76 වන නිදහස් සැමරුම අදයි.Sri Lanka Latest News
ඇත්තටම අපිට සැබෑ නිදහසක් තිබේද? රටේ ලක්ෂ 70 කට අධික පිරිසක් තුන්වේල පිරිමසා ගන්නට නොහැකිවී දරිද්‍රතාවයට වැටී තිබේ. නිදහස් දිනයේ ගුවන් කරණම් ගැසුවා කියා ඒ ජනතාවගේ බඩ පිරෙන්නේ නැත. එයින් මා කියන්නේ නිදහස අමතක කර දමන්න කියා නොවේ.
ඉතාමත් අමාරුවෙන් උපයාගන්නා මුදල් බොරු සෝබන, ප්‍රතිරූපය පිම්බීම් වලට අපතේ නොදමන ලෙසයි. චාම් ලෙස නිදහස් සැමරුම අභිමානවත්ව සැමරිය හැකි බවයි. ඒ අර්ථයෙන් ගත්කළ මේ ධනය නාස්තිකරමින් සිදුකරන නිදහස් දින දේශපාලන සංදර්ශනය මා ප්‍රතික්ෂේප කරමි.










