• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අමිතාබ් බච්චන්ට හීනෙන් පේන අවුරුදු විසිහතේ ලකාවේ ‘මැණික’

August 22, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
අමිතාබ් බච්චන්ට හීනෙන් පේන අවුරුදු විසිහතේ ලකාවේ ‘මැණික’
Share on WhatsAppShare on Facebook

ලංකාව කියන්නේ ඉන්දියාවෙන් බොහෝ දේවල් කොපි කරන රටක්. කලා නිර්මාණ සම්බන්ධයෙන් ඒ තත්ත්වය බොහෝ දුරට බලපාලා තියෙනවා. අදටත් අපේ රටේ ජනප්‍රිය ගීත රාශියක් නිර්මාණය වෙලා තියෙන්නේ හින්දි තනු කොපි කරලා. අදටත් සිංහල චිත්‍රපටවලට වැඩිය හින්දි, දෙමළ චිත්‍රපට අපේ රටේ ජනප්‍රියයි. අපේ රටේ රංගන ශිල්පීන්ට වැඩිය බොලිවුඩ්, කොලිවුඩ් තරු අපේ රටේ අතිශයින් ජනප්‍රියයි. හැබැයි මෙච්චර කාලයක් පැවැති මේ තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් කරන්න අපේ රටේ ගායිකාවක් මේ වෙද්දි සමත් වෙලා තියෙනවා. හින්දි සින්දු සිංහලට කොපි කිරීම වෙනුවට සිංහල සින්දු හින්දියට කොපි කරන වටපිටාවක් ඇති කරන්න ඇයට පුළුවන් වෙලා තියෙනවා. ඉන්දියාවේ සාමාන්‍ය ජනතාව විතරක් නෙවෙයි අමිතාබ් බච්චන් වැනි සුපිරි තාරකාවන් පවා රාත්‍රියේදී නින්ද නොයන තැනට පත් කරවන්න ඇයට හැකියාව ලැබිලා තියෙනවා. ඇය තමයි යොහානි පෙරේරා. යොහානිගේ “මැණිකේ මගේ හිතේ” ගීතය තමයි මේ ආකාරයෙන් ඉන්දියාවේ උන්මාදයක් බවට පත් වෙලා තියෙන්නේ. මේ ගීතය ඇයගේ යූටියුබ් නාළිකාවට එකතු වුණේ මීට ටික කාලෙකට කලින්. ඒත් දැන් තමයි ඒ ගීතය ජනප්‍රියත්වයේ උපරිමයට ළඟා වෙලා තියෙන්නේ.

යොහානිගේ මැණිකේ මගේ හිතේ ඉන්දියාව පුරා මේ ආකාරයෙන් ජනප්‍රිය වෙන්න හේතු වුණු කතාවත් හරිම රසවත්. යොහානිගේ මැණිකේ ගීතයට අමිතාබ් බච්චන් රංගනයෙන් දායක වුණු චිත්‍රපට ගීතයක දර්ශන පෙළක් එකතු කෙරුව වීඩියෝවක් අන්තර්ජාලය හරහා ප්‍රචාරය වීම තමයි ඒකට හේතුව. ඒ වීඩියෝව අමිතාබ් බච්චන් තමන්ගේ නිල ට්විටර් ගිණුම හරහා ප්‍රචාරය කරලා තිබීමත් විශේෂත්වයක්. “මැණිකේ මගේ හිතේ ශ්‍රී ලාංකීය ගීතය රාත්‍රිය පුරා මගේ හිතේ පිළිරැව් දෙනවා. ඒක අහන එක නවත්වන්න අසීරු වෙලා තියෙනවා” යන වදනත් සමඟින් තමයි අමිතාබ් ඒ වීඩියෝව පළ කරලා තිබුණේ.

1981 වසරේදී තිරගත වූ කාලියා චිත්‍රපටයේ ගීතයකට අමිතාබ් රංගනයෙන් දායක වූ දර්ශන පෙළක් මැණිකේ මගේ හිතේ ගීතයට යොදා ගනිමින් මේ සංස්කරණය කරලා තිබුණේ අමිතාබ්ගේ මිණිපිරියක විසින්. ඇය විසින් ඉතාම දක්ෂ ආකාරයෙන් එම සංස්කරණය සිදු කරලා තිබුණා.

අමිතාබ් වැනි සුපිරි තරුවකට නිදි නැති කළ මේ ගීතය හොයා ගෙන රස විඳින්න ඉන් අනතුරුව ඉන්දියාවේ බොහෝ දෙනෙක් කටයුතු කළා. ඒ හින්දාම මේ වෙද්දි යූ ටියුබ් හරහා එම ගීතය නැරඹූ සංඛ්‍යාව මිලියන 38 පසු කර ගිහින් තියෙනවා. ඒ වගේම යූටියුබ් ප්‍රතිචාර මිලියනය පසු කළ පළමු ශ්‍රී ලාංකේය සංගීත ශිල්පියා හෝ ශිල්පිනිය බවට පත් වෙන්නත් යොහානිට අවස්ථාව ලැබිලා තියෙනවා. මීට පෙර අපේ රටේ කිසිම සංගීත ශිල්පියෙක් මේ කඩයිමට ළඟා වෙලා නැහැ. මැණිකේ මගේ හිතේ අපේ රටේ සංගීත ක්ෂේත්‍රයේ සුවිශේෂී සංධි ස්ථානයක් බවට පත් වෙලා තියෙන්නේ අන්න ඒ හින්දයි.

යොහානි මේ ගමන ආව විදියත් හැම දෙනාටම ආදර්ශයක්. ඇය තමන්ගේ දක්ෂතා එළි දක්වන්න ප්‍රධාන වශයෙන් යොදා ගත්තේ සමාජ මාධ්‍ය. ඒත් ඇයගේ වෙනස අපේ රටේ ඇතැම් අයට ඒ තරම් හරි ගියේ නැහැ. ඒ හින්දා ඇයට සමාජ මාධ්‍ය ඔස්සේ ඉතා දරුණු විවේචනවලට ලක් වෙන්න සිද්ධ වුණා. ඒත් ඉතා කුඩා වයසේ තරුණියක් වුණත් ඒ හැමදේම දරාගෙන තමන්ගේ ගමන යන්න යොහානිට ශක්තිය තිබුණා. ඒ විවේචන කිසිවක් තමන්ගේ ගමනට බාධාවක් කර නොගන්න යොහානිට හැකි වුණා. අවසානයේදී තමන්ගේ ඉලක්කය සපුරා ගන්න විතරක් නෙවෙයි මුළු රටේම නම ජාත්‍යන්තරයේ බබළවන්න ඇයට හැකියාව ලැබිලා තියෙනවා.

මේ ශක්තිය ඇයට පියාගෙන් උරුම වූ දෙයක් කියලයි ඇය ගැන දන්න බොහෝ දෙනෙකුගේ අදහස. යොහානිගේ පියා තමයි මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වා මහත්මයා. එතුමා එල්. ටී. ටී. ඊ. සංවිධානය සමඟ පැවැති යුද්ධය පුරාවට කැපී පෙනෙන මෙහෙයක් සිදු කළ නිලධාරියෙක්. විශේෂ කාර්ය බළකායේ නිලධාරියෙකු ලෙස වසර ගණනාවක් පුරාවට මව්බිම රැක ගැනීම වෙනුවෙන් පෙනී හිටිය ඒ මහතා යුද්ධයේ අවසන් අදියරේදී 55 වන සේනාංකයේ අණදෙන නිලධාරියා ලෙසත් කටයුතු කළා. වන්නි ඉදිරි පෙරමුණේ සිට අලිමංකඩ දක්වා ඒ 09 මාර්ගය මුදාගැනීම සඳහා 55 වැනි සේනාංකය කටයුතු කළේ ඒ මහතාගේ නායකත්වය යටතේයි.

මීට පෙර ජාත්‍යන්තර ජයගත් අපේ රටට සම්බන්ධ ගායන ශිල්පිනියන් දෙපළක් ගැනත් මෙහිදී මතක් කළ යුතුයි. ඒ තමයි dhee සහ MIA. මේ අතරින් MIA උපත ලබා තියෙන්නේ යාපනයේදී. ලන්ඩනයේදී උපත ලැබූ මායා අරුල්ප්‍රගාසම් හෙවත් ඵගෂග්. තම කුඩා අවධිය ගත කර තිබෙන්නේ යාපනයේ. ඇයගේ දෙමව්පියන් ශ්‍රී ලාංකිකයන් වීම තමයි ඊට හේතුව. ඔවුන් දෙදෙනාම ගායිකාවන් ලෙස ජාත්‍යන්තරයේ ජනප්‍රියත්වයට පත් වුණා.

නමුත් මොවුන් දෙදෙනාම එක් එක් අවස්ථාවල එල්. ටී. ටී. ඊ. සංවිධානය වෙනුවෙන් පෙනී සිටි අය වීමත් කැපී පෙනෙන කරුණක්. ඒ අතරින් MIA බොහෝ අවස්ථාවල එල්. ටී. ටී. ඊ. වෙනුවෙන් ජාත්‍යන්තරයේ පෙනී හිටියා. ඇය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය පවා නිවේදන නිකුත් කර තිබෙනවා.

එවැනි පසුබිමක එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමට උර දුන් හමුදා නායකයෙකුගේ දියණියක් මේ ආකාරයෙන් ගායන ශිල්පිනියක ලෙස ලෝකය ජය ගැනීම සුවිශේෂී කාරණාවක් බවයි බොහෝ දෙනාගේ අදහස වෙලා තියෙන්නේ.
යොහානි තවමත් තමන්ගේ ගමන ආරම්භ කළා විතරයි. ඇයට තවත් බොහෝ දුර ගමනක් යන්න තියෙනවා. ඒ වෙනුවෙන් අපි හැමෝගෙම ආශීර්වාදය ඇයට ලබා දෙමු. ඉන්දියාවෙනුත් එහාට ගිහින් මුළු ලෝකයම ජය ගන්න ඒ ආශීර්වාදය ඇයට ශක්තියක් වේවි.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

ජවිපෙයි විපක්ෂයයි රට වහන්න බල කරන හේතුව ප්‍ර්‍රමිත පෙන්වා දෙයි!

Next Post

කැබිනට් මාරුවෙන් ඇමැතිවරු කලකිරිලා! අප්‍රේල්වල අලුත් ආණ්ඩුවක්! ආණ්ඩුවේ කැරලිකාර පක්ෂ බැසිල් වෙනවෙනම ගෙන්වයි! (රාජ්‍ය රහස්)

MORE NEWS

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News
Exclusive

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!
Exclusive

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

එල් -නිනෝ තත්ත්වය මේ වන විට දැඩිව වර්ධනය වී ඇති අතර එහි උච්චතම අවස්ථාව බලාපොරොත්තු වූ කාල සීමාවට වඩා පෙර...

Read more
හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.