ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිත හිටපු හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතාගේ සහායට තවත් අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට නියමිතව සිටි නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු මහතාද ඉදිරිපත් වී ඇත.
ඒ අනුව ඊයේ (27) දිනයේදී නාගානන්ද මහතා මහේෂ් සේනානායක මහතා මුණගැසී ඔහුට සහාය පළ කිරීමට තීරණය කර තිබේ.
හෙට (29) දිනයේදී සිවිල් සංවිධාන විසින් මහේෂ් සේනානායක මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට නියමිතය.











