූ බවත් දරුවාගේ පියා වන හර්ෂණ ප්‍රදීප් රත්නායක පසුගිය 15 වැනිදා කුරුණෑගල පොලිසියට පැමිණිල්ලක් කරමින් සඳහන් කර ඇත.

එන්නත ලබාදුන් දිනයේ තම දියණියට කිසිදු අපහසුතාවක් නොපෙන්වූ බවත්, පසුදා අලුයම 4.30ට පමණ ඇගේ මුවින් සෙම වැගිරීමට පටන්ගෙන හුස්ම ගැනීමේ අපහසුතාවක් පෙන්නුම් කළ බවත් ඒ අනුව ඇය වහාම කුලියාපිටිය ශික්ෂණ රෝහලට රැගෙන ආ බවත් පැමිණිලිකාර පියා පොලිසිය හමුවේ පවසා ඇත. එලෙස දැරිය රෝහල්ගත කිරීමෙන් පසු වෛiවරු පරීක්ෂාකොට බලා ඇය මියගොස් ඇතැයි පැවසූ බවද පියා පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන්ය.

සිඟිති දැරියගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කුරුණෑගල රෝහලට රැගෙන යන අවස්ථාවේ පියා හැඬූ කඳුළින් සෞඛ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ තම දරුවාගේ මරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වන ලෙසයි.

කුරුණෑගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රමිතා ශාන්තිලතා මහත්මියගෙන් මේ පිළිබඳ කළ විමසීමකදී ඇය පවසා තිබුණේ, ‘ඔය කියන දිනයේ හෙට්ටිපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් දරුවාට එන්නතක් ලබාදුන් බව සත්‍යයක්. ඒත් එන්නත නිසා මේ මරණය සිදු වූ බව කිව නොහැකියි. මේ බිලිඳියට එන්නත් දෙන දිනයේදී තවත් දරුවන් දස දෙනකුට මෙම එන්නත ලබාදුන්නා. ඒ බිලිඳුන්ගෙන් කිසිදු රෝග ලක්ෂණයක් හෝ සංකූලතාවක් පෙන්වූයේ නැහැ…’ යනුවෙනි.

මෙම මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ වයඹ පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාගේ අධීක්ෂණය යටතේ, කුලියාපිටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අබේවර්ධන මහතාගේ උපදෙස් පරිදි, කුලියාපිටිය පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්.එම්.පී. විජේසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ.

එන්නත් ලබාගැනීමෙන් පසු සැකකටයුතු ලෙස හදිසියේ මෙලොව හැර යන ජීවිත සංඛ්‍යාව දිනෙන් දිනම ඉහළ යන තත්ත්වයක් පෙන්නුම් කරනවා. මේ පිළිබඳ සෞඛ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසා තිබුණේ පසුගියදා පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී මියගිය 21 හැවිරිදි චමෝදි සංදීපනී සහ මේ බිලිඳියගේ මරණ සම්බන්ධයෙන් විමර්ශන කරන්නට විශේෂ කමිටුවක් පත්කර ඇති බවයි.

චමෝදි සංදීපනීි දැරිය මියගියේ පේරාදෙණිය රෝහලෙන් ඇයට ලබාදුන් එන්නත නිසාද යන්න පසුගිය සතිය පුරා බොහෝ දෙනකුගේ කතාබහට ලක්වුණා. ඇයට එම එන්නත ලබාදුන් ඉඳුනිල් උපමාලි නම් හෙද නිලධාරිනිය මෙම කනගාටුදායක සිදුවීම පිළිබඳ තම වේදනාව මුහුණු පොතට එක්කර තිබුණේ මේ ආකාරයටයි.

‘දයාබර චමෝදි දියණියනි…,

ඉතාමත් හුරුබුහුටි සුන්දර තුරුණු දියණියක් වූ ඔබගේ අභාවය පිළිබඳ මහත් වූ කම්පාවෙන් යුක්තව ආමන්ත්‍රණය කරමි. ඔබ පිළිබඳ ඒ හැඟීම තවත් තීව්‍ර වනුයේ ඔබගේ වයසේම තුරුණු එකම එක පුතෙක් මා සතුව සිටීම යැයි මම විශ්වාස කරමි. ඔබ රෝහල්ගත වූයේ ඉක්මනින් ප්‍රතිකාර ලැබ හැකි ඉක්මනින් නිවෙස කරා යෑමටය. අවාසනාවකට සියල්ල කණපිට පෙරළිණි.

ඔබට ප්‍රතිකාර කළ, ප්‍රතිකාර නිර්දේශ කළ, ඔබ වෙනුවෙන් ඉක්මන් සුවය පතා වෙහෙස වූ වෛද්‍ය, හෙද සියලු දෙනා මිනීමරුවන් බවට පත්වී හමාරය. රෝහල වධකාගාරයක් බවට පත් වී හමාරය. අධ්‍යක්ෂවරයා මිනී මැරීමට අණ දෙන්නා බවට පත්වී හමාරය. නමුත්, ඔබ ජීවිතය සමග පොරබදන සෑම මොහොතකම කන බත් පත වීසිකර ඔබ ළඟට දිව ආවේ ඔවුන්ය.

වතුර උගුරක්වත් නොබී ඔබ වෙනුවෙන් පැය ගණන් කැපකෙරුවේ ඔවුන්ය…. වමනය, මුත්‍රා, ලේ, සැරව, සෙම, සොටු දුගඳ සමග ළඟම නෑයන් නාසය අකුළා ගනිද්දී හැඟීමක් දැනීමක් නැත්තා සේ ළඟින් සිටියේද ඔවුන්ය….

ඔබට දෙන්නට නොමැති බෙහෙත් පෙත්ත, එන්නත සොයා වාට්ටු ගානේ call කර කර පොත් ලිය ලියා තමන්ගේ කෙනෙක් වෙනුවෙන් වාගේ වෙහෙස වූයේ ඔවුන්ය….

පරක්කු වෙන ලේ report එකකට, පරක්කු වෙන referal එකකට, රෝගී ඔබ වෙනුවෙන් ප්‍රමාද වෙන ඕනෑම දෙයකට තමන්ගේ කාර්ය මණ්ඩලය සමග කියවගත්තේ ඔවුන්ය.

Off වෙන වේලාව කොයි මොහොතක වුවත් ඔබ වෙනුවෙන් කළයුතු දේ කර හෝ අනෙක් shift එකේ නිලධාරීන්ට ඔබ බාරදී මිස ඔවුන් ඔබ අතරමං කර දිවගියේ නැත.

කීමට දේ බොහෝය. මේ කිසිවක් වැටුපට සීමා වූ දේ නොවේය. වැටුපට නම් මෙතරම් දේ කිරීමට අවැසි නැත. ජීවිතයේ වටිනාකම දන්නා නිසාම උපදින මොහොතේත් මියයන මොහොතේත් ඔබ වෙනුවෙන් දහඅට පාලියම ඔවුන් නටන්නේ ඒ නිසාය…. දෙයක් වූ කල පිටත සිට කතා මවන ඔස්තාර්ලා බොහෝය. පුවත් සාදා තළුමැරීමට ඉඩදී ගානක් සොයා ගන්නෝ බොහෝය. රැල්ලට අහස කඩාවැටෙන නිසා දුවන්නන් වාලේ දුවන්නෝ බොහෝය. වීරකමක් එළිදක්වන්න අවස්ථාවක් නොමැතිව ළතැවෙන සමාජ මාධ්‍ය කාඩ්බෝඩ් වීරයෝ බොහෝය.

දියණියනි… කිසියම් වරදක් වූවා නම් තරාතිරමක් නොමැතිව දඬුවම් ලැබිය යුතුය. නමුත් තවම එයද ප්‍රශ්නාර්ථයකි. අපද ඒ දෙස දෑස් අයා බලා සිටිමු. මන්ද හෙට මට මගේ ස්වාමියාට, දරුවාට, ළඟම නෑයාට දෙන්නේද අද ඔබට දුන් බෙහෙතම නිසාවෙනි. ඔබට මට සිංගප්පූරු යෑමට වත්කමක් නැත.

නුබ අපේ පන්තියේම එකෙකි. එකම පන්තියේ අපි හප්පවා සුපිරි පන්තියේ ඈයෝ විනෝද වෙති. ඔවුන්ගේ පැවැත්ම ඇත්තේ එහිය….’

කෙසේ වෙතත් මේ වටිනා ජීවිත අහිමි වීම කාගේ වරදින් සිදුවූවාද යන්න තවමත් උභතෝකෝටික ප්‍රශ්නයකි. රජයේ රෝහල්වලින් ලබාදෙන ඇතැම් ඖෂධ වර්ග ප්‍රමිතියෙන් තොර බවට මේ වන විට බොහෝ පිරිස් කරනු ලබන චෝදනාවකි. ඒ පිළිබඳවද සෞඛ්‍ය බලධාරීන් සිය දැඩි අවධානය යොමුකළ යුතු බව විශේෂයෙන් අවධාරණය කළ යුතුය.

කාගේ වරදින් ජීවිතයෙන් සුමගත්තත්, මේ අප රටට අහිමි වී යන්නේ රටේ ජීවනාලිය බඳු තරුණ පරපුරයි. අනාගතය භාරගන්නට ඉන්නා දරු දැරියනුයි. එකිනෙකාට චෝදනා කරගැනීම පසෙක තබා මෙවැනි අවාසනාවන්ත සිදුවීම් ඉදිරියේදී ඇති නොවීම පිණිස සියලු දෙනා කටයුතු කළ යුතුව ඇත.

ඉකි ගස යදිමින්
මේ ඉල්ලන්නේ
තම දරුපැටවුන්ගේ
පණ කෙන්ද
උදුරගත්තේ කවුද
වග කිව යුත්තෝ කවුද
කියනු මැන
දෙවියනේ
මේ අහිංසකයන්ට
කාගේ දොසා…

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

කළුතර පුද්ගලික පන්තියක සිසුවියන්ට අතවර කළ බවට චෝදනා ලැබූ ටියුෂන් ගුරාට ඇප! Sri Lanka Latest News

Next Post

මියගිය පුතාගේ උපාධිය ගන්න අම්මා ඇවිත්! යාපනය සරසවියම සංවේදී කළ මොහොත! Sri Lanka Latest News

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.