• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඇත්තටම වික්‍රම කෙනෙක් වෙන්න ට්‍රයි කරනවා! මේ සිස්ටම් එක ඇතුළේ හිතට එකඟව කෙළින් තීරණ ගන්න බැහැ…

February 9, 2022
in Exclusive, Heart
Reading Time: 6 mins read
A A
ඇත්තටම වික්‍රම කෙනෙක් වෙන්න ට්‍රයි කරනවා! මේ සිස්ටම් එක ඇතුළේ හිතට එකඟව කෙළින් තීරණ ගන්න බැහැ…
Share on WhatsAppShare on Facebook

එක රටක් එක නීතියක් කියලා කියන්නේ පත්තරවල ටීවිවල විතරයි…
කරන්න දෙයක් නැත්නම් දාල යන්න දෙපාරක් හිතන්නේ නැහැ…
අපි දන්නේ මේ රස්සාව… වෙන ව්‍යාපාර අපිට නැහැ…

රංගන ක්ෂේත්‍රයට පැමිණි දා පටන් තාත්වික රංගනය ඔස්සේ තමන්ට ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් ඉටු කරමින් දක්ෂ චරිතාංග නළු‍වෙක් ලෙස සිය භූමිකාව සකසාගෙන සිටින ඔහු වටා බැඳි ප්‍රේක්ෂකාගාරයද පුළුල්ය. “කවුරුවත් දන්නේ නෑ”‍ සිනමා නිර්මාණයේ ‘වික්‍රම’ගේ චරිතයට ජීවය දෙන ඔහු, බිමල් ජයකොඩි නම් විශිෂ්ට රංග පෞරුෂයක් හෙබි රංගවේදියායි. ‘මව්රට’ ‘හාට්’ තුළින් ඔහු අප සමග මෙසේ සුහද කතාබහකට එක්වුණා.

වික්‍රම ලොකුබණ්ඩාර කියන පොලිස් නිලධාරියාගේ චරිතයෙන්ම කතාව පටන් ගමු…
වික්‍රම ලොකුබණ්ඩාර කියලා කියන්නේ බෙනට් රත්නායක මහතා අධ්‍යක්ෂණය කරපු “‍කවුරුත් දන්නේ නෑ”‍ නවතම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක්. ඔහු හෘද සාක්ෂියට එකඟව ජීවත් වෙන්න හදන අවංක මනුස්සයෙක්. පොලිස් නිලධාරියෙක් විදියට තම වෘත්තියට ගරුකරන, යහපත් සමාජයක් ප්‍රාර්ථනා කරන, මේ රටට ඇත්තටම ආදරේ කරන මනුස්සයෙක්. එක රටක්, එක නීතියක් තියෙන්න ඕනෙ කියලා තදින්ම විශ්වාස කරන, ඒ විශ්වාසය වෙනුවෙන් වැඩකරන අවංක නිලධාරියෙක්.

බෙනට් රත්නායක වැනි අධ්‍යක්ෂවරයෙක්ගේ නිර්මාණයකට සම්බන්ධ වීම ගැන අදහසක් දැක්වුවොත්….
ඇත්තටම කියනවා නම් මම මේ බෙනට් රත්නායක කියන අධ්‍යක්ෂවරයාත් එක්ක සම්බන්ධ වන දෙවැනි අවස්ථාව. ඔහුත් සමග තාක්ෂණ ශිල්පියෙක් විදිහට වැඩකරන කාලයේ ඉඳන් මට ඔහු සමග බොහොම ළඟ ගනුදෙනුවක් තිබුණා. ඔහු ගැන කෙටියෙන්ම කිව්වොත් ඉතාමත් යාවත්කාලීන වෙන අධ්‍යක්ෂවරයෙක්. ඔහුගේ චිත්‍රපට පහ තේමාවන් පහක්. විවිධ සමාජ ස්ථරයන්වලට සමාජයේ තියන විවිධ දේවල්වලට ආමන්ත්‍රණය කළා.

ඉතින් ඒ යාවත්කාලීන මනුස්සයත් එක්ක තරුණ අපට වැඩකරන්න ලැබෙද්දී ඔහුගේ තියෙන අත්දැකීම් හරි අපූරුවට අපිත් එක්ක ඔහු බෙදාහදා ගන්නවා. විශේෂයෙන්ම මෙවර අපේ කැමරා අධ්‍යක්ෂ ධනුෂ්ක ගුණතිලක වෘත්තීයමය මට්ටමේ ඇකඩමික් කැමරාමන් කෙනෙක්. මේ අයත් එක්ක ගනුදෙනු කිරීම හරි අපූරුවට බෙනට් රත්නායක මහත්මයා හඳුනනවා. ඔහු හරිම නම්‍යශීලී අධ්‍යක්ෂවරයෙක්. ඒ වගේම යකෙකුටවත් බය නැති අධ්‍යක්ෂවරයෙක්. ඒ නිසාම ඔහු ඉතාම බැරෑරුම් තේමාවන් තෝරා ගන්නවා. ඇත්තටම ඔහු හරි අපුරු මනුස්සයෙක්.

ප්‍රේක්ෂකයන්ගෙන් පොදුවේ වික්‍රමට ලැබෙන ප්‍රතිචාර කොහොමද ?
ඇත්තටම චිත්‍රපටය සියදෙනෙක් නැරඹුවා නම් ඒ සියදෙනාම මගේ චරිතයට ඇත්තටම කැමැතියි. ඒක තමයි මම ලබපු සිනමාවේ ලොකුම ජයග්‍රහණය.

වික්‍රමගේ චරිතය ඔබේ සැබෑ චරිතය හා සමානද?
මමත් ඇත්තටම වික්‍රම කෙනෙක් වෙන්න උත්සාහ කරනවා. හැබැයි මේ සමාජය අපිට එහෙම ඍජු තීරණ ගන්න ඉඩ දෙන්නේ නැහැ. හෘද සාක්ෂියට අවංක නොවුණත් අපිට ගන්න වුණු තීරණ තියෙනවා. ඒ, මේ සිස්ටම් එක නිසා. මොකද එක රටක් එක නීතියක් කියලා කියන්නේ පත්තරවල ටීවීවල විතරයි. එහෙම එකක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ මේ පොළොවේ. හැබැයි වික්‍රම ලොකුබණ්ඩාර වගේ තව ඕනෙ තරම් මිනිස්සු මේ රටේ ඉන්නවා. විශේෂයෙන්ම නීතිය, රාජ්‍ය සේවය, සොබාදහම හා ගහකොළ ගැන කතාකරන රටට ආදරේ කරන තව බොහෝ පිරිසක් මේ ලංකාවේ මම මේ කතා කරන මොහොතෙත් ඉන්නවා. ඉතින් මේක මටත් යම් විදියකට දැනුණා.

මේ තරම් හොඳ කොන්ද හයියක් තියෙනවා නම් අපිට මේ රට තවත් කොච්චර ලස්සන වෙයිද කියලා හිතුණු වාර අනන්තයි. එහෙම වෙන්න පුළු‍වන් සමාජයක් තමයි අපි හැමෝම ප්‍රාර්ථනා කරන්නේ. ඉතින් චිත්‍රපටය බලපු බොහෝ දෙනෙක් ඔවුන් මොහොතකට හරි ඒ ආස චරිතය වටා ජීවත් වෙනවා. මේ චිත්‍රපටය නරඹන ඔබටත් ඒ බව දැනේවි. නරඹපු 100%කගෙන් විශේෂයෙන් මගේ චරිතය ගැන බොහෝ හොඳ ප්‍රතිචාර ලැබුණා. ඒ වගේම චිත්‍රපටයට බොහෝ දෙනෙක් කැමැතියි. චිත්‍රපටය ගැන විවිධ අදහස් තියෙන පිරිසක් ඉන්නවා. ඉතින් ඔබ නරඹන්න, ඔබ මොහොතකට තනි වෙනවා ඔබ ආස වීරයාත් එක්ක. ඔබ ආස ලෝකයත් එක්ක ඔබ තනි වෙනවා. ඉතින් ඒ නිසා චිත්‍රපටයෙන් ලැබෙන ප්‍රතිචාර හොඳයි.

බිමල් ඔබ මේ චරිතය ගැන තෘප්තිමත්?
පැහැදිලිවම. චරිතයට සාධාරණයක් ඉටුකරන්න සෑහෙන්න මහන්සි වුණා. රංගන ශිල්පියෙක් විදියට තව අපට මේකට දේවල් කරන්න තිබුණා කියලා හිතෙන තැන් තියෙනවා. නමුත් මේ රටේ රංගන ශිල්පියෙක්ට ලැබෙන ඒ අවස්ථාව ගැන මම හරිම තෘප්තිමත්. මොකද චරිතයකින් හරි මෙහෙම නිලධාරියෙක් ඉන්නවා, ඒ නිලධාරියා මෙහෙම කරයි, මෙහෙම මිනිස්සු ඉන්නවා, මෙහෙම කෙළින් තීරණ ගනියි කියලා හිතන්න අපි හැමෝම ආසයි ඇත්තටම.

අපිට මේ චිත්‍රපටයේ චරිතය හරහා හරි එය ප්‍රතිනිර්මාණය කරන්න ලබීම මට ලොකු අවස්ථාවක්. මගේ ඇත්තටම බලාපොරොත්තුව මේ රට ඉතාම හොඳ තැනකට ගන්න නම් හැම කෙනාම එක වගේ එක විදිහකට එක අරමුණකට අපි එන්න ඕනෙ කියලයි. එවැනි රටක් මමත් ඔබත් බලාපොරොත්තුවෙන් ඉන්නේ. මේ චරිතය ඇතුළේ මට කරන්න තිබුණු දේවල් මට ගොඩක් හොඳින් අවංකව කරන්න පුළු‍වන් වුණා කියලා අහිංසක ආඩම්බරයක් තියෙනවා. ඒක නිසා මම තෘප්තිමත්. මොකද අපි ආසයි මෙවන් චරිතයක් චිත්‍රපටයක් තුළින් දකින්න හෝ ඒ තුළ මොහොතකට හරි ජීවත් වෙන්න.

ඉදිරියට තිරගත වීමට නියමිත ‘ආශාවරී’ චිත්‍රපටයේ ඔබ රඟපාන්නේ වෙනස් විදියක චරිතයක්. ඒ වගේ චරිතයක් භාරගැනීම අභියෝගක් වුණාද?
ඇත්තටම මම චරිතය තෝරාගන්න කලින් සෑහෙන්න හිතුවා, ඒ විදියේ චරිතයක් මට නිරූපණය කරන්න හැකියාව තියෙනවාද කියන එක ගැන. එතැනදීත් අපිට හිටිය කණ්ඩායම, අධ්‍යක්ෂවරයා, රචකයා, කැමරා අධ්‍යක්ෂවරයා හා අනෙකුත් ශිල්පීන් මේ හැමෝගේම අවංක අදහසක් තිබුණා මේක මට කරගන්න පුළුවන් වෙයි කියලා සහ එහෙම කරගන්න කියලා.

ඉතින් යම් විදියක දෙගිඩියාවක් තියෙනවා කොයි විදියට ප්‍රේක්ෂකයා මේ චරිතය වැලඳගනීවිද කියල. හැබැයි මාව මේ වගේ චරිතයක් හරහා නම් මින් පෙර දැකලා නැහැ. අභියෝගයකටත් වඩා ඒක ලේසියෙන් හොඳ විදියකට නිමා කරගන්නත්, ඒකේ නිමාව හරි විදියට කරගන්නත් මට කල්පනා කරන්න වුණා. මොකද එහි හාස්‍ය මුසු වුණු වගේම අහිංසක බලාපොරොත්තුවක් වගේ කාරණා ගොඩක් තිබුණා චරිතය ගැන හිතන්න.

මේ දිනවල පුංචි තිරයෙන් සමීප වෙලා ඉන්නවා ‘රැල්ල වෙරළට ආදරෙයි’, ‘පාර වසා ඇත’ වගේ ටෙලිනාට්‍යවලට. එහිදී නව පරපුරේ අය සමග කටයුතු කිරීම පහසුද?
බොහෝ අය ප්‍රවීණයි. උදාහරණයක් විදිහට කෝකිලවත් රන්දිකවත් අපිට ආධුනික ශිල්පීන් නෙමෙයි. ඔවුන් ලොකු අදහසක් තියෙන අය. රන්දික වගේ කෙනෙක් ගත්තම ඔවුන් විශ්වවිද්‍යාල මට්ටමින් ‍රංගනය හදාරපු කෙනෙක්. ඉතින් ඔවුන් සැබෑ දක්ෂයන්. විශේෂයෙන්ම රන්දික, කෝකිල, චතුර රාජපක්ෂ ඒ අය සැබෑ දක්ෂයෝ. ඉතින් මම කලිනුත් කියනවා වගේ ඒ වගේ කණ්ඩායමක් එක්ක එකතු වුණාම අපිත් ටිකක් අප්ඬේට් වෙනවා.

අපිත් තව තව දේවල් කරන්න උත්සාහ කරනවා. මේ අලු‍ත් පරම්පරාව නව දේවල් හොයනවා. ඉතින් ඒක හරිම අපූරු අත්දැකීමක්. විශේෂයෙන්ම ‘පාර වසා ඇත’ කියන නාට්‍යයේ මගේ දියණියට රඟපාන ශෙහානි කහදවල මම මෑතකදී දැකපු තම රංගනය වෙනුවෙන් බොහෝ කැපවන, රංගනය ගැන ඉතා උනන්දු වන අතිදක්ෂ තරුණ රංගන ශිල්පිනියක්. ඉතින් ඒ අය එක්ක වැඩකරද්දී මම ලොකු තෘප්තියක් ලබනවා.

”‍රැල්ල වෙරළට ආදරෙයි”‍ කියන නිර්මාණය ජනතාවගේ ජීවිතය රස විඳින්න පුළු‍වන් විදියේ නිර්මාණයක්ද?
රැල්ල වෙරළට කියන්නේ අපි මුහුදුකරයේ රූපගත කළාට මුහුද ආශ්‍රිත ජීවත ගැන කතා කළාට බොහෝ වෙලාවට මේ තුළ තියෙනවා මානව සම්බන්ධතාවන්. තාත්තා කෙනෙක් පුතා සමග තියෙන ආදරය හා ගනුදෙනුව, තාත්තා කෙනෙක් තම දියණිය වෙනුවෙන් මොන තරම් දේවල් කරනවාද, කැපකරනවාද වගේම අපට අමතක වෙලා ගිය මානව සම්බන්ධතා ගැන, ආදරය වගේ විවිධ පැතිවලට ආමන්ත්‍රණය කරන නාට්‍යයක් තමයි රැල්ල වෙරළට ආදරෙයි කියන්නේ.

බිමල් කියන්නේ ඇහිපිල්ලමකින් පවා, චරිතයට උපරිම සාධාරණයක් කරන අයෙක්?
ඒක හැම ශිල්පියකුගේම අතින් වියයුතු දෙයක්. සමහර විට අපිට 100%ම කරන්න නොහැකි වෙයි. කරන්න අපට අවස්ථාව නැති වෙන්න පුළු‍වන්. හැබැයි හැම වෙලාවේම උත්සාහ කරන්න ඕනෙ තමන් සම්බන්ධ වෙන නිර්මාණයට මොන ආකාරයෙන් දායක වුණත් ඊට සාධාරණය ඉටුකරන්න, අවංකව උවමනාවක් තියෙන්න ඕනෙ කියලා තමයි මම විශ්වාස කරන්නේ. එතකොට තමයි නිර්මාණයේ ප්‍රතිඵල තමන්ට වගේම නිර්මාණයටත් ලැබෙන්නේ. නිර්මාණය යම් හෙයකින් අසාර්ථක වුණත් අපි නිර්මාණයට උපරිම දායකත්වය දීලා තිබුණොත් ඒ නිර්මාණය ප්‍රේක්ෂකයා අතරට ගෙනියන්න වගේම නිර්මාණයේ සාර්ථකත්වයට බලපානවා.

මම සම්බන්ධ වෙන නිර්මාණයට 100%ක් කරන්න මම හැම අවස්ථාවේම උත්සාහ කරනවා. එය සිදුකරන්න නොහැකි වූ අවස්ථා මට තියෙනවා. සමහර විට ඒ නිර්මාණයෙන් පෙරළා අපි බලාපොරොත්තු වන දේ නොවෙනවා නම් මම ඒ නිර්මාණය දාලා යන්න දෙපාරක් හිතන්නෙත් නැහැ, මට අවශ්‍ය දේ කරන්න බැරි නම්. නමුත් මම බොහෝ වෙලාවට උත්සාහ කරනවා චරිතය හොඳින් කරන්න, නාට්‍ය වෙනුවෙන් හෝ චිත්‍රපටය හෝ සෑම නිර්මාණයන් වෙනුවෙන්ම.

වේදිකා නාට්‍ය වෙනුවෙන් නැද්ද ඉඩක්?
මම වේදිකා නාට්‍යයක් මෑතකදී කළේ නැහැ. අවසාන වතාවට කළේ රාජිත දිසානායකගේ ‘‍ආපහු හැරෙන්න බැහැ’ කියන වේදිකා නාට්‍යය. ළඟකදී බලපු වේදිකා නාට්‍යයක් නිසා ලොකු ආසාවක් ඇති වුණා වේදිකාවේ හොඳ රංගනයක් කරන්න. ඉදිරියේදී බලමු තියෙන වැඩකටයුතු එක්ක ඒ වගේ දෙයකට දායක වෙන්න පුළුවන් වෙයිද කියලා.

මේ කාලයේ විදියට පුළුවන්ද වෘත්තීයමය රංගන ශිල්පියෙක් විදිහට වැඩකරන්න?
ඇත්තටම ඒක ලේසි නැහැ. අපි දැන් වෘත්තීය රංගන ශිල්පීන් බවට පත්වෙලා ඉන්නේ. අපි දන්නේ මේ රස්සාව. මේ සමග වෙන ව්‍යාපාර අපිට නැහැ. නමුත් ඒක පහසු නැහැ. අපහසු දෙයක් කරගන්නේ නැතුව මමත් මගේ බිරිඳත් ෂේප් එකේ ඉන්නවා.

‘රම්‍ය සුරම්‍ය’ ටෙලිනාට්‍යයේ පෙම්වතුන් ලෙස හමුවූ ඔබත් ඔබේ බිරිය සුජානිගේත් කැදැල්ලට වසර 15ක් ගතවුණා කියලා පසුගිය දිනවල ප්‍රචාරය වුණා…
ඔව් අපි දෙන්නා සාමාන්‍ය විදියට වැඩකටයුතු කරගෙන ඉන්න අය කියලා බොහෝ දෙනෙක් දන්නවා. මේ සමාජයට කරදරයක් නොවී ප්‍රශ්නයක් නොවී පරිසරයට හැම දෙනාටමත් ගෞරව කරගෙන ඉතාමත් හොඳ ජීවිතයක් ගෙවනවා. ඒ ගෞරවය ඇත්තටම සුජානිට තමයි හිමිවිය යුතු වන්නේ. ඇය මගේ හැමදේම හොයලා බලලා නිසි වෙලාවට කරලා දෙනවා. ඇය මට ඉන්න හොඳම කළමනාකාරිනිය, හොඳම විවේචකයා. ඉතින් මේ දේවල් එක්ක ජීවිතය හරිම සැහැල්ලු‍වෙන් ගෙවිලා යනවා.

මේ තෙක් ආ ගමන ගැන මොකද හිතෙන්නේ?
මම ඇත්ත වශයෙන්ම අවංකව තෘප්තිමත් වෙනවා. මට බොහෝ චරිත හම්බවෙලා තියෙනවා. ඉතාමත් හොඳ අධ්‍යක්ෂවරුන් සමග වැඩකරන්න හම්බවෙලා තියෙනවා. මට ජීවිත දැනුම ලැබුණා. හොඳ මිනිස්සු ආශ්‍රය කරන්න හඳුනාගන්න ලැබුණා. අදටත් එහෙමයි. දවසින් දවස මිතුරු සමාජයක් මට හම්බවෙනවා මේ ක්ෂේත්‍රයට ආවා නිසා. හොඳ චරිත රගපාන්න ලැබුණු නිසා හරිම ආදරණීය ප්‍රේක්ෂකාගාරයක් මට හැදුණා. මට ආදරය කරන මිනිස්සු මට ගොඩක් හමුවෙලා තියෙනවා. ඒක නිසා මම ආදරය විඳිමින් බොහොම නිදහසේ සන්තෝෂයෙන් මගේ ජීවිතය ගෙවෙන්නේ.

පුංචි තිරයේත් සිනමාවේත් මොනවද ඉදිරියට විකාශයට, තිරගත වීමට නියමිත නිර්මාණයන්?
පුංචි තිරයේ තව අලු‍ත් නිර්මාණයක් ගැන මේ දිනවල සාකච්ඡා කරමින් ඉන්නවා. මම රංගනයෙන් දායක වූ චිත්‍රපට කිහිපයක් ඉදිරියට තිරගත වීමට තියෙනවා. ‘ආශාවරී’ චිත්‍රපටයෙන් පසු වෛද්‍ය කපිල සූරියආරච්චි අධ්‍යක්ෂණය කරපු ‘සිනේමා’ කියන චිත්‍රපටය තියෙනවා.

අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කරපු ‘නයින්ටීන් සෙවන්ටි ලව් ස්ටෝරි’ චිත්‍රපටයත්, ප්‍රදීප් ධර්මදාස අධ්‍යක්ෂණය කරපු ‘අයිස්ක්‍රීම්’ කියන චිත්‍රපටය තියෙනවා. ඒ වගේ චිත්‍රපට ගණනාවක්ම තියෙනවා. අලු‍ත් චිත්‍රපටයකටත් මට ආරාධනා ලැබිල තියෙනවා. කොවිඞ් වසංගත තත්ත්වය නිසා කොහොම වෙයිද කියන්න බැහැ. ඉතින් ඒ ගැනත් බලාපොරොත්තු තියාගෙන ඉන්නවා.

-ස්ටෙෆනි කොතලාවල

SendShareShare
Previous Post

උඩින් ඇවිත් මහින්දව හොඳ කරලා උඩින්ම ගිය කව්ද මේ දොස්තර නූර්දීන්!

Next Post

තහනම අයින් කරන්න! යුරෝපා සංගමයෙන් ලංකාවට දැනුම් දීමක්!

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.