• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලෝකයට ඉස්තරම් කපු රෙදි සැපයූ අවුරුදු තිස්දාහක් පැරැණි ලංකාවේ කර්මාන්ත පුරය…

February 28, 2022
in Exclusive, Mahawanshaya
Reading Time: 2 mins read
A A
ලෝකයට ඉස්තරම් කපු රෙදි සැපයූ අවුරුදු තිස්දාහක් පැරැණි ලංකාවේ කර්මාන්ත පුරය…
Share on WhatsAppShare on Facebook

ලෝකයේ නම රැන්දූ ලාංකීය නිෂ්පාදන රාශියක් වෙයි. ඒ අතරින් සිලෝන් තේ, මෙන්ම කුළුබඩු වර්ග සහ තවත් විවිධ වූ නිෂ්පාදනයන් ගැන නිතර නිතර කතාබහට යොමුවන අතර මෙරට ඇඟලුම් කෙරේද විශාල ඉල්ලුමක් සහ පිළිගැනීමක් තිබේ. වසර සිය ගණනකට මෙහා ඉතිහාසය තුළ ගොඩනැඟුණු මේ විශ්වාසයන් නිසාම වර්තමානයේ විශාල කර්මාන්ත ශාලා ජාලයක් මෙරට ස්ථාපිතව ඇති අතර විදෙස් වෙළෙඳපොළ ඉලක්ක කරගත් එම කර්මාන්ත ශාලා තුළ නිෂ්පාදිත ඇඟලුම් ලෝකය තුළ ඉතා ගුණාත්මක නිෂ්පාදන ලෙස පිළිගැනීමකට ලක් වෙද්දී මීට වසර විසි, තිස් දහසකට එහා ඈත ඉතිහාසයේද ලෝකයට ඇඟලුම් සැපැයූ කර්මාන්ත පුරයක් මෙරට තිබුණා යැයි පැවැසුවහොත් ඔබ විශ්වාස නොකරනු ඇත.

එහෙත් එදා තුන්හෙළය පමණක් නොව විශ්වය පවා පාලනය කළ මහාරාවණ රජුගේ කාලයේ මෙරට සීගිරිය ආශ්‍රිතව මහා පරිමාණ කපු කර්මාන්ත ජාලයක් විසිරී තිබූ බවට මේ වන විට ජනප්‍රවාද ඔස්සේ හෙළිවෙයි. ඒ අනුව එකල අතිශයින් දියුණු කපු කර්මාන්ත ජාලයක් සීගිරිය අවට ස්ථාපිත කරන්නට රාවණ රජු කටයුතු කර තිබේ. ලෝකයට ඇඟලුම් හඳුන්වා දීමේ ගෞරවයද රාවණ රජුටම හිමිවිය යුතුය යන මතයද ඉන් තහවුරු කරගත හැකි අතර එවකට රාවණ රජු විසින්ම සොයාගත් සුවිශේෂී තාක්‍ෂණ උපක්‍රම ඊට භාවිත කළ බවටද ජනප්‍රවාදයන් ඇසුරේ පැහැදිලි වෙයි.

කපු කර්මාන්තය සඳහා අවශ්‍ය සියලු කපු පුළුන් සීගිරිය අවට විශාල ප්‍රදේශයක වැවීම සිදුකර ඇති අතර එම කපු වගාවන් සරුසාර කිරීමට සූර්ය බලයත්, වර්ෂාවත් තමන්ට අවශ්‍ය ආකාරයට පාලනය කරන්නට රාවණ රජු කටයුතු කර තිබේ. එකී කපු වගාවන්හී අස්වැන්න නෙළීම සඳහා රූමත් තරුණියන් යොදවා ඇති අතර, ඉතා පිරිසුදුව, කිළිටි නොවන ආකාරයට කපු පුළුන් නෙළා පිළියෙල කිරීම එම තරුණියන් සතු මූලිකම වගකීමකි. එසේ නෙළා ගන්නා කපු පුළුන් වර්ණ ගැන්වීම සඳහා රාවණ රජු තමන්ට ආවේණික ක්‍රම කිහිපයක් භාවිත කළේය. මෙදිකා සංගා සහ දිමිත්‍රි යන ක්‍රම ඇසුරින් වර්ණ ගන්වා ගන්නා කපු නූල් භාවිත කර රෙදි වියා ඇත්තේ විවිධ අවශ්‍යතාවලට ආවේණික වූ ශිල්පීය ක්‍රම කිහිපයකටය. ඒ අනුව අධික ශීතල කාලයටත්, අධික ශීතල සහිත රටවල අයටත් භාවිතයට ගන්නට සුදුසු ඉතා උසස් ප්‍රමිතියෙන් යුත් ඇඳුම් මේනු විවීමේ ක්‍රමය නම් ක්‍රමවේදයක් යටතේ විවීම් කටයුතු කර තිබේ.

අධික උණුසුම සහිත කාලවලට සහ ප්‍රදේශවල ජනයාට උණුසුමින් ආරක්‍ෂාව ලැබෙන ආකාරයේ ඇඟලුම් කසී සළු විවීමේ ක්‍රමයකටත්, ක්‍රමවේදයට වියද්දි සුළඟින් සහ වායුවෙන් පීඩාවට පත්වන ජනයාට ඉන් ආරක්‍ෂා වීමට හැකි අයුරින් වායු විවීමේ ක්‍රමය යටතේ ඇඟලුම් නිෂ්පාදනයට රාවණ රජු සිය විශ්මිත ඥාණය භාවිත කර විශේෂ ක්‍රමවේදයන් සකසා තිබේ.

මිද්දාල් කපු කර්මාන්ත පුරය ලෙසින් හඳුන්වා ඇති සීගිරි කපු කර්මාන්ත පුරය, එවකට ලොව තිබූ එකම ඇඟලුම් නිෂ්පාදන පුරවරය බවට විශ්වාස කෙරෙන අතර, එමගින් ලෝකයටම ඇඟලුම් සැපැයූ බවටද හෙළිවේ.

මෙකල කපු කර්මාන්තය කොතරම් දියුණු තත්ත්වයක තිබුණාද යන්න හෙළිවන තවත් කාරණයක් වන්නේ රාවණ රජු මෙම කපු කර්මාන්ත සඳහා විවිධ කටයුතුවලට විවිධ පිරිස් පත්කර ඒ කාලවලට එකී රාජකාරී පවරා තිබීමෙනි. සීගිරිය වටා ගම්මාන හතරක් මුල්කර ගනිමින් නිර්මිත මේ කර්මාන්ත පුරවරයේ ඒ ඒ රටවලට යවනු ලබන රෙදි විවීමටද වෙන වෙනම කොටස් පත්කර තිබූ බව ජනප්‍රවාද ඇසුරේ හෙළිවෙයි.

රාවණගේ කපු රෙදි අලෙවිය උදෙසාම වෙළෙඳ කුල කිහිපයක් කටයුතු කර තිබේ. එම කටයුතු අධීක්‍ෂණයට විශේෂිත පරිපාලන ජාලයක්ද ක්‍රියාත්මක කර තිබී ඇත.

සංකීර්ණ පාලන ජාලයක් හරහා ඉතා දියුණු තාක්‍ෂණයකුත්, සූර්ය ශක්තියෙන් විශ්ව ශක්තියත්, මුසු කළ විශේෂ ක්‍රම වේදයනුත් භාවිත කරමින් රාවණ රජු සිය කපු කර්මාන්තය තුළින් ලෝකයේ ඇඟලුම් අවශ්‍යතාවය සැපිරූ බව ඉතා පැහැදිලිවම හඳුනාගත හැක. එසේ බලන විට වසර දහස් ගණනකට පෙර පැවැති රාවණගේ ඇඟලුම් කර්මාන්ත ජාලය ලෝකයේ ප්‍රථම ඇඟලුම් කර්මාන්ත පුරය නොවේ යැයි කාටනම් කිව හැකිද.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

අද සිට දවල්ට බස් නෑ! උදේටයි හවසටයි විතරයි!

Next Post

AIA ඉන්ෂුවරන්ස් වෙතින්, ශ්‍රී ලංකා පිළිකා සංගමයට සහ ලංකා ඇල්සයිම්ර්ස් පදනමට රුපියල් මිලියනයක මුදල් ත්‍යාගයක්…

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.