• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බටගොඩව තහනම් වුණා! ප්‍රියාව මතක් වුණා! මහේන්ද්‍රට දෙන්න වුණා! කලාවට ගිය කලක්! Sri Lanka Latest News

April 8, 2024
in Exclusive, News
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

සම්මාන කියන්නේ අගය කිරීමක්. ලොකු වියදමක් දරලා සම්මාන උළෙලක් පවත්වන්නෙත් ඒ ඒ කලාකරුවන් සිනමාව, වේදිකාව, සංගීතය, ටෙලි කලාව එහෙමත් නැත්නම් කුමක් හා් මාධ්‍යයක් වෙනුවෙන් කළ මෙහෙවර අගය කිරීමටයි. එතැනදී යම් විටෙක අසාධාරණ හෝ අත්වැරැදීම්ද සිද්ධ වෙන්න පුළුවන්. සමහර විට හරි තීරණ ගැනීමේ අපහසුතාව හෝ නොදැනුවත්කමද තියෙන්න පුළුවන්. ඇතැම් විචාරකයන් සම්මාන පිදීමේ වැරැදි තීරණ දකින්නේ අල්ලසක් හෝ කත් ඇදීමක් විදියටයි. සම්මාන දෝතට ගත්ත කලාකරුවන්, ‘මේ සම්මානය ඇත්තෙන්ම මට ලැබිය යුත්තක්…’ ‘හිතුවෙවත් නෑ මම බෙස්ට් වෙයි කියලා…’
‘සම්මානයක් තියෙයි කියලා හිතුවේ නැහැ. ආරාධනා කළ නිසයි ආවේ….’ කියමින් තම සතුට ප්‍රකාශ කරනකොට සම්මාන ලැබුණේ නැතිව ශෝකයට පත්වූවන් කියන්නේ, (Sri Lanka Latest News)

‘ඔය සම්මාන මොකටද? ජනතා සම්මානයයි අපට වටින්නේ’ කියා තම කනගාටුව සමහන් කරගනිති. කොයික කෙසේ වුවද එදාට වැඩිය අද සම්මාන ප්‍රදානයන් බොහෝ විට මහ විකාරයක් වී ඇති බව කාට වුණත් පෙනෙන්න තියෙන කාරණයකි. විශේෂයෙන්ම ජනප්‍රිය නළු නිළි සම්මානයේ නම් කිසිම වැදගැම්මක් නැති බව ටෙලි තරුවලට දුන් සම්මානවලින්ම පෙනීයයි. චිත්‍රපට ගැනද කිවයුත්තේ ඒ ටිකමය. ඒ කාලෙ නම් ජනප්‍රිය නළු නිළි සම්මාන පිදීමේ කලාව හරි ලස්සනට තිබුණා මතකය. ගාමිණී – මාලනී ජෝඩුව වාගෙ විජය – ගීතා, සනත් – සබීතා – නදීකා කට්ටුව ජනප්‍රිය සම්මානය අතට ගත් ක්‍රමය ගෞරවනීය විය. එතකොට මුහුණු පොත කියන, දැන් මහ විකාරයක් වී තියෙන කලාව තිබුණේ නැත. ඒ කාලෙ නළු නිළියන් ‘ජනප්‍රියම සම්මානය ගත්තේ ඔවුන්ට හදවතින් ආදරය කරපු මිනිස්සුන්ගේ මනාපවලටය. අද තියෙන්නේ ජනප්‍රිම සම්මානය බලහත්කාරයෙන් වාගේ අයිති කරගැනීමේ කලාවකි. මුහුණු පොත හරහා එස්.එම්.එස්. හිඟමනේ යෙදෙන අද අපේ නළු නිළියෝ ඉන් පසුව ලොකු හපන්කමක් කෙරුවා වාගේ වේදිකාවට ගිහින් සම්මාන ගනිති. විහිළුව කියන්නේ පැදුරටත් නොකියා රට පැන්න නළුවන්ටත් රටේ නොඉඳම ජනප්‍රිය නළු සම්මාන ලැබීමය. ඇත්තටම එය ලොකුම විහිළුවකි. ඒ නිසා ඒ ගැන තවදුරත් කතා කරන එකත් කමකට නැති කාරණයකි.

හැබැයි පසුගියදා පැවැති සම්මාන උළෙල දෙකකදීම සිදුවූ අගය කළ යුතු සිදුවීම් දෙකක් ගැන මෙතැනදී කතා නොකරම බැරි යැයි හිතුණේ නරක වාගෙම හොඳත් කීම මනුස්සකමට රිසි යැයි සිතුණු නිසාය. ඒ එක කාරණයක් වන්නේ ප්‍රවීණ ගායක, ගී පද රචක මෙන්ම තනු නිර්මාණ ශිල්පියකු වූ ප්‍රියා සූරියසේනට 2024 සුමති ටෙලි සම්මාන උළෙලේදී ලැබුණු වටිනාකමය. කොල්ලන්ගේ භාෂාවෙන් කියනවා නම් එය පට්ට අගැයීමකි. ලංකාවේ දිය යුතුම අයට සම්මාන දෙන්නේ බොහෝ විට ඊට අදාළ කලාකරුවා මෙලොවෙන් සමුගත් විටය. නැත්නම් ඇඳට වැටුණු විටකය. ඒක කොහොම වුණත් සුමති සම්මාන උළෙලේදී ප්‍රියා සූරියසේන වෙනුවෙන් දුන්න ‘ලයිෆ් ටයිම් අවෝර්ඩ්’ එක නම් මසුරන්වලටත් වැඩිය වටින්නේය. ඒ සුමතිලා කළ වටිනා අගය කිරීමෙන් පසුව කාටත් කාලයක් තිස්සේ අමතකව ගිය ප්‍රියා සූරියසේන නම් වූ ප්‍රතිභාපූර්ණ සංගීත ශිල්පියා සෝෂල් මීඩියාවල අලුතින් උපන්න සුපිරි තරුවක ආකාරයකට වයිරල් වන්නට වූයේ ප්‍රියාවත් හිතපු නැති විදියටය. පනස් වසරක සුපිරි අතීතයකට හිමිකම් කියන හැත්තෑව දශකයේ ඉඳන්ම යොවුන් හිත්වල මෙන්ම වැඩිහිටියන්ගේ හිත්වලද මධුරමය ගී ස්වරයක් වූ හදවතේ ගායකයා ප්‍රියා සූරියසේන රෝගීව රෝද පුටුවට වැටී ඇති බව හැමෝම වාගේ දැනගත්තේ එදායින් පසුවය. ප්‍රියාට දුවක ඉන්න බවත්, ඒ දුවට තාත්තාගේ හැකියාව ලේවලින්ම ලැබී ඇති බවත්, රෝගීව සිටින තාත්තාව සතුටින් තියන්නට ඒ ආදරණීය දුව තාත්තාගේම සින්දු තාත්තාට ඇහෙන්න නිතර ගෙදරදී කියන බවත් රටම දැනගත්තේ සෝෂල් මීඩියාවල වූ ඒ වයිරල් වීමත් සමගය. තමාව අගැයීමට සුමති ටෙලි සම්මාන වේදිකාව මත සහෝදර සංගීත ශිල්පීන් තමා විසින්ම ගැයූ සින්දු එක පෙළට කියනකොට ප්‍රියාගේ ඇස්වලින් ගලා ගිය සතුටු කඳුළු දකින විට ඒ දසුන දුටු අයගේ දෙනෙත්ද කඳුළින් පිරිණි. අමතකව යන්නට ගිය ප්‍රවීණ සංගීත ශිල්පියෙක්ව නැවතත් සිය සංගීත ලෝලීන්ගේ හිත්වලට සමීප කළ සුමතිලට අවංකවම ස්තුති කරන්න ඕනෑය. පපුව ගැම්ම ගෙන ගහන මේ සැලියුට් එකද ඒ වෙනුවෙන්මය.

කතාකළ යුතු අනෙක් කාරණය වන්නේ රයිගම් ටෙලි සම්මාන උළෙලෙහි අද්විතීය නළු මහේන්ද්‍ර පෙරේරාට දුන් හොඳම නළුවාට හිමි සම්මානය ගැන කතාවය. සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ ‘කොටි වලිගය’ සිනමා පටයෙන් මතට ඇබ්බැහි වූ තරුණයකුගේ කදිම චරිතය හරහා රංගනයට පිවිසි ප්‍රවීණ නළු මහේන්ද්‍ර පෙරේරාගේ අතිවිශිෂ්ට නළු මහේන්ද්‍ර පෙරේරා ශ්‍රී ලාංකේය කලා කෙතට කළ මෙහෙවර ගැන ලියන්නට වචන අලුතෙන් නාස්ති කිරීම බොරු වැඩකි. ඒ තරමට මහේන්ද්‍රගේ සුපිරි රංගනය ගැන නවකයන් වෙනුවෙන් වැඩමුළු පවත්වමින් ඔහු කරන මෙහෙවර ගැන නොදන්නා කෙනකු නැත. මහේන්ද්‍ර යනු මිලක් නියම කරන්නට බැරි බ්‍රෑන්ඩ් එකකි. ඔහුගේ ටැලන්ට් එක අගය කළ යුතුව තිබුණේ මීට බොහෝ කලින්ය. නමුත් එහෙම කල් ගිහින් හෝ තීරණයක් දෙන්නට අපහසු බිමල් ජයකොඩි, ජගත් මනුවර්ණ වැනි ප්‍රතිභාපූර්ණ නළුවන් දෙදෙනකු පෙළට තබමින් සිදුවූ තියුණු තරගයකින් මහේන්ද්‍රව හොඳම නළු සම්මානයට ස්ථිර කිරීම ගැන රයිගම් ටෙලි සම්මාන උළෙලෙහි විනිශ්චය මඬුල්ලට ආචාර කළ යුතුමය. සම්මානයට පාත්‍ර විය යුතු බොහෝ තැන්වලින් අහකට විසිව සිටි සුපිරි නළු මහේන්ද්‍ර පෙරේරාට මේ වතාවෙවත් දුන් වටිනාකම ගැන රයිගම්ලාට ස්තුති කරන්නෙමු.
‘සිංහල ඩයස්පෝරාව’ ගැනද මෙතැනදී මතක් නොකර බැරිය. ශ්‍රී ලාංකේය කලාකරුවන්ට මහ ඉහළින් සලකනවා යැයි කියන මේ ඊනියා පාර්ශ්වය ඒ සැලකිල්ල දක්වන්නේත් ගරු නම්බු දෙන්නේත් අමුතුම කලාවකටය. අවධානයට ලක්විය යුතු ප්‍රියා සූරියසේන වැනි අභිමානනීය සංගීත ශිල්පීන්ට වාගෙම සම්මාන පොරවලට එතරම් නෑකම් නොකියන මහේන්ද්‍රලා වැන්නවුන්ට සලකන්නට සිංහල ඩයස්පෝරාවට අතපසු වුණේ ඒ නිසා වන්නට ඇත. ඔවුන්ගේ බොරු ෂෝ එක සහ රැඟිල්ල වෙනම එකකි. පිදිය යුත්තන්ට පුදන එක ඔවුන්ට අමතක වන්නේ ඒකය.

ඉතින් ඒ විදියට ළඟ ළඟ තැබූ සම්මාන උළෙලවල් දෙකක අග්‍රගණ්‍ය කලාකරුවන් දෙදෙනෙක් එලෙසින් සම්මානයට සහ අගයට ලක්වූ බව මේ විදියට උද්දාමයෙන් ලියනකොට අපේ තවත් ප්‍රතිභාපූර්ණ කලාකරුවකුට මුහුණ දෙන්නට සිදුවූ ශෝචනීය සිදුවීක් ගැන කනගාටුවෙන් අකුරු ගොනුකරන්නට සිදුවීම දුකට කාරණයක් විය. ප්‍රවීණ සංගීත ශිල්පී සේනක බටගොඩට සින්දු 07ක තහනමක් පැනවීම ගැනය. කොටින්ම කියනවා නම් සේනක බටගොඩත් හරි ඒ සින්දු 07ත් හරිය. අපි කවුරුද, අපි සැනසිල්ලේ, අළුයට ගිනි, රස්තා, හීනවලට පණක් තියෙනවා, සනැසෙන්නම් මා යන ජනප්‍රියම සින්දු එකී තහනමට ලක්ව තිබිණි. තහනම හෙවත් වාරණය නිකුත් කර තිබුණේ කොළඹ වාණිජ මහාධිකරයේ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු විසිනි. වාරණ නියෝගයට හේතුව වූයේ ඉහත සටහන් කළ සින්දු 07 වෙනුවෙන් පද රචනයෙන්, තනු නිර්මාණයෙන් සහ සංගීත සංකලනයන් නිර්මාණ දායකත්වය දුන් ජනත් කුලතිලක මහතාට බුද්ධිමය දේපළ පනත යටතේ ගෙවිය යුතු කර්තෘ භාගය නොගවීම සම්බන්ධයෙනි. ජනත් කුලතිලක මහතා තමන්ගේ නීතිඥයන් මගින් ගොනුකොට තිබුණු පැමිණිල්ලක් සැලකිල්ලට ගත් විනිසුරුවරයා විසින් සේනක බටගොඩ වෙත සින්දු වාරණය පනවනු ලැබුවේය.

සිදුවීම සත්තකින්ම සංකීර්ණය. ඉහළ පෙළේ එළිමහන් වගේම ගෘහස්ත සංගීත සංදර්ශනවලදීද ප්‍රවීණ සුපිරි ගායක සේනක බටගොඩට අසීමිතව ලොකු මුදලකට ආරාධනා ලැබෙන්නේද තහනමට ලක්වූ ඒ සින්දු හත නිසාමය. ඒ සින්දු හත නැතිව ගිය තැන සේනක කියන මේ ජනප්‍රිය ගායකයාට සංගීත සංදර්නයකට යන්නට පුළුවන්කම් තියේද? සේනක බටගොඩ යනු සුපිරි පන්තියේ මියුසිකල් ෂෝවල ඉහළ මුදලකට අලෙවි වන නියම බ්‍රෑන්ඩ් එකකි. ඒ බ්‍රෑන්ඩ් එක නිර්මාණය වන්නට වාරණයකට ලක්වූ අර සින්දු හත දුන් තල්ලුව සුළුපටු නැත.

එලෙසම සේනක තම ගමන ආවේ බොහොම හෙමින්ය. ගරු ගාම්භීරවය. මාධ්‍ය පසුපස හඹා යන මාධ්‍ය හරහා ජනප්‍රිය වන්නට දඟලන සෝෂල් මීඩියා ඔස්සේ පිස්සු නටන කලාවක් ඔහුට තිබුණේ නැත. හැට පැන්නත් ඔහුගේ ඇඟෙන්ම ආ සින්දු කියන හැකියාව ඕනෑම වයස් මට්ටමක රසිකයන්ව ඔහු වටා බැඳ තැබුවේ ඒ නිසාය. ඕලෙවල් ඒලෙවල් කොල්ලෙකුට වගේම හැත්තෑව පැනපු වැඩිහිටියෙකුට වුවද ඔහුගේ මනමෝහනීය හඬ ඔස්සේ ඇස පියාගෙන අනන්තයට පාව යන්නට වුවද පුළුවන. ගැහැනු සිත්වලටද සේනක බටගොඩ යනු වශියකි. උමතුවකි.

නමුත් දැන් ඔහුට ඔහු ප්‍රිය කරන ඔහුගේ රසිකයන් ප්‍රිය කරන සින්දුවලට ඒ උමතු හඬ ස්වරය දෙන්නට බැරිය. ඒ ගැන හිතනකොට පපුවේ කොනක රිදීමක් ඇතිවන තරමට හිත කීරිගැහෙන්නේය. සේනකගේ උන්මාදනීය හඬට සම කළ හැකි තවත් හඬක් නැත. සේනක බටගොඩ කියන ගායකයාට විකල්පද නැත. මේ සංසිද්ධිය හුඟාක්ම ශෝකජනක වන්නේ ඒ හින්දාමය. සේනකගේ වටිනාකමට හරයන මොන දේ ලිව්වත් කිව්වත් මහාධිකරණ තීන්දුවට අප හැමෝම ගරුකළ යුතුය. තීන්දුව දුන්නේ සේනක අතින් සිදුවූ අත්වැරැදීමටය. කර්තෘ භාගය පැහැර හැරීම අසාධාරණය. ඒ අසාධාරණය හමුවේ දෙන තීන්දුව දැඩි වුණත් එය හිස නමා පිළිගත යුතු වේ.

ඉතින් දැන් කුමක් කරමුද?
තහනම් වූ ගීත 07 නැතුවාට තව අලුත් ගීත 07කට හඬ දෙන්නට සේනක බටගොඩ වැනි නියම ගායකයකුට බැරි වන්නේ නැත. ‘හීනවලට පණක් දෙන්න’ කියන්න පටන්ගන්නකොට ඕඩියන්ස් එක වෙනදාට ගැම්මට දෙන ක්ලැප් එක ඔහුගේ අලුත් සින්දුවලටත් ඒ වගේම ලැබෙන්නය කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

පිං කැටේ කඩන්න ආවා කියා අල්ලාගෙන අතපය බැඳ කරපු පහරදීමකින් පුද්ගලයෙක් මැරිලා! පොලිසිය ගැටඹේ දියකපනාතොට පන්සලේ නායක හිමියන් අත්අඩංගුවට ගනී! Sri Lanka Latest News

Next Post

‘මගෙන් පටන් ගමු’! රනිල් මහනුවරින් පටන් ගනී! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Exclusive

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!
Exclusive

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

Load More
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

තිස්සමහාරාම ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ප්‍රශ්න විසදීමට ගිය නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා හට ගොවියන් සභාව ඉදිරියේදීම සිය ප්‍රශ්න ඉදිරිපත් කළේ...

Read more
අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.