• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ට්‍රම්ප්ට එරෙහිව ෂී! 3 වැනි ලෝක යුද්ධය ඇරැඹේ! දිනන්නේ ඇමෙරිකාවද? චීනයද? Sri Lanka Latest News

April 19, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
ට්‍රම්ප්ට එරෙහිව ෂී! 3 වැනි ලෝක යුද්ධය ඇරැඹේ! දිනන්නේ ඇමෙරිකාවද? චීනයද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘චීන-වියට්නාම සබඳතා දශක ගණනාවක් පුරා ජනතාව අතර මුල් බැසගෙන ඇති අතර, ඒවා ජනතාව විසින් තිරසාර කර බලගන්වනු ඇතැයි මා තරයේම විශ්වාස කරනවා. වසර ගණනාවක් පුරා චීනයේ සහ වියට්නාමයේ ජනතාව දුෂ්කරතා මධ්‍යයේ වුවද එකට සිට දුක හා සතුට බෙදාගත්තා. අපගේ චීන-වියට්නාම මිත්‍රත්වය ඉතිහාසයේ තේජාන්විත පරිච්ඡේදයක් ලියා තිබෙනවා. මෙසේ මෙම මිත්‍රත්වය මුල් බැසගෙන සමෘද්ධිමත්වී ඇත්තේ දෙරටේ ජනතාව අතර අන්‍යොන්‍ය සහයෝගය සහ ධෛර්යය තුළිනුයි. මෙවැනි වටපිටාවක් තිබියදී පසුගියදා ඇමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ලෝකයේ රටවල් ගණනාවකට ‘වැඩි තීරුබදු’ පැනවීම සිදුකළා. එම රටවල් අතරින් වැඩිම තීරුබදු පැනවූ රට ලෙස චීනය ඉදිරියෙන්ම ඉන්නවා. ලෝකයේ රටවල් රැසකට ඇමෙරිකාව පැනවූ මෙම නීතිය ඉතා නිහීන, අසාධාරණ එකක්. වියට්නාමයටත් මෙය පනවා තිබෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මෙම තීරුබදු පැනවීමට එරෙහිව විරුද්ධ වන ලෙස මම වියට්නාමයෙන්ද ඉල්ලා සිටිනවා. ‘ගෝලීය නිදහස් වෙළෙඳ පද්ධතියක්’ පවත්වා ගැනීමට එරෙහිව සිදුකෙරෙන මෙම ‘ඒකපාර්ශ්වික හිරිහැරය’ට විරුද්ධ වන ලෙස මම වියට්නාමයෙන් ඉල්ලා සිටිනවා…’Sri Lanka Latest News

කුමක්ද මෙලෙස ඇසෙන බැරෑරුම් කතාන්දරය? ලෝකයේ මහා බලවතකු විසින් සිදුකරනු ලබන මෙම ප්‍රකාශය අපට අසන්නට ලැබුණේ මෙයට දින කීපයකට පෙරදීය. මෙම බලවතා වෙනත් කවරකුවත් නොව, චීනයේ වත්මන් ජනාධිපති වන ෂී ජින්පින්ය. චීන ජනාධිපතිවරයා මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය සිදුකරනු ලබන්නේ ඔහු පසුගියදා වියට්නාමයේ සිදුකළ නිල සංචාරයකදීය. ඔහුගේ එම සුවිශේෂ කතාව තවදුරටත් කියන්නේ කුමක්දැයි සොයා බලමු.

‘මෙම ඒකපාර්ශ්වික හිරිහැර කිරීමට ඒකාබද්ධව විරුද්ධ වන ලෙස මම නැවත වරක් ඉල්ලා සිටිනවා. අපි උපායමාර්ගික අධිෂ්ඨානය ශක්තිමත් කළ යුතුයි. එසේම ගෝලීය නිදහස් වෙළෙඳ පද්ධතියේ මෙන්ම කාර්මික හා සැපයුම් දාමවල ස්ථාවරත්වයද ආරක්ෂා කළ යුතුයි. අපි දැන් ඉතිහාසයේ හැරවුම් ලක්ෂ්‍යයේ සිටින අතර, එතැනින් පසුව ඒකාබද්ධව අත්වැල් බැඳගෙන ඉදිරියට යා යුතුයි. වෙළෙඳ පද්ධතියක් සහ තීරුබදු යුද්ධයක් කිසි විටෙකවත් ජයග්‍රාහකයකු බිහි නොකරන අතර, ආරක්ෂණවාදය කිසි තැනකට මග පාදන්නේද නැත. ආර්ථික ගෝලීයකරණයේ ප්‍රතිලාභීන් ලෙස චීනය සහ වියට්නාමය උපායමාර්ගික අධිෂ්ඨානය ශක්තිමත් කළ යුතුය. චීනයේ සහ වියට්නාමයේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 75ක් සපිරෙනවා…’

දැන් ඔබ මෙම කතාවෙහි යම් සන්ධිස්ථානයකට පැමිණ සිටින්නේය. ලෝකයේ සිටින ප්‍රබල රාජ්‍ය නායකයකු වන චීනයේ ජනාධිපති ෂී ජින්පින් විසින් පසුගියදා සිදුකළ දකුණු ආසියාතික රටවල රාජ්‍ය සංචාරයට අදාළව ඉහත කතාන්දරය අපට පැවසෙන්නට විය. වියට්නාමය, මැලේසියාව සහ කාම්බෝජය යන රටවල් තුන මෙම නිල සංචාරයට අයත් විය. චීන ජනාධිපතිවරයාට මෙම සංචාරය සිදුකිරීමට සැලසුම් යෙදී තිබුණේ තවත් මාස කිහිපයක් ඉදිරියෙන් ඇති කාලයකදීය. එහෙත් චීන නායකයා එය ඉක්මනින් සිදුකළ යුතු යැයි අදහස් කළේය. එයට ප්‍රධානතම හේතුව වූයේ මෙම දිනවල උද්ගතව තිබෙන චීනය සහ ඇමෙරිකාව අතර වූ යම් බල අරගලයකි. මෙම අර්බුදයට මුලින්ම සම්බන්ධ වූයේ ඇමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ය. ඔහු පසුගියදා හදිසියේම ගත් යම් අත්තනෝමතික තීරණයක් හේතුවෙන් ලෝකය විශාල ප්‍රශ්නයකට මුහුණ දුන්නේය. එම හදිසි අර්බුදය නම් ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් ලෝකයේ රටවල් රාශියකට පැනවූ තීරුබදු ක්‍රමවේදයයි. ඒ අනුව ඇමෙරිකානු ජනාධිපතිවරයා ලෝකයේ රටවල් සියයකට පමණ ඉතා ඉහළ තීරුබදු පනවනු ලැබුවේය. චීනයද ඒ රටවල් අතරින් ඉහළින්ම සිටින්නේය. මෙලෙස ඇමෙරිකාව විසින් චීනයට එරෙහිව 145%ක සුවිශාල තීරු බද්දක් පැනවීය. එයට ප්‍රතිචාර සහ විරෝධතාව උදෙසා තමන්ගේ තීරුබදු (ඇමෙරිකාවට පැනවූ) 125%ක් දක්වා චීනය ඉහළ දැම්මේය. එහෙත් අවසානයේදී ලෝකයේ සිදුවූ බොහෝ විරෝධතා හේතුවෙන් ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් මෙම තීරුබදු පැනවීම මාස 03කට අත්හිටුවනු ලැබුවේය. එසේ වුවත් චීනයට එරෙහිව පනවන ලද බද්ද අත්හිටුවූයේ නැත. මෙවැනි වටපිටාවකදී ඇමෙරිකාව සහ චීනය අතර ඇතිවූ මෙම වෙළෙඳ යුද්ධය තවත් උත්සන්න විය.

දැන් ඔබ මෙම කතාවේ යම් හැරවුම් ලක්ෂ්‍යයකට පැමිණ සිටින්නේය. එනම් මෙවැනි අර්බුදයක් උද්ගතව තිබියදී චීනය තීරණය කළේ දකුණු ආසියාතික රටවල් කිහිපයක් සමග ඇති සබඳතා තවත් තර කිරීමටයි. ඒ අනුව චීන ජනාධිපතිවරයා පසුගියදා ඉහත රටවල් තුළ (වියට්නාමය, මැලේසියාව සහ කාම්බෝජය) රාජ්‍ය සංචාරයක් සිදුකළේය. එහිදී ඔහු වියට්නාමය සමග පමණක් විවිධ ගිවිසුම් 45ක් පමණ අස්සන් කරනු ලැබුවේය. එහිදී එක් සුවිශේෂ ගිවිසුමක් වූයේ වියට්නාමයේ තෝරාගත් තරුණ පිරිස්වලට චීනයට දේශපාලනික හා ආර්ථික අධ්‍යයන චාරිකා අවස්ථා ලබාදීමය. මෙම චාරිකාවන් ‘රතු අධ්‍යයන චාරිකා’ ලෙසින් නම්කර තිබිණි. මෙවැන්නක් සිදුකිරීමට අනෙක් හේතුව වන්නේ චීනය සහ වියට්නාමය යනු කොමියුනිස්ට් පරිපාලනයක් තිබෙන රටවල් දෙකක් වීමය. එසේම දින 06ක් පුරා ගතවුණු චීන නායකයාගේ මෙම රාජ්‍ය සංචාරය හේතුවෙන් ඇමෙරිකානු ජනාධිපතිවරයා යම් කලබලවීමකට පත්වූ බවද වාර්තා වෙයි. එනම් ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා මෙම සිදුවීමට අදාළව ප්‍රකාශයක්ද සිදුකර තිබිණි. එහි මෙසේද සඳහන්ව තිබිණි.

‘මම චීනයට දොස් කියන්නේ නැහැ. ඔවුන්ගේ අනෙකුත් මිත්‍ර රටවලට දොස් කියන්නෙත් නැහැ. එහෙත් මේ සිදුවීම්වලින් පෙනීයන්නේ චීනය අපිව අමාරුවේ දාන්න ලෑස්ති වෙනවා වගේ. විශේෂයෙන් චීනය විසින් වියට්නාමය සමග පැවැත්වුණු රැස්වීම් සහ ගිවිසුම් අපගේ ඇමෙරිකා එක්සත් ජනපදයට හානි කිරීම අරමුණු කරගත් ඒවා බවයි පෙනීයන්නේ…’

චීනයේ ජනාධිපති ෂී ජින්පින් දකුණු ආසියාතික සංචාරය නිමාවී පැය කීපයකට පසු ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ධවල මන්දිරයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඉහත ප්‍රකාශය සිදුකර තිබිණි. චීන ජනාධිපතිවරයාගේ දකුණු ආසියානු රාජ්‍ය සංචාරය බොහෝ සාර්ථක අයුරින් නිමකෙරී ඇතැයි දෙස් විදෙස් මාධ්‍ය රැසක් වාර්තා කර තිබිණි. ඔහු එම රටවල් තුනෙහිම ජනාධිපතිවරුන්, අගමැතිවරුන් සහ අනෙකුත් ඉහළ දේශපාලන නායකයන් රැසක් හමුවී සාකච්ඡා පවත්වා තිබිණි. චීන ජනාධිපතිවරයා වියට්නාමය සමග පමණක් විවිධ ගිවිසුම් 45ක් අස්සන් කර ඇති අතර, මැලේසියාව සහ කාම්බෝජය සමගද ගිවිසුම් ගණනාවක් අස්සන් කර ඇත. ඔහු මෙම රටවල් තුනෙහිම එක් රාත්‍රිය බැගින් ගතකර තිබීමද විශේෂත්වයක් විය. චීන ජනාධිපති ෂී ජින්පින්ගේ මෙම සංචාරය ඇමෙරිකාවට විශාල අතුල් පහරක් වනු ඇතැයි ජාත්‍යන්තර දේශපාලන සහ ආර්ථික විශ්ලේෂකයන් ප්‍රකාශ කර ඇත.

මේ අතර, අලුත්ම පුවතක් ලෙස වාර්තා වන්නේ මෙම චීන-ඇමෙරිකානු වෙළෙඳ යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස චීනය විසින් ඇමෙරිකාවෙන් මිලදී ගැනීමට නියමිතව තිබූ ඩොලර් බිලියන සිය ගණනක ගුවන් යානා ගනුදෙනුව වහාම අත්හිටුවා දැමීමය.

Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

හැමෝටම ඡන්දෙ එපාවෙලාද?  I Sri Lanka Latest News

Next Post

මීගමුවේ ජනතාව පාරට බැහැලා අලුත් අරගලයක් පටන් අරන්!  VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.