• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රේමදාසලාගේ වැඩ.. සජබෙට නොපෙනෙන දේ එළියේ ඉන්න ගොඩහේවා විග්‍රහ කරයි! I Sri Lanka Latest News

February 4, 2024
in Exclusive
Reading Time: 6 mins read
A A
ප්‍රේමදාසලාගේ වැඩ.. සජබෙට නොපෙනෙන දේ එළියේ ඉන්න ගොඩහේවා විග්‍රහ කරයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ප්‍රේමදාසවරුන් කළ රාජකාරී සම්බන්ධයෙන් ආචාර්ය නාලක ගොඩහේවා මහතා සිය ෆේස්බුක් පිටුවේ අපූරු සටහනක් තබා තිබිණ.Sri Lanka Latest News

එම සටහන මෙසේය.

…විපක්ෂයේ සිට වැඩ කිරීම…

තරුණයන් ලෙස විශ්ව විද්‍යාලයේ හිටපු කාලයේ අපට පාලකයන් පෙන්නන්නට බැරිය.

ආර් ප්‍රේමදාස මහතා රටේ ජනාධිපති ලෙස පත්වූයේ මා මොරටුව විශ්ව විද්‍යාලයේ ඉංජිනේරුපීඨයේ ශිෂ්‍යයෙකු ලෙස අධ්‍යාපනය ලබන කාලයේය. ඔහු බලයට එන විටත් උතුරේත් දකුණේත් කැරලි දෙකක් උත්සන්න වී මහා භීෂණයක් රට පුරා පැතිරී තිබුනි.

“මට බාර ගන්න උනේ දෙකොන ගිනිගන්න විලක්කුවක්” කියා නව ජනාධිපතිවරයා කීවේ ඒ නිසාය.

ආර් ප්‍රේමදාස මහතාගේ වසර 4 ක පාලන කාලයේ අවසාන වසර 3 තුනක කාලය තුල උතුරේ යුද්ධය දිගටම පැවතියද දකුණේ කැරැල්ල අවසන් වී තිබුණ නිසා එය රට වේගයෙන් සංවර්ධනය වූ කාලයක් බව ආර්ථික දත්ත විශ්ලේෂණයෙන් පෙනී යයි.

තරුණයන් වූ අප බොහෝ දෙනෙකුට ඒ කාලයේ රටේ පාලකයා ගැන පැහැදීමක් තිබුනේ නැත. විශේෂයෙන්ම නිතර රූපවාහිනියෙන් හා රේඩියෝවෙන් ඇසෙන ආර් ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ දීර්ඝ දේශණ කන්දොස්කිරියාවක් ලෙස සැලකූවා මිස ඒවායේ හරයක් තේරුම් ගැනීමට ඒ කාලයේ අප උත්සාහ කලේ නැත.

මා ලංකාවේ හිටපු රාජ්‍ය නායකයන් ගැන බොහෝ පොත් පත කියවන්නටත් ඔවුන්ගේ සාර්ථකත්වයන් අසාර්ථකත්වයන් ගැන ගැඹුරින් අධ්‍යයනය කරන්නටත් පටන් ගත්තේ පසුකාලීනවය. මේ නායකයන් අතර ප්‍රේමදාස චරිතය ගැන මම විශේෂයෙන්ම අධ්‍යයනය කලේ ඔහුගේ කෙටි රාජ්‍ය පාලන කාලය මුලින්ම ව්ශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු ලෙස හා ඉන්පසු තරුණ වෘත්තිකයෙක් ලෙස අත් දැක තිබුන බැවිනි.

එදා අපට වදයක් වූ ආර් ප්‍රේමදාස මහතාගේ දීර්ඝ දේශණ හරහා රටේ ආර්ථිකය පිළිබඳව ඔහු තුල වූ දැක්ම සාමාන්‍ය ජනතාවට තේරුම් කර දෙන්නට දැඩි උත්සාහයක් දරා ඇති බවත් ඔහු විශ්වාස කල බොහෝදේවල් එද දේශපාලන ප්‍රතිවාදින්ගේ බරපතල විහිලුවට, අපහාස, උපහාස වලට ලක් වුනත් පසුකාලීනව රටේ ආර්ථිකයට හිතකර ප්‍රතිපල ගෙන දුන් බවත් මට වැටහෙන්නට පටන් ගත්තේ මේ අධ්‍යයනයන් හරහාය. උදාහරණයක් ලෙස ඔහු ලංකාවට හඳුන්වාදුන් ඇඟලුම් කර්මාන්තය අදත් ලංකාවේ ප්‍රධාන විදේශ ආදායම් මාර්ගයයි. දුප්පත් ජනතාව වෙනුවෙන් ඔහු හඳුන්වා දුන් ‘ජන සවිය’ වැඩ සටහන පසු කලක සමෘධිය ලෙස නම්වී, දේශපාලනීකරණය වී, ආයාලේ ගියද ඉදිරි රජයකට වුවද නැවත සලකා බලන්නට අත්‍යාවශ්‍යයෙන්ම සිදුවන ප්‍රායෝගික විසඳුමක් ඒ තුල ඇත.

ආර් ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ පාලනය ගැන එදා මට බොහෝ විවේචන තිබුනි. අදද මට යම් විවේචන ඉතුරුව ඇත. නමුත් මධ්‍යස්ථව විමසා බැලුවොත් ඔහු තම පාලනය ගෙන ගියේ ඉතා සංකීර්ණ තත්වයන් යටතේ බව පිළිගන්නට සිදුවේ.

1989 -1993 කාලය තුල ආර් ප්‍රේමදාස ජනාධිපතිවරයා කඩියෙකු මෙන් කඩිසරව වැඩ කල බව පෙනේ. පාන්දර 3 සිට මහ රෑ වන තුරු ඔහු වැඩ කල හැටි ගැන බොහෝ විස්තර පොත පතෙහි ඇත.

හිටපු ජනාධිපතිවරයා ගැන මේ ඉතිහාසය මට මතක් වූයේ ඊයේ වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ ගාළු දිස්ත්‍රික්කයේ සජබ ප්‍රාදේශීය සංවිධයක වරුන්ගේ රැස්වීමක ( ජවය වැඩසටහන) ආරාධිතයෙක් ලෙස මුලසුනේ වාඩි වී සිටියදීය.

සජිත් ප්‍රේමදාස මහතා ඒ රැස්වීම ආවේ ගාලු දිස්තික්කයේ සමාජ සත්කාරක වැඩසටහනක් අවසන් කොටය. පැයක පමන කාලයක් රැස්වීමේ ගත කල ඔහු යලි පිටත්ව ගියේ තවත් සමාජ සත්කාරක වැඩ සටහනකය. පාසැල් දරුවන්ට සුහුරු පංතිකාමර (SMART Class Rooms) සඳහා තාක්ෂණික උපකරණද, රෝහල් සඳහා අත්‍යාවශ්‍ය බෙහෙත් හා වෛද්‍ය උපකරණද, දරුවන්ගේ ප්‍රවාහන අවශ්‍යතා සඳහා පාසැල් වලට බස් රථද ලබා දෙමින් ඔහු නොනැවතෙන සමාජ මෙහෙවරක යෙදී සිටින්නේ පාර්ලිමේන්තුව තුල විපක්ෂ නායක කාර්ය භාරයද, පක්ෂය තුල දේශපාලන නායකත්වය සැපයීමේ කාර්ය භාරයද විශාල කැප වීමකින් ඉටු කරමිනි. පියාගේ කඩිසර බව හා කාර්යක්ෂම බව ඔහුටද ලැබී ඇති බව ඉතා පැහැදිලිය.

රාජ්‍ය බලයක් නොමැතිව අධ්‍යාපනයට හා සෞඛ්‍ය සේවාවන් වෙනුවෙන් කෝටි ගනන් වටිනා මේ උපකරණ විපක්ෂ නායකවරයා ලබා දෙන්නේ කෙසේදැයි මම සජිත් ප්‍රේමදාස මහතාගේ වැඩසටහන් සම්බන්ධීකරණය කරනා මිතුරෙක් ගෙන් ඇසුවෙමි. ඔහු කීවේ ඒ මුදල් විවිධ පරිත්‍යාගශීලීන්ගෙන් ලැබෙනා බවයි. කිසි විටක මුදල් බාර නොගන්නා බවත් පරිත්‍යාගශීලීයා විසින් එකඟ වූ උපකරණ හෝ බස් රථය ඍජුවම එය අවශ්‍ය රෝහලට හෝ පාසැලට බාර දී කුවිතාංසියක් ලබා ගත යුතු බවත් ඔහු පැවසීය. මේ සියල්ල ඉතා පාරදෘෂ්‍ය ආකාරයකට සිදුවන බව ඒ පරිත්‍යාගශීලීන් අත්දැකීමෙන් දන්නා නිසා නැවත නැවත විපක්ෂ නායක වරයාගේ සමාජ සත්කාරක වැඩසටහන් වලට උදව් කරන්නට ඔවුන් මැලි නොවෙනා බවත් ඔහු පෙන්වා දූන්නේය.

“අපේ ලොක්කට ලැබෙන හැම සතයම යොදවන්නේ සමාජයට උදව්වක් කරන්න මිස දේශපාලන වැඩ වලට නෙමෙයි. අර සමහර අයට වගේ අපේ party එකට දේශපාලනය කරන්න ලොකුවට funds නැත්තේ ඒකනේ” ඔහු තව දුරටත් පැවසීය.

පසු ගිය ආර්ථික අර්බූධයත් සමග අපේ රටේ දුප්පත් කම දෙගුණ තෙගුණ වී ඇත. රට ආර්ථික අර්බූධයෙන් ගොඩ ගැනීමට විසඳුම් ඉදිරිපත් කරනා අතරම නායකයන් මිනිසුන්ගේ අවශ්‍යතාවන් ගැන සංවේදී වීමද අත්‍යාවශ්‍ය වේ. වර්ථමානයේ රට පාලනය කරන්නන් තුල නැත්තේ ඒ සංවේදී බවයි.

විපක්ෂ දේශපාලනඥයින්ද සාතිශය බහුතරය විපක්ෂයේ සිට කරන්නේ විවේචනය පමනි. ජනතාව ගැන සංවේදී නායකයන් ඉන් ඔබ්බට යා යුතුය. ඒ නිසා විපක්ෂයේ සිටියදීත් නොනැවතී සමාජ සත්කාරයේ යෙදෙන්නට සජිත් ප්‍රේමදාස මහතා ගන්නා උත්සාහය අගය කිරීම සඳහා මේ සටහන තබමි.

SendShareShare
Previous Post

දෙයි හාමුදුරුවනේ මොනතරම් හෙණ ගහන්න ඕනද? මුන් ඉන්ජෙක්ෂන් එකෙනුත් හොරාකාලා! ඇමැතිත් හොරා කාලා… නිලධාරීනුත් හොරා කාලා..! මුන්ව දාන්න වෙනම හිරගෙදරක් හදන්න ඕන! හැබැයි ඒකට උත්තරේ ඉස්පිරිතාල ටික විකුණන එක නෙමෙයි…! හොරු ටික අල්ලන එකයි! විමල්ගෙන් බෙහෙත් හොරුන්ට ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

රටේ ලක්ෂ 70කට තුන්වේල කන්න නෑ! ගුවන් කරණම් ගැහුවා කියලා මිනිස්සුන්ගේ බඩ පිරෙන්නේ නෑ! අමාරුවෙන් හොයන සල්ලි ටිකත් ‌බොරු සෝබන ප්‍රතිරූප පුම්බන වැඩවලට යොදන්න එපා! සල්ලි නාස්ති කරමින් නිදහස් දවසේ කරන බොරු දේශපාලන සංදර්ශන හර්ෂ ප්‍රතික්ෂේප කරයි! I Sri Lanka Latest News

MORE NEWS

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

බෞද්ධාලෝක වෙසක් කලාපය විවෘත කළා! බෙල්ලන්විල වෙසක් කලාපය විවෘත කළා! ඊයේ විපක්ෂනායක සජිත් ගංගාරාම වෙසක් කලාපයත් විවෘත කළා! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Load More
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

ගාල්ල පොලිස් වසමෙන් වාර්තා වූ දේපළ සොරකමක සැකකරුවෙකු ලෙස නම් කර සිටි පුද්ගලයෙකුට අමානුෂික අන්දමින් පහරදීමේ සිදුවීමක් ෆේස්බුක් (Facebook) ඇතුළු...

Read more
‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.