වලවේ ගොවිබිම් අක්කර 13,000කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිට විනාශ වී ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. Sri Lanka Latest News
ඒ, පවතින වියළි කාලගුණය හේතුවෙන් සහ වගාවට ජලය නොමැති වීමෙන් ය.
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති මද්දුමබණ්ඩාර වීරසේකර පැවසුවේ, වගා වන්දි ගණනය කිරීම සඳහා කොළඹින් හා තදාසන්න ප්‍රදේශවලින් එම ප්‍රදේශයට කණ්ඩායමක් අද පිටත්ව යන බවයි.










