පසුගිය වසර කීපය තුළදී ඊශ්‍රායලය සහ කොරියාවේ රැකියා සඳහා තරුණ තරුණියන් යැවීමට එවක සිටි ප්‍රබල දේශපාලන හස්තයක් විසින් තම මිතුරු සංසදයක් රහසේ යොදවමින් ගෙනගිය මුදල් ජාවාරමක් පිළිබඳ විදේශ රැකියා නියුක්ති කාර්යාංශය විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබේ. (Sri Lanka Latest News)
විදේශ රැකියා සොයා පැමිණෙන විශාල පිරිසකගෙන් එවැනි අන්දමට අත යට මුදල් ලබාගෙන ඇති අන්දම පිළිබඳ ලැබී ඇති රහසිගත පැමිණිලි 15කට අධික සංඛ්‍යාවක් පිළිබඳ දැනටමත් පරීක්ෂණ ආරම්භ කොට ඇතැයි විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝසල වික්‍රමසිංහ මහතා පැවැසීය.
එවැනි අන්දමට මුදල් ලබාදුන් ඇතැම් තරුණයන් තවමත් විදේශ රැකියා අපේක්ෂාවෙන් සිටින බවටද තොරතුරු ලැබී තිබේ.
එම තොරතුරු රැස්කළ විගස අදාළ පරීක්ෂණ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට භාරදීමටද තීරණය කොට තිබේ.
අදාළ ජාවාරම්කරුවන්ට හසුවූ පුද්ගලයන් වේ නම් විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ ‘සභාපතිට කියන්න’ යනුවෙන් වෙන්කර ඇති දුරකතන අංක 0112864188 හෝ වට්ස්ඇප් අංක 0717593593 වලට දැනුම් දෙන ලෙස සභාපතිවරයා ඉල්ලීමක් කර ඇත.
ප්‍රේමලාල් විජේරත්න










