සනීපාරක්ෂක තුවා සුඛෝපභෝගී භාණ්ඩ ගණයෙහි ලා සැලකෙන බැවින් ඊට 42% ක බදු අයකිරීමක් සිදුකෙරන බවත්, ඊට වැට් බද්ද ද එකතු කළ විට එය 45% ක් පමණ වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය පවසයි.
අද (20) දින පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරිය මේ බව අනාවරණය කළ අතර මේ හේතුවෙන් සනීපාරක්ෂක තුවාවල මිල අධික ලෙස ඉහළ යාම නිසා පාසල් ළමුන්ට බලපෑමක් මෙන්ම කාන්තාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අනතුරුදායක තත්ත්වයක් මතුව ඇති බව ද අවධාරණය කළාය.
සැනිටරි නැප්කින්ස්වලට 42% ක් පහුගිය කාලේ ටැක්ස් එකක් වැදුනා. සියලු ටැක්ස් එකතු වුණාම 42% ක් විතර. වැට් එක තව ටිකක් වැඩි කළාම 15% වුණාම, 42 ට තව 3 ක් එකතු වෙලා 45 ක් විතර වෙනවා.
පාසැල්වල ළමයින්ට ලොකු බලපෑමක් වෙනවා වගේම කාන්තාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අනතුරක් ඒක ඇතුලේ තියෙනවා.
මේ ටැක්ස් අඩු කර ගන්න හැකියාවක් තියෙනවා නම්, මේක සුඛෝපභෝගී භාණ්ඩයක් ගණයට තමයි වැටිලා තියෙන්නේ. ඒ නිසා මම ඔබතුමාට යෝජනා කරනවා සුඛෝපභෝගී භාණ්ඩ ගණයෙන් මේක අයින් කරලා මේකේ ටැක්ස් අයින් කරලා දෙන්න.