පාර්ලිමේන්තුව රැස්වන ලබන අඟහරුවාදා (04) දිනයේදී සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා ආණ්ඩුවට එක්වීමට සූදානමින් සිටින බවට විශ්වාසකටයුතු ආරංචි මාර්ග තහවුරු කරයි.Sri Lanka Latest News
ඒ අනුව, රාජිත සේනාරත්න මහතා එදින විශේෂ ප්‍රකාශයක් සිදුකර ආණ්ඩුව සමග එක්වනු ඇති බව දැනගන්නට තිබේ.
රාජිත සේනාරත්න මහතා දේශපාලනය ආරම්භ කළේ විජය කුමාරතුංග මහතාගේ මහජන එක්සත් පෙරමුණෙනි.
ඉන් අනතුරුව සේනාරත්න මහතා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සමග එක්විය.
පසුව චන්ද්‍රිකාගෙන් ඉවත්වී අනුර බණ්ඩාරනායක මහතාට සහාය පළකිරීමට සේනාරත්න මහතා කටයුතු කොට තිබිණි.
ඉන් අනතුරුව රාජිත සේනාරත්න මහතා එජාපයේ හිටපු ජනාධිපති ඩී.බී. විජේතුංග මහතා සමග සමීපව දේශපාලනය කළේය.
පසුව මහින්ද රාජපක්ෂ මහතාගේ දෑත් ශක්තිමත් කිරීමට එක්වූ රාජිත සේනාරත්න මහතා, ඉන් අනතුරුව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා සමගද කටයුතු කළේය.
2015 යහපාලන ආණ්ඩු සමයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා සමගද රාජිත සේනාරත්න මහතා එක්ව කටයුතු කළේය.
කෙසේ වෙතත් 2020 මහ මැතිවරණයේදී රාජිත සේනාරත්න මහතා තරගවැදුණේ සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ සමගි ජන බලවේගයෙනි.
ඒ අනුව සජබ මන්ත්‍රීවරයකු වශයෙන් මෙතෙක් කටයුතු කළ ඒ මහතා ලබන අඟහරුවාදා දිනයේදී යළිත් රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්ව ඉදිරි දේශපාලන කටයුතු සිදුකිරීමට තීරණය කොට ඇති බව වාර්තා වේ.









