• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නිදන් බිල්ලකට අහුවෙලා අනූනවයෙන් බේරුණු කාන්තාවක් මව්රටට හෙළි කළ රහස…

February 26, 2022
in Exclusive, Mahawanshaya
Reading Time: 3 mins read
A A
නිදන් බිල්ලකට අහුවෙලා අනූනවයෙන් බේරුණු කාන්තාවක් මව්රටට හෙළි කළ රහස…
Share on WhatsAppShare on Facebook

ජීවිතේට ආදරේ නොකරන කෙනෙක් කොහේ හරි ඉන්නවා කිවුවොත් එතැන පොඩි පොඩි අමුත්තක් දැනෙනවා. එහෙම මිනිස්සු කොහේවත් ඉන්නවා කියල කවුරුවත් විශ්වාස කරන්නෙත් නැහැ. කවුරු හරි එහෙම කියනවා නම් එක්කෝ ඒ කියන්නේ බොරු ශෝභනේට. නැත්නම් කවුරු හරි රවට්ටන්න, එහෙමත් නැත්නම් හිත හදාගන්න. හැබැයි කොයිතරම් ජීවිතේට ආදරෙන් හිටියත් වෙලාව ආවාම ජීවිතය අතහැරලා යන්න වෙන බවත් නොදන්න කෙනෙක් නැහැ. ඒත් පුළුවන් අන්තිම තත්පරේ හරි තමන්ගෙ කැමැත්ත කොහොම හරි ජීවත් වෙන්නයි කියලා බහුතරයක් මිනිස්සු හරි අහිංසකව පිළිගන්නවා. ඒක ඒ මිනිසුන්ගෙ හදවත් දන්නවා එහෙම ජීවත් වෙන්න ආසා කරන කෙනෙකුට තව පොඩ්ඩකින් තමන් මැරෙනවා. එහෙම නැත්නම් තව පොඩ්ඩකින් තමන්ව මැරෙනවා කියලා දැනුණාම මොනවද හිතෙන්නෙ. අයියෝ ඒක මොකද්ද සුළු දෙයක්නෙ කියලා හිතයිද පැහැදිලිවම. මෙහෙම හැඟීමක් ඔබට දැනුණොත් ඔබට මොනවා හිතෙයිද. මේ ප්‍රශ්නෙට උත්තරේ හරිම සංවේදීයි. ඒ වගේම බරපතළයි. මේ හැඟීම් හදවතේ සංවේදී කොටසක්ම හිරිවට්ටයි.

හැබැයි කැමැත්තෙන් හරි අකැමැත්තෙන් හරි මේ අද්දැකීම විඳපු, විඳින්න සිද්ධ වුණු එහෙම තමන් තව මොහොතකින් මැරෙනවාය කියලා දැනිලා ඒත් සසරේ කරන ලද පිනකට ජීවිතය අනූනවයෙන් බේරුණු මිනිස්සු අපි අතරේ මේ සමාජයේ ඉන්නවා. ඒ අය මරණයේ බිය සැක කොයි වගේද කියන්න ඒ හැඟීම් කොයි තරම් බරද කියන්න අත්දැකීමෙන් දන්නවා.

ඔබට මෙහෙම හිතෙන්නත් පුළුවන්. එල්ලුම් ගහට නියම වෙච්ච මනුස්සයෙකුට ඔහුව එල්ලා මරන දිනය නියමිත වේලාව ළංවෙන කොට මොනවා හිතෙනවා ඇත්ද. අන්තිමට ඔහුව එල්ලුම් ගහ ළඟට අරගෙන ගිහින් මුහුණු ආවරණය කර ගෙලට තොණ්ඩුව දාලා නියමිත වෙලාව උදාවන තුරු තත්පර කිහිපයක් ඉන්නවා. ඒ තත්පර කිහිපයේ ඔහු මොනවා හිතනවා ඇද්ද. අතීතයේ දංගෙඩියට නියම වෙච්ච මිනිස්සු දංගෙඩියට බෙල්ල තියාගෙන ඉද්දි වදකය කඩුව ඉහළට ඔසවද්දි ඒ පුද්ගලයාට මොනවා හිතෙනවා ඇත්ද. හැබැයි මොනයම්ම හේතුවකින් හරි ඒ මොහොතේ ඒ මනුස්සයව මරන තීන්දුව වෙනස් වුණාය කියලා දැනුණොත් මොනවා හිතනවා ඇද්ද. ඒක මහා බරක් තියෙන බරක් දැැනෙන සමාජයේ කලාතුරකින් කෙනෙකුට විඳින්න වෙන අත්දැකීමක්. මොකද තව මොහොතකින් මැරෙනවාය කියා හැඟීම ජීවත්ව සිට මියගිය හැම කෙනෙකුටම දැනුණත් ඒක දැනිලා ජීවිතේ බේරුණු මිනිස්සු සමාජයේ ඉන්නේ අතළොස්සයි.

අද අපේ කතා නායිකාවත් එහෙම කෙනෙක්. ඒ වගේම ඇය සමාජයේ කතාවෙන විදියට විශේෂ කෙනෙක්. කොටින්ම කිව්වොත් ඇය තුන්කුලුඳුල් උපතක් මෙන්ම මේ තුන් කුලුඳුල් කියන විශේෂත්වය නිසාම ඇයට මහා බරපතළ අත්දැකීමක් විඳින්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ දැනට අවුරුදු හැටකට පමණ පෙරදවසක ඔය කියන කාලය වෙනකොට ඇය පුංචි දැරියක්. අතීත විශ්වාසයන්ට අනුවත් විවිධ ජනප්‍රවාදයන්ට අනුවත් යන්ත්‍ර-මන්ත්‍ර සාස්තරේට අනුවත් ඇතැම් නිධාන ලබා ගැනීම සඳහා තුන්කුලුඳුල් බිල්ලක් ලබාදිය යුතුයි කියන කතාව අතැනින්, මෙතැනින් අපිටත් ඇහිලා තිබුණට ඕක එහෙමද කියන්න අපිත් හරිහැටි නොදන්නවා වුණාට නිදන්වලට කෑදරව ඒ පස්සෙ යන මිනිස්සු මේ දේවල් ගැන උනන්දුවෙලා තියෙන බව අපේ කතා නායිකාව කියන මේ කතාවෙන් පැහැදිලි වෙනවා. කොටින්ම කිව්වොත් ඇය තුන්කුලුඳුල් බිල්ලක් වෙන්න ගිහින් අනූනවයෙන් ජීවිතය බේරුණු කෙනෙක්. එදා සිය මනසේ තැන්පත් වූ ඒ මතකය ඇය අවදිකළේ මෙන්න මේ විදියටයි.

අපේ පවුලේ එකම දරුවා මම. අම්මයි, තාත්තයි මට හරිම ආදරෙයි. ඉස්සර අපේ සීයා ඔය නක්‍ෂ්ත්‍ර කටයුතු, යන්ත්‍ර-මන්ත්‍ර, වෙදකම් එහෙම දන්නවා. ඉතින් එයා නිතරම තාත්තට කියනවා මේ කෙල්ලව ප්‍රවේශම් කරගනිල්ලා කියලා. මට යාන්තමින් තේරෙන කාලෙ ඉඳලම අත්තා ඔය කතාව කියනවා මට ඇහිලා තියෙනවා.

ඒ ඇයි කියන්න නම් මං එතකොට දැනගෙන හිටියෙ නැහැ. හැබැයි ඉතින් අම්මයි, තාත්තයි වුණත් නිතරම මාව පරෙස්සම් කළා කියලා මට මතකයි.

දවසක් මං මිදුලෙ සෙල්ලම් කරමින් ඉද්දි කවුද කෙනෙක් මට අතවැනුවා. මාත් කලබලේට දුවගෙන ගියා. ඒ මනුස්සයා මට පේර ගෙඩියක් දීලා ගියා. මං ඒකත් අරගෙන ආපහු එද්දි තව පේර තියෙනවා ඕනැනම් කඩාගෙන එන්න යමු කිව්වා වගේ මට මතකයි. මං හා කියන කොටම අම්මා මට කතා කරනවා ඇහුණා. එතකොට අර මනුස්සය කලබලෙන් යන්න ගියා. මං ගෙදරට ගියාම අම්මා පේර ගෙඩිය ගැන අහලා ඒක තාත්තා එක්කත් කිව්වා. එදා ඉඳලා මට මිදුල දිහා තනියම ඉන්නවත් දුන්නෙ නැහැ. මං ඉතින් අඬනවා, මට සෙල්ලම් කරන්න ඕන කියලා. ඊට පස්සෙ අම්මා එයාලගෙ නංගි කෙනෙක්ගෙ ඒ කියන්නෙ මගේ පුංචි අම්මගෙ දරුවෙක්ව අපේ ගෙදර නතරකර ගත්තා මගේ තනියට. එතකොට ඒ අක්කා මට වඩා ලොකුයි. එයා තමයි එදා ඉඳලා මාව බලාගත්තේ. අම්මලාටත් ඒ අක්කගෙ පැමිණීම නිදහසට හේතුවක් වුණා. මටත් එයත් එක්ක සෙල්ලම් කරන්න ලැබුණු නිසා මාත් සතුටින් හිටියා.

ඒත් දවසක් ඒ අක්කා මිදුලෙ ඉඳලා වතුර බොන්න කියලා ගෙට ගියාම කවුද දෙන්නෙක් ඇවිත් මගේ කට වහලා උස්සගෙන දිව්වා. අපේ ගේ තිබුණේ කන්ද පාමුල නිසා ඒ මිනිස්සු මාව කන්ද දිහාට උස්සගෙන ගියේ. ඒත් එකපාරටම මට මොකක්දෝ අමුත්තක් වුණා හිස කරකැවුණා වගේ දැනුණා.

මට ආයෙ සිහිය එද්දි මං හිටියේ පැලක් වගේ තැනක. වටේටම ඇහුණෙ සත්තුන්ගෙ, කුරුල්ලන්ගෙ සද්ද විතරයි. කවුද මනුෂ්‍යයෝ කිහිපදෙනෙක්ම එතැන හිටියා. එතැන එහා පැත්තේ කුකුළෙක් බැඳලා දාලා හිටියා. මංගෙදර යන්න ඕන කියලා අඬද්දි කෑම ජාති ගොඩාක් දීලා කිව්වා ඉක්මනටම ගිහින් ඇරලනවා එතකම් මේ කෑම සේරම කන්නකො කියලා. මාත් ඉතින් ඒක විශ්වාස කරලා හිටියා. හැබැයි එදා දවසම මාව එතැන තියාගෙන හිටිය. හොඳටම රෑ වුණාට පස්සේ තවත් කවුද කට්ටියක් එතැනට ආවා. ඒ ආපු අය මලු හතර පහක බඩුත් උස්සගෙන තමයි ආවේ. ඒ අය නිතර නිතර කලබලෙන් නිධානයක් ගැන කතා කරපු බව මට මතකයි. මොකද නිධානය කියන වචනෙ මට නිතරම ඇහුණා.

මට එතකොට ඕවා ගානක් නැහැ. ඒ මිනිස්සු කියපු විදියට මාව ගෙනිහින් දායි කියල හිතාගෙන මාත් ඔහේ හිටියා බයක් තිබුණෙත් නැහැ. මොකද මට සැරබැර වෙලාවත්, ගහලා බැනලාවත් නැති නිසා. එයාල මට හරි ආදරෙන්නෙ කතා කළෙත්. ඒ නිසා මට බයක් වෙන්න දෙයක් තිබුණේ නැහැ.

කොහොමින් කොහොම හරි මට මතක විදියට මහ රෑ මට නින්ද යාගෙන එද්දි එක මනුස්සයෙක් ඇවිත් මට සුදු රෙද්දක් අන්දවලා මාව වඩාගෙන ගියා. ඒ යනකොට කැලේ මැද්දෙ තැනක කට්ටියක් පහන් පත්තු කරගෙන මල් ජාති එහෙම තියපු ලොකු මැස්සක් ළඟ වටවෙලා හිටියා. එතකොට මං දැැකලා තිබුණා පන්සලේ පහන් තියන එකට අමතර ගමේ, කමතේ තිබුණු දේව පූජාවකුත්. එතැනත් එහෙම දෙයක් වෙන්නෙ කියලා මට එතකොට තේරුණා. මට හිතුණා ඒ මාමලා මාව එක්ක ආවේ ඒක බලන්න කියලා. මොකද මාව ගෙනාපු මාමා මාව තිබ්බේ ඒ මැස්ස ළඟම තිබුණු තැනක.

එතැන හිටියා සුදු සරමක් ඇඳලා, සුදු ජටාවක් බැඳලා ඉණේ රතු රෙද්දක් බැඳපු කෙනෙක්. ඒ මනුස්සයා ටික වෙලාවකට පස්සේ කිව්වා කෝකටත් මේ කෙල්ලව බැඳපල්ලා කියලා. එතකොට කට්ටිය මගේ අත-පය බැන්දා. ඊට පස්සේ නම් මට බය හිතුණා. මං සංඥාව දුන්නම බිල්ල කැපකරපල්ලා කිව්වා. එතකොට මට අමුතු බයක් දැනුණා. ඒ අය කියන කරන දේවල් ගැන තේරුණේ නැතත්. මැරෙනවා, මරනවා වගේ මොකද්ද හැඟීමක් හිතට ආවා. මොකද ගමේ කට්ටිය කිහිපදෙනෙක් මැරුණු බව මට මතක තිබුණා. එතකොට ගෙවල්වල අය අඬනවා මට මතක තිබුණා. මේ මිනිස්සු මාව මරයි, එහෙම නැත්නම් මාව මැරෙයි කියලා මට හිතුණා. අම්මයි, තාත්තයි අඬනවා අඬනවා වගේ මට ඇහෙන්න ගත්තා. එතකොට මට බයට ඇඬුණා. එතැන හිටිය කෙනෙක් කිව්වා මේ පූජාව ඉවරවෙලා අපි යමු කියලා, තව කිව්වා මෙතැන නිධානයක් තියෙනවා අපි ඒක අරගෙන යමු කියලා. මටත් හිතුණා ඒ කියන විදියට නිධානෙ කියන එක අරගෙන මාව එක්ක යයි කියලා. ඒත් එක මනුස්සයෙක් කඩුවක් අරගෙන හිටියා. අර මන්තර මතුරපු කෙනා කිව්වා මං කිව්වාම එක සැරෙන් කොටනවා හොඳයි කියලා. එතකොට මට ආයේ බය හිතුණා. තාත්තා මට මගේ පුතේ කියනවා වගේ ආයෙ ආයෙත් ඇහුණා. කට්ටකුමන්ජල් සුවඳටද කොහෙද මගේ හිස කරකැවුණා. අර කඩුව අරගෙන හිටිය කෙනා මගේ ළඟට ඇවිත් බලාගෙන ඉද්දි අපේ ආච්චි කියලා දීපු මද්දුම බණ්ඩාරගෙ කතාව මට මතක් වුණා. එතකොට හිතුණා, ඒ විදියට මාවත් මරන්න තමයි හදන්නෙ කියලා. මං මැරුණම අම්මයි, තාත්තයි අඬනවා නේද කියලා හිතුණාම මට ආයෙත් දුක හිතුණා.

සෑහෙන වෙලාවක් මන්තර මතුරලා අර කට්ටඬියා අත ඉස්සුවා. එතකොට කඩුව අරන් හිටිය මනුස්සයා කඩුව උඩට ගත්තා. මං පුංචි වුණත් අමුතු බයක් දැනුණා. වචන ගොළුවුණා. ඇඟ හිරි වැටුණා. බයටම මට ඇඬුණෙත් නැහැ. අර පැලේ හිටිය කුකුළත් කකුල් බැඳලා එතැන තියලා තිබුණා. ඒත් එතකොටම එතැන තිබුණු මල්, පහන් තිබුණු මැස්ස උඩට ඩෝග් ගාලා මොකක් හරි වැටුණා. පළාතම කළුවර වුණා. කට්ටිය දුවන්න පටන් ගත්තා. එතකොටම තවත් කට්ටියක් එතැනට දුවගෙන ඇවිත් මාව උස්සා ගත්තා. අර එතැන හිටපු අයගෙන් කිහිප දෙනෙකුම අල්ලගෙන ගහලා බැඳලා අරගෙන ගියා. මාවත් එක්කගෙන ආවා. පස්සෙ තමයි මං දැනගත්තේ ඒ පොලිසියෙ අය කියලා.

ඒ කාලේ ඔය සිදුවීම එක මතකයක් වුණත් හැමදේම තේරුම් යනකොට දැනගත්තා එදා මං බේරුණේ අනූනවයෙන් නේද කියලා. ඊට පස්සේ ඒ ගැන හිතද්දි එදා දැනුණු බයට වඩා බයක් මට දැනුණා. ඒ බය තාම හිත ඇතුළෙ තියෙනවා. මං හිතන්නේ ඒක මහ පුදුම අත්දැකීමක් කියලා. මං මේ ගැන කාටවත්ම මේ වෙනකම් නොකිව්වේ කවුරුත් ඒ ගැන අහනවට මං කැමැති නැති නිසයි.
ඒ ඇගේ කතාවයි. තමාගෙ නම, ගම නොකියන ලෙස ඉල්ලමින් ඇය තම අත්දැකීම අප සමග පැවැසුවේ අහඹු අවස්ථාවක හදිසියේ හමුවූ මොහොතකදීය. මෙවැනි අත්දැකීමක් ඔබටත් ඇත්නම් ඒ ගැන රටට, ලෝකයට කියන්න අවස්ථාවක් දෙන්නත් අප සූදානම්.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

පුටින්ගේ ම්ලේච්ජත්වය ලෝකෙටම පෙන්නපු මේ වීඩියෝව බලන්න! (VIDEO)

Next Post

ලන්සා රංජිත් බණ්ඩාරට කුණුහරුපෙන් බැනලා!

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.