• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පෘථිවියේ මිනිසුන් උස්සන පිටසක්වළ ජාවාරම…

March 19, 2022
in Exclusive, Mahawanshaya
Reading Time: 4 mins read
A A
පෘථිවියේ මිනිසුන් උස්සන පිටසක්වළ ජාවාරම…
Share on WhatsAppShare on Facebook

වෙලාව රාත්‍රී දහයට හෝ දහය පසුවී විනාඩි කිහිපයක් ගතවී තිබෙන්නට ඇත. ඉන්දියාවේ හිමාල කන්ද ආශ්‍රිත ප්‍රදේශයක ගිනිමැල කිහිපයක් දැල්වෙමින් තිබිණි. තාවකාලිකව සැකසූ කූඩාරම් කිහිපයක්ද ඒ අවට පිහිටා තිබුණු අතර තරමක් විශාල රූස්ස ගහකොළ පිහිටි වනගත සීමාව ආසන්නයේ පිහිටි මෙම බිම්කඩ තුළ පමණක් ගහකොළ නොමැතිව කුඩා ක්‍රීඩා පිටියක ස්වභාවයක් පෙන්නුම් කළේය.

ගෝත්‍රික ජනයා වෙසෙන කුඩා ගම්මානයකැයි අනුමාන කළ හැකි ස්වභාවයක්ද එහි දිස්විය.
පරිසරයේ වූයේ සුපුරුදු සුළඟට මුසු තද සීතලකි. එම සීතල පරයා උණුසුම අපේක්ෂා කළ පිරිස් කූඩාරම් තුළ සිට විටින් විට පැමිණ ගිනිමැල අසලට රොක්වූයේ විවිධ විනෝදජනක කතා කියමින් සැහැල්ලුවෙනි.

මොහොතින් මොහොත කාලය ගෙවී ගියෙන් රාත්‍රී දොළහට ආසන්න වෙමින් තිබෙද්දී වනාන්තරයට ඔබ්බෙන් යම් ආලෝකයක් අස්සේ සිට විටින් විට මහ පොළොව දෙසට විහිදී ගියෙන් ගිනිමැල අසල සිටි පිරිස් වර්ෂාවක් ඇදහැලෙන්නට විදුලි කොටනවාදෝ යන සැකයෙන් කූඩාරම් තුළට වූයේ ඒ තුළ කුඩා ගිනිමැල දල්වාගනිමිනි.

ගතවූයේ මොහොතකි. පරිසරය දෙදරුම්කවමින් මහා ආලෝක කදම්භයක් එම ස්ථානයටට පතිත විය. අකුණක් පාත්වූවාදෝ සැකයෙන් පිරිස තිගැස්සෙන්නට ඇත. ඒ අතරේ අවට තිබූ කූඩාරම් සියල්ල ගිනිගෙන දැවෙන්නට පටන් ගත්තේය.

විදුලි කෙටීමට සමාන ආලෝක නිකුත් වීම නතර වුවද ගිනිමැල සේ දැල්වෙන කූඩාරම්වල ආලෝකය තරමක් ඈතට පෙනෙන්නට තිබිණි. කූඩාරම් ගිනිගන්නා බව ඊට තරමක් දුරින් කූඩාරම් තනාගෙන සිටි තවත් එවැනිම පිරිසක් හඳුනාගත් අතර ඔවුන් අඳුරේම එම ස්ථානයට දිව ආවේ කලබලයෙනි. එහෙත් එතෙක් වේලා කූඩාරම් තුළ ජීවත් වූ කිසිවකු එහි දක්නට නොලැබුණු අතර ඔවුන්ට ගින්නෙන් හානි වූ බවටද කිසිදු හෝඩුවාවක් නොවිණි. කුමක් සිදුවූයේද යන්න කිසිවකුට අනුමාන කරන්නටවත් හැකියාවක් නොවූ අතර කූඩාරම් පිහිටි සීමාවේ තැනක විශාල වළවල් තුනක් ඉලිප්සාකාර හැඩයකින් සෑදී ඇති අයුරු දක්නට තිබිණි. යම් වස්තුවක් මහ පොළොව මත ගැටීමෙන් ඇතිවන වළගැසීමකට සමාන ස්වභාවයක් එම සලකුණේ දක්නට තිබිණි. ‘මිනිසුන්ට මොකද වුණේ’ මේ අවසානයට ඉතිරිවූ ප්‍රශ්නයට පිළිතුරක් නොතිබිණි. අතුරුදන් වීමක් නැතිනම් පැහැරගැනීමක් විය හැකි යැයි අනුමාන කළද එසේ කළේ කවුද, කෙසේද යන්න කිසිදු සාක්ෂියක් ගළපා ගැනීම අපහසු විය.

මේ කිසිදු හෝඩුවාවක් ඉතිරි නොකොට අතුරුදන් වීමක් සිදුවූ එක් අවස්ථාවක් පමණි. මෙවැනි අතුරුදන් වීම් රාශියක් ගැන ලෝකයේ විවිධ රටවල විවිධ ප්‍රදේශවලින් අසන්නට ලැබී ඇත. ඒ බොහොමයක් සිදුවීම් තුළ ඇත්තේ සැඟවුණු අද්භූත හෝ ගුප්ත ස්වභාවයකි. ඇතැම් සිදුවීම් විශ්වාස කිරීමට පවා අපහසු ඒවාය.

මෙවැනිම තවත් සිදුවීමක් එංගලන්තයේ ගම්බද ප්‍රදේශයකින් වාර්තා වී තිබිණි. ඒ, එක්දහස් අටසිය පනස් ගණන්වලදීය. එවක මහා පරිමාණයෙන් වගා කටයුතුවල නියැළුණු ගොවි මහතකු සිය හිතවතකු සමග ගොවිපළ තුළ ඇවිද යමින් වගාවන් පරීක්ෂා කරමින් සිටියදී එම ගොවි මහතාගේ හඬ එකවරම නොඇසී ගොස් තිබේ. තමාට පිටුපසින් කතා කරමින් පැමිණි ගොවි මහතාගේ හඬ නතර වීමෙන් කලබලයට පත් මිතුරා ආපසු හැරී බලද්දී එහි කිසිවකුත් දක්නට ලැබී නැත. ගොවි මහතා සිටියා යැයි අනුමාන කළ හැකි තැන කවාකාර කොටසක තණකොළ ගැලවී ගිය ස්වභාවයක් පෙනෙන්නට තිබී ඇති අතර යම් බලයකට ගොවි මහතාත් සමගම එම තණකොළද ගැලවී ඉහළට ඇදීගියාදෝ යන්න සැක කළ හැකි ස්වභාවයක් එම ස්ථානයේ තිබී ඇත. කලබල වූ මිතුරා වටපිටවත් නොබලා එම ස්ථානයෙන් ඉවත්ව ඇති අතර ඊට යාබද නිවෙසේ සිටි පිරිස ඊට මොහොතකට පෙර අද්භූත හඬක් සමග තද ආලෝකයක් අහසේ නැඟුණු බව දැක තිබිණි.

එංගලන්තයෙන් මෙවැනි සිදුවීම් රාශියක් වාර්තා වී ඇති අතර තවත් ප්‍රසිද්ධ එවැනි සිදුවීමක් වන්නේ බොහෝ කලකට පෙර මනාල යුවලක් අතුරුදන් වීමේ පුවතයි. එවක අශ්ව කරත්ත ඉතා ප්‍රසිද්ධ සහ ජනප්‍රිය වූ යුගයයි. මනාල යුවලකට අශ්ව කරත්තයක නැඟී සිය මංගල ගමන යෑම ඉතා සුන්දර අත්දැකීමක් වූ කාලයකි. ඒ සඳහාම සැකසූ විශේෂ අශ්ව කරත්තද ඒ කාලයේ තිබිණි.

ඉතා ධනවත් ව්‍යාපාරිකයකුගේ එකම දරුවා වූ තරුණයා සිය මනාලිය කැඳවාගෙන එන්නට ගියේ අලංකාර ලෙස රන් රිදියෙන් සරසා වියන් යෙදූ අශ්ව කරත්තයකිනි. එහෙත් ඔවුන්ට සිසිල් සුළඟ නිසි ලෙස ලැබිය යුතු නිසාම එම අශ්ව කරත්තයේ වහලයක් නොතිබිණි. මංගල පෙරහැර ආරමභ වූයේ රාත්‍රියේය. පැය භාගයක පමණ කාලයක් ගමනට ගතවිණි. අතරමඟදී නැටුම් සංදර්ශන ආදියද යෙදී තිබිණි. ඒ සඳහා අශ්ව කරත්තය ස්ථාන කිහිපයකදී නතර කෙරිණි.

ගමන අවසන් කර කරත්තය ව්‍යාපාරිකයාගේ නිවෙස අසලට පැමිණියද මනාල යුවල එහි නොසිටීමෙන් පිරිස මහත් කලබලයට පත්වූහ. එහෙත් ඔවුන්ට සිදුවූයේ කුමක්ද යන්න කිසිවකු දැන නොසිටි අතර අතරමඟදී යම් හඬක් නැඟුණු බවත්, මල් වෙඩිල්ලක් සේ කුඩා කැබලි විසිර ගිය බවත්, එය සැලසුම් කළ මල් වෙඩිල්ලක් විය හැකි යැයි තමන් අනුමාන කළ බවත් පිරිස අතරේ සිටි කිහිප දෙනකු පවසා තිබිණි.

පසුදා අදාළ ස්ථානයට ගොස් පරීක්ෂා කළ පිරිසට දක්නට ලැබී ඇත්තේ ඉරී කුඩා කැබලි බවට පත්ව විසිරී තිබූ මනාලියගේ වේල් එකේ කොටස්ය. කෙසේ නමුත් එදිනට පසු එම මනාල යුවල ගැන කිසිදු හෝඩුවාවක් හමු නොවිණි.

ඉහත සිදුවීම් හා සමානවම කිසිදු සාක්ෂියක් නොමැතිව ප්‍රංශයේ පුද්ගලයකු ප්‍රධාන මාර්ගයක් අසල පිහිටි බංකුවක් මත වාඩිවී සිටියදී අතුරුදන්වී තිබිණි. ඒ, මීට වසර ගණනකට පෙරදීය. එම පුද්ගලයා පොතක් කියවමින් සිටියදී එලෙස අතුරුදන්වී තිබිණි. ඔහු කියවමින් සිටි පොත ඒ අසල තැනක වැටී තිබූ අතර එහි පිටු කිහිපයක් පමණක් ඉරී ගොස් තිබී ඇත. එම ඉරුණු පිටු ගැන කිසිදු හෝඩුවාවක් නොතිබූ අතර සිදුවීමෙන් දින කිහිපයකට පසුව එම පුද්ගලයා යළිත් ඔහු අතුරුදන් වීමට ලක්වූ බංකුව මතම සිට හමුවී ඇත්තේ ඔහු කියවමින් සිටි අතුරුදන්ව තිබූ පිටු කිහිපයද සමගිනි. එහෙත් තමාට සිදුවූයේ කුමක්ද යන්න හෝ වෙනත් දෙයක් ගැන කියන්නට නොහැකි ආකාරයට යම් මානසික ව්‍යාකූල තත්ත්වයකටත් කතා කිරීමට නොහැකි තත්ත්වයකටත් එම පුද්ගලයා මුහුණ දී සිටියේ අබිරහස් අන්දමිනි.

මෙවැනිම අතිශය ප්‍රසිද්ධ අතුරුදන් වීම් රාශියක්ද පසුගිය කාලයේ අසන්නට ලැබුණු අතර ඉන් බොහොමයක් බර්මියුඩා ත්‍රිකෝණයද සුවිශේෂ වෙයි. මෙහිදී අතුරුදන් වීමට ලක්වුණු නැව් සහ ගුවන් යානා ප්‍රමාණය සිය ගණනකි. මිනිසුන් දහස ඉක්මවා ගිය පිරිසකට මේ අතුරුදන්වීම් හේතුවෙන් ජීවිත අහිමිවී ඇතැයි අනුමාන කළ හැකිය. කිසිදු තොරතුරක් නොමැතිව අද්භූත ආකාරයට සිදුවූ මෙවැනි අතුරුදන්වීම් ගැන විවිධ ආකාරයට පර්යේෂණ පැවැත්වුවද ඒ කිසිවකින් සාර්ථක ප්‍රතිඵල අත්කර ගන්නට නොහැකි වී තිබේ.

විටින් විට ලෝකයේ විවිධ ස්ථානවලින් අසන්නට ලැබුණත් මෙම අතුරුදන්වීම්වල ස්වභාවය යම්කිසි සමානතාවකින් සිදුව ඇති ආකාරයක් පෙන්වන බවට බොහෝ පිරිස් අනුමාන කරයි.

එහෙත් මේ සියල්ල පිටුපස මෙලොව ක්‍රියාත්මක වන යම් බලවේගයක් හෝ ශක්තියක් නැතහොත් කණ්ඩායමක් ක්‍රියා කළේ නම් කුමක් හෝ සාක්ෂියක් සොයාගත හැකි වන බව රහසක් නොවේ. එහෙයින් යම් ලෙසකට මෙය පිටසක්වළ හා සම්බන්ධ පිරිසකගේ ක්‍රියාකාරකමක්ද යන්න මේ වෙද්දී සැක මතුව තිබේ.

එලෙස පිටසක්වළ ජීවීන් පිරිසක් පෘථිවිවාසීන්ව විටින් විට පැහැරගෙන යනවා නම් ඒ කුමක් සඳහාද යන්න සැක සහිතය.

එමෙන්ම අධි තාක්ෂණික යානා හෝ උපකරණ සහ කිරණ සහිත යානාවලින් පැමිණ ගුවනේ සිටම මෙලොව ජීවීන් යානා තුළට ඇදගැනීමේ ශක්තිය සහිත පිටසක්වළුන් සිටිනවාද යන්න මේ වන විට සැකසංකා මතුව තිබෙන අතර කෙසේ නමුත් මෙවැනිම අතුරුදන් වීම් අනාගතයේදීද අසන්නට ලැබෙනු ඇතැයි බොහෝ දෙනකු විශ්වාස කරන්නකි. එහෙත් එවන් සිදුවීමකින් හෝ මේ අබිරහස විසඳේ යැයි කිසිවකු නොසිතනු ඇත. මන්ද පිටසක්වළක් හෝ මේ හා සමාන තවත් දියුණු ලොවක් ගැන අදහසක් මිස සාක්ෂියක් කිසිවකුට තවමත් සොයාගන්නට නොහැකිව ඇති නිසාවෙනි.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

2022ට දරුවෙක් ඕනද?

Next Post

SLT-MOBITEL සබැඳියාවේ ආදරය…

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.