තම මියගිය පුතුගේ උපාධි සහතිකය මවට ලබාදුන් පුවතක් යාපනය සරසවියෙන් වාර්තා වනවා. (Sri Lanka Latest News)
ඒ, පසුගිය 20 වැනිදා පැවති යාපනය සරසවියේ 37 වන උපාධි ප්‍රධානෝත්සවයේදී.
මෙසේ අකාලයේ මියගිය සිසුවා යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධ වවුනියාව මණ්ඩපයේ අධ්‍යාපනය ලද දිසානායක මුදියන්සේලාගේ හසාන් සාගර දිසානායක නමැති ශිෂ්‍යයෙකි.
ව්‍යවහාරික ගණිතය හා පරිගණක විද්‍යා අංශයෙන් අධ්‍යාපනය ලැබු ඔහු, මැදවච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, ඔහු රිය අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
හසාන්ගේ උපාධිය ලබාගත් අවස්ථාව හැඟුම්බර අවස්ථාවක් වූ අතර, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හා දරුවන්ද සිය ආසනවලින් නැගිට හසාන් සිහිපත් කළ බව සඳහන්ය.
newscenter










