ජනාධිපතිවරණ නීති උල්ලංඝනය කරමින් රාජ්‍ය දේපළ අවභාවිත කිරීමේ සිද්ධීන්වලට අදාළ පැමිණිලි 200කට අධික සංඛ්‍යාවක් පැෆ්රල් සංවිධානයට ලැබී ඇතැයි එම සංවිධානයේ අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ‘මව්රට’ට පැවැසීය. (Sri Lanka Latest News)
එම නීති විරෝධී ක්‍රියාවන්ට සම්බන්ධ ඇතැම් අමාත්‍යාංශවල නිලධාරීන් පිළිබඳ වාර්තාවක් ලබාගෙන ජනාධිපතිවරණයෙන් පසුව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කොට ඇති බවද ඔහු සඳහන් කළේය.
ඇතැම් අපේක්ෂකයන්ට පක්ෂග්‍රාහීව කටයුතු කරමින් නීතියට පටහැනිව කටයුතු කර ඇති සහ කටයුතු කරන පොලිස් නිලධාරීන්ට විරුද්ධව මැතිවරණ කොමිසමට මෙන්ම පොලිස් කොමිසමටද පැමිණිලි කරන බවද ඔහු සඳහන් කළේය.
මේ වනවිට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 1,199ක් වන අතර, ප්‍රචණ්ඩ ක්‍රියා සංඛ්‍යාව 61ක් බවද සඳහන්ය.
මේ අතර, පසුගිය බදාදා සිට මැතිවරණ නිරීක්ෂකයන් හරහා දීපව්‍යාප්ත හදිසි පරීක්ෂණයක්ද පැෆ්රල් සංවිධානය පවත්වාගෙන යයි.
එයට හේතු වී ඇත්තේ මැතිවරණ නීතිය අනුව පෝස්ටර් බැනර් තහනමින් පිට පැන හිස් ඉඩම්වල පවා අපේක්ෂකයන්ගේ සංවිධායකයන්ගේ නමින් මැතිවරණ කාර්යාල ව්‍යාජව පවත්වාගෙන යෑමේ ප්‍රචාරක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වීමයි.
මේ අතර, ඇතැම් අපේක්ෂක කාර්යාල පැය 4ක්වත් විවෘත කර තැබිය යුතුය යන නීතියද කඩකරමින් වසාදමා ඇති කඩ සාප්පුද කාර්යාල ලෙස නම්කර ඇති බව හෙළිව තිබේ.
ප්‍රේමලාල් විජේරත්න










