යෝෂිත රාජපක්ෂ සමග පැමිණි පිරිසක් කළ පහරදීමකින්, යුනියන් පෙදෙස පාක් වීදියේ පිහිටි රාත්‍රී සමාජ ශාලාවක ආරක්ෂකයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News
පොලීසිය පැවසුවේ, යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ සමග මේ පිරිස අද (22) අලුයම එම එම Night Club පරිශ්‍රයට පැමිණ ඇති බවයි.
එහිදී යෝෂිත රාජපක්ෂ සහ බිරිඳ ඇතුළු පිරිස එම නයිට් ක්ලබ් පරිශ්‍රයට ඇතුළුවීමට උත්සාහ කිරීමේදී එහි ආරක්ෂකයින් පවසා ඇත්තේ, නයිට් ක්ලබ් තුළට ඇතුළුවීමේදී හඳුනා ගැනීමට පළඳින අත්පළඳනා පැළඳගන්නා ලෙසයි.
එහිදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බව එම රාත්‍රී සමාජ ශාලාවේ ආරක්ෂක නිලධාරීන් පොලීසියට කළ පැමිණිල්ලේ සඳහන්වේ.
තුවාල ලැබූ ආරක්ෂක නිලධාරියා මේ වනවිට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටී.
සිද්ධිය සම්බන්ධයෙන් කොම්පඤ්ඤ වීදිය පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.










