පසුගිය රජය විසින් සිවිල් පුද්ගලයන්ට ලබාදී ඇති සියලු ගිනි අවි සහ පතරොම් තොග ලබන මස 07 වැනිදාට පෙර රජයට භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති නියෝගය කඩරන පුද්ගලයන්ට එම දිනය පසුවීමත් සමග අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක කර්නල් නලින් හේරත් මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)
මේ වනවිට එවැනි අන්දමට නිකුත් කර ඇති ගිනි අවි සංඛ්‍යාව 1,600කට අධික බව හෙළිව තිබේ.
අදාළ ගිනි අවි ළඟ තබාගෙන සිටින පුද්ගලයන් පිළිබඳ විස්තර ඇතුළත් ලැයිස්තු ආරක්ෂක අමාත්‍යාංශය සතුව ඇති බවත්, නියෝග පැහැර හරින පුද්ගලයන් 1916 අංක 33 දරන ගිනි අවි ආඥා පනත යටතේ ආරක්ෂක ලේකම්වරයාට පැවරී ඇති බලතල මත ආපසු පවරා ගැනීමට හැකි බව මාධ්‍ය ලේකම්වරයා සඳහන් කළේය.
එම නියෝග පැහැර හරින පුද්ගලයන් සොයා හදිසි වැටලීම් සිදුකර, නීතිය ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇති බවයි ඔහු පැවැසුවේ.
මෙම නියෝගය දේපළ ආරක්ෂාවට, වගා හානි වැළැක්වීමට සහ ක්‍රීඩා අමාත්‍යාංශයට අදාළ කටයුතු පිළිබඳ ලබාදී ඇති ගිනි අවිවලට අදාළ නොවන බවද ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.
ප්‍රේමලාල් විජේරත්න










