• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඔබ මෙතෙක් නොදත් ලංකාවේ එකම ජය භූමිය සොයාගත් හැටි…

May 29, 2022
in Exclusive, Mahawanshaya
Reading Time: 2 mins read
A A
ඔබ මෙතෙක් නොදත් ලංකාවේ එකම ජය භූමිය සොයාගත් හැටි…
Share on WhatsAppShare on Facebook

මේ ගම්පොළ රාජධානි යුගයයි. එවක ගම්පොළ රජකම් කළ බුවනෙකබාහු රජු සිය දූත පිරිස කැඳවා යම් භාරදූර කාර්යයක් භාර කළේය. වහාම ගොස් මේ මවු පොළොව මත පිහිටි සුවිශේෂ ජය භූමියක් සොයා පවසන්න යැයි රජුගේ එම නියමයෙන් කියැවිණි. දූත පිරිස යම් අපහසුතාවකටත් ගැටලුකාරී තත්ත්වයකටත් පත්විය. ජය භූමියක් සෙවීම ලේසි පහසු කටයුත්තක් නොවේ යැයි සිතූ දූත පිරිස ගම්පොළ සිට මහනුවර දෙසට ඇවිදගෙන ආවේ මේ ගැටලුව සාකච්ඡා කරමිනි.

ඔවුන් ක්‍රමයෙන් සෙංකඩගල දෙසට ළඟා වූයේ රජුගේ ඉල්ලීම ඉටු කරන්නට නොහැකි වේදෝයි සැකයෙනි. එහෙත් සෙංකඩගල පුරයේදී විඩාව නිවාගැනීමේ අදහසින් නැවතුණු දූත පිරිස අතරින් එක් අයකු කලබලයෙන් නැගිට ගත්තේ කිසිදා දැක නැති අරුම පුදම යමක් දැකීමෙනි. හෙතෙම එම දසුන අනෙක් පිරිසටත් පෙන්වීය. ඒ අනුව සියලු දෙනාගේම දෑස් විසල් විය. හොඳින් වැඩුණු මුවකු පසුපස පන්නාගෙන යන දිවියකුගේ රුව ඔවුන් ඉදිරියේ දර්ශනය විය.

දිවියාට බයේ දිවගිය මුවා එක්තරා තැනක පිහිටි විශාල සපු ගසක් අසල නතරවී පපුව පිරෙන්නට හුස්මක් අල්ලා ආපසු හැරී තිබේ. එවිට යම් තැතිගැනීමකට පත් දිවියා තම වේගය අඩුකොට නතරවී ඇති අතර ඒ මොහොතේම මුවා දිවියා වෙත කඩාපැන දිවියා පසුපස පන්නාගෙන යන්නට පටන් ගත්තේය. දූත පිරිස මේ සිදුවීමෙන් පසු තම අරමුණ ඉටුවූ බව හඳුනා ගත්තේය. මෙය නම් ජය භූමියක්මැයි හඳුනාගත් පිරිස ඒ බව බුවනෙකබාහු රජුට දැනුම් දෙන්නට තීන්දු කළේ අවට කරුණු කාරණාද සොයා බැලීමෙන් පසුවය.

ජනප්‍රවාදයන්ට අනුව දිවියාට බයේ පැන දිවූ මුවා නතරවූ කපු ගස අසල සෙංකඩ නම් බ්‍රාහ්මණයකු වාසය කළ බවටත් එම කාලයේ යක්ගහපිටියේ වැඩවිසූ නාථ දෙවියන් තම වාසස්ථානය පිටියේ දෙවියන්ට පවරා පසුව නාථ දෙවියන් සෙංකඩ බ්‍රාහ්මණයා විසූ ස්ථානයට අරක් ගත් බවටත් ජනප්‍රවාදයේ වැඩිදුරටත් සඳහන් වේ.

සිය දූත පිරිසේ කරුණු සොයා ගැනීම ගැන පැහැදුණු ගම්පොළ විසූ බුවනෙකබාහු රජු සෙංකඩ පුරවරයට පැමිණ දේවාලයක් ඉදිකර එම දේවාලය නාථ දෙවියන්ට පූජා කළ බවයි පැවසෙන්නේ. එතැන් පටන් සෙංකඩගල පුරවරය ඉතා සුප්‍රසිද්ධ විශේෂ ස්ථානයක් ලෙස පිළිගැනුණු අතර ඒ අනුව සෙංකඩගල පුරවරයේ ඇති පැරැණිම ගොඩනැගිල්ල ලෙස වර්තමානයේ පවා දක්නට ඇති නාථ දේවාලය හඳුන්වා දිය හැකිය.

ගම්පොළ යුගයෙන් පසුව කොනප්පු බණ්ඩාර පළමු වැනි විමලධර්මසූරිය නමින් රජවෙද්දී එතුමන් තමන්ගේ රාජ මාලිගාව හදන්නට තෝරාගන්නේ මෙම සුවිශේෂ භූමියයි. ඒ අනුව වර්තමාන රජ වීදිය පිහිටි ප්‍රදේශයේ සිය මාලිගය ඉදිකරන පළමු වැනි විමලධර්මසූරිය රජු තමන්ට පෙර රජකම් කළ රජවරුන්ගේ ක්‍රියාකලාපයන් ගරුකොට කටයුතු කරන්නට පෙළඹෙන අතර එතෙක් පැවැති රාජ්‍යයන්හි රජකම් කළ රජවරුන් සිය රාජකීයත්වයේ සංකේතයක් රාජකීය උරුමයක් ලෙස සලකා ඇත්තේ දළදා වහන්සේවයි. එම මතය අනුව යමින් පළමු වැනි විමලධර්මසූරිය රජුන් දළදා වහන්සේට උපරිම ගෞරවාදරය දැක්වීම උදෙසා සිය මාලිගා සංකීර්ණය පිහිටි ඉසව්ව සමීපයේම දළදා වහන්සේ වඩාහිඳුවා තබා ගැනීමට කටයුතු කළේය.

ඒ අනුව මහනුවරට වැඩම කෙරෙන දළදා වහන්සේ විවිධ කාලවකවානු අභියෝග තාඩන පීඩන ආක්‍රමණවලට මුහුණ දෙමින් විවිධ ආරක්ෂිත උපක්‍රම යටතේ රාජ්‍යත්වයේ සහ මහා සඟරුවනේ ආරක්ෂාව යටතේ වර්තමානයේත් සෙංකඩගල පුරයේම වැඩවාසය කරන්නේ මෙරට පිහිටි සුවිශේෂම ජය භූමිය සෙංකඩගල පුරය නිසා බව ජනප්‍රවාද ඇසුරේ පැහැදිලි වෙයි.

එදාමෙදාතුර ඉතිහාසයේ කොතරම් අභියෝග එල්ල වුවද දළදා වහන්සේට ආරක්ෂා සහිතව වැඩවාසය කරන්නට අවස්ථාව සැලසී ඇත්තේ මේ සෙංකඩගල පුරවරයේ ඇති සුවිශේෂතාව නිසාම බව සිතිය හැකිය. එමෙන්ම තවත් චිරාත් කාලයක් මේ ලොව පවත්නා තෙක් මේ සෙංකඩගල පුරවරය ශ්‍රී දළදා වහන්සේට ආරක්ෂාව සලසනු ඇත.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

කැපිල්ල ඇරඹේ! ආණ්ඩුවේ වියදම්වලින් රුපියල් බිලියන 200ක් කපන්න සූදානම්!

Next Post

පෙම් කරන්න කලින් එයාගේ විදිය දැනගන්න…

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.