පසුගිය ජනවාරි මාසයේ සිට පෙබරවාරි 06 වැනිදා දක්වා වූ කාලසීමාව තුළදී දිවයින පුරා සිදුවූ ඝාතන සිද්ධීන් 60ක් පිළිබඳ වාර්තා වී ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය පැවැසීය.
එම සිද්ධීන් අතර වෙඩිතැබීමේ සිද්ධීන් 11කින් පුද්ගලයන් 9 දෙනකු මියගොස්, 6 දෙනකු තුවාල ලබා ඇති බව සඳහන්ය.Sri Lanka Latest News
සංවිධානාත්මක අපරාධකරුවන් විසින් සිදුකර ඇති වෙඩිතැබීමේ සිද්ධීන් 5ක් සිදුකර ඇත්තේ නීති විරෝධී මත්පැන් ජාවාරම්වලට අදාළව මෙන්ම විදේශ රැකියා සඳහා ලබාගෙන තිබූ මුදල් ආරවුල් මත බවද හෙළිව තිබේ.
අනෙකුත් ඝාතනවලට පසුබිම්වී ඇත්තේ පවුල් ආරවුල් මෙන්ම ඉඩම් ආරවුල් බවයි හෙළිව ඇත්තේ.
මේ අතර, පසුගිය ජනවාරි 01 වැනිදා සිට 31 වැනිදා දක්වා දිවයින පුරා සිදුව ඇති මාරක රිය අනතුරු 159කින් පුද්ගලයන් 166 දෙනකු මියගොස් තිබේ.
එම අනතුරු අතරින් බරපතළ ගණයේ අනතුරු 420ක් සිදුව ඇති අතර, සුළු අනතුරු 673ක් සහ අලාභහානි සිදුවූ අනතුරු සිදුව ඇති බවද පොලිසිය පැවැසීය.
ප්‍රේමලාල් විජේරත්න










