ලෝකයේ නම රැන්දූ ලාංකීය නිෂ්පාදන රාශියක් වෙයි. ඒ අතරින් සිලෝන් තේ, මෙන්ම කුළුබඩු වර්ග සහ තවත් විවිධ වූ නිෂ්පාදනයන් ගැන නිතර නිතර කතාබහට යොමුවන අතර මෙරට ඇඟලුම් කෙරේද විශාල ඉල්ලුමක් සහ පිළිගැනීමක් තිබේ. වසර සිය ගණනකට මෙහා ඉතිහාසය තුළ ගොඩනැඟුණු මේ විශ්වාසයන් නිසාම වර්තමානයේ විශාල කර්මාන්ත ශාලා ජාලයක් මෙරට ස්ථාපිතව ඇති අතර විදෙස් වෙළෙඳපොළ ඉලක්ක කරගත් එම කර්මාන්ත ශාලා තුළ නිෂ්පාදිත ඇඟලුම් ලෝකය තුළ ඉතා ගුණාත්මක නිෂ්පාදන ලෙස පිළිගැනීමකට ලක් වෙද්දී මීට වසර විසි, තිස් දහසකට එහා ඈත ඉතිහාසයේද ලෝකයට ඇඟලුම් සැපැයූ කර්මාන්ත පුරයක් මෙරට තිබුණා යැයි පැවැසුවහොත් ඔබ විශ්වාස නොකරනු ඇත.
එහෙත් එදා තුන්හෙළය පමණක් නොව විශ්වය පවා පාලනය කළ මහාරාවණ රජුගේ කාලයේ මෙරට සීගිරිය ආශ්‍රිතව මහා පරිමාණ කපු කර්මාන්ත ජාලයක් විසිරී තිබූ බවට මේ වන විට ජනප්‍රවාද ඔස්සේ හෙළිවෙයි. ඒ අනුව එකල අතිශයින් දියුණු කපු කර්මාන්ත ජාලයක් සීගිරිය අවට ස්ථාපිත කරන්නට රාවණ රජු කටයුතු කර තිබේ. ලෝකයට ඇඟලුම් හඳුන්වා දීමේ ගෞරවයද රාවණ රජුටම හිමිවිය යුතුය යන මතයද ඉන් තහවුරු කරගත හැකි අතර එවකට රාවණ රජු විසින්ම සොයාගත් සුවිශේෂී තාක්‍ෂණ උපක්‍රම ඊට භාවිත කළ බවටද ජනප්‍රවාදයන් ඇසුරේ පැහැදිලි වෙයි.
කපු කර්මාන්තය සඳහා අවශ්‍ය සියලු කපු පුළුන් සීගිරිය අවට විශාල ප්‍රදේශයක වැවීම සිදුකර ඇති අතර එම කපු වගාවන් සරුසාර කිරීමට සූර්ය බලයත්, වර්ෂාවත් තමන්ට අවශ්‍ය ආකාරයට පාලනය කරන්නට රාවණ රජු කටයුතු කර තිබේ. එකී කපු වගාවන්හී අස්වැන්න නෙළීම සඳහා රූමත් තරුණියන් යොදවා ඇති අතර, ඉතා පිරිසුදුව, කිළිටි නොවන ආකාරයට කපු පුළුන් නෙළා පිළියෙල කිරීම එම තරුණියන් සතු මූලිකම වගකීමකි. එසේ නෙළා ගන්නා කපු පුළුන් වර්ණ ගැන්වීම සඳහා රාවණ රජු තමන්ට ආවේණික ක්‍රම කිහිපයක් භාවිත කළේය. මෙදිකා සංගා සහ දිමිත්‍රි යන ක්‍රම ඇසුරින් වර්ණ ගන්වා ගන්නා කපු නූල් භාවිත කර රෙදි වියා ඇත්තේ විවිධ අවශ්‍යතාවලට ආවේණික වූ ශිල්පීය ක්‍රම කිහිපයකටය. ඒ අනුව අධික ශීතල කාලයටත්, අධික ශීතල සහිත රටවල අයටත් භාවිතයට ගන්නට සුදුසු ඉතා උසස් ප්‍රමිතියෙන් යුත් ඇඳුම් මේනු විවීමේ ක්‍රමය නම් ක්‍රමවේදයක් යටතේ විවීම් කටයුතු කර තිබේ.
අධික උණුසුම සහිත කාලවලට සහ ප්‍රදේශවල ජනයාට උණුසුමින් ආරක්‍ෂාව ලැබෙන ආකාරයේ ඇඟලුම් කසී සළු විවීමේ ක්‍රමයකටත්, ක්‍රමවේදයට වියද්දි සුළඟින් සහ වායුවෙන් පීඩාවට පත්වන ජනයාට ඉන් ආරක්‍ෂා වීමට හැකි අයුරින් වායු විවීමේ ක්‍රමය යටතේ ඇඟලුම් නිෂ්පාදනයට රාවණ රජු සිය විශ්මිත ඥාණය භාවිත කර විශේෂ ක්‍රමවේදයන් සකසා තිබේ.
මිද්දාල් කපු කර්මාන්ත පුරය ලෙසින් හඳුන්වා ඇති සීගිරි කපු කර්මාන්ත පුරය, එවකට ලොව තිබූ එකම ඇඟලුම් නිෂ්පාදන පුරවරය බවට විශ්වාස කෙරෙන අතර, එමගින් ලෝකයටම ඇඟලුම් සැපැයූ බවටද හෙළිවේ.
මෙකල කපු කර්මාන්තය කොතරම් දියුණු තත්ත්වයක තිබුණාද යන්න හෙළිවන තවත් කාරණයක් වන්නේ රාවණ රජු මෙම කපු කර්මාන්ත සඳහා විවිධ කටයුතුවලට විවිධ පිරිස් පත්කර ඒ කාලවලට එකී රාජකාරී පවරා තිබීමෙනි. සීගිරිය වටා ගම්මාන හතරක් මුල්කර ගනිමින් නිර්මිත මේ කර්මාන්ත පුරවරයේ ඒ ඒ රටවලට යවනු ලබන රෙදි විවීමටද වෙන වෙනම කොටස් පත්කර තිබූ බව ජනප්‍රවාද ඇසුරේ හෙළිවෙයි.
රාවණගේ කපු රෙදි අලෙවිය උදෙසාම වෙළෙඳ කුල කිහිපයක් කටයුතු කර තිබේ. එම කටයුතු අධීක්‍ෂණයට විශේෂිත පරිපාලන ජාලයක්ද ක්‍රියාත්මක කර තිබී ඇත.
සංකීර්ණ පාලන ජාලයක් හරහා ඉතා දියුණු තාක්‍ෂණයකුත්, සූර්ය ශක්තියෙන් විශ්ව ශක්තියත්, මුසු කළ විශේෂ ක්‍රම වේදයනුත් භාවිත කරමින් රාවණ රජු සිය කපු කර්මාන්තය තුළින් ලෝකයේ ඇඟලුම් අවශ්‍යතාවය සැපිරූ බව ඉතා පැහැදිලිවම හඳුනාගත හැක. එසේ බලන විට වසර දහස් ගණනකට පෙර පැවැති රාවණගේ ඇඟලුම් කර්මාන්ත ජාලය ලෝකයේ ප්‍රථම ඇඟලුම් කර්මාන්ත පුරය නොවේ යැයි කාටනම් කිව හැකිද.
කුමාර රත්නායක