කොළඹ ජාතික රෝහලේ උරස් සහ හෘද රෝග වෛද්‍යවරයකු ලෙස ව්‍යාජ ලෙස පෙනීසිටි පුද්ගලයකු මහරගම අපේක්ෂා රෝහලට ඇතුළත්වී පිළිකා රෝගියකු ලෙස පෙනීසිටීමට දරා ඇතැයි කියන උත්සාහයක් පිළිබඳ මහරගම පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. (Sri Lanka Latest News)
මෙම සැකකරු කොළඹ ජාතික රෝහලේ සේවය කරන බව පවසා පිළිකා රෝහලේ බාහිර රෝගී අංශයට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් ලේ දන්දීමේ ව්‍යාපාර සංවිධානය කර ඇති බවටද තොරතුරු ලැබී තිබේ.
මෙම සැකකරුගේ හැඳුනුම්පත පිළිබඳ සහ වෛද්‍ය සහතික පිළිබඳ බලවත් සැකයක් මතුවීමෙන් පසු අපේක්ෂා රෝහලේ පාලනාධිකාරිය පසුගිය 21 වැනිදා මහරගම පොලිසියට මේ සම්බන්ධයෙන් පැමිණිලි කොට තිබිණි.
මහරගම පොලිසියේ නිලධාරියකු පැවැසුවේ එම සැකකටයුතු වෛද්‍යවරයා සොයාගැනීමට කොළඹ ජාතික රෝහලට පොලිස් පණිවුඩ ලබාදී ඇති බවයි.
ප්‍රේමලාල් විජේරත්න









