• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ධීවරයොත් භීතියට පත්වෙලා මහ මුහුද කලඹන හොල්මන් නැව්…

January 17, 2022
in Exclusive, Mahawanshaya
Reading Time: 2 mins read
A A
ධීවරයොත් භීතියට පත්වෙලා මහ මුහුද කලඹන හොල්මන් නැව්…
Share on WhatsAppShare on Facebook

ඈත දියඹේ පෙනී නොපෙනී යන අබිරහස් නෞකා ගැන ඔබ අසා තිබේද? මීදුම් අතරින් එක්වරම මතුවී ස්වල්ප මොහොතකට පසු අතුරුදන් වන එවැනි නෞකා ගැන ඉතිහාසයේ පටන් මේ දක්වාම නාවිකයන්ගෙන් තොරතුරු ලැබේ. එවැනි නෞකා ඇසින් දුටු නාවිකයන් පවසා සිටින්නේ එම නැව් සැබෑ නෞකා ලෙසින්ම දිස් වූ බවයි. නමුත් ඒ සියල්ලන් පුදුමයට පත්කරමින් එම නෞකා එකවරම අතුරුදන්වී ඇත. මෙහි ඇති අබිරහස් බව හේතු කොට ගෙන එම නෞකා ‘භූත නැව්’ ලෙස හැඳින්වීමට නාවිකයෝ පෙලඹී සිටිති. සාමාන්‍ය ජනයා අතර එතරම් ප්‍රචලිතව නැතත් නාවික ප්‍රජාව අතර මේ ‘භූත නැව්’ ජනප්‍රිය මාතෘකාවක් බවට පත්වී හමාරය.

චිලෝටා ප්‍රදේශයේ පවතින ජනප්‍රවාදයකට අනුව සැමදා රාත්‍රියෙහි චිලෝයි දූපත් අසලට පැමිණෙන අබිරහස් නෞකාවක් ඇත. එම ප්‍රදේශයේ ජනතාව පවසන පරිදි එම නෞකාව මීට බොහෝ කලකට පෙර මුහුදුබත් වූවකි. නෞකාව දර්ශනය වන විට නැවේ සිට ගිලී මියගිය මිනිසුන්ගේ භූතාත්මද ඒ සමග දර්ශනය වන බව පැවැසේ. නෞකාව හැම විටම සාදවල වැයෙන සංගීත රාවයෙන්ද, සිනා හඬින්ද පිරී ඉතිරී ඇති බව වැඩිදුරටත් සඳහන් වේ. කෙසේ නමුත් එලෙස මෙම නෞකාව දර්ශනය වන්නේ සුළු වේලාවකට පමණි. සුළු වේලාවකින් නෞකාව අතුරුදන් වේ. සමහරුන් පවසන්නේ නෞකාව නැවැත මුහුදු පත්ලට යන බවය. කෙසේ නමුත් මේ සිදුවීම අදටත් අබිරහසක් බව පැවැසේ.

වර්ෂ 1906දී තවත් මෙවැනි පුවතක් වාර්තාවී ඇත. එස්.එස්. වැලන්සියා නම් නෞකාව වර්ෂ 1906දී මුහුදුබත් වී ඇත්තේ අයහපත් කාලගුණය හේතුවෙන් මෙන්ඩොසිනො නමැති තුඩුව ආසන්නයේදීය. මෙහිදී මගීහු සැම දෙනාම පාහේ ජීවිතාරක්ෂක බෝට්ටු ආධාරයෙන් ජීවිතය බේරාගැනීමට සමත් වූහ. නමුත් එක් පුද්ගලයෙක් අතුරුදන් විය. එයින් පසු බොහෝ මසුන් මරන්නන් පවසා සිටියේ එක් මිනිස් ඇටසැකිල්ලක් සහිත ‘භූත නෞකාවක්’ ඔවුන් දුටු බවයි. මෙම නෞකාවද දර්ශනය වී සුළු මොහොතකින් එකවර අතුරුදන් වීම විශේෂත්වයකි. ‘වැලන්සියා’ නෞකාව මුහුදුබත් වී බොහෝ වසර ගණනාවකට පසුවද මෙම අබිරහස් ඇටසැකිල්ල සහිත නෞකාව දර්ශනය වීම විශේෂත්වයකි. පෙර සිදුවීමේ පරිදිම මේ නෞකාවේ අබිරහසද මෙතෙක් විසඳී නැත.

1926 වර්ෂයේ නිපදවන ලද බෙෂිමෝ නම් නෞකාව 1931දී ඇලස්කාව ආසන්නයේ අයිස් කන්දක සිරවිණි. නෞකාව ගලවා ගැනීමට කිසිම මඟක් නොවූ හෙයින් එය පිළිබඳ බලාපොරොත්තු අත්හැර ගැනීමට හිමිකරුවන්ට සිදුවිය. නමුත් පුදුමයට මෙන් එයින් වසර 38ක් ගතවන තුරුත් මෙම නෞකාව වරින්වර විවිධ පුද්ගලයන්ට දර්ශනය වී ඇත. ඒ ඇලස්කාව ආසන්න මුහුදු තීරයේය. ඔවුන් දැක තිබුණේ අරමුණක් රහිතව ගමන් කරන නෞකාවය. කෙසේ වෙතත් 1969න් පසු නෞකාව දර්ශනය වීම සම්පූර්ණයෙන් නතර වී ඇත. තවත් මෙවැනි කුතුහලය දනවන පුවතක් වාර්තා වී ඇත්තේ 1748දීය. වර්ෂ 1748 පෙම්වතුන්ගේ දිනයට පෙරදා ‘ලොවිබොන්ඩ් ආර්යාව’ නමැති නෞකාවේ නැව්පතියාගේ විවාහ සංවත්සරය සැමරිණි. නැව් කපිතාන්ගේ බිරියට කපිතාන්ගේ යහළුවාද ප්‍රේම කළ බව සඳහන් වේ. මේ තුන්කොන් ආදරය හේතුවෙන් කපිතාන්ගේ යහළුවා නැව හිතාමතා මුහුදුබත් කළ බව කියැවේ. මේ හේතුවෙන් නැවේ සිටි සියල්ලෝම මරණයට පත්වූහ. එයින් පසු සෑම වසර 50කට වරක් මේ නැව නැවත දර්ශනය වූ බව සඳහන් වේ. වර්ෂ 1798, 1848, 1898, 1948 යන වර්ෂවලදී එසේ නෞකාව දර්ශනය වී ඇත. මෙම නැව දර්ශනය වූ සමහර වාරවලදී අනතුරට පත් වූ නැවක් යැයි සිතා සමහර නෞකා ජීවිතාරක්ෂක බෝට්ටු පවා ඒ වෙත යවා තිබිණි. නමුත් සුළු මොහොතකින් නැව එකවරම අතුරුදන් වී ඇත. මෙම සිදුවීම අදටද ඉතිහාසය කලඹන්නක් වී ඇත.

‘ෆලයිං ඩච්මන්’ නම් නෞකාවද මේ අන්දමින් වාර්තා පොතට එක් වූවකි. එය පාදක කොට ගනිමින් චිත්‍ර, නවකතා, ඔපෙරා, චිත්‍රපට යනාදිය පවා බිහි වී ඇත. නැගෙනහිර ඉන්දියාව වෙත යාත්‍රා කළ මේ නෞකාව අයහපත් කාලගුණයට හසුවිය. නැව් කපිතාන්වරයා ගුඩ්හෝස් තුඩුව පසුකර නැව ඉදිරියට ධාවනය කරවීමට හැකි හැම උත්සාහයක්ම දැරුවද අසාර්ථක විය. අවසානයේ නැව මුහුදුබත් විය. එදා සිට අද දක්වාම සිය ගණන් ධීවරයන්ට මෙම නෞකාව තම නොනවතින ගමන ගමන් කරන අයුරු දර්ශනය වී ඇත. විශේෂත්වය වන්නේ දර්ශනය වී සුළු මොහොතකින් නැව අතුරුදන් වීමයි. ඉතිහාසයේ සිට මේ දක්වා මෙලෙස අබිරහස් ලෙස දර්ශනය වන නෞකාවන්හි රහස මෙතෙක් හෙළිකර ගැනීමට කිසිවෙක් සමත් වී නැත.

ඒ.එම්. අයේෂා සංදීපනී අධිකාරි
(අන්තර්ජාල උපුටා ගැනීමක්.)

SendShareShare
Previous Post

ඩුබායිවල හැංගිලා හිටපු එතනෝල් ජාවාරම්කාරයෙක්ව රාජ්‍ය ඇමැතියි මන්ත්‍රියි එකතු වෙලා කටුනායක VVIP පර්යන්තයෙන් ‌හොරෙන් අරන් ඇවිත්! ජනාධිපතිට යකා නැගලා!

Next Post

AIA ඉන්ෂුවරන්ස් 2021 වසර සඳහා GPTW සම්මාන රැසකින් පිදුම් ලබයි…

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.