කොළඹ නගරය ආශ්‍රිතව පවතින දැඩි වාහන තදබදයට පිලියම් ලෙස ඉදිකරන විනිසුරු අක්බාර් මාවතේ සහ උත්තරානන්ද මාවත්වල ඉදිවන ද්විත්ව ගුවන් පාලම්වල ප්‍රථම කොටසේ වැඩ කටයුතු සැලසුම් කල දිනට අවසන් කළ හැකි බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක , මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
ද්විත්ව ගුවන් පාලම් වල ඉහල කොටසේ වැඩ කටයුතු අවසන් කිරීම සඳහා අවශ්‍ය කොන්ක්‍රීට් ව්‍යුහ ප්‍රවාහනය කිරීම අද (13) දින සිට ආරම්භ කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් පැය 24 ම වැඩ කර මෙම ද්විත්ව ගුවන් පාලම් මෙම වසරේ ජුනි මාසයේ දී අවසන් කිරීමට තමන් වෙත උපදෙස් ලබා දුන් බවද අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රට හදන සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව සංවර්ධනයේ හිනිපෙත්ත කරා ගමන් කරන තිරසාර රටක අභිවෘද්ධිය වෙනුවෙන් එහි ජනතාවට ක්‍රමවත් මාර්ග පහසුකම් ලබා දීම රජයේ වගකීම වේ . එම නිසා කඩිනම් සංවර්ධන ව්‍යාපෘතියක් වශයෙන් කොළඹ නගරය ආශ්‍රිතව පවතින අධික රථවාහන තදබදයට පිලියම් ලෙස ඉදිකරන විනිසුරු අක්බාර් මාවතේ සහ උත්තරානන්ද මාවත් වල ඉදිවන ද්විත්ව ගුවන් පාලම් වල ප්‍රථම කොටසේ වැඩ කටයුතු සැලසුම් කල දිනට අවසන් කර ඇති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක , මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කරයි.
විනිසුරු අක්බාර් මාවතේ ඉදිකරන ගුවන් පාලම දිගින් මීටර 207ක් සහ පළලින් මීටර 8.4කින් යුක්තය. උත්තරානන්ද මාවතේ ඉදිකරන ගුවන්පාලම දිගින් මීටර 396කි. එහි පළල මීටර 10.4කි. මෙම ගුවන් පාලම් දෙක එකිනෙක සම්බන්ධ කිරීම සඳහා ඉදිකරන ගුවන්පාලමේ දිග මීටර 310කි. එහි පළල මීටර 6.9කි. මේ සඳහා රුපියල් මිලියන 5270ක් වැයවේ.















