අභ්‍යාස පොත් ඇතුළු පාසල් උපකරණවලින් අය කරන වැට් බද්ද නිසා ඒවායෙහි මිල ගණන් අඩු කිරීමට නොහැකි බව අභ්‍යාස පොත් සහ පාසල් උපකරණ ආනයනකරුවන් හා නිෂ්පාදකයෝ කියා සිටිති.Sri Lanka Latest News
වැට් බද්ද අය නොකිරීමට කටයුතු කරන්නේනම් රුපියල් 200 ක අභ්‍යාස පොතක් රුපියල් 40 ක පමණ මිලකින් අඩු කළ හැකි බවද ඔව්හු පවසති.
අභ්‍යාස පොත්, පෑන්, පැන්සල්, අඩි කෝදු, පාසල් බෑග්, සපත්තු ආදී සියල්ලගෙන්ම වැට් බදු අය කෙරෙන බව පාසල් ලිපි ද්‍රව්‍ය අලෙවි කරුවෝ පවසති.
වැට් බදු අය කිරීම නිසා පිටු 40 ක අභ්‍යාස පොතක් අලෙවි කෙරෙන්නේ රුපියල් 60 කටය. ඩොලරයේ වටිනාකම අඩු වූවද, පාසල් උපකරණවලින් අය කරන බදු නිසා දෙමාපියන් දැඩි අසීරුතාවට පත්ව සිටින බව පොත් අලෙවිසල් හිමිකරුවෝ කියා සිටිති.
හොඳ තත්වයේ අභ්‍යාස පොත් මිල ගණන් ඉහළ මට්ටමක පැවතීම නිසා බොහෝ දෙනෙකු තත්ත්වයෙන් බාල අභ්‍යාස පොත් මිලදී ගැනීමට යොමුවී ඇතැයිද අනාවරණය වේ. මෙම පොත්වල තිබෙන කොළවල ලිවීමේදී ඒවා ඉරීයාමේ සම්භාවිතාව වැඩි බවද පොතත් වෙළෙන්දෝ පවසති.
එමෙන්ම, තත්ත්වයෙන් බාල පෑන්, පැන්සල් අලෙවියද ඉහළ ගොස් තිබේ. මෙම පෑන්වලින් පැහැදිලිව ලිවීමට නොහැකි බවද ඔව්හු සඳහන් කරති. -අරුණ










