ඉදිරියේදී ඉදිරිපත් කිරීමට නියමිත නව අයවැයෙන් ඇස්තමේන්තුගත රජයේ වියදම් රුපියල් බිලියන 200 ක කප්පාදුවක් සිදුවීමට නියමිත බව වාර්තා වේ.
භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ආර්.එම්.පී. රත්නායක පැවසුවේ “අපි නව ඇස්තමේන්තු අවසන් කර නැහැ, නමුත් අපි දළ වශයෙන් වියදම් කපා හැරීමට අපේක්ෂා කරනවා රු. බිලියන 200ක්. නමුත් තවමත් කටයුතු අවසන් කර නැහැ” යනුවෙනි.
සෞඛ්‍ය හා අධ්‍යාපන ක්ෂේත්‍ර වියදම් අඩුකිරීමෙන් නිදහස් කරන බව ඔහු පැවසීය.
“අධ්‍යාපනය සහ සෞඛ්‍ය හැර අනෙකුත් සියලුම අංශවලින් මෙම අඩුවීම සිදුවනු ඇත. අනෙක් සියලුම අමාත්‍යාංශ වියදම් හැකිතාක් අඩු කිරීමට උත්සාහ කරනවා.”යැයි රත්නායක මහතා අනාවරණය කළේය.