විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (13) පැවති තරගයකදී සිම්බාබ්වේ හමුවේ ලකුණු 23ක පරාජයක් ලැබීමට ප්‍රබල ඔස්ට්‍රේලියානු කණ්ඩායමට සිදුවිය.Sri Lanka Latest News
ශ්‍රී ලංකාවද තරගවදින ‘B’ කාණ්ඩයේ තරගයක් ලෙස මෙම තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
මෙහිදී සිම්බාබ්වෙන් හිමිවූ ලකුණු 170ක ඉලක්කයට පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාවට පන්දුවාර 19.3කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 146ක් පමණි.
සිම්බාබ්වේ අද ලැබූ මෙම ජය සැලකෙන්නේ ඔවුන් ඔස්ට්‍රේලියාවට එරෙහිව වසර 19කට පසු ලැබූ පළමු විස්සයි20 තරග ජය ලෙසය.
අවසන්වරට ඔවුන් 2007 වසරේදී ඔස්ට්‍රේලියාව කඩුලු 3කින් පරාජය කර තිබුණි.
එම තරගයෙන් පසු මෙම තරගයට පෙර දෙරට අතර විස්සයි20 තරග දෙකක් පවත්වා තිබූ අතර, එම තරග දෙකම ඔස්ට්‍රේලියාව ජයගෙන ඇත.
කෙසේ නමුත් දෙරට අතර විස්සයි20 තරගයකදී අද හමුවූයේ වසර 8කට පසුවය.










