• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

ජිනීවා ප්‍රශ්නය බරපතළයි! රට භයානක අනතුරක! ප්‍රහාරාත්මකව මුහුණ දිය යුතුයි! ප්‍රභාකරන්ට අමුඩ ගස්සවපු 51 වැනි සේනාංකයේ සේනාධිපති මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ එළියට එයි!

February 12, 2022
in Exclusive, News
Reading Time: 4 mins read
A A
ජිනීවා ප්‍රශ්නය බරපතළයි! රට භයානක අනතුරක! ප්‍රහාරාත්මකව මුහුණ දිය යුතුයි! ප්‍රභාකරන්ට අමුඩ ගස්සවපු 51 වැනි සේනාංකයේ සේනාධිපති මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ එළියට එයි!
Share on WhatsAppShare on Facebook


‘අප රට ත්‍රස්තවාදීන් පරාජය කර, වසර 30ක වාර්ගික යුද්ධය ජයග්‍රහණය කළා සේම, දැනට අපට එරෙහිව තිබෙන යුද අපරාධ චෝදනාවලටද අප නිර්භයව මුහුණ දිය යුතුයි. ජිනීවාහි මානව හිමිකම් කොමිසම මගින් දැනට වසර ගණනාවක සිට ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා ඉදිරිපත් කරනවා. යුද්ධය අවසාන වෙලා වසර 13ක් ගතවුණත්. එහෙත් මෙලෙස ඉදිරිපත් වන චෝදනාවලට නිසි ලෙස මුහුණ දීමක් ශ්‍රී ලංකාව සිදුකරන්නේ නැහැ. අපි යුද්ධයට මුහුණ දුන්නා සේම මෙම චෝදනාවලටත් එරෙහිව බොහෝ ප්‍රහාරාත්මකව මුහුණ දිය යුතුයි. එලෙස යුද අපරාධ චෝදනාවලට නිසි ලෙස පිළිතුරු බැඳීම මගින් එම චෝදනා නිෂ්ප්‍රභ නොකළහොත්, රටට භයානක තත්ත්වයක් ඉදිරියේදී ඇති විය හැකියි.

කුමක්ද මෙලෙස ඇසෙන සුවිශේෂී කතාන්දරය?

මෙම වගතුග කියා සිටින්නේ මෙරට තුළ සිටින එක්තරා විශේෂිත පුද්ගලයකු විසිනුයි. ඔහු පසුගිය වසර 30ක සිවිල් යුද්ධය ජයග්‍රහණය කිරීම උදෙසා ඉතාමත් ප්‍රබල ලෙස කැපවුණු අයෙකු වෙයි. අප සමාජයේ බොහෝදෙනෙකු හොඳින් හඳුනන ඔහු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ, යාපනය 51 වැනි සේනාංකයේ සේනාධිපති ධුරය දැරූ මේජර් ජෙනරාල් චාගී ගාල්ලගේය. වාර්ගික යුද්ධයේ අවසාන කාලයේදී යුද්ධය දිනවීම සඳහා ඔහුගෙන් ලැබුණු මෙහෙය අති විශිෂ්ට යැයි බොහෝ දෙනෙක් පිළිගනිති. ඊළාම් යුද්ධය විජයග්‍රහණය කරා රැගෙන ගිය සෙන්පතියන් අතරේ ඔහුට හිමිවූයේ විශේෂ ස්ථානයකි. පසුගියදා ඔහු 74 වැනි ජාතික නිදහස් දිනයට පෙර දිනදී ඉතාමත් සුවිශේෂ ප්‍රකාශයක් සිදුකළේය. එනම් මෙරට ප්‍රකට ඉංග්‍රීසි පුවත්පතක් (දි අයිලන්ඩ්) – The Island) සමග ඔහු විශේෂ සාකච්ඡාවක් සිදුකර ඇති අතර, එහිදී ඉහත ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදුකර ඇත

දැනට හමුදා සේවයෙන් විශ්‍රාම ගෙන ඇති මේජර් ජෙනරාල් චාගී ගාල්ලගේ විසින් සිදුකර ඇති මෙම ප්‍රකාශය මෙතෙක් කිසිදු ලාංකික හමුදා සෙන්පතියකු තුළින් ප්‍රකාශ වී නොමැත. එම පුවත්පත් සාකච්ඡාවේදී ඔහු තවත් මෙලෙස ආන්දෝලනාත්මකව කරුණු ඉදිරිපත් කර ඇත. ඔහු එම තත්ත්වය මෙසේ අවධාරණය කර සිටියි.

‘යුද්ධය අවසාන වෙලා වසර 13ක් ගතවෙලා අවසාන වුණත්, බාහිර බලවේග තවමත් අපේ රටට තර්ජනයක් වෙලා තියෙනවා. රටේ දේශපාලන බලය දරන නායකයන් මේ තත්ත්වය අවබෝධ කරගත යුතුයි. මේ රට අභියෝගවලට මුහුණ දෙනවාද, එසේත් නැතිනම් ප්‍රතිවිපාකවලට මුහුණ දෙනවාද කියලා ඔවුන් අවබෝධ කරගත යුතුයි. අප මේ තත්ත්වය යටතේ විනාශයට පත්වෙනවාද කියන සංධිස්ථානයකයි අප ඉන්නේ. ඒ ගැන හොඳින් අවබෝධ කරගත යුතුයි. පාර්ලිමේන්තුවේ යම් කොටසක් විසින් සනාථ නොකළ යුද අපරාධ චෝදනා මත විදේශ මැදිහත්වීමක් ඉල්ලා සිටිනවා. දෙමළ ජාතික සන්ධානයේ (ටී.එන්.ඒ.) නායක ආර්. සම්බන්ධන් විසින් ජිනීවා පදනම් වූ මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල්වලින් මේ පිළිබඳව ඉල්ලීම් රාශියක් සිදුකර තිබෙනවා. ජිනීවා මානව හිමිකම් සංවිධානය ගෙන යන මේ ව්‍යාපෘතියට එරෙහිව ප්‍රතිරෝධය නොදැක්වීම නිසා මේ රටට ඉදිරියේදී විශාල වන්දියක් ගෙවීමට සිදුවනවා. දෙමළ ජාතික සංවිධානයේ ලිපිය සාකච්ඡා කරමින් සුදුසු ක්‍රියාමාර්ගයන් ගතයුතුයි. මෙවර ජිනීවා මානව හිමිකම් සැසිවාරය මේ මාසයේ අගදී ආරම්භ වෙනවා. මින් පෙර වසරවලදීත් ශ්‍රී ලංකා රජය මෙම යුද අපරාධ චෝදනාවලට නිසි පිළිතුරු ලබා දීමක් සිදුකළේ නැහැ. එහෙත් මෙවර ඒ පිළිබඳව වගකිවයුත්තන් නිසි ක්‍රමවේදයන් අනුගමනය කළ යුතුයි. මේ උද්ගතවී ඇති තත්ත්වය අපට අල්ලා ඉවත දැමිය හැකි නොවෙයි.’
2010 ජනාධිපතිවරණයේදී යුද්ධය දිනූ එවකට හමුදාපතිවරයා වූ සරත් ෆොන්සේකා මහතාට ඡන්දය ලබා දීම ගැන, දෙමළ ජාතික සන්ධානය යුද හමුදාවට එරෙහිව ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙන යමින් අවුල් ජාලාවක් ඇති කළා. සිවිල් සමාජයේ නොවැදගත් කොටසක් සමග සිදුවෙමින් පවතින සංවාදය, ජිනීවා තර්ජනය උදාසීන කිරීමට රටට උපකාර කළ හැකි යැයි විශ්වාස කිරීම, ආණ්ඩුවේ පැත්තෙන් බරපතළ වරදක් බැව් පේනවා. පශ්චාත් යුද ජාතික සංහිඳියා ක්‍රියාවලියට අදාළ විවිධ ප්‍රකාශයන්ට පටහැනිව මේ කටයුතු සිදුවෙනවා. විශ්‍රාමික සහ සේවයේ නියුතු හමුදා නිලධාරීන්ට එරෙහිව කිසිදු නිසි ක්‍රියාදාමයකින් තොරව, හුදෙක් අසා දැනගත් සාක්‍ෂි මත පමණක්, දැනටමත් කුරිරු ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. එහෙත් මේ තත්ත්වය සම්බන්ධයෙයන් නිසි ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව මේ වන විට වත්මන් දේශපාලන නායකත්වය අන්ධව සිටින බැව්ද පේනවා. මේ තත්ත්වයෙන් මිදීමට ඔවුන් කටයුතු කළ යුතුයි.

ශ්‍රී ලංකාවේ යුද අපරාධ චෝදනාවලට අදාළව විවිධ විදේශීය රටවලින් දඬුවම් නියම කෙරුණු හමුදා නිලධාරීන් අතරට මේජර් ජෙනරාල් චාගී ගාල්ලගේද අයත් වෙයි. එම රටවල්වලට ඇතුළු වීම තහනම් කිරීම මෙන්ම, එම විදේශීය අධිකරණවල නඩු පැවරීමද පසුගිය කාලයක් පුරා මෙම හමුදා නිලධාරීන්ට එරෙහිව සිදුකෙරිණි. මේවා බොහෝ විට සිදුවන්නේ දමිළ ඩයස්පෝරාවේ ප්‍රධාන මැදිහත්වීම සහ ජිනීවා ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසමේ මැදිහත්වීමද මතය. මෙම ප්‍රධානතම හමුදා නිලධාරීන්, අතරට චාගී ගාල්ලගේට අමතරව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකට, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, මේජර් ජෙනරාල් උදය පෙරේරා වැනි නිලධාරීන්ද අයත් වෙයි. ඔවුන් ඇමෙරිකාව ඇතුළු විදෙස් රටවල් කිහිපයකින් අසාදු ලේඛනගත කෙරුණු අතර, සමහර එම රටවලට ඇතුළු වීමද තහනම් කරනු ලැබිණි. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාටද එරෙහිව පසුගිය කාලයේ ඇමෙරිකාවේ අධිකරණ කිහිපයක නඩු පැවැරිණි. එසේම මෙම ඉහළ නිලධාරීන්ට අමතරව තවත් පසුපෙළ හමුදා නිලධාරීන් රැසක්ද මෙම ලැයිස්තුවලට අයත්ය.

වත්මන් ශ්‍රී ලාංකික යුද අපරාධ චෝදනා අර්බුදය ගැන මේජර් ජෙනරාල් චාගී ගාල්ලගේ තවත් වැදගත් කරුණු අවධාරණය කර සිටියේය.

මෙම යුද අපරාධ වාර්තාව තවමත් අප රට විසින් නිවැරැදි කර නැහැ. පවතින තොරතුරු, දත්ත සහ නිල ලේඛන මාලාවක් භාවිත කිරීමට මෙන්ම, ඔවුන්ගේ උපාය මාර්ගවල බරපතළ දෝෂ හෙළිදරව් කිරීමට අප අසමත්වීම පුදුමසහගතයි. ඉදිරි සැසියේදී ජිනීවා ප්‍රතිචාර විමසා බැලීම ඉතාම උනන්දුවකින් සිදුකළ යුතු එකක් වෙනවා. මේ අතර පාර්ලිමේන්තුවේ ඇතැම් මන්ත්‍රීවරුන් රටට එරෙහිව න්‍යාය පත්‍රයක් ක්‍රියාත්මක කළේ කෙසේද යන්න පිළිබඳ පාර්ලිමේන්තුවට පැහැදිලි කිරීමක් සිදුකළ යුතුයි. ඉදිරිපත් කෙරෙන චෝදනා සඳහා නිසි පදනමක් නැතිව, නීති සම්පාදකයන් විසින් හමුදාව ජන සංහාරයක් සිදුකළා යැයි චෝදනා කරන්නේ කෙසේද? මන්නාරමේදී හමුවුණු සමූහ මිනීවළවල් සහ අත්අඩංගුවේ සිටි එල්.ටී.ටී,ඊ. කොටි සැකකරුවන් 100කට වස පානය කරවීම වැනි අසත්‍ය ප්‍රචාර, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානියා සහ උතුරේ ප්‍රධාන ඇමැතිවරයො විසින් සිදුකර තිබීම ඉතාම ලැජ්ජාසහගතයි.

2015 වසරේ ජිනීවා වගවීමේ යෝජනාවේ සම අනුග්‍රහයෙන් ඉවත් වන බව රජය 2020 පෙබරවාරි – මාර්තු මාසවලදී ප්‍රකාශ කළා. එහෙත් බටහිර න්‍යාය පත්‍රය නිසි පරිදි ක්‍රියාත්මක වන බවක් පෙනෙන්නට තිබෙන හෙයින්, ශ්‍රී ලංකාවේ ජිනීවා උපාය මාර්ගය පිළිබඳව නැවුම් සමාලෝචනයක් අවශ්‍ය වෙනවා. අපිට අවශ්‍ය වන්නේ ජාතියක් ලෙස ඒකාබද්ධ ප්‍රතිචාරයකුයි. අපි ජිනීවා තර්ජනය උදාසීන නොකරන්නේ නම්, ඔවුන් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් අපට ඇති කරන පීඩනය වැඩි කරනවා. ඒ නිසා දැනට වුවත් ඔවුන්ගේ ප්‍රයත්නයන් සාර්ථක වන වග පෙනෙනවා. 46/1 වගන්තිය ප්‍රකාරව ජිනීවා මානව හිමිකම් කොමිසම විසින් සිදුකරනු ලබන නව විමර්ශනය ගැන රජය දැඩි අවධානයෙන් සිටිය යුතුයි. ලෝකයේ බොහෝ රටවල බලය කොල්ල කෑ මෙරටද හිටපු යටත්විජිත බලය නැවැත ජිනීවා ව්‍යාපෘතිය තුළින්ද ක්‍රියාත්මක වන බැව් පේනවා. කෙසේ හෝ තව දින ගණනාවකින් මෙවර පැවැත්වෙන ජිංනීවා මානව හිමිකම් සැසිවාරයේදී රජය බොහෝ බුද්ධිමත්ව සහ නිර්භයව මුහුණ දිය යුතුයි.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ, යාපනය 51වැනි සේනාංකයේ ප්‍රධානියා වූ විශ්‍රාමික මේජර් ජෙනරාල් චාගී ගාල්ලගේ විසින් මෙසේ සිදුකර ඇති ප්‍රකාශ බොහෝ අවධානය යොමුවිය යුතු එකකි. යුද ජයග්‍රහණය ලබා ගැනීම සඳහා දැඩි කැප කිරීමක් සිදු කළ ඔහු එකල සිට බොහෝ ආන්දෝලනාත්මක චරිතයක් විය. ඔහුගේ ජීවන තොරතුරුවලින් බිඳක් සොයා බලමු.

ඔහුගේ සම්පූර්ණ නාමය චාගී සුබෝධ ගාල්ලගේය. දැනට 58 වැනි වියෙහි පසුවන ඔහු කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකි. තම තරුණ වියේදීම හමුදාවට බැඳුණු ඔහු කාලය ගතවත්ම විවිධ තනතුරු දරමින් හමුදා මෙහෙයුම් රැසකට නායකත්වය ලබා දුන්නේය. මෙම මේජර් ජෙනරාල්වරයා තොප්පිගල මෙහෙයුම සමයේදී කර්නල්වරයකු ලෙස කටයුතු කළේය. එකල ත්‍රස්තවාදී ග්‍රහණයේ තිබුණු තොප්පිගල අල්ලා ගැනීම සඳහා කමාන්ඩෝ බළකාය සහ පාබල හමුදාව මෙහෙය වූයේ ඔහු විසිනි. ඉන්පසුව විශේෂ කාර්ය සාධක බළකායේ අණදෙන නිලධාරියා ලෙස පත්කෙරුණු මේජර් ජෙනරාල් ගාල්ලගේ පසුව මුලතිව්හි ඒකරාශී වී සිටි කොටි ත්‍රස්තයන්ව කොටු කිරීමට ක්‍රියා කළේය. වන්නි මෙහෙයුමේ අවසාන දිනවලදී මුලතිව්හි කොටුවී සිටි කොටි ත්‍රස්තයන් කොටුකිරීමට එකල මේජර් ජෙනරාල් චාගී ගාල්ලගේගේ කමාන්ඩෝ බළකාය කටයුතු නොකළේ නම්, ප්‍රභාකරන් ඇතුළු ප්‍රධාන කොටි හමුදා නායකයන්ට පැන යෑමට හැකියාව තිබිණි. මේ ආකාරයට ඔහු කළ අභීත යුද ක්‍රියාකාරකම් බොහෝය.

2016 පෙබරවාරි මාසයේ යහපාලන රජය යටතේදී මේජර් ජෙනරාල් ගාල්ලගේට අපූරු සිදුවීමකට මුහුණ දෙන්නට සිදුවිය. එනම් එදින එකල විදේශ ඇමැති මංගල සමරවීර, යාපනයේ පැවැති සංහිඳියාවට අදාළ වෙබ් අඩවියක් විවෘත කිරීමේ උත්සවයකට සහභභාගි විය. එම අවස්ථාව සඳහා මේජර් ජෙනරාල් ගාල්ලගේ සහභාගි වූයේ යාපනයේ 51 වැනි බළකායේ ප්‍රධානියා ලෙසිනි. මෙම උත්සවයේදී මේජර් ජෙනරාල්වරයා බොහෝ ස්ථාවරව ප්‍රකාශ කර ඇත්තේ, යෝජිත කාර්යසාධක බළකාය සඳහා හමුදා නියෝජිතයකු පත්කළ යුතු යැයි යෝජනා කර ඇත. එහෙත් මෙම යෝජනාව විදේශ ඇමැති මංගල සමරවීර විසින් එකහෙළාම තරයේම ප්‍රතික්‍ෂේප කරන ලදී. මෙම තත්ත්වය යටතේ එහිදී මේජර් ජෙනරාල්වරයා සහ විදේශ අමාත්‍යවරයා අතරෙහි උණුසුම් සංවාදයක්ද සිදුවී ඇත. කෙසේ හෝ මෙම සිදුවීමෙන් කෙටි කාලයකට පසුව මේජර් ජෙනරාල් චාගී ගාල්ලගේ කොළඹ හමුදා මූලස්ථානයට මාරු කරනු ලැබුවේය.

වාර්ගික යුද්ධය අවසානයේදී හමුදාව විසින් ඝාතනය කෙරුණු කොටි නායක ප්‍රභාකරන්ට, ඔහුගේ ත්‍රස්ත නිල ඇඳුම් ගලවා අමුඩයක් ඇන්ද වූයේ මේජර් ජෙනරාල් ගාල්ලගේ යැයි අපූරු කතාවක්ද ඇත. ත්‍රස්තවාදී නායකයකු නිල ඇඳුම් සහිතව ලෝකයට පෙන්වා වීරත්වයට පත්කරනු වෙනුවට, ත්‍රස්ත නායකයා අමුඩයකින් තැබිය යුතු යැයි මතයක් එම ක්‍රියාවලියෙන් ප්‍රකාශ වී තිබිණි.

සකස්කළේ ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

අමු කොළ පාට කෙසෙල් පැය දෙකෙන් කහ පාට කරලා විකුණන පිටකොටුවේ මිනීමරන සෙල්ලම! මිනිස්සුන්ට වහ කැව්වත් බලධාරීන්ට ගාණක්වත් නෑ! (VIDEO)

Next Post

බලාගාර දෙකක් හදිසියේ නවතී! කාගෙ හරි ගේමක්ද?

MORE NEWS

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News
Exclusive

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

වියළුවේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ නිලවරණය සජබය තනි අතින් දිනයි! ඒකාබද්ධ විපක්ෂයට 24යි! මාලිමාවට 7යි! 17 දෙනෙක්ම සජබයෙන්! I Sri Lanka Latest News

Load More
සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

කිසිම මන්ත්‍රිවරයකුට අයුතු ආකාරයෙන් වැරදි ලෙස ආමන්ත්‍රණය සුදුසු නොවන බවත් කතානායකවරයා විසින් අර්චුනා මන්ත්‍රිවරයා මෝඩ ලෙස හැසිරෙන බවට ආමන්ත්‍රණය කිරීම...

Read more
රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.