• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල්-මහින්ද-කරු-චන්ද්‍රිකා එකම තැනකට! මේ ඊළඟට හැදෙන සන්ධානයද? I PHOTOS I Sri Lanka Latest News

January 8, 2024
in Exclusive
Reading Time: 10 mins read
A A
රනිල්-මහින්ද-කරු-චන්ද්‍රිකා එකම තැනකට! මේ ඊළඟට හැදෙන සන්ධානයද? I PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සියලු පුරවැසියන් දායක කර ගනිමින් සමාජ, සංස්කෘතික, ආගමික සහ අධ්‍යාපනික වශයෙන් රට තුළ ශක්තිමත් පදනමක් ඇති කිරීමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ දිවංගත ඩී.බී. ජයතිලක මැතිතුමා ගෙන ගිය අන්දමේ වැඩපිළිවෙළක් නැවත රටට අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.Sri Lanka Latest News

වර්තමානය දෙස නොව අනාගතය පිළිබඳ අවධානය යොමු කරමින් එකම ශ්‍රී ලාංකික ජාතියක් ලෙස සියලුදෙනා එකට එක්ව ඉදිරියට යා යුතු බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (07) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති කොළඹ තරුණ බෞද්ධ සංගමයේ 125 වැනි සංවත්සර උත්සවය අමතමිනි.

කොළඹ තරණ බෞද්ධ සංගමය 1898 ජනවාරි 08 වන දින ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. එහි ආරම්භක සභාපතිවරයා ලෙස ඩී.බී. ජයතිලක මහතා පත් වූ අතර මෙරට පැරණිතම වූත්, විශාලතම වුත් බෞද්ධ සංවිධානය ලෙස කොළඹ තරුණ බෞද්ධ සංගමය රට වෙනුවෙන් පුළුල් මෙහෙවරක් ඉටු කරමින් සිටියි.

‘ ලංකාභිමානය – එක ශ්‍රී ලංකාවක් සඳහා කතිකාව’ යන තේමාව යටතේ මෙවර සංවත්සර උත්සවය සංවිධානය කර තිබිණි.

125 වන සැමරුම නිමිත්තෙන් එළිදැක්වූ සමරු කලාපය ද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්වුණු අතර විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් දස දෙනකුට ශිෂ්‍යත්ව පිළිගැන්වීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු කෙරිණි.

අනතුරුව ජනාධිපතිවරයා සංගමයේ ප්‍රධානීන්, පාලක මණ්ඩල සාමාජිකයන් සහ කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකයන් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

කොළඹ තරුණ බෞද්ධ සංගමය ආරම්භ කර වසර 125ක් සම්පූර්ණ වී තිබෙනවා. මෙම සංගමය ලංකාවේ ඉතිහාසය නිර්මාණය කළ සංගමයක් බව කිවයුතුයි. එම සමයේ දී බටහිර රටවල ක්‍රිස්තියනි තරුණ සමිති ඇති කළා. එවකට අප සිටියේ බෞද්ධ පුනරුදය සමඟයි. එදා අපේ රටේ බෞද්ධ පුනරුදය නඟා සිටුවීමට හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි, ඕල්කට්තුමා වැනි අය නායකත්වය ගනු ලැබුවා. එවන් පසුබිමක අප තරුණ බෞද්ධ සංගමය ආරම්භ කරනු ලැබුවා.

මෙම සංගමයේ දැක්ම බටහිර රටවලට වඩා වෙනස්. බෞද්ධ අධ්‍යාපනයෙන් රට ඉදිරියට ගෙන යාමට මෙම සංගමය මනා පිටිවහලක් වුණා. මෙහි නායකත්වය ගනු ලැබුවේ ඩී. බී. ජයතිලක මැතිතුමා. එම මැතිණියත් කැලණිය රජමහා විහාරය වෙනුවෙන් විශාල සේවයක් ඉටු කළා.
තරුණ බෞද්ධ සංගමය අපේ නිදහස් ව්‍යාපාරයට සම්බන්ධ වූ ප්‍රධාන බලවේගයක් ලෙස අප සලකනවා. මෙහි 125 වැනි සංවත්සරය සමරන අවස්ථාවේ මෙම සංගමයට උපකාරයක් කිරීමට මම සිතුවා. කොළඹ කොටුවේ පිහිටි රජයට අයත් ඉඩම තවත් වසර 99කට මේ සංගමයට ලබා දීමට කටයුතු කරනවා. ඒ වගේම එම ඉඩම අවට ප්‍රදේශය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට අප සැලසුම් කර තිබෙනවා.
කොළඹ තරුණ බෞද්ධ සංගමයේ 125 වැනි සංවත්සරයේ තේමාව වන්නේ ‘ එක ශ්‍රී ලංකාවක කතිකාව’ යන්නයි. අද රටට අවශ්‍ය වන්නේ ද මෙයයි. අද සියලුදෙනා පවසන්නේ එකම ශ්‍රී ලංකාවක් අවශ්‍ය බවයි.

යුද්ධයට සම්බන්ධ සියලු ප්‍රශ්නවලට 2025 වන විට විසදුම් ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා. අවතැන්වූවන්ගේ මෙන්ම අතුරුදන්වූවන්ගේ ගැටළුවලට අදාළ දේශපාලන විසඳුම් ලබා දෙනවා.
එසේම නාගදීපය කේන්ද්‍ර කරගත් ආගමික මධ්‍යස්ථානය තවත් පුළුල් කිරීමට වගේම සුවිශේෂී හින්දු දේවස්ථානයක් යාපනයේ ස්ථාපිත කිරීමට අප අපේක්ෂා කරනවා. අපි එකතු වෙලා ඉදිරියට යමු. අප මෙහිදී තරුණයන් සමඟ සාකච්ඡා කළ යුතුයි. ඔවුන්ගේ යෝජනා, සැලසුම්, සහ අදහස් රට ගොඩනැගීමට අවශ්‍යයි.
වර්තමානය දෙස නොව අනාගතය දෙස අප බැලිය යුතුයි. එහිදී ඩී. බී. ජයතිලක මැතිතුමා එදා ඇති කළ ආකාරයේ සැලස්මක් නැවත අවශ්‍යයි. ඒ වගේම රටක් සියලුදෙනා එකට එකතුවී රටක් ලෙස ඉදිරියට යා හැකි සැලැස්මක් අවශ්‍යයි.
අතීතයේ සිටම ශ්‍රී ලංකාව කෘෂිකර්මය කේන්ද්‍ර කරගත් රටක්. සුරක්ෂිත කෘෂිකර්මාන්තයක් තුළින් අපේ ආහාර බෝග අපනයනය කළ හැකියි. මෙවැනි විශාල වැඩකොටසක් අපට ඉදිරියට කිරීමට තිබෙනවා.

ඒ වගේම දූෂණ විරෝධී කොමිසම සම්මත කර තිබෙනවා. ව්‍යවස්ථාදායක සභාවෙන් ඊට අදාළ කමිටුව පත් කර තිබෙනවා. එතැනින් නතර නොවී අපේ මූල්‍ය රෙගුලාසි වෙනුවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාවට අනුව මූල්‍ය පාලනය පිළිබඳ වාර්තාවක් දී තිබෙනවා. ටෙන්ඩර් කැඳවන්නේ, මුදල් වියදම් කරන්නේ කෙසේද යන්න ඇතුළු සියල්ලක්ම එහි ඇතුළත් කර තිබෙනවා. ඒක ක්‍රියාත්මක කිරීමට පාර්ලිමේන්තුවේ වෙනම කොමිසමක් පත් කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙහිදී සිය වගකීම නිසි පරිදි ඉටු කිරීමට රජයේ මූල්‍ය භාර නිලධාරීනුත් කටයුතු කළයුතුයි.
ඒ වගේම මේ රටේ දේශපාලන පක්ෂ පාලනය කරන නීතිරීති අවශ්‍යයි. ලෝකයේ අනෙක් රටවල ක්‍රියාත්මක කරන දේශපාලන ක්‍රියාවලිය අධ්‍යයනය කරන්නත් කමිටුවක් පත් කර තිබෙනවා. මෙය විශාල කාර්යභාරයක් බව කිවයුතුයි.

ලෝකය සමඟ අප ඉදිරියට යනවා නම් අනික් රටවල් සමග එකතු විය යුතුයි. ඒ සඳහා රටවල් සමඟ නිදහස් වෙළෙද ගිවිසුම් අවශ්‍යයි. සිංගප්පුරුව සමඟ දැනටමත් නිදහස් වෙළෙඳ ගිවිසුමක් අත්සන් කර තිබෙනවා. ඒ වෙනුවෙන් ඉන්දියාව සමඟ පවත්වන සාකච්ඡා අවසන් වෙමින් පවතිනවා. චීනය සමඟ සාකච්ඡා ආරම්භ කළා. තායිලන්තය සමඟ අප්‍රේල් මාසයේදී ගිවිසුම් අත්සන් කරනවා.

ඒ වගේම මියන්මාරය සමඟත් සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. මියන්මාරයේ ප්‍රශ්න තිබුණත් අපට ඒවා සම්බන්ධ කරගත යුතු නැහැ. ලාඕසය, වියට්නාමය සමඟත් අපේ සම්බන්ධතා පවත්වා ගැනීම අවශ්‍යයි. ඔවුන්ගේ ආර්ථිකය ලෝකයට විවෘත කලා වගේම අපේ ආර්ථිකයද ලෝකයට විවෘත කළ හැකියි. ඔවුන් සාර්ථක වුණා නම් අපි කොහොමද අසාර්ථක වෙන්නේ.
කාම්බෝජය සැලකුවහොත් ඔවුන් ඉතා කෙටි කාලයක් තුළ විශාල ආර්ථික දියුණුවක් ඇති කර ගෙන තිබෙනවා.මේ අලුත් ආර්ථික දර්ශනයට අප රටක් ලෙස යා යුතුයි. ඇතැම් පක්ෂ සාම්ප්‍රදායික ලෙස සිතුවත් අපට අවශ්‍ය සියලුදෙනා ඒකරාශී කරගෙන එකම ආර්ථික වැඩපිළිවෙළක් සමඟ ඉදිරියට යාමටයි.

කොළඹ තරුණ බෞද්ධ සංගමයේ වත්මන් සභාපති මහේන්ද්‍ර ජයසේකර මහතා
කොළඹ තරුණ බෞද්ධ සංගමයට වසර 125ක් සම්පූර්ණ වන අවස්ථාවේදී මෙම රැස්වීම ඇමතීමට අවස්ථාව ලැබීම පිළිබඳ මම ආඩම්බර වෙනවා. කොළඹ තරුණ බෞද්ධ සංගමය ලෝකයේ දැනට ක්‍රියාත්මක වන ප්‍රධානතම සහ පැරැණිතම සංගමයයි. 1898 වසරේදී ශ්‍රීමත් ඩී. බී. ජයතිලක බෞද්ධ තරුණයාගේත්, සී. එස්. දිසානායක යන කතෝලික තරුණයාගේත් ප්‍රධානත්වයෙන් ආරම්භ වූ කොළඹ තරුණ බෞද්ධ සංගමය රටේ ජාතික සහ ආගමික සමගියට මෙන්ම ජාතීන් එකමුතු කිරීමට අතිවිශාල සේවාවක් ඉටු කළා.
ඒ වගේම ජාතික දේශපාලනයේ ප්‍රබලයන් වශයෙන් ඉදිරියට පැමිණි ශ්‍රීමත් ඩී. බී. ජයතිලක, ඩී. එස්. සේනානායක, ශ්‍රීමත් අර්නස්ට් සිල්වා වැනි තරුණ නායකයන් කොළඹ තරුණ බෞද්ධ සෙවණේ හැදී වැඩුණා. කොළඹ තරුණ බෞද්ධ සංගමය හරහා 1919 – 1920 කාලයේදී ජාතික සභාව ආරම්භ වුණා. මේ ජාතික සභාව ආරම්භ වන විට එවකට සිටි ද්‍රවිඩ නායකයන් වන පොන්නම්බලම් රාමනාදන්, පොන්නම්බලම් අරුනාචලම්, ඉස්ලාම් නායකයන් වන ශ්‍රීමත් රසීක් ෆරීඩ්, ටී. බී. ජයා වැනි අය කොළඹ තරුණ බෞද්ධ සංගමය හරහා ජාතික දේශපාලනයට සම්බන්ධ වුණා.
මෙම ජාතික නායකත්වය කොළඹ තරුණ සංගමය හරහා වසර 125ක ඉතිහාසය තුළ ගොඩනැඟුණා. අපි සියලු දෙනාට එක අරමුණක් තිබෙනවා. රට තුළ නැවතත් ජාතික සමගිය සහ ආගමික සහජීවනය ඇති කරමින් සෞභාග්‍යමත් රටක් ගොඩනැගීම එම අරමුණයි. අප සියලුම දෙනා අතින් පසුගිය සමයේ සිදුවූ අත්වැරැදීම් නිවැරදි කරගෙන ඉදිරියට යන්නේ කෙසේද යන්න පිළිබඳ අප සාකච්ඡා කළ යුතුව තිබෙනවා. එසේ කළ නොහැකි වුවහොත් රට ඉදිරියට ගෙන යෑමේ ගමන අපට සාර්ථක කර ගන්න බැහැ. මේ රට සෞභාග්‍යමත් රටක් බවට පත් කර ගැනීමට අවශ්‍ය රාමුව කුමක්ද යන්න පිළිබඳව සියලුම ජනතාව ඒකරාශී කරගෙන කතිකාවක් ඇති කර ගැනීමට අවශ්‍යයි.

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වැඩබලන මහනායක ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති, ශාස්ත්‍රවේදී පූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති නා හිමි, ඇත්කඳ රජමහා විහාරාධිපති, මහවිහාර වංශික ශ්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ පූජ්‍ය ආණමඩුවේ ශ්‍රී ධම්මදස්සි අනුනායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, හින්දු, කතෝලික, ඉස්ලාම් ආගමික නායකයන් ද, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, හිටපු කතානායක කරු ජයසූරිය, රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න, තිස්ස අත්තනායක, කොළඹ තරුණ බෞද්ධ සංගමයේ පාලක මණ්ඩලයේ සභාපති අජිත ද සොයිසා, එම සංගමයේ මහ ලේකම් ප්‍රසන්ත අබේකෝන් යන මහත්වරුන් ද , විදෙස් තානාපතිවරු, විද්වතුන්, වෘත්තීයවේදීන්, කලාකරුවන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2024-01-08

SendShareShare
Previous Post

පහුගිය මාස කීපයේදී රුපියල් බිලියන 52ක ලාභයක් ලැබුවත් ජනතාවට ඒ සහනය දීලා නෑ! අසාධාරණ විදිහට වැඩි කරපු විදුලි බිල් ගෙවන්න බැරිව සිටි ලක්ෂ 8කගේ ලයිට් කපලා! අසීරුතාවට පත්වෙලා ඉන්න ජනතාව වෙනුවෙන් සහනයක් ඉල්ලා විපක්ෂනායක සජිත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පවරයි! අපි මේ ගැන උදේම කිව්වා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

අදටත් මතකයි! සජිත් ලසන්තට පණිවුඩයක් තියයි! I Sri Lanka Latest News

MORE NEWS

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

Load More
සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය...

Read more
අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.