ගෙවීගිය (2022) වසර තුළදී මධ්‍ය පරිමාණ, කුඩා සහ ඉතා කුඩා කර්මාන්ත 77,118ක් පමණ වැසීගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මගින් ඉදිරිපත් කර ඇති දත්ත අනුව පෙනීයන බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා ‘මව්රට’ට පැවැසීය.
2021 වසරේ වැසීගොස් ඇති එවැනි කර්මාන්ත සංඛ්‍යාව 72,116ක් බවද සඳහන්ය.
ඒ අනුව අදාළ වසර දෙක තුළදී එම කර්මාන්ත 1,49,234ක් පමණ වැසීගොස් ඇති බවද හෙළිව ඇත.
2020 වසරේදී වැසීගිය සංඛ්‍යාව 87,909කි.
ඒ වන විට පැවැති ආර්ථික අර්බුදය, කොවිඩ් වසංගතය සහ රාජ්‍ය ප්‍රතිපත්තිවල දුර්වලතා නිසා රට පුරා විසිරී පවත්නා මෙවැනි කර්මාන්ත විශාල ප්‍රමාණයක් පසුගිය වසර තුළදී වැසීගොස් ඇති බවයි මාහාචාර්යවරයා පැවැසුවේ.
මෙය රටේ දළ දේශීය නිෂ්පාදනයට සහ සේවා නියුක්තියට මෙන්ම ග්‍රාමීය ජනතාවගේ ආදායම සහ ජීවන තත්ත්වය සඳහා දැඩිව බලපා ඇති බවද සඳහන්ය.
මෙවැනි කර්මාන්ත වැසීයෑම රටේ ජනතාවට විශාල වශයෙන් බලපෑ අහිතකර තත්ත්වයක් බවයි මහාචාර්යවරයා පෙන්වා දෙන්නේ.
ප්‍රේමලාල් විජේරත්න










