• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

1971 කැරැල්ලේ දෙවැනියා ගැන ඔබ දන්නේ නෑ නේද? Sri Lanka Latest News

April 6, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
1971 කැරැල්ලේ දෙවැනියා ගැන ඔබ දන්නේ නෑ නේද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ජවිපෙ යනු හිස් අවකාශයක හෝ ඕපපාතිකව පහළ වූවක් නොවේ. එය විජේවීරගේ නායකත්වයෙන් උපත ලැබුණේත්, වර්ධනය වූයේත් ඓතිහාසික තත්ත්වයන් තුළ සනත්ලා වැනි මිනිසුන් කළ කැපකීරීම්වලින් බව අවිවාදිතය. ගෝනපීනුවල විතානගේ විජයසේන හෙවත් සනත් බොරළුකැටිය උපන්නේ 1934 ජූලි 14 වැනිදාය. ඒ ගාල්ලේ අගුළුගහ ග්‍රාමයේය. ව්‍යාපාරිකයකු වූ පියා ලැන්ටි සිල්වාය. ඔහුට දූ දරුවන් 5කි. තෙවැනියා වූයේ සනත්ය. කුඩා කාලයේම සනත්ගේ මව මියගිය අතර, සුළු මවගේ රැකවරණය යටතේ හැදීවැඩිණි. පසුව දොඩන්දූව වලමුල්ලට පදිංචියට පැමිණියහ. සනත් දොඩන්දූව හෙන්නතොට විද්‍යාලයෙන් සහ තිරාණගම විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. Sri Lanka Latest News

පසුව ගුරු විදුහලට ප්‍රවේශ වීමේ විභාගයෙන් සමත් වූ සනත් බලපිටිය ගුරු විද්‍යාලයට ඇතුළු විය. එහිදී ඔහු දිරිගැන්වූයේ අම්බලන්ගොඩ පටබැඳිමුල්ල බෝගහවත්තේ පදිංචි තිරාණගම විද්‍යාතිලක විදුහලේ දෙටු උපගුරු වඩුගේ පියසේන සහ ඔහුගේ බිරිඳ ඇන්ටි නෝනාය. ගුරු පුහුණුව අවසන් වීමෙන් පසු 1958දී සනත්ගේ මුල්ම පත්වීම ලැබුණේ මාතලේ පාසලකටය. එහෙත් පසුව විද්‍යාතිලක විදුහලට මාරුවක් ගැනීමට සනත්ට හැකිවූයේ වඩුගේ ගුරුතුමාගේ මැදිහත්වීමෙනි. 71 කැරැල්ලේ ජවිපෙ දෙවැනි නායකයාගේ තොරතුරු සොයා මෙයට වසර දහයකට පමණ පෙර සනත්ගේ බිරිය සහ දරුවන් මුණ ගැසීමට මම ගාල්ලට ගියෙමි. එමෙන්ම සනත් සමග 1971 එදා හරි හරියට ඇසුරු කළ 1971 කැරැල්ලෙ තවමත් ජීවත්වන ගාල්ලේ ක්‍රියාකාරිකයන් කිහිපදෙනෙක්ද හමුවිය.

හික්කඩුව විදුහලක ස්වේච්ඡා ගුරුවරයකු ලෙස සේවය කළ ඇලිස් කොඩිතුවක්කු සමග සනත් විවාහ වූයේ 1960 නොවැම්බර් 14 වැනිදාය. එය දැන හඳුනාගැනීමෙන් පසු සිදුවූ විවාහයකි. තිරාණගම පන්විල උපන් ඇලිස්ගේ පියා ව්‍යාපාරිකයකු වූ රොයිස් අප්පුහාමිය. මව සේරා පණ්ඩිතය. විවාහයෙන් වසර 11කට පසු සනත් ඝාතනය වනවිට ඇලිස් සිවුදරු මවකි. ලොකු පුතා ශාන්ත උපන්නේ 1962දීය. ඉන් වසරකට පසු ජයන්තාද, වසර 1966දී අජන්තා උපන්නේය. කනිටු දියණිය සමන්තාට මාස 11ව සිටියදී සනත්ට දිවියෙන් සමුගැනීමට සිදුවිය. දරුවන් සියලු දෙනාම අධ්‍යාපනය ලැබුවේ හික්කඩුව මධ්‍ය මහා විදුහලෙනි. සනත් අද සිටියේනම් මුණුබුරු මිණිබිරියන් 9 දෙනකුගේ සීයා කෙනෙකි.

වසර 1960 ජනවාරි ගුරු මාරුවක් ලැබ අනුරාධපුරයට ගිය සනත් නුවරවැව මහින්ද විදුහලේද, පසුව තලාව බී.ටී.එස්. විදුහලේද, කැකිරාව බැප්ටිස් විදුහලේ සිංහල අංශයේද, කැලැත්තෑව විදුහලේද, කරුවලගස් හංදියේ පලාඩියම්කුලම් විදුහලේ විදුහල්පති ලෙසද සේවය කළේය. පසුව උඩුගම විදුහලට 1969 පත්වීමක් ලැබ දෙසතියක් එහි සේවය කිරීමෙන් පසු රත්ගම සිරිසුමන විදුහලට මාරු කළේය.

සනත්, කොමියුනිස්ට් පක්ෂයට සම්බන්ධ වූයේ තිරාණගම විද්‍යාතිලක විද්‍යාලයේ වඩුගේ පියසේනගේ මග පෙන්වීමෙනි. කොමියුනිස්ට් පක්ෂය පසුව සංශෝධන සහ විප්ලවකාරී වශයෙන් ලංකා කොමියුනිස්ට් පක්ෂය සහ ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ලෙසින් ඛණ්ඩනය වීමේදී ෂන්මුගදාසන්ගේ නායකත්වයේ යුත් ලංකා කොමියුනිස්ට් පක්ෂයට එක්වූ සනත් එහි අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් විය. සනත් සහ රෝහණ විජේවීර අතර දේශපාලන සබඳකම් ගොඩනැගෙන්නේ එහිදීය. ඒ 1964 මැයි මසය. පසුව ෂන්ගේ පක්ෂයේ සිටියදීම අනුරාධපුර කැලැත්තෑවේ සනත්ගේ නිවසට 1965 පෙබරවාරි ඩබ්ලිව්.ටී. කරුණාරත්නත් සමග ගිය විජේවීර මිහින්තලේදී සනත් සමග පැවැති දීර්ඝ සාකච්ඡාවකින් පසු විජේවීරගේ අලුතින් ගොඩනගන නව කණ්ඩායමට සනත් එක්විය. විජේවීර සමග ගොඩඋඩ විදුහලේ එකට ඉගෙනගත් අනුරාධපුර යාපනය හන්දියේ වීරසිරි ස්ටෝර්ස්හි හිමිකරුගේ සොහොයුරා පවුලේ මෝටර් රථය සනත් හමුවීමට යෑමට විජේවීරට ලබාදී තිබිණි. අවසානයේ විජේවීර සමග ජවිපෙ ඉහළම නායකයන් 4 දෙනා වූයේ සනත්, ඩබ්ලිව්.ටී. කරුණාරත්න සහ නිමලසිරි ජයසිංහ හෙවත් ලොකු අතුලය.

අනුරාධපුරයේ සනත් සිටි කාලයේදී පොසොන් පොහොයට මිහින්තලේ දන්සලක් පැවැත්වීය. පොසොන් උත්සවයට මාස කිහිපයකට කලින් සහල් පුරවන හිස් බෑග් පූර්ණකාලීනයන්ට සහ හිතවතුන්ට ලබාදී පොසොන්වලට දෙසතියකට පමණ පෙර ඒවා එකතුකර ගැනිණි. දන්සලට අවශ්‍ය සහල් ටික යවා ඉතිරිය විකුණාගත් මුදල් ව්‍යාපාරයට යෙදවිණි. කිරින්දේ ගොවිපළ සහ කතරගම තේ කඩයෙන් එකතුවූ මුදල්ද ව්‍යාපාරයට වෙන්විය. කිරින්දේ ගොවිපළට ගොස් තිස්සමහාරාමයට පැමිණි නමුත් යෑමට අවශ්‍ය මුදල් නොතිබීම නිසා විජේවීර සමග දෙවරක්ම බඩුමලු මුට්ට කරගසා මුදල් සොයාගැනීමට සනත්ට සිදුවිය. බස් නැවතුමේ සිට වෙළෙඳපළ දක්වා ලොකු ගෝනියක් ගෙනයෑමට ශත 50ක්ද, පොඩි ගෝනියක් ගෙනයෑමට ශත 25ක්ද ඔවුන්ට ලැබිණි.

ගාල්ල, අනුරාධපුරය ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක පන්ති පැවැත්වීම සඳහා සනත් නොගිය ප්‍රදේශයක් නැති තරම්ය. බස් රථයෙන්, පාපැදියෙන් සහ පාගමනින් දුෂ්කර ගම්මානවලට ගොස් ඔහු සාකච්ඡාවල නිරත විය. මිහින්තලයේ ගල්කුලම සහ පොළොන්නරුවේ ගොවිපළවල් පිහිටුවීමටද මුල් විය. අනුරාධපුර කැලැත්තෑවේදී 1967 දෙසම්බර් ඓතිහාසික වැදගත්කමකින් යුත් තෙදින සාකච්ඡාව සූදානම් කිරීමට ඔහු ප්‍රමුඛයකු විය. මාක්ස්වාදී පක්ෂයක අවශ්‍යතාව අවධාරණය කර එවැනි පක්ෂයක් බිහිකිරීම සඳහා මතවාදී අරගලයක් දියත් කිරීමට තීරණය වූයේ එහිදීය. ජනප්‍රිය පන්ති 5 මගින් අධ්‍යාපනය ලබාදීම එහි එක් ප්‍රතිඵලයකි.

පසු කලෙක ජවිපෙ දේශපාලන මණ්ඩලයේ තීන්දුවක් අනුව 1970 අප්‍රේල් 03 ගුරු වෘත්තියෙන් සමුගත් සනත් පූර්ණකාලීනයකු විය. පසුව එම තීරණයටම අනුව යමින් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලිපිකරුවකු වූ දේශපාලන මණ්ඩල සභික ඩබ්ලිව්.ටී. කරුණාරත්නද රැකියාව අතහැර 1970 නොවැම්බර් 04 සිට පූර්ණකාලීනයකු විය.

1971 අප්‍රේල් 05 ප්‍රහාරය සඳහා තීන්දුව ගත්තේ 1971 අප්‍රේල් 02 ගංගොඩවිල විද්‍යෝදය සරසවියේ සංඝාරාමයේදීය. ඒ වනවිට මාර්තු 13 අම්පාරේදී අත්අඩංගුවට ගත් විජේවීර යාපනයේ බන්ධනාගාරයේය. රැස්වීම පියතිලක විසින් කැඳවූ අතර, 9 දෙනකුගෙන් යුත් එම නායක මණ්ඩලයේ මුලසුන දැරුවේද පියතිලකය. හැඳල ටී.ඩී. සිල්වාගේ නිවසේ සිට ලොකු අතුල සහ කරුණාරත්න සමගින් සනත් පැමිණ තිබිණි. අප්‍රේල් 05 රාත්‍රී 11.30ට පොලිස් ස්ථානවලට පහරදීමට තීරණය කෙරිණි. මෙම තීරණයට පෙර තවත් කණ්ඩායමක් වෙනම රැස්වී තීරණයක් ගෙන තිබිණි. එබැවින් සහභාගිවූ අයට පහරදීමේ තීරණය හැර වෙන විකල්පයක් නොතිබිණි. වැල්ලවාය පොලිසියට අප්‍රේල් 05 උදෑසන 05ට කලින් පහරදෙන්නේ වැරදි පණිවුඩයකින් නොව අලුතින් ගත් තීරණය ඔවුනට සන්නිවේදනය නොවීමෙනි.

අප්‍රේල් කැරැල්ලේදී ඇතැම් නායකයන් පසුබසිද්දී ගාලු දිස්ත්‍රික්කයේ සටන් මෙහෙයවූයේ සනත්ගේ නායකත්වයෙනි.
ජවිපෙ ගාලු දිසා ලේකම් කරන්දෙණියේ සිරිපාල හෙවත් ජගත් සහ යටගල මහා විදුහලේ විදුහල්පති ඇල්පිටියේ ධර්මදාස ජයසිංහ එහි නියමුවන් විය. ඌරගහ පොලිසිය ලංකාවෙන්ම යටත් කරගත් පොලිසි 5න් එකක් විය. එයට එක්වූයේ ඔහු සමගින් ඕ.කේ. ජයවර්ධන, ලෙස්ලි ජයසිංහ, තිලක් වික්‍රමසිංහ, ආරියපාල, රසේන්ද්‍ර, රොබට් වික්‍රමසිංහ සහ සෝමසිරි ඇතුළු පිරිසක් විය. රටේම පාලනයට යටත්වූ ජවිපෙ කැරැලිකරුවන්ගේ පොලිස් බලප්‍රදේශ 35 අතර ඌරගහ, ඇල්පිටිය, මීටියාගොඩ සහ පිටිගල විය. එම ප්‍රදේශවල බලය කැරලිකරුවන් විසින් 1971 අප්‍රේල් 05 සිට 21 දක්වා දින 17ක් පවත්වාගෙන ගියේය. ඇතැමුන් එම දින 17 පාලනය හැදින්වූයේ ‘කොටන් ආණ්ඩුව’ ලෙසිනි.
කැරැල්ලේ පරාජයෙන් පසු ගාල්ලේ කැරලිකරුවන් සිංහරාජයට පසු බැස්සේය. එහිදී යට්ටපාත හරහා නෙළුව කන්ද අසල හිතවංශගේ බාප්පාගේ නිවසට යෑමේදී සනත් ඇතුළු තිදෙනෙක් බටුවන්ගලදී ගම්වැසියන් විසින් අල්ලාගෙන උඩුගම පොලිසියට භාරදෙන ලදී. පසුව ඔවුන්ටම කියා වළක් කපාගෙන වෙඩිතබා ඝාතනය කර එම වළටම දැමූ බව කියති. ඒ 1971 අප්‍රේල් 23ය. අප්‍රේල් කැරැල්ලේදී මියගිය ජවිපෙ ඉහළම නායකයා ඔහු විය. එවකට සනත් පදිංචිව සිටි බද්දේගම පතන හන්දියේ නිවසද ගිනිබත් කරන ලදී.
සනත් 71 අප්‍රේල් 05 උදෑසන නිවසට පැමිණි අතර එන විදිහට ජීවිතයට මුහුණදෙන ලෙසත් කිසිවකු හෙළිදරව් නොකරන ලෙසත් බිරිඳට දන්වා තිබිණි. කරන්දෙණියේ කුරුඳු වාඩිවල සහ ඥාති හිතවතුන්ගේ නිවෙස්වල සැඟව සිටි සනත්ගේ බිරිඳ සහ දරුවන් ජීවිතය බේරාගැනීමට සමත් විය. සනත්ගේ බිරිඳ ඇලිස් හෙවත් කොඩි අක්කා දරුවන් සිවුදෙනා සමග සියලු අභියෝගවලට දශක කිහිපයක් මුහුණ දුන්නාය. සනත්ගේ දරුවන් එම අභියෝග මැදින් ජීවිතය ජයගැනීමට වර්තමානයේ සමත්ව ඇත. සමුගන්නට මත්තෙන් තාත්තා ගැන කිව හැක්කේ කුමක්දැයි මම ඔවුනගෙන් ඇසුවෙමි. ‘තාත්තා ගැන අපට ආඩම්බරයි’. ඔවුහු එක හඬින් පැවැසූහ.

ධර්මන් වික්‍රමරත්න

SendShareShare
Previous Post

ලංකා සංචාරය අවසන් කළ මෝදි ලංකාවයි ඉන්දියාවයි යාකරන දුම්රිය ව්‍යාපෘතියේ ඉන්දියාවේ අවසන් නැවතුම වන පාම්බන් පාලම විවෘත කරන්න කෙළින්ම තමිල්නාඩුවට යයි! I Sri Lanka Latest News

Next Post

පාම්බන් පාලම විවෘත කරලා මෝදි හදන්නේ ඉන්දු-ලංකා නැව් සේවයට යළි පණ දෙන්නද? Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.