• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Holiday

නම්බුකාර නෑමකට කොම්බුකාර වළ

October 28, 2019
in Holiday
Reading Time: 1 min read
A A
නම්බුකාර නෑමකට කොම්බුකාර වළ
Share on WhatsAppShare on Facebook

ඉස්සර කාලේ දැන් වගේ නෙවෙයි, අපේ රට හැම පැත්තෙන්ම ස්වයංපෝෂිතයි. රටෙන් භාගෙකට වැඩිය තිබ්බෙ කැලෑව. ඒ කාලේ මිනිස්සු ගහකොළ රැකගෙන ගහකොළට ආදරය කරගෙන ඉතාම සරල ජීවිතයක් සතුටෙන් ගතකළා. ගොවිතැනක් කරගෙන කැලෑවත් එක්ක ජීවත්වෙච්ච මිනිසුන්ට ඉඳලා හිටලා පොඩි අකරතැබ්බත් වුණා. ඒවා හරිම ඓතිහාසික අකරතැබ්බ.

ඔබ අහලා ඇති විජය කුමාරය ලංකාවට ආවට පස්සෙ ඔහුට රට ඇතුළට එන්න පාර පෙන්නලා තියෙන්න බලු සුරතලෙක් කියන වග. ඒ වගේ කතාවක් තමයි මේකත්. බදුල්ල පැත්තේ ටිකක් එපිටට වෙන්න තියන කැලේක මනුස්සයෙක් අතරමං වෙලා. මේ මනුස්සයා පාර හොයාගෙන හොයාගෙන යනකොට කැලේදි බල්ලෙක් මුණගැහිලා තියෙනවා. අන්තිමට දවස් ගානක් අතරමං වෙච්ච ඒ මනුස්සයට පාර කියලා තියෙන්නේ මේ සුරතල් බල්ලා. එදා මේ සුරතලා මනුස්සයෙක්ගෙ ජීවිතය බේරාගත්තා. හැම තැනම මේ කතාව පැතිරුණා. බල්ලත් කැටුව ආව නිසා ඒ ප්‍රදේශයට බල්ලකැටුව කියලා නම හැදුණා. පස්සෙ කාලේ මේ පළාතේ තේ වගාව ව්‍යාප්ත වෙනවත් සමඟ දෙමළ ජනතාව පදිංචිවෙලා කුඩා නගරයක් නිර්මාණය වුණා. ඒ නගරයෙ නම තමයි බල්ලකෙටුව. බල්ලකැටුව, බල්ල කෙටුව වුණේ කොහොමද? බල්ලව අන්තිමට කොටල මරලවත්ද? නෑ, දෙමළ භාෂාවෙ “ඇ” යන්න කියවෙන්නෙ නෑනෙ. ඒ වෙනුවට ශබ්ද වෙන්නෙ “එ” යන්න. දෙමළ ජනතාව වැඩිහරියක් ඉන්න මේ පුංචි නගරයේ අයට බල්ලකැටුව කියල ශබ්ද කරන්න බෑ. ඒ නිසා තමයි බල්ලකෙටුව වෙලා තියෙන්නෙ.

බල්ලකෙටුව කියන්නේ මොහොතින් මොහොත මීදුමෙන් වැසීයන පුංචි නගරයක්. මේ නගරය පිහිටල තියෙන්නේ ලෝකයෙම ආකර්ෂණයට ලක්වෙලා තියන ඇල්ල නගරයට ඉතාමත්ම ළඟින්. ඇල්ලෙ ඇවිදින්න යන අයට තියෙන ලොකුම ප්‍රශ්නයකට විසඳුම් හොයන්නත් එක්ක මම මේපාර ඔබ රැගෙන යන්නේ බල්ලකෙටුවට.

මේ දවස්වල වැස්ස. ඒ වැස්ස ලේසි පහසු නෑ. මොරසූරන වැස්සෙ රාවණා ඇල්ලෙ ගිහින් නානවා තියා ළඟට යන්නත් අමාරුයි. ඒ තරමට ඇල්ල බියකරු වෙලා. පායන දවසක වුණත් රාවණා ඇල්ලෙ නාන එක නම් ඉතාමත් අනතුරුදායකයි. උඩහට වැස්සොත් හිටපු ගමන් වතුර පාර වැඩිවෙනවා. ඒ බව ඔබ දකින්න ඇති පහුගිය දවස්වල සමාජල වෙබ් අඩවිවල. ඉතින් මේ බල්ලකෙටුවෙ තියනවා කවද ගියත් හොඳ හැටි නාලා එන්න සුපිරි තැනක්. ඒ තමයි කොම්බුකාර වළ. කුඩා දියඇල්ලක් එක්ක කඩාහැලෙන මේ ගල්තලාවෙ පහළට ලෙස්සලා ඇවිත් නාන්නත් පුළුවන්. අයිස් කැටේට තියන වතුර ටික ඇඟේ ගෑවුණත් හරිම සනීපයි.

ඉස්සර නම් මෙතැන බිලිගත්තා කියලා කියනවා. මේ වළේ සෙබ්බුවක් තිබ්බ කියලත් කටකතාවල එනවා. සෙම්බුකාර වළ සමහර විට අද වන විට කොම්බුකාර වළ වුණා වෙන්නත් පුළුවන්. ඒ කොහොම වුණත් දැන්නම් මෙතැන බිලිගන්නෙ නෑ. වැලි ගොඩවෙලා නිසා වළ ගැඹුරුත් නෑ. ඕනෙ කෙනකුට ඇවිත් නාන්න පුළුවන් හිතේ හැටියට. ඒ වගේම තමයි මෙතැනින් පොඞ්ඩක් උඩට ගියාම තවත් අපූරු තැනක් තියෙනවා. කොම්බුකාර වළ පරදන සුන්දරත්වයකට හිමිකම් කියන මේ තැන වැඩිය කවුරුත් දන්නෙ නෑ. ඇත්තටම මෙතැන තියෙන්නෙත් නිල්වන් තටාකයක්. කවුරුත් දන්නෙ නැති නිසා මෙතැන තියෙන සුන්දර දියඇල්ලට ීැජරුඑැ ඇල්ල කියල නම පටබැඳිලා තියෙනවා. ඇත්තටම මේ දියඇල්ලත් හරිම සුන්දරයි. ගිය කෙනකුට මෙතැනින් එන්න හිතෙනවා බොරු. ඉතින් දවසක ඇල්ලෙ ආවොත් ඔබත් මෙතැනට ඇවිත් නාගෙන යන්න. හැබැයි විනාශ කරන්න එපා. ටදදටකැ ප්ච ඔස්සේ ඔබට මේ ස්වභාවික නාන තටාකය පහසුවෙන් හොයාගන්න පුළුවන්.

SendShareShare
Previous Post

පරිගණකයෙන් කේන්දරේ ගැලපුවාම වෙන දේ

Next Post

චන්ද්‍රිකායි ‌වෙල්ගමයි සුගතදාසයේ ‌ලොකු වැඩකට ලෑස්ති ‌වෙයි

MORE NEWS

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News
Holiday

සුන්දර උතුරේ යකඩ යකඩයෝ! Sri Lanka Latest News

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News
Exclusive

2001 – 2013 – 2025 ! ඊළඟට 2034 ! බලමු නෙළු… නොකොට අළු…! !Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුද්දේ අන්තිම කැලෑ කොලම… සිරිපා සමය ඇරඹුනා ප්ලාස්ටික් නම් අරන් එන්න එපා I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අලි ඇතුන්ට නම් තියන්නේ කොහොමද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

යාල් ආගන්තුක සංචාරකයා ඒ ගමනත් අවසන් කරයි… සංචාර ලැයිස්තුවේ ඉතිරි වුණේ මුලතිව් විතරයි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලංකාවේ පළමුවරට සත්තුන්ට ප්‍රතිකාර කූඩුවක් I Sri Lanka Latest News

Load More
කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News
Exclusive

කායික සබධතා පැවැත්වුවේ නැතත් නිසි සීමා පවත්වා ගත්තේ නෑ! කාන්තාවක් එක්ක යාළු වෙච්ච සිංගප්පූරු ඇමැති තනතුරෙන් විතරක් නෙමෙයි පක්ෂයෙනුත් ඉල්ලා අස්වෙයි!  I Sri Lanka Latest News

කාන්තාවක සමග පැවැත්වූ සබඳතාවක් සහ ඇති වූ මතභේදාත්මක සිදුවීමක් මුල් කරගනිමින්, සිංගප්පූරුවේ ඉස්ලාම් කටයුතු පිළිබඳ වැඩබලන අමාත්‍ය ෆයිසාල් ඉබ්‍රාහිම් (Faishal...

Read more
මුලින්ම අධිකරණ ඇමැතිට ලියපු ලියුමට උත්තරයක් ආවේ නෑ! ඊට පස්සේ ජනාධිපතිතුමාටත් ලිව්වා! දැන් ආණ්ඩුව ගේන්න යන විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට විරෝධය පළ කරලා නීතීඥ සංගමය ආපහු ලියුමක් අධිකරණ ඇමැතිට ලියලා! වහාම කමිටුවක් පත්කරන්න! I Sri Lanka Latest News

ගෙදර හදපු බල්ලා ගෙදර හිටපු ආච්චිව මැරෙනකම්ම හපලා! Sri Lanka Latest News

මදුරුවො මදිවට බල්ලොත්..! I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

වෙළෙඳ ඇමැතිගේ හාල්-ළූණු-අල ගේම් එක චාමර ප්‍රසිද්ධියේ කියයි! පාර්ලිමේන්තුවේ නෙමෙයි මිනිහා එළියේ කියන්නේ..! VIDEO I Sri Lanka Latest News

තලෙයිමන්නාරමේ ආදම්ගේ පාදය වටකරලා කිලෝමීටර් ගාණක් දිග දැවැන්ත තාප්පයක් ගහලා! ඇතුළේ වෙන්නෙ මොනවද කියලා කවුරුත් දන්නෙ නෑ! කාටවත් යන්න එන්නත් බෑ! කැමරාත් හයිකරලා! කව්ද මේකෙ අයිතිකාරයා? කව්ද මේ වගේ දෙයක් කරන්න අවසර දුන්නේ..? VIDEO I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.